Saturday, February 5, 2011

Trip 2 මීමුරේ : Chapter - 3

2දෙනෙක්ගෙන් ප්‍රතිචාර
සෑහෙන කාලෙකින් ඔන්න මම ආයෙත් ආවා..blog එක වැහෙන්න ඔන්න මෙන්න කියලා තියලා හරි....
ඔන්න ඉතින් වැඩි Butter ගෑමක් නොකරම මම අපේ කතාවට බහින්නම්....
නවත්තපු තැන් කස්ටියට මතකද මන්දා,අමතක නම් මෙතනින් බලා ගන්නට ඕං....(Chapter-1, Chapter-2 )
ඉතින් බෝ වුන,කොළරාවකින්නෙ මේ කතාව නැවතුනේ.
..සෑහෙන්න බෙහෙත් කොල ජාති කාලත් බෝ වුන,කොළරාව සනීප කොරන්න මාස 6 කටත් එහා ගත උනා..
ඉතින් මේ වෙනකොට අපේ කැලෑසියෙ උන්ට "කෝ-Chock " පාරවල්ම වැදිල මැළවෙලා උන්නෙ..

_බඩු List : Part-1_
...


කොහොමින් කොහොම හරි මේ වෙනකොට පාසලේ වාර්ෂික Trip යැවීමේ කාලයටත් කිට්‍ටුලු ඔන්න.
ඉතින් මේ නිසා පන්තියෙ හිටපු හැම දෙනාම හිතුවෙ මේ ගමන නම් Tripa හරිම තමයි කියලා. .
අද කථාව එතැන සිට...
"ඒ මේ පාර නම් අපි Trip එක යයි වගේ නේද"පන්තියේ අහුමුලු ගොඩක කතව ගියෙ මේ ගැන..
අමරබන්දු:- ඈ බං ටී සුනාමි,මේ සැරේ වත් මේ ගමන යැවෙයි නේද?
ටී සුනාමි:-ආයෙත් අහල,යැවෙයි යැවෙයි..ඇයි මොකද පුරශ්නේ..
අමරබන්දු:-නැහැ ඉතින් නොගියොත් ගමේ වසලත් හමාරයි ඔන්න..
සෝනාර්:-උඹ ගමෙත් ගිහින් කියෙව්වද මේ ගැන..යන්න කලියෙන්..
අමරබන්දු:-මම කියුවෙ නැහැ..ගමට News එක ගිහින්..
( News එක ගියහැටි අපිට හිතා ගන්න පුලුවන් මොකද, අමරබන්දු කියන්නෙ කතා කොලනකොට Break කියල,ගෑස් එකම පාගන පොරක්...)
ඉතින් මේ වගේ කතා තමයි.කොයි මුල්ලෙත් සිද්ද වුනේ.

ඒ අතර වටේ ඉන්න අනෙක් පන්ති වල අයට වෙනද වගේම Line අල්ලන්න..ගියපු ඈයොත් හිටියලු.
Tunin :-ඒ උඹ දන්නවද මී මුරේ කියල දිහාවක් ගැන.
අසැල්වැසි පන්ති සිසුවා:- නැහැ..
Tunin :-අපි Tripa යන්නෙ එහෙතමයි..අහ්..
අසැල්වැසි පන්ති සිසුවා:-ආ හොදයි..
ඉතින් ඔන්න දවසක් අපේJAM පන්තියට ආවම ළමයිට අදහසක් දෑම්මා..
දැන් ළමයි ගමනට අවැසි දෑ එහෙම මොනවද කියල කලියෙන් ලක ලෑස්ති වෙලාද දැන් ඉන්නෙ.
රිළා :- (රහසින්)ඈ බං.යන දවසෙ උදේට ලෑස්ති වුනාම මදිද! (අර මොකද්ද මොකටද අහුවුන මොකාද වගේ තමයි ඒ දවස් වල මෙයා හිටියෙ)
සූප්පුවා:-එහෙම දෙයක් ගැන නෙමෙයි ඔය කියන්නෙ Tirpa යනකොට අරගෙන යා යුතු කලඹනා ගැන.
රිළා :- ආන්න උඹට තේරුනා මම බැලුවෙත් උඹට කියපු දේ තේරුනද කියල..
හැමදාම වගේ එදත් ටී සුනාමි ඉස්සර වුනා..
ටී සුනාමි:-නැහැ sir මේ ගමන යනවද නැතිද,කියල විස්සෝපෙන් අ‍ෆි ඉන්නෙ.
JAM sir:- නැහැ අපි කොහොම හරි මේ ගමන යමු.මේ ගැන සුබවාදිව බලන්න ටී සුනාමි...
පන්තිය අවටින්:-ඒක තමයි..ඒක තමයි..ටී සුනාමි පොඩ්ඩක් "+ ට" ( positive) හිතහන්කො.
ටී සුනාමි:-හරි හරි උඹ හිටින්කො පරල වෙන්නෙ නැතිව සිරිබිරිස් .
ඔය කතාව ඔතනින් තව ටිකක් වමට හැරිල ගොහින් තමයි නතර වුනේ sir ගෙ signal පාරක් නිසා.

ඔන්න ඉතින් දැන් කස්ටියම බඩු List එක හදනවා..ඒ අතර කලඹනා බාර ගන්න අයව ටී සුනාමි පොතක සටහන් කොර ගන්නවා..කස්ටිය කලඹනා බාර ගත්තු හැටි හා කස්ටියට බලෙන් බාර දුන්නු හැටි Chapter-4 වලින් කියන්නම්..


Tuesday, December 21, 2010

අපේ රටේ කොම්පීටර් කෙරුවාව

5දෙනෙක්ගෙන් ප්‍රතිචාර


සෑහෙන කාලෙකට පස්සෙ ඕං මම ආයිත් කඩා පාත් වුණා. හපොච්චියේ මේ ටික දවසට මකුළුවො දැල් බැඳලා හැම තැනම, එව්වා සුද්ද කරලා දැන් මේ ඉඳ ගත්තෙ කතාවක් කියන්න කියලා. කෂ්ටිය බලනවා ඇති මොකෝ මුං ටිකට එක පාරටම වුණේ කියලා. මේකනෙ සිද්දිය, මේකෙ ඉතින් තුන් දෙනෙක් හිටියට උං ටික හිටියෙ නමට විතරයි නෙ, අර සුනාමියා විතරයි නෙ කතාවක් කියන එකෙක්ට හිටියෙ, ආ සෝනාර් කාරයත් හිටියානෙ (එතකොට මම විතරද ලිව්වෙ නැති එකෙක්ට හිටියෙ O_o මළා...) ඉතිං ඌ, ඌ කිව්වෙ සුනාමියා, ආං ඌට මේ දවස් වල කැම්පස් පටං අරං ලු නෙ, ඌ බිසී. ඉතින් බ්ලොග් එක බංකොලොත්, එතකොට අර සෝනාර් කාරයා... ආ මේ ඌව බැරි වෙලා හරි ඇහැට දැක්කොත් මටත් කිව්වනං, ඉතින් මට මේක ඔහේ තියෙනවා බලන් බැරි දුකට තමයි පෝස්ට් එකක් දාන්න හිතුවෙ (කමක් නැතුව ඇති මයෙ හිතේ O_o)

නැත්තං එහෙම මේකත් හිටපු බ්ලොග් කරුවන්ගේ සංසදයට අයිති වෙනවා (දිව දොට්ට)

හරි හරි OPDP ඇති, දැං කතාව, කතාව තියෙන්නෙ ලංකාවෙ පරිගණක සාක්ශරතාවය ගැන, ඇත්තටම මේක ගැන නං සෑහෙන්න දුක හිතෙනවා. ලොක්කො නං ලොකු ලොකු නොම්බර පෙන්නලා කියනවා මේක හරි වැඩියි කියලා, ඒ වුණාට ඇත්ත තත්වෙ ඊට හාත්පසින්ම වෙනස් කියන එක කවුරුත් දන්න දෙයක්නෙ.

මේක උනේ මේ දවස් දෙක තුනකට විතර කලිං, ආ ඊට කලිං මෙකට හේතු භූත වුණු කාරණාව කියන්න එපැයි, මීට මාස දෙකකට විතර කලින් අපේ පැත්තෙ අක්කා කෙනෙක් ලැට්ටොක් එකක් ගත්තා, (අර අර පොඩි මෙව්වා එක අනේ, අර පොඩි කොම්පීටර් එක) ඒ එක්කම ටැලිකොං එකෙන් ADSL පහසුකමත් අරං, ඔන්න ඉතින් රූටනේ මෙව්වා කර ගන්න දන්නෙ නෑ කියලා මට කිව්වා මෙව්වා කරලා දෙන්න කියලා (රූටනේ හොඳේ) ඕං ඉතින් ඒකත් කරලා දුන්නා කියමුකෝ, හරි මෙලෙස කාලය ගත වී ගියා.

ඔන්න ඊයෙ පෙරේදා මේ යෝදි මට කතා කරලා කියනවා ලැට්ටොක් එක පෝරමැට් කලයි, දැන් ADSL කොනෙක්ට් වෙන්නෙ නෑ කියලයි, ඉතින් අඬනවා අර මොකාද වගේ, මමත් ඉතින් ගියා මොකෝ මේ කියලා බලන්න, ගොහින් කිව්වා මේකෙ වෙන්න පුළුවන් අවුල් ටික ඔක්කොම,
අක්කට සුවර්ද ඔක්කොම ඩ්‍රයිවර්ස් ටික දැම්මා කියලා? පොඩ්ඩක් කොටලා කරලා බැලුවා, එව්වත් හරි, ඊට පස්සෙ ටැලිපෝං වැඩ කරනවද දන්නෙ නෑනෙ, ඒකත් බැලුවා, වැඩ. චාටර්ද මන්දා... කමිං කලර් නොට් ගුඩ්, දැන් ඉතින් ඇණයක් ඇණයක් ගානෙ බලන්න වෙනවා, මේ අස්සෙ මේකි කියනවා මල්ලි හැබැයි මම පාස්වර්ඩ් එක හරියට ගැහුවද දන්නෙ නෑ කියලා,
"මොන පාස්වර්ඩ්ද?"
"අර රූටනේ"
"හත්තිලව්වේ ඒක ඔපරේසං කරන්න ගියේ අහවල් දේකටද???"
"ඉතිං පෝරමැට් කරහම ඒකත් කරන්න එපැයි නේද?"
@%#$^%#$#^$%  "ඉහි ඔව්"

ඒකත් බලමුකො එහෙනං, හරිනෙ දීලා වැඩේ, ඒකත් ගොඩ දාලා ජාමෙ බේර ගත්තා යන්තමිං,
"ඕං හරි ඈ... ආයිත් පෝරමැට් කලාට රූටනේ එහෙම අල්ලනවා නෙවෙයි"

ඒ මරාලෙත් ඉවරයි,
"මං එහෙනං ගියාවෙ"
"ආ පොඩ්ඩක් ඉන්න මේ ආපු වෙලේ අනිත් කොම්පූටරයත් බලලම ගියානං"
RT:@%#$^%#$#^$%   "හා"

"දැන් මොකෝ මේකෙ ලෙඩේ?"
"ලෙඩ ගොඩයි, සද්ද බද්ද නෑ, ඔපිස් වැඩ නෑ, නීරෝ වැඩ නෑ..." තව තව මොනාදෝ කියාගෙන ගියා
"හා එහෙනං ඔං කරමුකො බලන්න"
"සද්ද නැත්තෙ නං මම හිතන්නෙ සවුන්ඩ් කාඩ් එකට කෙල වෙලාද දන්නෙ නෑ, එක්කො හරියට ඩ්‍රයිවර්ස් දාල නැද්ද දන්නෙ නෑ, ඉස්පීකර් වලට කරන්ට් එක එනවද?" එකී මෙකී නොකී හැම උපකල්පනේ කරලා දැම්මා, ඉස්පීකර් නං ඔන් වෙලා, සින්දුවක් දාලා බලමු, ඒකත් වැඩ කරනවා කියලා පෙන්නනවා, සවුන්ඩ් කාඩ් එකෙත් අවුලක් නෑලු, එහෙනන් හත්තිලව්වේ මොකද්ද ලෙඩේ, ආයිත් චා වීගෙන එනවා වගේ.

හරි බලමුකෝ කියලා කෝකටත් කොම්පීටරේ පිටි පස්ස පැත්තෙ බැලුවා, බඩුම තමා, මේ තියෙන්නෙ ලස්සනට ඉස්පීකරේ, මයික් එක ගහන්න තියෙන එකට ගහලා
"අනේ මන්දා මල්ලි මම ඔය ළඟම තියෙන එකට ගහලා දැම්මා"
"..."
"අනිත් ලෙඩේ බලමු නේද එහෙනං"


"කෝ දැන් නීරෝ?"
"ආ මේං" කියලා සීඩී එක දුන්නා මගෙ අතට "ඕක දැම්මහම ඉතින් ඩ්‍රයිවරේට වෙන සීඩී එකක් දාන්න ඉඩක් නෑනෙ, ඉතින් කොහොමද වෙන එකක් රයිට් කරන්නෙ නේද?"
"........."
ඒකත් ඉන්ස්ටෝල් කරලා දුන්නා ඒ ලෙඩෙත් සුවයි.

"දැන් ඔපිස් එකේ මොකද්ද අවුල?"
"අනේ මන්දා මල්ලි මේකට දැම්මහම ඕපන් වෙන්නෙ නෑනෙ"
"ආ වයිරස් එකක්වත් ඇවිල්ලද දන්නෙ නෑ, එහෙම නැත්තං සිස්ටම් ෆයිල් එකක්වත් ඩිලීට් වෙලාද"
කෝකටත් ඔපිස් ඕපන් කරලා බැලුවා,
"ඉතිං කෝ මේකෙ ඔපිස්???"
"ඇයි නැද්ද?"
"ඉන්ස්ටෝල් කරලා නෑ"
"ආ ඉතින් එහෙම කරන්න ඕනෙද? ඒක තමයි මාත් මේ බැලුවේ මොකද වැඩ කරන්නෙ නැත්තෙ කියලා"
"................"

හප්පේ ඒ වෙලාවෙ තමා දෙයියෝ මගෙ මූණ බැලුවේ,
"ආ ගෙදරින් කතා කරනවා, මම නිවාඩු වෙලාවක ඇවිල්ලා ඔක්කොම ටික හදලා දෙන්නම්කෝ, එතකං ඔය තියෙන විදිහට තියන්න, වැඩි ඔපරේසං කරන්න යන්න එපා"



මොනවා උනත් ඔක්කොම ටික හදලා දෙන්න ඕනෙ ආයිත් පාරක් ගිහින්, නැත්තං මොන ගිනි විජ්ජුම්බරයක් කරයිද දන්නෙ නෑ,


අවසානෙට තියෙන ප්‍රශ්නෙ තමයි, හැබෑටම ඔය කියනවා වගේ අපේ රට දෙවෙනි ලෝකයේ රටක් වෙලාද? කවුරු කොහොම කිව්වත් ඇත්තටම රටේ තියෙන තත්වෙ ඕකයි.
පාලම් පාරවල් හැදුවට වැඩක් නෑ, රටක් දියුණු වෙන්න ඊට වඩා බලපානවා ඒ රටේ මිනිස්සුන්ගෙ අධ්‍යාපනේ, එකට නං ඉතින් දෙයියන්ගෙම පිහිටයි.
එහෙනං මේක බලපු අයටත් දෙයියන්ගෙම පිහිටයි, මටත් එහෙම්මමයි, පස්සෙ හම්බ වෙමු.

Sunday, November 21, 2010

යෙහෙලිය, ඔබ තනි නැත........

6දෙනෙක්ගෙන් ප්‍රතිචාර
මේක මටනම් ගොඩාක් දුක හිතුන කතාවක්. මන් හිතනවා ඔයාලටත් එහෙම හිතේවි කියලා. මේක වුනේ දැන් දවස් තුන හතරකට කලින්, campus එකේදි. අපි ඉතින් නවක සිසුන් තාම, campus එක ගවේශනය කරනවා. ඔහොම ඇවිදගෙන යද්දී දැක්කා ගෑනු ළමයෙක් බංකුවක ඉඳගෙන ඉන්නවා.

ඔතනින් හැමදාම යනවා, ඒත් එයාව දැකලනම් නෑ මීට කලින්. මාත් හොඳට බලුවා. එයාව දැක්ක ගමන් මාව උන් තැනම ගල් වුනා වගේ වුනා. වශී වෙලා වගේ තමා මන් බලන් හිටියේ පුදුම ලස්සනක් තියෙන්නේ. කියන්න වචන නෑ. අර ඉස්සර කවියො වර්ණනා කරපු ස්ත්‍රීන් වගේ කෙනෙක්.

දන්නවනේ ඉතින් ලස්සන ගෑනු ළමයෙක් දැක්කම ඉතින් පොඩ්ඩක් හොයල බලනවනේ. මේ කාලේ වැ‍රැද්දනේ. මාත් ඉතින් පොඩ්ඩක් බලාන ඉඳලා එයාගෙ පස්සෙන් ගියා. මෙයා ගියේ canteen එකට.

interval එක ඉවර වෙන්නත් ලඟයි. ගිහින් counter එක ගාව විනාඩි පහක් විතර ඉන්නවා. පෝලිමකුත් නෑ කෑම ගන්න. ඉතින් මාත් පොඩ්ඩක් කිට්‍ටු කරල බැලුවා. අනේ ඒ ළමය කතා කරන්න බැරි කෙනෙක්.(2008 යි 2009 යි ඔය වගේ කට්ටියක් A/L කලානේ. ඉතින් campus වලත් එයාලට වෙනම units හැදුවා. ඒකේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ.) ඒ ළමයා කියන දේ කෑම දෙන්න ඉන්න කෙනාට තේරෙන්නෙ නෑ. ඒ ළමයා හරිම අපහසුතාවයකට පත්වෙලා හිටියේ.

මට ඒක දැකල ඇත්තටම දුක හිතුනා. ඉතින් මන් එයාට කෑම එකක් අරගෙන දුන්නා. එයා ඒක අරගෙන මේසෙකට ගියා. කවුරුත් එයා ලඟට ආවේ නෑ. මන් බලාගෙන හිටියා මොකද කරන්නෙ කියලා. එයා කෑම එක පැත්තකින් තියාලා bag එකෙන් පෑනක් ගත්තා.

මන් බැලුවා මේ මොන විකාරයක්ද කියලා. කන්න ගියාම පෑන් ගන්න සිරිතක් නෑනේ. එයා මොනවද එයාගේ අතේ ලිව්වා. ඊට පස්සෙ මට එන්න කිව්ව ලඟට. ඊට පස්සෙ මට අත පෙන්නුවා. අතේ ලියලා තිබුනා "බොහොම ස්තූතියි" කියලා.

මට ඒක දැක්ක විතරයි මාර දුකක් හිතුනා.මගේ සමහර යාලුවො කියනව මට ගල් හිතක් තියෙන්නේ කියලා. හබැයි මගෙ ගල් හිත ඒ වෙලාවේ උණු වුනා. මගෙ ඇස් වලට කඳුලු ආවා ඒවෙලේ. ඔයාලා කියාවි මං මහ බොලඳ පොරක් කියලා. ඔයාලට ඒ අවස්ථාවට මූන දෙන්න වුනානම් තේරේවි.

මන් පස්සෙ හොදට කල්පනා කරලා බලලා හිතුවා, අපි අතරත් මෙහෙම අය ඇත්තටම ඉන්නව නේද කියලා. films වලනේ සමාන්‍යයෙන් ඉන්නේ. මන් ඊට පස්සෙ හැමදාම එයා හිටපු තැන බැලුවා, canteen එකේ බැලුවා ආයේ එයාව හම්බවුනේ නෑ. එයාව හම්බවුනාට පස්සෙ ඉඳන් මම අපේ මේ ජීවිතය ගැන අලුත් විදියකට හිතන්න යොමු වුනා.

මන් මේ කියලා තියෙන වගේ අය මේක කියව්වොත් මට එයාලට කියන්න තියෙන්නේ "ඔයාලගෙ මොන අඩු පාඩු තිබුනත්, ඔයාල කවදාවත් මේ ලෝකේ තනිවෙන්නෙනම් නෑ. කොහේ ගියත් ඔයාලට help කරන්න කෙනෙක් ඉන්නව" කියලා තමා.

Saturday, November 13, 2010

සීතල වැඩියි, බලාගෙනයි.........

2දෙනෙක්ගෙන් ප්‍රතිචාර
මේක විහිලු කතාවක්මත් නෙමේ. ඒ වුනාට එහෙම ගතියකුත් ටිකක් තියෙනවා. විශ්වාස කරන්න ටිකක් අමාරු seen එකක්. මේ සිද්දිය වෙලා සෑහෙන්න කල්. අවුරුදු 11කට විතර උඩදී තමා මේ seen එක වුනේ. අපේ අයියට තමා මේක වුනේ. මේ කියන දවස් වල අයියා O/L කරනවා. exam එක පටන් ගන්න ගොඩක් ලඟයි.

අයියා science tution class එකකට ගියා, මේ කාලේ. දන්නවනේ ඒවා නෑතුව exam කරගන්න බෑ කියලා මතයක් තියෙනවනේ. මේ සිද්දිය වෙද්දී ඔය class එක ඉවරවෙලා, කට්ටිය trip එකක් යන්න set වුනා, exam එකට කලින්. පන්තියේ ගෑනු පිරිමි දෙපාර්සවයම ඉන්නවා. sir එක්ක තමා කට්ටිය යන්න set වුනේ.

කට්ටිය තීරණය කරගත්තේ ලෝකාන්තෙ යන්න. ඔය කියන sir මන් ගියපු ඉස්කෝලෙම sir කෙනෙක්.(අයියත් ගියේ මන් ගියපු ඉස්කෝලෙටමයි. ඔය sir අපිත් එක්ක මීමුරේ යන්නත් ආවා. මිනිහත් මාර සැරිසර කෙනෙක් තමා. සෝනාර් ඒවා ගැන වැඩිපුර කියයි.) මෙයා එක්ක ගියාම ගොඩක් දේවල් බලාගන්න පුලුවන්.

ඔන්න තීරණය කොරගත්ත දවසේ කට්ටිය උදේ පාන්දරින්ම ගියා. ඔහොම ගිහිල්ලා කට්ටිය ලෝකාන්තෙ බලලා එද්දී bakers ඇල්ල බලන්නත් ගිහිල්ලා. එදා ඒ පැත්තට සීතල දවසක්(මේ සීතල කීවේ අසාමාන්‍ය සීතලක් හොඳේ), මීදුමත් යහමින් තිබිලා තියෙනවා.

කට්ටිය ඇල්ලේ සිරි නරඹමින් ඉඳලා තියෙන්නේ, අයියා පණ්ඩිතයා වගේ ඇල්ල ලඟටම ගියාලු. බලාගෙන ඉද්දී මිනිහට තේරුනාලු මොකකහරි ඔලුව තදට වැදෙනවා, එතනින් එහාට මතක නෑලු. වැඩේ මේකයි වෙලා තියෙන්නේ, අයියා ඇල්ල ලඟ ඉද්දී පිටිපස්සෙ හිටපු අක්කා කෙනෙක්, ඒ හරියෙ තිබුන ගලකින් අයියාගේ ඔලුවට ගහලා, ඇල්ලෙන් පහලට තල්ලු කොරන්න හදලා. හොඳ වෙලාවට ලඟ හිටපු අය අයියව අල්ලගෙන. එතකොටම අර අක්කාටත් සිහි නැති වෙලා. එයා එක්ක අයියාගෙ කිසිම තරහකුත් නෑලු. හොඳ යාලුවොලූ. කට්ටිය full හොල්මන් වෙලා වෙච්ච දේට.

පස්සෙ sir තමා වැඩේ විස්තර කරල දීලා තියෙන්නේ, මානසික සක්තිය ටිකක් අඩු සමහර අයට මෙහෙම වෙනවලූ. මේකට ගෑනු පිරිමි බේදයකුත් නෑලු. සීතල ගොඩක් වැඩි වුනාම එහෙම අයගේ පියවි සිහිය පොඩ්ඩක් upset වෙනවලූ. ඒක තමා අර අක්කාට වෙලා තියෙන්නේ. එයාට සිහිය ආවට පස්සේ වෙච්ච කිසි දෙයක් මතක නෑලූ.

එදා මගේ අයියා නූලෙන් බේරිලා තියෙන්නේ. මන් මේක කියන්න හේතුව තමා, මේක කියවන ඔයාලත් මෙහෙම යනවනම් පරිස්සමින් යන්න. ඒ විදියේ අය අඩුයිලූ. ඒත් කියන්න බෑනේ නේද. ඒ අක්කා අයියාව තල්ලු නොකලානම්, බොහෝ විට ඒ අක්කා ඇල්ලෙන් පනින්න ඉඩ තිබුනා කියලා sir අන්තිමට කීවලූ.

Friday, October 29, 2010

වස් වැදෙන කථා

3දෙනෙක්ගෙන් ප්‍රතිචාර
මේක කියෙව්වට ඔයලාට වස් වැදෙන්නෙ නෑ හොඳේ. මේ scene එක වුනේ අවුරුද්දකට විතර කලින්. යුද්ධෙ ඉවරවුන නිසා අපේ අය හෝ ගාලා උතුරු නැගෙනහිර පලාත් වලට trip යන්න set වුනානේ. ඉතින් අපිත් ඔහොම Trinco යන්න set වුනා. අපි කීවෙ මගෙ ලඟ නෑදෑයෝ කට්ටිය. මමත් set වුනා යන්න.

ඉතින් අපි ඕක ready කොරගෙන, යන දවසෙ උදේ පාන්දරින්ම පිටත් වුනා Trinco බලා. අපේ ගමන් මර්ගය සැලැස්ම තිබුනේ සෝමාවතියටත් ගිහිල්ල යන්න. ඉතින් පැය 7ක් 8ක් bus එකේ charter කාගෙන ගියා සෝමාවතියට. යද්දී කොහොමත් 11ට විතර ඇති දවල්.

එදා පෝය දවසක්, සෙනග හිටියා කට කපලා. ඊට හපන් අව්ව. බිත්තරයක් omelet දාගන්න පුලුවන් ඒ අව්වෙ ඉඳන්. කොහොමහරි අව්වෙ කරවෙවී අපි කට්ටිය ගියා සෝමාවතියට. බුදුන් වැඳලා එහෙම ඉවරවෙලා කාන්තා පාර්ශවය අවශ්‍යතා ඉ‍ටු කරන්න ගියා. අපිනම් ඉතින් මගදිම ඒවා කලා. ඕවා සුපුරුදු දේවල්නේ.

එයාලා ඒ වැඩ කරගන්නකම් අපි කොල්ලො set එක පොඩ්ඩක් වටේ රවුමක් ගැහුවා. ඔහොම යද්දි අපි දැක්කා, බෝධිය ගාව සෙනග හෝ ගාල ඉන්නවා. අපි බැලුවා මොකද මේ කියලා. ඈත ඉඳන් පේන්නෙ නෑ සිද්ධිය. ඉතින් මන් මගේ අයියත් එක්ක එන්ටර් ද ඩ්‍රැගන් වුනා, බෝධිය ලඟට. ගියාම තම වැඩේ meter වුනේ.

මන් මේ කියන්නෙ ලඟ හිටපු uncle කෙනෙක්ගෙන් අපි අහගත්තු දේ හොඳේ. "සතියකට විතර කලින් බෝධින් වහන්සේගෙන් රන් දල්ලක් පහල වෙලා, ඒක බලන්න තමා මෙච්චර සෙනග". අර uncle ඔහොම කීවා. මාත් ටක් ගාලා ඔලුව දාලා බැලුවා, මොකක්ද බොලේ මේ රන් දල්ල කියන්නෙ කියලා.

සාමාන්‍යයෙන් ගස් වල දළු එන්නෙ උඩනේ. ඉතින් මන් උඩ තමා බැලුවේ. මටනම් කිසිම අමුතු දෙයක් පේන්නේ නෑ. ඒත් මිනිස්සු බෝධිය දිහා බලාගෙන "අනේ සාධු, මොන තරම් පුදුමයක්ද!!" කිය කියා වඳිනවා. මන් full holman, තව බැලුවා පේන්නෙ නෑ.

අයියගෙන් අහුවෙ පේනවද කියලා. එතකොට මිනිහ කියනවා, "උඩ නෙමේ බන්, අර මුල ගාව තියෙන එකද කොහෙද කියලා". මන් බැලුවා. මට බලපු ගමන් වැඩේ meter වුනා, මොකක්ද මේ කියලා. මට හතර හිනා. බොහොම අමාරුවෙන් හිනාව නවත්තගෙන මන් අය්යගෙන් ඇහුවා,"ඒ ඕයි ඒක රන් පාට නෙමෙනේ මටනම් පේන්නේ දුඹුරු පාටට, උඹට පේන්නෙ කොහොමද" කියලා. ඕක ඇහුන ලඟ හිටපු ආච්චි කෙනෙකුට. එයා මන් දිහා රවලා බැලුවා. මන් එච්චර ගනන් ගත්තෙ නෑ.

ඊට පස්සෙ අයිය අහනවා මගෙන් "ඒක මුලක් නේද බන්?" කියලා. මන් ඉතින් ඒක ගැන සම්පූර්ණ විද්‍යාත්මක විස්තර ප්‍රකාශයක් අයියට ඉදිරිපත් කලා. (මන් picture එකේ දාලා තියෙන්නේ ඒ කියන රන් දල්ල තමා, ඒක ඔයාලට පේන්නෙ කොහොමද කියල බලන්නකෝ. දල්ලක් වගේ පේන එක්කෙනෙක් ඉන්නවනම් කරුණාකරල මට කියන්න හොඳේ.) ඕක කොහොමහරි අර ලඟ හිටපු ආච්චි අහගෙන ඉඳලා.

මෙන්න එයා එක පාරට මන් දිහා රවලා බලලා කියනවා "මොනවද බොල මේ කියවන්නේ. මේවා වස් වැදෙන කථා. නොදකින් තොගෙ කටනම් තුහ්" කියලා තුන් පාරක් කෙල ගැහුවා. (ඔය විදියටමයි කීවෙ හොඳේ ) මන් බලුවා මේ මොන විකාරයක්ද කියලා. ඒත් පස්සෙ මට තේරුනා ඒන පොට හොඳ නෑ කියලා.

අච්චි අතේ තිබ්බ මල්ටි කලර් පත සයිස් කුඩෙත් පෙර‍ටු කරගෙන මන් දිහාට හැරෙන එක මට ඇල්ලුවෙ නෑ. මෙතන තව හිටියොත් මූණ කට සමතලා කරගන්න පුලුවන් කියන එක ටාර් ගාලා meter වුනා. ඊට පස්සෙ ඉතින් සුගත් තිලකරත්න අය්යව සිහි කරගෙන බෝධියෙන් එහාට ධාවනයේ යෙදුනා. දුවගෙන ගිහිල්ලා කෙලින්ම නැවතුනේ ආපු bus එකේ.

එදා මන් හිතාගත්තා ආයෙනම් ඔය ආශ්චර්‍ය තියෙන තැන් වලට යන්නෙ නෑ කියලා. ඒ ආච්චි වගේ අන්ධ භක්තියෙන් ඉන්න අය නිසා තමා අර මාතර ඉන්න මෛත්‍රී බුදුන් මම කියන, පිස්සු මිනිහා වගේ අයත් ඇති වෙන්නේ. මිනිස්සු පස්සෙන් යන්නෙ නැත්තම් එයාලා ඔච්චර කල් ඔහොම ඉන්නෙ නෑ. මේ වගේ මිනිස්සු ඉන්නකම් ඉතින් බුදු දහම අනතුරේ.



ප.ලි.:

මේ කියන seen මේ කථාවට අදාල නෑ හොඳේ. මතකනේ මන් කීවා "ඉගෙනීම මිනිසා සම්පූර්ණ කරයි" කියන කථාවෙන්, ග්‍රාමීය කර්මාන්තෙ කරන තුන්දෙනා ගැන අපේ පැත්තෙ. ඒ කතාව කියවල නැති අය කියවන්න. මේ තුන්දෙනා ගිය මාසෙ හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා. ආයෙ සුපුරුදු කර්මාතයම පටන් අරගෙන.

මන් ගියා දවසක කට්ටිය හම්බවෙන්න දුක සැප බලල එන්න. මන් නිසානෙ කරදරේ වැ‍ටුනෙ. මුදල් ආධාරයකුත් කරන්න හිතාගෙන තමා ගියෙ. වැරදි වැඩක් කලා වුනත් දරු පවුල් කාරයොනේ.

මන් ගියා pot එකට මාව දැක්කා විතරයි අර තුන්දෙනාම දුවගෙන ඇවිල්ලා කියනවා, "අනේ මහත්තයෝ, මහත්තයා ආපු අතක් බලාගෙන යන්න. මහත්තය ආවොත් සේරම විනාසයි." කියලා. මට වැන්දෙ නැති ටික විතරයි. මට පව් කියලා හිතුනා. මන් ඉතින් හනික ආවා කරන්න ගියපු අධාරයත් කරලා.

කියන්න බෑනේ එදා සිද්දියම වුනොත් එහෙම.

Monday, October 25, 2010

දේව ආරූඪයෙන් සාස්තර කියනු ලැබේ

3දෙනෙක්ගෙන් ප්‍රතිචාර

මන් මේ කතාව කියන්න හිතුවේ කලින්මාසේ එහෙම හෝ ගාලා media වලින් හොරට සාස්තර කියන තැන් අල්ලන නිසා. කලින් සති ටිකේ රිවිර පත්තරේ එහෙම ගොඩක් ඒව ගියා. මන් මේ කියන seen එක වෙලා දැන් සෑහෙන්න කල් වෙනවා. අවුරුදු 7ක් විතර. මේ කියන කාලේ මගේ පියතුමාට සෑහෙන්න අසනීප වුනා. නානාප්‍රකාර ලෙඩ හොඳේ.

සැහෙන්න බෙහෙත් ගත්තා. ඒත් පේන්න තරම් අඩුවක් වුනේ නෑ. ඉතින් ඔය වෙලාවට හැමෝටම මතක් වෙනවනෙ හඳහන එහෙම. අපේ අම්මටත් ඉතින් එහෙම මතක් වෙලා ඕක අරගෙන ගියා, අපේ පැත්තෙ තිබුන ඕව බලන කෙනෙක් ලඟට. ගියාම කියල තියෙනවා, ඔන්න මොනවදෝ අවුල් වගයක් තියෙනවා කියලා. ඒවා වලක්ව ගන්න දේව පූජාවක් තියන්න ඕනෙ කියලා.

ඉතින් ඕකට තනියෙන් අම්මව යවන්න බැරි නිසා, මමත් ගියා මොකක්ද මේ කරන්නෙ කියලා බලන්න. ඒකත් ගෙවල් ලඟ තමා.(ලඟ කීවට ලඟම නෙමේ, කිලෝ මීටර් 7ක් 8ක් විතර ඈතයි).දැන් ඉතින් ඔය pot එකට ගිහිල්ලා ඒ පූජාව එහෙම ඔක්කොම එහෙම ready කරලා, පූජාවත් හොඳට දුන්නා.

ඒකෙ වැඩ කරන්නෙ ගෑනු කෙනෙක්. එයා සාස්තරත් කියනවා. ඉතින් අම්මා සාස්තරයකුත් ඇහුවා. පුදුමයි අනාගතේ කියනවා, මාර කියවිල්ලක්. කියන්නෙ දේව ආරූඪෙන්. ඉතින් අපි ඒ පූජාව දීලා ගෙදර ආවා. ටික දවසක් යද්දී පියතුමාටත් සනීප වුනා. දැන් අපේ අම්මට මේ pot එක හොඳට අල්ලලා ගිහින්. වටේ පිටේ ඉන්න අයටත් විස්තර කියනවා. මම ඔය දවස් වල ඕව සතේකට විස්වාස කලේ නෑ.(එහෙම වුනේ මන් ඇත්තටම ඕව කරන කෙනෙක්ව දැකලා නැති නිසා. පස්සෙ එහෙම කෙනෙක් හම්බවුනා.)

ඔහොම කාලය ගත වෙද්දී තවත් දවසක අම්ම ආයෙත් අර pot එකට ගියා. සාස්තරයක් අහන්න තමා ගියේ. මමත් ගියා. එදා ටිකක් වැහිබර දවසක්. එදත් කලින් දවසෙ විදියටම දේව ආරූඪයෙන්, ඕන් දැන් සාස්තරය කියනවා. කියන ඒවා අහන් ඉන්න පුදුමයි. මාර ඒවා කියන්නෙ. ඒ කියන විදියට මන් අනාගතේ සුපිරි පොරක් වෙනවලූ.(හීනෙන් තමා).

දැන් ඔහොම සාස්තරේ කියාගෙන යද්දී යාන්තම් පොද වැස්සක් වැටෙන්න පටන් ගත්තා.(සාස්තර කියන ගෑනු කෙනාට help එකට ඉන්නෙ එයාගෙ පුතා හොඳේ).මෙන්න එක පාරටම අර දේව ආරූඪයෙන් මායම් වෙලා ඉන්න ගෑනු කෙනා අර කොල්ලට කියනව, "ආං කොල්ලො....., වහිනව නේද? විජහට අර වැලේ තියෙන රෙදි ටික අරන් ගෙට දාපන්" කියල. ඕන් දේව ආරූඪයෙන් සාස්තර බැලීම. මටත් ඉතින් අහන්න හිතුනා, ඔය පේන අනාගතේට වැස්ස වගේ දේවල් tune වෙන්නෙ නැද්ද කියල.

Wednesday, October 20, 2010

සමාධි පිළිමය පාමුල දී...........

0දෙනෙක්ගෙන් ප්‍රතිචාර



සිරිමාබෝගේ සිසිලස ලැබෙනා
සුවය සපිරි මද පවන හමයි...
සීල සුගන්ධය පවනට මුසු වී
හද සනසන අම සුවය ගෙනෙයි..
අඩවන් නිසසල ප්‍රතිමා දෑසින්
මෙත් මුදිතා කරුණා ඉතිරෙයි..
මහමෙවුනාවේ වන උයනේ සිට
රටටම මෙත් කරුණා පතුරයි...

සුවිසල් නොසැලුණු මහමෙත් කඳ ලෙස
සදහම් ගුණ පිරි පිළිමයකි...
සමාධි වඩනා පිළිමය දු‍ටු විට
සැම හදවත් නිති පහන් වෙනා..
බණ පදයක් මට ඇසුමට සිත් විය
ජීවමාන බුදු හිමි යි සිතා....
අදිටන් කරනෙමි පෙරුමන් පුරනෙමි
යාමට නිර්වානයට ළඟා...
මතු භවයේවත් මෙත් හිමි දැකුමට
හැකිවේවා මම පතමි සදා..

මෙත් හිමි,බුදු හිමි යැයි පවසා
ලක්වැසි රවටා නිරයේ යෑමට
තැත දරනා කෙනුන්....
අද පමණක් නොව එකල ද සිටි වග
පසක් කරවනා දේවදතුන්....
බුදුන් සරණ මිස වෙන සරණක් නැත
අදත් සිහි කරලු නිරයෙ සිටන්...
 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates