Sunday, November 21, 2010

යෙහෙලිය, ඔබ තනි නැත........

6දෙනෙක්ගෙන් ප්‍රතිචාර
මේක මටනම් ගොඩාක් දුක හිතුන කතාවක්. මන් හිතනවා ඔයාලටත් එහෙම හිතේවි කියලා. මේක වුනේ දැන් දවස් තුන හතරකට කලින්, campus එකේදි. අපි ඉතින් නවක සිසුන් තාම, campus එක ගවේශනය කරනවා. ඔහොම ඇවිදගෙන යද්දී දැක්කා ගෑනු ළමයෙක් බංකුවක ඉඳගෙන ඉන්නවා.

ඔතනින් හැමදාම යනවා, ඒත් එයාව දැකලනම් නෑ මීට කලින්. මාත් හොඳට බලුවා. එයාව දැක්ක ගමන් මාව උන් තැනම ගල් වුනා වගේ වුනා. වශී වෙලා වගේ තමා මන් බලන් හිටියේ පුදුම ලස්සනක් තියෙන්නේ. කියන්න වචන නෑ. අර ඉස්සර කවියො වර්ණනා කරපු ස්ත්‍රීන් වගේ කෙනෙක්.

දන්නවනේ ඉතින් ලස්සන ගෑනු ළමයෙක් දැක්කම ඉතින් පොඩ්ඩක් හොයල බලනවනේ. මේ කාලේ වැ‍රැද්දනේ. මාත් ඉතින් පොඩ්ඩක් බලාන ඉඳලා එයාගෙ පස්සෙන් ගියා. මෙයා ගියේ canteen එකට.

interval එක ඉවර වෙන්නත් ලඟයි. ගිහින් counter එක ගාව විනාඩි පහක් විතර ඉන්නවා. පෝලිමකුත් නෑ කෑම ගන්න. ඉතින් මාත් පොඩ්ඩක් කිට්‍ටු කරල බැලුවා. අනේ ඒ ළමය කතා කරන්න බැරි කෙනෙක්.(2008 යි 2009 යි ඔය වගේ කට්ටියක් A/L කලානේ. ඉතින් campus වලත් එයාලට වෙනම units හැදුවා. ඒකේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ.) ඒ ළමයා කියන දේ කෑම දෙන්න ඉන්න කෙනාට තේරෙන්නෙ නෑ. ඒ ළමයා හරිම අපහසුතාවයකට පත්වෙලා හිටියේ.

මට ඒක දැකල ඇත්තටම දුක හිතුනා. ඉතින් මන් එයාට කෑම එකක් අරගෙන දුන්නා. එයා ඒක අරගෙන මේසෙකට ගියා. කවුරුත් එයා ලඟට ආවේ නෑ. මන් බලාගෙන හිටියා මොකද කරන්නෙ කියලා. එයා කෑම එක පැත්තකින් තියාලා bag එකෙන් පෑනක් ගත්තා.

මන් බැලුවා මේ මොන විකාරයක්ද කියලා. කන්න ගියාම පෑන් ගන්න සිරිතක් නෑනේ. එයා මොනවද එයාගේ අතේ ලිව්වා. ඊට පස්සෙ මට එන්න කිව්ව ලඟට. ඊට පස්සෙ මට අත පෙන්නුවා. අතේ ලියලා තිබුනා "බොහොම ස්තූතියි" කියලා.

මට ඒක දැක්ක විතරයි මාර දුකක් හිතුනා.මගේ සමහර යාලුවො කියනව මට ගල් හිතක් තියෙන්නේ කියලා. හබැයි මගෙ ගල් හිත ඒ වෙලාවේ උණු වුනා. මගෙ ඇස් වලට කඳුලු ආවා ඒවෙලේ. ඔයාලා කියාවි මං මහ බොලඳ පොරක් කියලා. ඔයාලට ඒ අවස්ථාවට මූන දෙන්න වුනානම් තේරේවි.

මන් පස්සෙ හොදට කල්පනා කරලා බලලා හිතුවා, අපි අතරත් මෙහෙම අය ඇත්තටම ඉන්නව නේද කියලා. films වලනේ සමාන්‍යයෙන් ඉන්නේ. මන් ඊට පස්සෙ හැමදාම එයා හිටපු තැන බැලුවා, canteen එකේ බැලුවා ආයේ එයාව හම්බවුනේ නෑ. එයාව හම්බවුනාට පස්සෙ ඉඳන් මම අපේ මේ ජීවිතය ගැන අලුත් විදියකට හිතන්න යොමු වුනා.

මන් මේ කියලා තියෙන වගේ අය මේක කියව්වොත් මට එයාලට කියන්න තියෙන්නේ "ඔයාලගෙ මොන අඩු පාඩු තිබුනත්, ඔයාල කවදාවත් මේ ලෝකේ තනිවෙන්නෙනම් නෑ. කොහේ ගියත් ඔයාලට help කරන්න කෙනෙක් ඉන්නව" කියලා තමා.

Saturday, November 13, 2010

සීතල වැඩියි, බලාගෙනයි.........

2දෙනෙක්ගෙන් ප්‍රතිචාර
මේක විහිලු කතාවක්මත් නෙමේ. ඒ වුනාට එහෙම ගතියකුත් ටිකක් තියෙනවා. විශ්වාස කරන්න ටිකක් අමාරු seen එකක්. මේ සිද්දිය වෙලා සෑහෙන්න කල්. අවුරුදු 11කට විතර උඩදී තමා මේ seen එක වුනේ. අපේ අයියට තමා මේක වුනේ. මේ කියන දවස් වල අයියා O/L කරනවා. exam එක පටන් ගන්න ගොඩක් ලඟයි.

අයියා science tution class එකකට ගියා, මේ කාලේ. දන්නවනේ ඒවා නෑතුව exam කරගන්න බෑ කියලා මතයක් තියෙනවනේ. මේ සිද්දිය වෙද්දී ඔය class එක ඉවරවෙලා, කට්ටිය trip එකක් යන්න set වුනා, exam එකට කලින්. පන්තියේ ගෑනු පිරිමි දෙපාර්සවයම ඉන්නවා. sir එක්ක තමා කට්ටිය යන්න set වුනේ.

කට්ටිය තීරණය කරගත්තේ ලෝකාන්තෙ යන්න. ඔය කියන sir මන් ගියපු ඉස්කෝලෙම sir කෙනෙක්.(අයියත් ගියේ මන් ගියපු ඉස්කෝලෙටමයි. ඔය sir අපිත් එක්ක මීමුරේ යන්නත් ආවා. මිනිහත් මාර සැරිසර කෙනෙක් තමා. සෝනාර් ඒවා ගැන වැඩිපුර කියයි.) මෙයා එක්ක ගියාම ගොඩක් දේවල් බලාගන්න පුලුවන්.

ඔන්න තීරණය කොරගත්ත දවසේ කට්ටිය උදේ පාන්දරින්ම ගියා. ඔහොම ගිහිල්ලා කට්ටිය ලෝකාන්තෙ බලලා එද්දී bakers ඇල්ල බලන්නත් ගිහිල්ලා. එදා ඒ පැත්තට සීතල දවසක්(මේ සීතල කීවේ අසාමාන්‍ය සීතලක් හොඳේ), මීදුමත් යහමින් තිබිලා තියෙනවා.

කට්ටිය ඇල්ලේ සිරි නරඹමින් ඉඳලා තියෙන්නේ, අයියා පණ්ඩිතයා වගේ ඇල්ල ලඟටම ගියාලු. බලාගෙන ඉද්දී මිනිහට තේරුනාලු මොකකහරි ඔලුව තදට වැදෙනවා, එතනින් එහාට මතක නෑලු. වැඩේ මේකයි වෙලා තියෙන්නේ, අයියා ඇල්ල ලඟ ඉද්දී පිටිපස්සෙ හිටපු අක්කා කෙනෙක්, ඒ හරියෙ තිබුන ගලකින් අයියාගේ ඔලුවට ගහලා, ඇල්ලෙන් පහලට තල්ලු කොරන්න හදලා. හොඳ වෙලාවට ලඟ හිටපු අය අයියව අල්ලගෙන. එතකොටම අර අක්කාටත් සිහි නැති වෙලා. එයා එක්ක අයියාගෙ කිසිම තරහකුත් නෑලු. හොඳ යාලුවොලූ. කට්ටිය full හොල්මන් වෙලා වෙච්ච දේට.

පස්සෙ sir තමා වැඩේ විස්තර කරල දීලා තියෙන්නේ, මානසික සක්තිය ටිකක් අඩු සමහර අයට මෙහෙම වෙනවලූ. මේකට ගෑනු පිරිමි බේදයකුත් නෑලු. සීතල ගොඩක් වැඩි වුනාම එහෙම අයගේ පියවි සිහිය පොඩ්ඩක් upset වෙනවලූ. ඒක තමා අර අක්කාට වෙලා තියෙන්නේ. එයාට සිහිය ආවට පස්සේ වෙච්ච කිසි දෙයක් මතක නෑලූ.

එදා මගේ අයියා නූලෙන් බේරිලා තියෙන්නේ. මන් මේක කියන්න හේතුව තමා, මේක කියවන ඔයාලත් මෙහෙම යනවනම් පරිස්සමින් යන්න. ඒ විදියේ අය අඩුයිලූ. ඒත් කියන්න බෑනේ නේද. ඒ අක්කා අයියාව තල්ලු නොකලානම්, බොහෝ විට ඒ අක්කා ඇල්ලෙන් පනින්න ඉඩ තිබුනා කියලා sir අන්තිමට කීවලූ.
 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates