Wednesday, September 29, 2010

අනේ කාලේ වනේ වාසේ

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර

මේ කතාව ටිකක් අමුතු කතාවක්. ඔය ළමයි විස්වාස කොරයිද දන්නෙත් නෑ. ඒත් මන් කියන්නම් මේකත් ඇත්ත කතාවක් තමා.

මේක වුනේ මීට මාස කීපයකට උඩදී, දුරින් මගෙ නෑ වෙන කෙනෙකුට. මෙයාට ගමේ කියන්නේ(ගමේ කීවට මේ කොලඹ රටේ පොරක් හොඳේ, මිනිහා ඉන්න පැත්ත ගම වගේ තමා. ඒ තරමට ඩොටේ, කොලඹ වුනාට) නිකම් බාස් කියලා. මන් තාම හොයාගෙන යනවා මොකද එහෙම කියන්න හේතුව කියලා. කොහොමහරි මේ මනුස්සයා ඒරොප්පේට යන්න ලෑස්ති වුනා.(ඒරොප්පෙ කීවට සයිප්‍රස් රටට හොඳේ). මෙයාලගේ පියතුමා job එකක් කලෙත් ඔය රටේ තමා. ඒක නිසා තමා ‍රැකියාවක් සොයාගෙන මෙයත් යන්න හැදුවේ.

ඕක සෙට් වෙන කොට මිනිහ කවදාවත් පිටරට ගිහිල්ලා නෑ, ඊට කලින්. තනියෙන් යන්නත් බයයි වගේ කියලා තව කට්ටියකට set වෙන්න තීරනය කරලා. ඕං ඉතින් හොයල හොයල set වෙලා තියෙන්නේ මෙහෙ ඉඳන් ඒ රටට(සයිප්‍රස්)යන music group එකකට.ඔය group එකේ හිටියලු ලංකාවේ පරසිද්ද නව පරපුරේ ගායකයෙකුත්,(මේ ගායකයා sirasa super stars එකේ මුල හරියෙදීම වැඩේ අනාගෙන අයින් වුනාලු. ඊත් ඊට පස්සෙ මිනිහා super staras ලට වඩා පරසිද්ද වුනා. මිනිහා කවුද කියා දන්නෝ දනිති.)

ඉතින් අපේ නිකම් බාස් දහසක් බලාපොරොත්තු පොදිබැද ගෙන රට යන වැඩේට ලෑස්ති වෙලා. රට ඉන්න පියතුමාට ගෙනියන්න කරවල, පැනි රස ජාති, පොලොස් ඇඹුල්, මාලු ඇඹුල් තියල් වගේ බඩු ගොඩක් ලෑස්ති කරගත්තලු. බර සීමාවට ලංවෙන්නම බඩු තිබිලා. මිනිහගෙ ඇඳුම් වලට වඩා අනම් මනම් වැඩිලූ ඕං.

ඔන්න රට යන දවස ඇවිල්ලා මිනිහා උදේ පාන්දරින්ම නැගිටලා සියලු වැඩ කටයුතු කරගෙන, airport එකට යන්න පිටත් වෙලා. port එකෙදී අර ගායකයත් හොයාගෙන, දැන් ඉතින් time එක එනකල් ඉන්නවලු. තව පැය 2 ක් විතර තියෙනවලූ flight එකට.

කලින් දවසෙ රෑ අපේ ගායකයට show එකක් තිබිලා. මිනිහ සුපිරි නිදිමතේ ඉඳලා තියෙන්නේ. port එකට ආපු වෙලේ ඉඳන් පු‍ටුවකට වෙලා මෙයා සිහින ලෝකේ මී පැනි ගංගාවේ ඇඟ හෝදනවලු. නිදා ගන්න කලින් මිනිහා නිකම් බාස්ට කීවලු "මල්ලී මන් 10 පාරක් විතර පිටරට ගිහින් තියෙනවා, බය වෙන් නැතුව ඉන්න කියලා". මේ නිසා අපේ නිකම් බාසුත් ඔහෙ බලාගෙන හිටියලු.(නිකම් බලාගෙන හිටියා කියලා ගෙදර අයට කීවට, විස්වාසදායක ආරංචි මාර්ගයකට අනුව මෙයා සුදු කෙල්ලෙක්ට radar එක දාගෙන ඉඳලා තියෙන්නේ) මෙහෙම ඉද්දී ඕං නිකම් බාස්ටත් නින්ද ගිහිල්ලා. මෙයත් සිහින් ලෝකෙ අර කෙල්ලත් එක්ක රස්තියාදු ගහනවලූ.

දැන් නිකම් මිනිහට හීනෙන් වගේ ඇහෙනවලූ කවුද කතා කරනවා. මෙයාට එක පාරට ඇහැරිලා බලද්දී port එකේ security කෙනෙක් මිනිහට කතා කරනවලූ. නිකම් බාස් ඉස්සෙල්ලම අහල තියෙන්නේ flight එක ගැන. එතකොට security කීවලූ "අපෝ මහත්තයා දැන් ඒක ගිහින් පැය 4කටත් වැඩියි. දැන් ඒක Dubai වල ඇත්තේ කියලා". ඒක අහපු ගමන් අපේ නිකම් බාස්ට ඉන්න දෙයියෝ 33කෝටියම මතක් වුනාලු. අපේ ගායකයා තාම නිදිලූ.

නිකම් බාස් තමා මිනිහව අහැරවලා තියෙන්නේ, මිනිහට සීන් එක කීවට පස්සේ මිනිහා කියනවලූ,"ඔහෙ කමක් නෑ, මල්ලී මොනවා කරන්නද, ඔන්න ඔහෙ තව ටිකක් නිදාගෙන හවස් වෙලා අපි ගෙදර යමු" කියලා. එහෙම කියලා ආයෙ අනිත් පැත්තට හැරිලා නිදාගෙන. නිකම් බාස්ට ගායකයගෙ අම්ම මතක් වෙලා මිනිහා කියපු එකට.

ඒත් ඉතින් පව් කියලා නිකම් බාස් ගායකයවත් අරගෙන, ඕං හවස් වෙද්දී ආයෙ ගෙදර එනවලූ හවස් වෙලා. ගෙදර මිනිස්සු full හොල්මන්. වෙච්ච සිද්දිය ඇහුවට පස්සෙ කට්ටියටම හතර හිනාලු ඕං. ඊට පස්සේ ආයේ තව මාස 5 කින් විතර නිකම් බාස් රට ගියා, මේ සැරේනම් මිනිහා සයිප්‍රස් වලට යනකම්ම නිදා ගන්නව තියා හිතුවෙවත් නෑලු.

ඕං ඉතින් අපේ සිරි ලංකාවේ අබුද්දස්ස කාලෙට වෙන දේවල්.

Monday, September 27, 2010

බඩියා playing games

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර

ටික දවසකට පස්සෙ ආයෙ කතාවක් ලියන්න හිතුනා. මේකත් ඉස්කෝලෙ කතාවක් තමා. මේක අපේ බඩියා ගැන.

මේ සිද්දිය වෙන දවස් වල අපි12 වසරෙ, 13 හිටපු අය exam 1ට යන්න කලින් teachersලට වැඳල යන්න එනවා. ඔය දවස් වල අපිට ඉගෙනීමක් නෑ. එදා අපේ පන්තියට ඇවිල්ලා හිටියේ නැන්දා. එයා වඳින්න එන අයට ගිය අවුරුද්දේ results sheet එකක් පෙන්නල, මෙහෙමයි අපේ ඉස්කෝලෙ අය pass වෙලා තියෙන්නේ, ඔයාලත් එහෙම කරගන්න ඕනෙ කියලා, කියල දෙනවා.

ඔහොම ඉතින් කාලය ගලා යනවා. කෑම කන වෙලාවත් පහුවුනා. ඊට පස්සෙත් කට්ටිය නවතින පාටක් නෑ. කෑම වෙලාවට පස්සෙත් නැන්දා ආවා, එයා එයාගෙ වැඩ කටයුතු, අපි අපේ වැඩ කටයුතු. දැන් ඔයාලා බලයි මොනවද අපේ වැඩ කටයුතු කියලා. මෙහෙමයි.

එදා පන්තියෙන් ඇවිල්ලා හිටියේ මන්, සෝනාර්, බඩියා & පීප්පයා විතරයි.(තව කෙනෙකුත් හිටියා). මට ඉතින් කරන්න විසේස වැඩක් නැති නිසා සුපුරුදු පරිදි සෝනාර් එක්ක වාදයක් පටන්ගත්තා.(මොකක් ගැනද කියලා මට දැන් මතක නෑ.) පීප්පයා & අර අනිත් කෙනා සුපුරුදු විදියට ගනන් හදන්න පටන් ගත්තා. ටියුනින් නැති වෙලාවට උන් දෙන්න තමා ගනන් හදන්නේ. බඩියා තමා සෝයි වැඩක් කර කර හිටියේ.

බඩියාට Biology විතරයි set වෙන විසයකට තිබුනේ. මෙයාට අනිත් විසයන් 2ම set වෙන්නෑ.(ගනන් නිසා) Computer ගැන මෙයාට උපතින් අරන් ආපු සහජ දැනුමක් තියෙනවා. ඒවා වලින් නම් මෙයා ඕන එකෙක්ට challenge කරයි. ඉතින් අර අනිත් විසයන් තියෙන දවස් වලට ගොඩක් වෙලාවට වෙන වැඩ තමා කරන්නේ.

මන් කලින් පරිසර society කතාවෙන් කීවනේ බඩියා mobile එකක් ගත්තා කියලා. මේක දැකලා මටත් ඉන්න බැරිවුනා. කොහොමහරි ණයටත් සල්ලි අරගෙන මමත් phone එකක් ගත්තා. ඒකෙ තිබුනා Diamond Rush කියලා game එකක්. බඩියාට ඕක අල්ලලා ගියා.(බඩියා තමා අපේ පන්තියට phone පිස්සුව බෝ කලේ, ඊට පස්සෙ පන්තියෙ ගොඩක් අය ගත්තා). බඩියා අර set වෙන්නැති විසයන් තියෙන වෙලාවට කරන්නේ පන්තිය පිටිපස්සට ගිහිලා ඔය game එක ගහන එක. දවසක් chemistry teacher ට වැඩේ මාට්‍ටු, ඒත් ඉතින් බඩියා තමන්ගෙ පුරුද්ද අත ඇරියෙ නෑ.

ඉතින් එදා නැන්දා ඉන්න වෙලාවෙත් මෙයා ඔය වැඩේ තමා කර කර හිටියේ. එවෙලේ එන කට්ටිය ටිකක් අඩු වෙලා හිටියේ, ඉතින් නැන්දා අර results sheet එක අරගෙන අපිටත් ඕක පැහැදිලි කරනවා, එතන ඉන්නවා කට්ටියම බඩියා හැර. මිනිහ දන්නෙ නෑ පන්තියෙ මෙහෙම වැඩක් යන බව, අපි දන්නෙත් නෑ බඩියා මෙතන නැති බව. ඕන් ඉතින් සැහෙන වෙලාවක් අරක විස්තර කර කර හිටපු නැන්දා පොඩ්ඩක් පන්තිය පිටිපස්ස දිහා බැලුවා. ආයෙ මොනවද මේන් ඉන්නවා බඩියා, හෝ ගාලා game ගහනවා phone එකත් desk එක උඩ තියාගෙන. අපිත් දැක්කේ එවෙලෙ තමා. බඩියා දන්නෙ නෑ නැන්දා බලාගෙන ඉන්නෙ කියලා මිනිහගෙ සම්පූර්ණ අවධානය game එකෙ.

අපිට හොදටම හිනා. හිනා වෙන සද්දෙට තමා බඩියා බැලුවෙ, මෙයා නැන්දා දිහා බලාගෙන ඇඹරෙනවා. අනේ ඉතින් නැන්ද මොකුත් කීවෙ නෑ,"අනේ........ පුතේ........." කියලා කීවා එච්චරයි.(එයාගෙ හැටි එහෙම තමා, ඕන වැ‍රැද්දකට ඔහොම තමා කියන්නේ. එයා ඇල් වතුරත් නිවල බොන කෙනෙක්).
ඊට පස්සෙ නැන්දා පන්තියෙන් ගියා කියමුකෝ. ටික වෙලාවක් යනකල් ඉඳලා බඩියා අහපි," ඒ නැන්දා මොනවද බන් අර කියලා ගියේ........" කියලා. එතකොට තමා අපිට තේරුනේ, බඩියා නැන්දගේ මූන දිහා බලාගෙන ඇඹරෙන ගමනුත් කරලා තියෙන්නෙ මොකක්ද කියලා.......
ඉතින් මේ බඩියා කවදා හැදෙයිද?

Saturday, September 18, 2010

සුපර් STAR

2දෙනෙක්ගෙන් ප්‍රතිචාර
සුපර් STAR

ලංකාවේ ඉන්න ඕන කෙනෙක් දන්න... කියන වචනයක් තමයි,මේ "සුපර් STAR" කියන්නෙ..
මුලු තුනේ නාලිකාවක් ඉස්ස ඉස්සෙල්ලම,නම්බු පිට ඔබාමා දේසෙන් COPY කොරන් ආපු මේ වැඩේ,
අනික් "වාහිනී" ද අධාර කොර ගෙන නැගලා ගිය තරම කොච්චරද කියනවා නම්...
දැන් ගහක් ගහක් ගානේ පොල් කඩන එකත්. ,
ගස් යට මල් කඩපු එකත් ,
( -------) STAR ල ලු,
කොහොම උනත් ඒ වැඩේ ට කට්ටිය පුදුම කට්ටක් නොවැ කන්නෙ,
ඉතින් මේ කතාව ඒ විදියෙ සුපර් STAR ලා ගැන නෙමෙයි.....

ඊයේ පෙරේදා වුණ දෙයක් ගැන...පසු විපරමක්...




හරියටම කියනවා නම් මේ වැඩේ උනේ 2010.09.14 වැනිදා.වැඩ දවසක් නිසා එදාත් වෙනදා වගේම ලංකාවෙ එපාම කරපු දවසක්..
ඉතින් මෙහෙම traffic එකේ කට්ට කන අයට choon පාරක් දෙන්න නේ FM ..ලා ඉන්නේ...
ඉතින් මෙහෙම choon පාර දාන ගමන්ම රටේ කුණු ත් ඔළුවට මුන් දාන එක උන් ගේ DUTY ය ලු නේ....
ඒ වගේ දාපු එකක් තමයි මේකත්...
"මෙන්න දැන් ලැබුන විශේෂ ප්‍රවෘත්තියක්.......
කොළඹ විහාර මහා දේවී උද්‍යානය තුළ නඩත්තු කටයුතු සදහා අටවා තබන ලද අට්ටාලයක් උඩට පුද්ගලයකු නැගී උපවාසයක් අරඹා ඇත...උපවාසයක් සදහා හේතු කාරණා. තවම පැහැදිලි නැති අතර...ect.."
ඉතින් මේ ටික ඇහෙනකොට කොළඹ විහාර මහා දේවී උද්‍යානය ළග පාත හිටපු උන් JOBa ට සෙට් වෙන එකත් පැත්තක දාලා..කොළඹ විහාර මහා දේවී උද්‍යානයට දුවල..
දැන් ඔක්කොම උන් උඩ බලන් ලු...උඩ ඉන්න මිනිහා බිම බලන් ලු...වටේ ඉන්න උන් ට Magic ලු..

"වාහිනී,මහගෙවල්,තුම්මුලස්,කොම්බුවෝ"ඔක්කොලම එතන ඉදන් වටේ ට ම ආවරනය කොරනව ලු.
බිම ඉන්න උන්,පැය ගානක් television එකට මූණ දා ගන්න දගලපු හැටි.........
අනේ
පැය ගාණක් අට්ටාලෙ උඩ ඉදලා අන්තිමට ඒ මිනිහාව බිමට ගත්ත,ඉල්ලීම් ලැබීම කෙසේ වෙතත් 29 වෙනිදා වෙනකන්...මහ උළු ගෙදර ලු..කොරපු වරද පොදු ජනතාව ගේ කටයුතු වලට බාධකාරී ලෙසට හැසිරීම ලු...
ඒත් මිනිහා හිටියෙ අට්ටාලය උඩ...(අඩි ගානක් උඩ)

"සුපර් STAR" කෙනෙක් වෙලා..
(මිනිහට එදා ලැබුන එකම දේ ඔච්චරයි...)
මොකද.මිනිහා අට්ටාලේ උඩ දාපු සෙල්ලම් විනාඩි 10න් 10ය TV 1කේ යනකොට....
එක දවසෙන් "සුපර් STAR" නොවී තියේවිද?..
මේ වගේ බුද්ධිමත් වැඩ ඉල්ලීම් ලබා ගන්න තව තවත් කරපියව් අපි ගානේ publicity කියලා මාධ්‍ය තව තවත් මේ වගේ දේවල් හරහා ඔප්පු කරනවා.....
ජනතාව දැනුවත් කලයුතු දෑ බොහොමයක් පසක ලා..මෙවැනි දේ කෙරෙහි ම ජනතාව වැඩියෙන් නැඹුරු කිරීමට වෙර දරනා "වාහිනී"සියල්ලටම මගේ ප්‍රනාමය..
"කල වැඩේ වැරදි නම් එවැන්නකට අනුබල දීමද කල යුතු වන්නේ.........."

Thursday, September 16, 2010

ආච්චිගේ Baldiya Chapter 2

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර

මන් ආච්චිගේ Baldiya Chapter 1 කතාවෙන් කීවනේ අපි ආච්චිගේ උත්සවයට ready වුන හැටි. මන් මේ කතාවෙන් කියන්න යන්නේ අපි ඒ උත්සවය පවත්වපු හැටි.

අපි ඕං පහුවෙනිදා උදේ පාන්දරින්ම ඉස්කෝලෙට සම්පරාප්ත වුනා. උත්සවේ වැඩ ටික ready කරගන්න. එදානම් අච්චී වෙලාවට අවිල්ලා හිටියා. ඒ වෙලාවෙත් meeting පාරක් තියලා, වැඩ ටික කරන්න කොල්ලො ටික group කලා. මට හම්බවුනේ ආහාර අංසය ආයෙ මොනවද ඉබ්බ දියට දැම්මා වගේ තමා. සෝනාර්වත් මේකට වැ‍ටුනා. අපේ අර්ධපාලව දැම්මේ පිලි ගැනීමේ කමි‍ටුවට ආච්චී කියුවේ මූ හැන්ඩියා හින්දා දැම්ම කියලා, එදා තමා අපි දැන ගත්තේ ආච්චීගේ ඇස් පේන්නෙත් නෑ කියල.

මමයි සෝනාරුයි(බඩියත් set වුනා, කෑම කොතනද ඌ එතන)එන අයට දෙන කෑම මොනවද කියලා discuss කොලා. ඊට පස්සෙ තීරනය කලා එන ඉස්කෝල වල එවුන්ට බනිස් & කිරි packet දෙමු කියලා(class යද්දී අපේ ජාතික ආහාරයනේ). ඊට පස්සෙ ටක් ගාලා town 1ට ගිහිල්ල බනිස් & කිරි packet order කලා. වඩිපුරත් 20 ක් විතර order කලා.(ඒව අපිට. මුදල් පුරස්න නෑ. ඒවා ආච්චී ගානෙ).

town ගිහිල්ලා ආයේ ඇවිල්ලා වැඩ වලට උදව් කර කර ඉන්න කොට ආච්චී දුවගෙන ඇවිල්ලා කියපි මටයි සෝනාර්ටයි, ආරාධිත අමුත්තො වගයක් එනවා එයාලට උදේටත් කන්න තියන්න ඕනෙ කියලා.මන් ඇහුව එයාලට මොනවද දෙන්නේ කියල, මේක පරිසර case එකක්නේ, ආච්චී කීවා උදේ නිසා කිරිබත් දෙමු කියලා. දැන් හොයපන්කො කිරිබත්. අමුත්තො 5දෙනෙක් එනවලූ. අපේ ඉස්කෝලෙ තියෙන දිස්තිරික්කුවෙ ඉන්න ඇමති දේසපාලුවෙකුයි තව ලොකු පොර ඇත්තො4 දෙනෙකුයිලු එන්නෙ, ඉතින් හොඳට තියෙන්න ඕනනෙ. මොනව කොරන්නඩ ආයේ ඇද්දා town 1ට.

කිරිබත් කන්න ඕන කරන ඔක්කොම ඒවා හොයගත්තා එකක් ඇර. ඒ තමා කෙසෙල් ගෙඩි එවෙලෙ හෙන උදේනෙ කඩවල් වහල. ඉතින් කෙසෙල් ගෙඩි හොය හොය යද්දී දැක්කා fruit කඩයක් ඒකෙත් කෙසෙල් ගෙඩි ඇර අනික් පලතුරු සේරම තියෙනවා. දැන් පරක්කුත් එක්ක. කෙසෙල් ගෙඩි වලට පස්සෙ ගනන් අඩුවෙනම තිබ්බෙ ගස්ලබු(පැපොල්), මන් සෝනාර්ට ideas 1 දැම්ම ගස්ලබු ගෙනියමු කියලා. මූ කියනවා "යකෝ කිරිබත් එක්ක ගස්ලබු කන සිරිතක් නෑ" කියල. මන් කිව්වා එහෙනම් "අද ඉඳන් සිරිත පටන්ගමු" කියලා, ආයෙ මොනවද ගස්ලබුත් අරගෙන ඉස්කෝලෙට ආවා.

අපි එද්දී වැඩේ පටන් අරගෙන අපි හෙමීට stage 1 පිටිපස්සෙ තිබුන room එකට රිංගුවා. එතන තමා කෑම දෙන්න ලෑස්ති කොරල තිබුනෙ. දැන් අපි දඩ බඩ ගාලා කෑම මේසෙ හදනවා. ඔය අස්සෙ ඇහෙනවා උලමෙක් සින්දුවක් කියනවා වගෙ සද්දයක්, මන් එලියට ඇවිත් බලද්දී මේන් බොලේ ආච්චී සින්දුවක් කියනව stage එකෙ. අපිට පන යන්න හිනා. මේකයි වෙලා තියෙන්නේ, අමුත්තෝ පිලිගන්න සින්දුවක් set කොරල තිබුනා. ඒක කියන්න දීලා තිබුනෙ පොඩි එවුන් කීප දෙනෙක්ට. සති2න් උන්ට ඒක පාඩම් කරගන්න බැරි නිසා, සින්දුව tape කරල CD එකක් ගහල තිබුනෙ, ඒක play වෙද්දි උනුත් කියනවා.

sound operater විදියට ඇවිල්ල තිබුන එකා හැට පැනපු වල පයයි ගොඩ පයයි මිනිහෙක්. ඌට මොන sound operating ද. මූ කොහොමහරි වරද්දලා දාල තින්නෙ සින්දුවෙ music විතර තියෙන කොටස. music යනවා පොඩි උන් ඇඹරෙනවා, වැඩේ කෙලවෙන බව දැකලා ආච්චී stage1ට නැගලා සින්දුව කියලා.

සින්දුව කියලා ඉවරවෙලා ආච්චී ආවා කෑම මේසෙ බලන්න. ගස්ලබු දැක්ක විතරයි මෙයාට යකා ආවෙස වුනා"ඇයි යකෝ කිරිබත් එක්ක ගස්ලබු තියන්නෙ මොන රටේද?" කියල ඇහුවා. මන් කීවා "මේ රටේ" කියලා ඒකට තව දෙකක් අහ ගත්තා. කොහොමහරි ගස්ලබු ගේන්න හේතුව කියලා ආච්චීව shape කොලා. ඊට පස්සෙ තමා දැක්කෙ හකුරු මේසෙට තියල නෑ කියලා. හකුරු ලොකු බෑවක් තිබුනේ මේක කපන්න එපායැ. ඉතින් අලි මන්න පිහියක් ගෙනල්ල කපන්න ගත්තා. මොන කපනව තියා හිතන්නවත් බෑ, පරන ඒවද කොහොද, try කරල බැරිම තැන හොඳට අත උස්සල හකුරු බෑවට පත බෑවා ඩෝන්................ ගාලා. කෑලි දෙකකට කැඩුනා. කෑලි 5කට කපන්න ඕනනේ. 5 ස් පාරක් ගැහුවා. ආච්චී දුවගෙන ඇවිත් අහනවා "උඹල ඔතන මරා ගන්නවද?" කියලා. ඉස්සරහට හෙන සද්දෙට ඇහිලා.

ඉතින් කොහොමහරි උදේ කෑම වෙලාව ඇරඹුනා. අමුත්තො ටික කිරිබත් කෑවා. එකෙක් ගස්ලබු දිහා අහැක් ඇරල බැලුවෙ නෑ නොවැ. කට්ට කාලා ගෙනාපු මෝඩකන් කියල හිතුනා. නොදෝමකින් මුන්. ඊට පස්සෙ ඉතින් වෙන විසේස දෙයක් නැතුව උත්සවය නැගල ගිය. අන්තිමට ඉතින් සභා තොමෝ සතුටින් විසිර ගියහ.

විසිර ගියාට පස්සෙ තමා අපේ රාජකාරිය තිබුනේ. අහාර අනුභවය. කාගෙන කාගෙන ගියා. පස්සෙ ඇවිදගන්නත් බැරුව හිටියා. පස්සෙ දවසක සෝනාර් මගෙන් අහනවා"ඒ උඹලා එදා කෑවද බන්? මන් ගස්ලබු ලෙල්ලක්වත් දැක්කෙ නෑනෙ කියලා". මන් සද්ද නැතුව හිටියා.වෙන මොනව කොරන්නද .පව් අපේ සෝනාර්.


බඩියාගේ ගණන් පාඩම

3දෙනෙක්ගෙන් ප්‍රතිචාර

මේ කතාව ඊයෙ පෙරේද සිදුවුන දෙයක්.අපේ බඩියා ඉස්කෝලෙ අදියාපනෙ අහවර වෙලා, උසස් අදියාපනේ කොරනවනේ. මූ කොලඹ රටේ තියෙන ලොකු කොම්පියුටර් උගන්වන තැනක උපාධියක් කොරනවා. ඒකට ගණන් ඉගෙන ගන්නත් ඕනෙලූ. මූට ගණන් කියන්නේ, අර නයාට අඳුකොල වලටත් වඩා set වෙන්නැති එකක්. මූ මේ ටිකේම නහයෙන් අඬ අඬා හිටියේ ගණන් තියෙනවා කිය කිය. මන් කීව "උඹ කාගෙන් හරි අහගනින්කෝ"කියලා. ඒකත් හොඳ ideas එක කියලා මූ ගෙවල් ලඟ ඉන්න එක ගණන් පිලිබඳ මහාචාරිය බුවෙක්ට එන්න කියලා තිබුනා.
මූට ඉස්කෝලෙදි කීවෙ කුරුකුරුවා කියලා. මුගෙ වැඩේ ඕන දේකට කුරුකුරු ගාන එක. මෙයා ඇවිල්ලා දාහකින් හොයා ගන්න බැරි පොරක් මූට එන්නත් ක‍ටු & panadol පේන්න බෑ කලන්තෙ දානවා.

දවසක් මායි බඩියයි skype call එකක ඉද්දී මූ ආවා බඩියට ගණන් උගන්වන්න. මාත් දැන් උසස් අදියාපනේ කොරනවනේ. මටත් ඕවා තියෙනව. මේ ගණන් කියන්නේ අර අනුකලනය & අවකලනය කොටස් දෙක. ඒ නිසා මන් බඩියට කීවා"මචන් මටත් ඕව තියෙනවනේ, උඹ ඉගෙනගනින් call 1 cut කරන්න එපා. එතකොට මටත් ඇහෙනවනේ" කියලා.මෙතන ඉඳන් උන් දෙන්නා අතරෙ ඇතිවුන මට ඇහුන දෙබස තමා මන් කියන්නේ. මාත් උන් කියන ඒවා ඉක්මනට ලියාගත්තා.

බඩියා: ඒ බලහන් බන් මේ තව අලුතෙන් ගණන් ටිකක් දුන්නනේ, මේවා හදාගෙන යන්න ඕනෙ ඕයි.
කුරුකුරුවා: ඉතින් හදමු, මේවා ලේසි ඒවනේ බන්.
කෝ දියන් බලන්න, paper එක.
බුඩියා:අහ්.......... මෙන්න.
කුරුකුරුවා: ඒ....... මොනවද බන් මේව. ඉන්ගිරිස් වලින්නේ බන් තියෙන්නේ මට ඒවා බෑ නේ. මන් ගාන බලල උඹට හදන හැටි කියන්නම්.
බඩියා: හා
කුරුකුරුවා: අපෝ මේවා ලේසිනේ බන්, මේකෙ තියෙන්නෙ theata වශයෙන් අවකලනය කරන්න. මෙහෙමයි කරන්නෙ.(ලියන සද්දෙ විතරක් ඇහෙනවා විනාඩි 5 කට විතර පස්සෙ) මේ තියෙන්නෙ මෙහෙමයි හදන්නෙ.
බඩියා: හ්ම්
කුරුකුරුවා: මේකෙ තියෙන්නෙ x වල ශ්‍රිතයක් දෙන්න. මෙහෙමයි කරන්නේ.(ආයෙ ලියන සද්දේ විතරයි ටිකකින්.........)
බඩියා: මට ඕවා ඕනෙ නෑ බන් අවකලනය අනුකලනය විතරක් තිබුනම ඇති. ගණන්15ද කොහෙද හදන්න තියෙන්නේ.
කුරුකුරුවා: ඉතින් උඹට ඒ ගණන් 15 හදන්න ,තව ගණන් 200ක් විතර හදල පුරුදුවෙන්න ඕනේ. අවුරුදු5ක experience නෙ බන් අපිට තියෙන්නේ. අපි වගේ එකෙකුගෙන් අහගනින්. මේ ඊලඟ එක බලපන්,
බඩියා: හා.
කුරුකුරුව: මේකෙ තියෙන්නෙ නිශ්චිත අනුකලනයක් කරන්න මෙහෙමයි( ලියන සද්දෙ විතරයි)
බඩියා: හ්ම්.
කුරුකුරුවා: මේකෙ තියෙන්නෙ 3x අනුකලනය කරල ෆයි සිට 0 දක්වා අගයන් දෙන්න. මේකෙ f(x) ශ්‍රිතය හා x ඛණ්ඩාංකය අතර වර්ගඵලය හොයන්න. මේකෙ f(x) ශ්‍රිතය 3 වරක්.....................

මන් එතනදි call එක cut කලා. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ. මන් පහුවෙනිදා බඩියගෙන් ඇහුවා "ඒ උඹට ඊයෙ අරූ කියල දුන්න ඒවා තේරුනාද" කියලා. බඩියා කියනවා "මොන පිස්සුද බන් මෙලෝ දෙයක් තේරුනේ නෑ, අන්ඩර දෙමල ඔයිට වඩා තේරෙනවා" කියලා.
මට හිතුනා ලියාගත්තු මෝඩකන් කියලා. පස්සෙ තමා මේකෙන් කතාවක් ලියන්න හිතුනේ. මන් ලියාගත්තුවා මටත් මෙලෝ හසරක් තේරුනේ නෑ. අපේ ගෙවල් ලඟ ඉන්න, අපේ ඉස්කෝලෙම තම්බියා සහෝදරයා නැති වෙන්න මට මේක ඔයාලට ලියන්න වෙන් නෑ. මට තේරුනේ නැති නිසා. ඉතින් මට ගණන් ටික තේරුම් කරල දුන්න තම්බියාට මගේ හද පිරි පරනාමය.

Tuesday, September 14, 2010

ආච්චිගේ Baldiya: Chapter 1

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර


ඕං ඉතින් මේ කථාවත් ඉස්කෝලෙ කාලෙන්ම තමා. අපි A/L පන්තියට ආපු අලුත. මන් පරිසර society Blog 1න් කීවනෙ ආච්චී ගැන. මේකත් එයා අපිට දාපු තව බාල්දියක්.

මේකෙන් තමා ඉස්සෙල්ලම පරිසර case පටන් ගත්තේ. එක දවසක් ආච්චී පන්තියට ඇවිල්ලා කියනවා, අපේ ඉස්කෝලේ, සිරි ලංකාවේ පරසිද්ද ආයතනයකින් එයාලගෙ වාරසික පරිසරය ගැන තියන උත්සවය පවත්වන්න ‍තෝරගෙන කියලා.(මට ඒ උත්සවයේ නම කියන්නනම් බෑ හරි නෑනෙ & එයාල හැම අවුරුද්දෙම එයාලගෙ උත්සවය තියන්න ලංකාවේ මොකක්හරි ඉස්කෝලයක් ‍තෝරගන්නවලු). ඒ කාලේ A/L වලට ආපු අලුතනේ ඒ හන්දා ඕන දේකට මුලු ඇඟම ඉස්සරහට දාගෙන යනවා. මේකෙදි සෝනාර්,බඩියා අරුනම වෙන පන්තිවල හිටිය කීපදෙනෙකුත් ‍තෝරගෙන තිබුනා.

එදත් meeting පාරක් තියලා කෙරෙන්න ඕනෙ දේ විස්තර කලා ආච්චී. මෙලෝ හසරක් තේරුනේ නෑ. අපිට තේරුනේ තව සති2කින් උත්සවය තියෙනව කීව එකයි. ඊට කලින් දවසෙ අවිල්ලා ඒකට ලෑස්ති වෙන්න ඕනෙ කියන එකයි විතරයි

ඕං ඉතින් ඒ කීව දවසෙ අපි ඉස්කෝලෙට උදෙන්ම සම්පරාප්ත වුනා, වැඩේට enter වෙන්න. ආච්චී එදත් සුපුරුදු ලෙස පරක්කුයි. එදා ඉරිදා දවසක් එයා නැතුව ඉස්කෝලෙ ඇතුලට යන්න දෙන්න බෑ කියලා සික්කා uncle බර බරේ දැම්මා. ඉතින් ආච්චී එනකල් එලියෙ පැයක් විතර හිටගෙන කට්ට කෑවා. එදා බඩියා ආවේ නෑ. සෝනාර් පුටාර්(foot bicycle)1කින් ආවේ. ඒක උගෙ bike1 අවසානය ඒක පස්සෙ කියන්නම්.

ආච්චී ආවට පස්සේ අපි set1 වැඩේට enter වුනා. සෝනාර්ට තිබුනෙ ඉස්කෝලෙ ඇතුලෙ වැඩ මූට ලස්සනට අකුරු ලියන්න පුලුවන් නිසා මූට තමා අකුරු ලියන වැඩ සේරම පැවරෙන්නේ.(ඒක කොච්චර මූට එපා වුනාද කියනවනම් මූ අන්තිමට අකුරු කැතට ලියන්න පටන් ගත්ත). මට පැවරුනේ එලියේ වැඩ ඒ කියන්නේ සරසන්න ඕන එව්වා අරන් එන1. මේකට තව කොල්ලො 3දෙනෙක් set වුනා. එයින් එකෙක් තමා අර්ධපාල.මූ අපේ ගෙවල් ලඟ ඉන්න එකෙක්, මූ තරම් බේගල් ඇද බාන එකෙක් මන් මගේ ජීවිතේට දැක්කෙ නෑ. මූ ගැන storyයක් මන් පස්සෙ කියන්නම්.

සරසන්න ඕන කලමනා වලින් හොයාගන්න අමාරු(ඇත්තටම ගේන්න අමාරු) ඒවලට තිබුනේ පුවක් ගස්2යි,කෙසෙල් ගස් කීපයයි, පොල් අතුයි & උණ ගස් ටිකයි. මේවා ටික හොයාගන්න අපිට ඉස්කෝලෙ ලඟ තිබුන ගෙවල් කීපයකට යන්න වුනා.වෙලක් මැද්දෙනුත් යන්න තිබුනා. අනික් ඔක්කොම ඒවා ටික හොයාගත්තත් පුවක් ගස් හොයාගන්න බැරි වුනා. එක ගෙදරකින්වත් දෙන්න කැමති වුනේ නෑ. ඉතින් අපි තීරණය කලා ඉල්ලුවම දෙන්නේ නැත්තම් ninja style 1න් පුවක් ගස් ඉල්ලුම සපුරා ගන්න. ඉතින් අපි හොඳ උස කෙලින් පුවක් ගස් තිබුන වත්තකට පැන්නා. අපේ වෙලාවට ඒ වෙලාවෙ ඒ ගෙදර කවුරුත් හිටියෙ නෑ. ඉතින් අපෙන් දෙන්නෙක් පුවක් ගස් කපනවා දෙන්නෙක් ඔත්තු බලනවා. පොඩි upset 1ක් තියෙන්නේ පුවක් ගහ වැටෙන කොට තමා(සද්දෙ එනවනේ). ඒකට කලේ පුවක් ගහ කපලා, වැටෙන කොටම කොහෙ හරි අස්සකට දුවල ගිහිල්ලා හැංගෙන එක.

ඔය විදියට පුවක් ගස්2ත් හොයාගෙන බඩු ටිකත් කට්ටිය කරේ තියාගෙන වෙල මැද්දෙන් අපි එනවා. අර්ධපාල අතේ තමා පොල් අතු ටික තිබුනේ. මූට අත එකවිදියකට තියාගෙන ඉන්න බැරිකමට ඔය පොල් අතු ටික හොලව හොලව තමා ආවේ. ඕක වෙලේ හිටපු ගොන් නාම්බෙක් දැකලා, ඌ මුගෙ පොල් අත්තක් කටින් අල්ලගත්ත. ඌට පොල් කොල කන්න. ඇද්දා කට්ටියම එකතු වෙලා, වැඩේ හරියන්නේ නෑ ගොනා පොල් අත්ත අත අරින්නෙම නෑ. ඉතින් කොහොම හරි ගොනෙකුත් අරගෙන අපි ඉස්කෝලෙට ආවා. එද්දී ගෙනාපු පොල් අතු වලින් බාගයක් ගොනා කාලා.

මේ වෙලාව වෙද්දී යක්කු 3දෙනෙක් විතර කන්න බඩගිනියි. ඉතින් කන්න ගියා. ඕං එතකොට තමා අපේ සෝනාර් නහයෙන් අඩන්න පටන් ගත්තේ, මිනිහට normal කඩවල් වලින් කන්න බෑ කියලා. මිනිහා රත්තරන් හැන්ද කටේ ගහගෙන ඉපදුනු එකානේ, ඒ නිසා මූට normal විදියට වැඩ කරල පුරුදු නෑ. මෙයා අපේ ඓතිහාසික මීමුරේ trip 1 දිත් රෑට කන්න KFC යමුයි කීවා.

ඉතින් ඕං මිනිහා බඩගින්නේ ඉද්දී අපි බඩ පුරවගෙන ආයේ ඉස්කෝලෙට ආවා. එද්දී සෝනාර්ගෙ මහානුභාව සම්පන්න පුටාර්1ඉස්කෝලෙ හිටපු අනික් එවුන්ගෙ අතට අහුවෙලා, ආයෙ මොනවද වඳුරන්ගෙ අතට දැලි පිහිය අහුවුනාට වඩා හපන්. ඒවෙලේ සෝනාර්ගෙ මූන බලන්න තිබුනේ. හරියට ගල් රෝලකට අහුවෙච්ච පොල් ලෙල්ලක් වගේ. ඉතින් කොහොනහරි පුටාර් 1ත් බේරගෙන(බේරගත්තා වුනාට ඒකෙ නැගල යන්න පුලුවන් කමක් තිබුනෙ නෑ) බලද්දී හවස් වෙලා. වැඩත් සෑහෙන්න ඉවරයි.

ඉතුරු වැඩ ටික පහුවෙනිදා උදේට අවිල්ල කරගන්න පුලුවන් කම තිබුනා. ඉතින් අපි දෙයියනේ කියලා අත පය යහතින් තියාගෙන ඉස්කෝලෙන් චුත වුනා.


පහුවෙනිදා උත්සවය පවත්වපු හැටි ඊලඟ කතාවෙන් බලාගමු.

Trip 2 මීමුරේ : Chapter - 1

4දෙනෙක්ගෙන් ප්‍රතිචාර
පාසල් කාලෙට ඇවිත් ඉන්න වෙලාවෙ මේ කතාවත් කියලම දැම්මනම් හොදයි කියල හිතුනා...දැන් කට්ටියම දන්නවනේ ටි සුනාමි,බඩියා,
මම 3නා ම හිටියෙ එකම Class එකේ කියල.ඉතින් එකාට එකා line අල්ල ගත්තත් සහයෝගෙන් වැඩ කරන වෙලාවට කට්ටිය උපරිමෙන්ම ඒ වැඩෙත් කොරනවා...
ඒ වගේ කට්ටිය උපරිමෙන්ම ඒ වැඩෙත් කොල අවස්ථාවක් තමයි..
"Trip 2 මීමුරේ" ලෙසට දිග අරින්න ලෑස්ති වෙන්නෙ...
ඇත්තම කියනවා නම් මේක Trip එකකට වඩා Mission එකක් වගේ.ඉලක්ක,බාධක කම්කටොලු මැද ලබපු ජයක් ..
ඉතින් ඒ නිසා කොටස් වශයෙන් පල කරා නම් හොදයි, කියල හිතුවා.........
--------------------------------------------------------------------------------------------------
Chapter - 1

-------පාසල් Pola---------




ලංකාවේ හොදම පාසලක් වෙන්න ඕනෙ නම්... (5 star ගණයට) සපුරාලිය යුතු ප්‍රධාන සාධකයක් තමයි,ඒ පාසලට මඩ වලක්(swimming Pool) තිබීම.කොළඹ පාසල් වල තිබුණු මේ ලෙඩේ අපේ ගම් පියසේ තිබුණු පාසල් වලටත් කොළරාව වගේ බෝ උනා...
ඉතින් මේ වගේ වැඩ වලට ප්‍රතිපාදන එකතු කරගන්න ගම් පළාත් වල පාසල් වලින් තියන පලමු වෙඩි මුරේ තමයි "පාසල් Pola"..
ඉතින් මේ වැඩේ හරියටම කරන්න ඕන නිසා වෙන්න ඇති .අපේ විදුහල්පති Creative විදියේ අදහසක් දැම්මා....
ඒ තමයි..වැඩිම ආදායමක් උපයලා දෙන Class එකට කැමති දිහාවක අපේ විදුහල්පති ගානේ ...දවස් 2ක Trip එකක්..
එදා වගේම මේ වෙලාවෙත් අපේ වාසනාවට අපේ පන්තියෙ හිටියේ අපේ JAM...
හැමදාම වගේ ටී සුනාමි ඉස්සර උනා කියුවට එදා ඉස්සර උනේ පිප්පයා.....
(දෙබසින් ම යන්නම්)
පිප්පයා :- සර්!! Trip එකක් ලු....
JAM :-ඔව්,මටත් ඇහුනා.මොකද කියන්නෙ කට්ටිය,Trip එක යන්න මනාපයි ද?
(දැන් පන්තියේ නිදන් හිටපු එකෙක් නැති ගානයි )....
පන්තියෙ අවටින් :-යමු යමු ...
JAM :- දැන් කට්ටිය දන්නවා නේ කරන්න ඕන.. මොකද්ද කියලා..
පන්තියෙ අවටින් :- ඔව්, පොළ ට ready වෙන එකද??
JAM :- ඔව්!! ඒ වැඩේ ඔයාලා කැමති විදියට කරන්න මම නිදහස දෙනවා..
(ඒත් ළමයි මේ වැඩේ ගොඩ දා ගන්න නම් ලොකු ගානක් හොයන්න.වෙනවා...රු.15,000ක් වත්..)
(දැන් පන්තියේ හිටපු සමහර උන් ගෙ හුළං යනවා...හීනියට වගේ..ඒත් බහුතරය ඒවටත් ඔට්‍ටු..පිට හිටියෙ)
JAM :-ඉතින්! පුලුවන් අය මම මේ කියුවේ නයිටි,සෝනාර්,ටි සුනාමි (අපිට තොප්පිය SET කොරා).කැමති කට්ටියත් පොඩ්ඩක් ගණන් බලන්න කෝ
JAM :-සල්ලිම එකතු කරලත් බැහැ නේ..ඒ නිසා හැමෝම පොළේ මොනවහරි වෙළදාමක් කල යුතුයි..නැත්තම් අනික් අය කොක්ක අදියි..
(ඒ කතාව නම්, කියුව වගේම උනා...කොහොමද අපේ JAM ගේ පුබ්බේනිවාසානුස්සථී පාර......)

මේ වැඩ වලට අමතරව තව ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ බලකායකුත්(SF) (SF කිව්වෙ "Sවේච්ඡා Force" හොඳේ) හිටියා..ටියුනි,පිප්පයා,සිරිබිරිස්,ect වගේ එක නැට්ටෙ පොල් ගෙඩි 8ක්.මේකෙන් 2ක් ගැන දන්න නිසා අනික් අය ගැනත් හිතා ගන්න පුලුවන්නේ.....
(සිරිබිරිස් ගැන ළගදීම බලාපොරොත්තු වන්න....)
මේ අයට පැවරුනේ,
අනික් අයගෙ වෙළදාම් tricks අපිට වාර්තා කිරීම..
හොර සතුරු ආක්‍රමණ වලට එරෙහිව නැගී සිටීම..
නිල නොවන කටයුතු..

ඕන්න.. ඉතින් අර පාසල් Pola දවස ආවා..

කට්ටිය අතින් කටින්
කරපිංචා මිටි,
මයියොක්කා,
අල,
බතල,
කෙසෙල්(ගස් පිටින්),
එතකොට සබන්,
විස්කෝතු,
සීනි බෝල,
වගේ රටේ නැති හැම මගුලක් ම එදා කට්ටිය ගෙනත් තිබුණා ඔන්න....
ඉතින්,අපේ පන්තියෙ ඈයොත් මේව ගෙනත් තිබුන..
ඊට අමතරව..අපේ රිළා,දොස්තර,මනෝපාට් ලා Ice-Cream කඩයකට set වෙලා.
ඕං.. දැන් පොළ පටන් ගත්තා..
කස්ටිය එහෙ දුවනව මෙහෙ දුවනව....
සමහරු එකම business එකට set වෙලා..
ඒ නිසා පොල පැත්තක දාලා සමහරු රන්ඩු වෙනව
.. ආන්න ඒ වගේ Places වල අපේ SFලා හි‍ටු කියල පිදුරු දැමිල්ල බැහලම කොරල තිබුනා..
"උන් රන්ඩු වෙනව,
ඒ අස්සෙ අපි බඩු විකුනනවා.."

ICE-Cream වැඩේ නම් එදා නැගලම ගියා..අන්තිම හරිය වෙනකොට කස්ටිය මේස පු‍ටු උඩත් නැගල business ලු....

මේ අස්සේ සමහර ගුරුහොරු...පොඩි පන්ති වල උන් ගෙ බඩු වලට අඩු ගානට විදින්න පටන් අරගෙන .
..(අනේ රු.40 හේ සබන් කෑල්ලට රු.20ට විදපු ඈයොත් හිටිය ලු..)
කොහොමින් කොහොම හරි පොල කොරන්න දිපු වෙලාව ගත උනා..නෙව..
දැන්,
ආදායම බලන වෙලාව..
වෙළදාමෙන් අපෙ අයත් සෑහෙන්න ගානක් හොයල තිබුනා..

අර අපේ ආධාර මුදලත් ඒකට එකතු වෙමින් තියෙනකොට ..වෙන පන්තියක් රු.17,000ක් එකතු කොරන් කියලා ආරංචියක් ආපි....අපේ උන්ට අනේ අපොයි කිය උනා..
අපේ ගණන් හිලව් මල ඉලවු,රිළව් ඔක්කොම එකතුකොලා...

JAM :- ලමයි..අපිට රු.18,000 ක් විතර එකතු වෙලා තියෙනවා,
ඒත් අර රු.17,000ක් එකතු කොරන් කියන ආරංචිය ඇත්තක් නම්..අපිව පහුකොරන් ඇති මොකද කොරන්නේ.....
අනේ!! ඒ වෙලාවෙ පන්තියේ උන් සාක්කු වල තිබුන සබ්බ සකල මනාවම හලපි ගුරු මේසේ උඩට.....

කොහොමින් හරි අන්තිමට අපි රු.19,768ක මුදලක් එකතු කොරලා..බාර දුන්නා...
----------
JAM :-දන් තියෙන්නෙ විදුහල්පති ගේ නිල නිවේදනේ අහලා හිත එකලාසයක් කර ගන්න තමයි..
(විනාඩි 10ක සුමධුර බණක් Sir ගානේ)
---ටිං!! ටිං!!! ටොං !!!-----
විදුහල්පති ගේ විශේෂ නිවේදනයයි..
(කස්ටිය මී පැටව් වගේ silents)
විදුහල්පති:- අද දින පැවති පාසල් Pola- පාසලට මඩ වලක්(swimming Pool) සාදා ගැනීමේ අරමුනින්
පැවැත්වූවක් ..
ඉතින් මම පොරොන්දුවක් උනා
ඒ තමයි..වැඩිම ආදායමක් උපයලා දෙන Class එකට කැමති දිහාවක මම ගානේ
...දවස් 2ක Trip එකක්..
ඉතින් ඒ වාසනාව අද දින උදා කොරගෙන ඇත්තේ... 12 වසර JAM ගේ පන්තියයි........
(මුලු පාසැල් බිමම එකෙම කන්දොස්කිරියා සාගරයක ගිලී යයි..)

පන්තියේ උන් ගැන කියන්න ඕන් නැහැ නේ එතකොට...
ටී සුනාමි :- එතකොට sir කවුද අර 17.000 එකතු කොලා කියපු උන්....

JAM :- එහෙම පන්තියක් තිබිල නැහැ ලු.. 2නියට වැඩිම ගාන Grade 8 Class එකක් රු.9,700 යි ලු...
පන්තියෙ අවටින් :- අනේ අපොයි....අනේ අපොයි.....
(අපේ උන්ට දින්නටත් වඩා දුක උනේ නැති උනා කියපු වැඩිපුර ගාන ගැන)

පහු කාලෙකදි අපිට ඒ වැඩි උනා කියපු ගානත් නැති උනා නම් trip එක යාම නැති වෙන්නත් තිබුන කියල දැනගන්න ලබුනා.......)

to be Continuedකියුවලු.....


















Monday, September 13, 2010

පීප්පයාගේ පරීක්සනය

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර



අපේ සෝනාර්ගෙ "අන්තිම කැමති පත්තරය" blog 1න් ඔයාල දකින්න ඇතිනේ පීප්පයා කියලා කෙනෙක් ඉන්නවා, මිනිහා තමා අපේ A/L පන්තියේ හිටපු කට කැඩිච්ච එකා. ඕකගෙන් මොකුත් බලු කතාවක් අහපු නැති එකෙක් අපේ පන්තියේ හිටියේ නෑ. දැන් මන් මේ කියන්න යන්නේ මිනිහා දවසක් chemistry practicle වෙලාවේ lab1දි කරපු වැඩක්.
එදා lab 1ට යන්න තිබුනේ 5වෙනි period 1 ඒ කියන්නේ interval 1න් පස්සේ, මිනිහගේ පුරුද්දක් තියෙනවා හැමදේටම ඉස්සෙල්ලා යන. interval ඉවර වෙන bell 1ගහපු ගමන් මූ සීග්ගරගාමී කෝච්චියෙන් ගියා වගේ lab 1ලඟට චුත වෙනවා. මිනිහ හැමදාම ඉඳ ගන්නේ lab1 උපකොරන තියෙන රාක්කේ ලඟම මේසේ. ඒකට හේතුව තමා මූ හැමදාම පරීක්සන කොරන උපකොරන කට්ටලය අනිත් එවුන්ට කලින් ගන්න ඔන1. මූ කියනවා ඒව වලින් කොලේ නත්තම් මූගේ පරීක්සනේ වරදිනවලු.

ඉතින් ඕං එදත් මන් කලින් කීව විදියටම මූ පරීක්සනේ කොරන්න පටන් ගත්තා. මන් පරීක්සනේ මොකක්ද කියල කියන්න යන්නෙ නෑ. මේක බලන හැමෝම chemistry කරන හරි කරපු අය හරි නොවේයිනේ. එදා පරීක්සනේට ගොඩක් සැර acid ජාති use කරන්න තිබුනා. ඒවයෙ සැර අඩු කරගෙන තමා පරීක්සන කරන්නේ එතකොට ඒවට වතුර දාන්න ඕනෙ ඒක දාන විදියක් තියෙනවා. ගානට මැනල දාන්න ඕනෙ. පීප්පයට කවදාවත් හෙමින් වැඩක් කොරගන්න බෑ නොවැ. මූ මොකද කලේ අර දාන්න ඕනෙ ගානට වඩා වැඩිපුර වතුර දාලා.

ඊට පස්සේ පරීක්සනේ කරල බලද්දී මුගේ වැරදියි. මූ කොච්චර පීප්පයා වුනත් මූට එලකිරි meterයක් තිබුනා. මුගෙ meter1 දැන් දඩ දඩ ගාලා වැඩ කරනවා. ඇයි වැරදුනොත් එහෙම chemistry teacher ට අල්ලන් හිටපු මුට්ටිය කුඩුනේ. Teacherත් මූ ගාවට තමා ඉස්සෙල්ලම එන්නෙ හරියට පරීක්සනේ කොලාද බලන්න.

ටිකකින් මුගෙ meter1ට වැ‍ටුනා කරන්න ඕනෙ දේ මූ ටක් ගාලා ගාන හදලා එන්න ඕනෙ උත්තරේ එන්නනම් තියෙන්න ඕන acid සාන්දරනෙ බලලා ඒකෙන් පරීක්සනේට ගන්න ඕනෙ acid ප්‍රමානෙට හරියන්න අර සැර වැඩි acid පරීක්සනේ කොරන භාජනේට දාගෙන ඉන්නව. දැන් මූ ලඟ තියෙන්නේ සැර අඩු කරපු එක නෙවේ, සැර වැඩි එක.

ඊට පස්සේ කොහොමහරි period ඉවරවෙන bell 1ගැහුවා. එතකොට තමන් පාවිච්චි කරපු chemicals, sink වලට හලලා ඒ භාජන හෝදලා තියන්න ඕනෙ. පීප්පයත් වැඩිය හිතන් නතුව මුගෙ සැර වැඩි acid ටිකත් sink එකට හැලුව. ඒ හැලුවා විතරයි sink එකේ තිබුන පරීක්සා බට"පටා........න්" ගාලා පුපුරන්න පටන් ගත්ත.( සැර වැඩි acid ගොඩක් එකපාරට වතුරට වැ‍ටුනම ගොඩක් රත්වෙලා පුපුරන්න ගන්නවා)

ඒ මදිවට sink එකෙන් හෝ ගාලා දුම දාන්න පටන් ගත්ත. කට්ටියම බයවෙලා. මූට එතකොට තමා වැඩේ තේරුනේ. teacherටත් වැඩේ මාට්‍ටු. මූගේ මුට්ටිය concrete එකක ගැහුව වගේ බිඳිල ගියා. එදා ඉදන් මූ පරීක්සන කොරන පැත්ත පලතකට කවුරුවත් යන් නැතුව අත් ඇරියා ඕං.

පරිසර Society

3දෙනෙක්ගෙන් ප්‍රතිචාර




ඉස්සෙල්ලම කියන්න ඕනෙ අපි3දෙනාම එකම blog එකේ post කරන්න ගියාම එකම අවුලක්නේ ඒක නිසා අපි3දෙනා වෙනම profile හැදුවා.

මේ කථාව කියන්න මට ඉස්කෝලේ කාලෙට යන්න වෙනවා. මේ කලේ මන්(ටී සුනාමි), බඩියා, සෝනාර් A/L පන්තියේ ඉගෙන ගන්නවා. අපි bio science කලේ. දවසක් අපෙ bio teacher කෙනෙක් (ආච්චී) දුවගෙන ආවා පන්තියට, ඇවිල්ල දඩ බඩ ගාලා පු‍ටුවෙ ඉඳගෙන මොකක්දෝ පරිසර සංගමයක් ගැන කියාගෙන ගියා. අපිට ඒක තේරුනේ නෑ. දිග හෑල්ලක් කියෝගෙන ගිහිල්ලා එකපාරට කීවා"මන් දැන් ඔයාලගෙන් කීපදෙනෙක්ව මේකට ‍තෝරගන්නවා"කියල.එහෙම කියල එක පාරට අපි3දෙනාව ‍තෝරගත්තා කීවා.අපි full හොල්මන්. අපිව ‍තෝරගත්තේ, අපි තමා එදා පන්තියේ ඉස්සරහම හිටියේ. බඩියයි සෝනාරු යි ගල් ගැහිල වගේ බලාගෙන ඉන්නව මාත් full තක්බීර් අන්තිමට සෝනාර් අහුව" මොකටද බන් අපිව ‍තෝරගත්තේ?" කියලා.මන් කීවා" මාත් දන්නෑ හරියටම බලාගෙන ඉමුකෝ" කියලා.

ඊට පස්සෙ ආච්චී අපිව වෙනම meeting එකකට අරගෙන සීන්කෝන්1 ගැන කීවා.අපිට ඒකත් වැඩිය තේරුනේ නෑ(එයා උගන්වන දේවලුත් ඔය විදිය තමා මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ).තේරුනේ පහුවෙනිදා උදේ7 වෙද්දී townඑකට එන්න කීව එක විතරයි. අපිත් ඉතින් උදේ පන්දරින් නැගිටලා හරියට කන්නවත් නැතිව අවා ඕං. ඔන්න 7.30විතර වෙද්දී ආච්චී ආවා. අම්මට සිරි ටික වේලාවක් යද්දී මේන් එනවා ලස්සන බාලිකාවෝ ටිකක්, පෝලිමේ ඇවිල්ලා අපි හිටපු තැනට ආවා. උනුත් teachers ල එක්කයි ආවේ.අපි3දෙනා බල්ලෝ වගේ බඩගින්නේ ඉන්නවා වෙලාව9ත් වෙලා. බැරිම තැන සෝනාර් & බඩියාගේ ආසිර්වාද මැද මන් පෙරට ගියා ආච්චී හම්බවෙන්න. යද්දී මෙයා හොඳට අඹරනවා අනිත් teaches ලත් එක්ක. මට යම රජ්ජුරුවො ආවේස වුනා. බොහොම අමාරුවෙන් controll වෙල ගිහින් අහුව"අපි මෙතන ඉන්නෙ මොකද?" කියල එතකොට කීවා"තව කට්ටියක් එන්න ඉන්නවා" කියලා. කොහොමහරි 9.30 වෙනකල් chater කාලා පෙරහැරකින් වගේ එකකින් නගර සභාවට පයින් ගියා. පට්ට අව්වෙ වතුර ටිකක්වත් නෑනෙ. 2km විතර තියෙනවා.

නගර සභාවට මේ වෙනුවෙන් දේසපාලුවො වගේකුත් අවිල්ලා,පරක්කු වෙලා තියෙන්නේ එකෙක්ගේ ලේකම් කාරයා late වෙලා නිසා. උන්ටත් බැන බැන අපි ඇතුලට ගියා. දැන් ජාතික ගීය ගයන්න ඕනෙලු. ඒකට ළමයි කට්ටියකට ඉස්සරහට එන්න කීවා.කෙල්ලො පැනල ආවා, එකපාරට බඩියා මාවත් තල්ලු කලා ඉස්සරහට then සෝනාර් වත් වතුර ටිකක් නතිව දිව ගිලෙනවා තව ජාතික ගීයත් ගයන්න, බඩියට හිතෙන් බැන බැන ඒකත් කියලා hut1 හදල තිබුනා අපිට, ඒක ඇතුලට ගියා. ඒක තියෙන්නෙ කුනු ගොඩ ගාව පට්ට ගඳයි. ඉන්නම බෑ. අමාරුවෙන් ඉන්නවා, ඔය අතරෙ දේසපාලුවන්ගෙ කතා ටික පටන් ගත්තා. උන්ට මොකද? උන්ට cool driks බීල fan දාගෙනනෙ ඉන්නෙ. එකෙක් කතා කරල ඉවර වෙනකොට ළමයි clap කරනවා. ඇවිල්ලා හිටපු මොන්ගලයො ටිකක් අමුතු විදියට clap කරනවා(මල් අත්පුඩිය කියල කියන්නේ), අපි ලඟමයි හිටියේ උන්වත් බලු කරනගමන් කතා අහගෙන හිටියා පොලොව පැලෙන බේගල් උන් කියවන්නේ ඒ ගැන කතා කරන්න දෙයක් නෑනෙ.

ඔය අතරෙ, බඩියා අලුතෙන් ගත්ත mobile 1( ඒ කාලේ ඒක සෑහෙන හොඳ features තිබුන එකක්) සෝනාර් අත පත ගගා හිටියා.දැන් අර පරක්කු වෙලා ආව ලේකම් කාරයගේ කතාව(එයා දැන් ඇමති කෙනෙක්ලු නෙ), දැන් සෝනාර් කියනවා" ඒයි බඩියා මට හරි ආසයි අරකගෙ photo එකක් ගන්න" කියලා. ඔය වෙලාවේ tv networks වලින් ඇවිල්ල වැඩේ record කර කර තිබුනේ හතර වටේට camra හයි කරලා, මායි බඩියයි ජොලියට කිව්ව "එහෙනම් ගනින්" කියල. මෙන්න සෝනර් එකපාරට නැගිටලා බඩියගෙ phone 1න් කතා කරන එකාගෙ photo ගන්න හදනව. එතකොට අපි හිටපු පැත්ත තමා record කර කර තිබුනේ. උන් කෑගහනව"ඕයි මල්ලී........... ඉඳ ගනින් බන්"කියලා, අයෙ මොනවද අපිට මාර ලැජ්ජාව සෝනාර් ඉඳ ගත්තට පස්සෙ අහනවා"බඩිය අරුන් කාටද බන් අර කෑ ගැහුවෙ" කියල.මිනිහ ඔහොමමයි. එදා ඉදන් අපි කොහෙ හරි යද්දී සෝනාර්ට camara අහුවෙන්න තියන්නේ නෑ. කතාවලට පස්සෙ දවල් ආහාරය තිබුනෙ butter ගාපු පාන් පෙත්තකුයි මයිලෝ එකකුයි. ඒකත් කාලා බැලුවම දැන් අවසානය, ඇවිල්ල හිටපු හැම ඉස්කෝලෙකටම compost barrel1 ගානෙ දුන්න. පැය ගානක් කට්ට කෑවෙ මේක ගන්නනේ, ඕක ඉස්කෝලෙට ගෙනල්ලා දෙන්න තිබුනනේ අපිට chater කවන් නැතුව. ඕං අපේ රටේ පොදු වැඩ වල හටි.

අන්තිම කැමති පත්තරය

2දෙනෙක්ගෙන් ප්‍රතිචාර




මේ කථාව කියන්න මට මගේ පාසල් කාලයටම මතකය අවදි කරන්න උනා..
මෙන්න Story ය..!!!
Normaly
අන්තිම කැමති පත්තරයක් කියන්නෙ,ගොඩක් අයට පන කෙන්ද යන්න ඔන්න මෙන්න තියෙද්දි මතක් වෙනදෙයක් නේ..
ඉතින් අපේ පන්තියෙ හිටියා එක එක ජාතියෙ උන්..එකෙනුත් අමුතුම ජාතියෙ එකෙක් තමයි..Tunin .මුගෙ වැඩේ "ලොකු ලොකු Line."...අල්ලන එක..
මිනිහා උදේ පාන්දරින්ම ඉස්කෝලේ එනවා..ඇවිත් පන්තිය එහෙම අතු ගාල MakeUp එක එහෙම දාගෙන මිනිහගෙ JOB එක පටන් ගන්නවා..JOB එක තමයි..ඊළග එකා එනකන් දොර ගාවට වෙලා හිටන් ඉන්න එක..ඉතින් හැමදාම වගේ Tunin ට පස්සේ පන්තියට යන්නෙ අපේ ටී සුනාමි....
ඉතින් හැමදාම Tunin අපේ ටී සුනාමි  ගෙන් පටන් ගත්තම ඉස්කෝලෙ ඉවර වෙනකන්ම පන්තියෙ ඉන්න ඔක්කොටම වගෙ ලොකු ලොකු Line.. අල්ලනවා..
ඉතින් දවසක්,
 බඩට මොනවා හරි දාගන්න කියලා  දෙන වෙලාවෙන් පස්සෙ ඉදන් Tunin හෙන MooD ගහල type එකේ හිටියෙ.පන්තියෙ අයත් මේකා ගොම් බෙට්ටක් වත් පාග ගෙනවත්ද දන්නෙ නැහැ...කියලා කල්පනා කොරන කොට..


5 වන කාලපරිච්චේදය පටන් ගත්තා කියහන්කො ,ආ නැන්දා(අපේ Project මැඩම්) ඇවිත් නැහැ. ටී සුනාමි  ගත් කටටම කියපි.JAM ව දාලා තියෙන්නෙ......
ගේම තවත් ඇද්දින්න හිතන්,
Mood ගහලා හිටපු Tunin එකපාරම පොතක් පෙරලා ගෙන හෝ ගාල මොනවද ලියන්න ගත්තෙ නැතැයි...පන්තියෙ අය තවත් හොල්මන්...




(දෙබසින් ම යන්නම්)
                     Tunin :- ඒ උඹලා මොකද ඔය විදියට බලන් ඉන්නෙ..
පන්තියෙ අවටින් :- මොකද උඹට උනේ...
                     ක‍ටුමාරිස් :- උඹේ බඩ upset ද?
                     රිළා :- ජීවිතේ එපා වෙලා ද? ගනන් ගන්නෙපා කෙල්ලො ඔහොම තමයි...
                     සූප්පුවා:-රිළා, උඹට පිස්සුද !!
                     බඩියා :- ඕකා Interval එකට මාලු පාන්(මාලු පාන් කිව්වට ඉතින් ලූණු පාන්) කෑවෙ.බඩට වැඩෙ Set කොරගෙනද දන්නෑ....
                     සිරිබිරිස් :-ඉතින් එකෙන් කෑල්ලක් මාත් කෑවා..මට එහෙම නැහැ නේ..
  [කෑමක් කොතනද  සිරිබිරිස්,පීප්පයා එතන මේ මැස්සෝ දෙන්නාගෙන් වැඩිම කරදරයක් වින්දේ අපේ ටී සුනාමි .......ඒ ගැන තව දවසක කියන්නම් කෝ]


මේ විදියට පන්තියෙ උන් එක එක එවා කියලා ඉවර වෙන පාටියක් නැති නිසා අන්තිමට Tiuini දෙබස පටන් ගත්තා..
                     Tunin :-යකුනේ !!! මට උඹලා කියන විදියෙ එකෙ එකෙ අමාරු නැහැ..
                     මම මගේ "අන්තිම කැමති පත්තරය" ලියුවා......
                     පීප්පයා :- තාමත් ලපටියට ඉන්න උඹට මොකද එකපාරම ඔය වගේ අදහසක් ආවේ..කියහන් බලන්න..කස්ටියටම ඇහෙන්න..


ඉතින් මේ මෝඩපාල කවුද අපේ Tunin කෑ ගහල මෙන්න මෙහෙම කියපි
                      Tunin :-"මම හෙට මෙලොවින් / දැයෙන් සමුගන්නවා...කවුරු කවුරුත් මතක තියා ගනිව් "අපි කවුරුත් මැරෙන මිනිස්සු"
මේ කථාවත් එක්ක පන්තිය එකම මගුල් ගෙයක්  උනා..එක එක places වල එක එක Talks...
                     "අඩේ! එතකොට අපේ Tunin දැයෙන් සමුගන්නවා."


                     "ඒ උඹ කන්න ආස දෙයක් තියෙනවනම් කියහන් "


                     "මගෙත් එක්ක තරහක් උඹ හිතේ තියෙනවා නම් අමතක කරහන්"


කෙටියෙන්ම කියනව නම් දැන් පන්තිය එකම Record Bar  එකක්......
මේ වෙලාවෙ අපේ වාසනාවට ,Tunin ගේ අවාසනාවට අපේ JAM  ට (පන්තිභාර ගුරුභවතා) මේ සද්දේ ඇහිලා අර අපලයි කියන ග්‍රහයා වගේ ආව කියහන්කො පන්තියට...
  (දෙබසින්)
                      JAM :-මොකද!! සුනාමි මේ පැත්තෙන් සද්දයක් ඇහුණෙ..
                                          (කස්ටිය මී පැටව් වගේ silents)
                                   දැන් කාගෙද මළ ගෙදර..
                                          (Tunin ඇඹරෙයි,ඒ ඇබරිල්ලෙන් වැඩේ මාට්‍ටු)
                                  Tunin කියනවා බලන්න මොකද මෙතන උණෙ කියලා...
                                          (Tunin ඇඹරෙයි,Tunin ඇඹරෙයි දිගටම ඇඹරෙයි)
                                   මොකද මොනවා හරි ගෑවුනා ද?
                                          (පන්තියෙ හීනියට හිනා පාරක්)
                     පීප්පයා:-නෑ Sir, මේ..මේ... Tunin අන්තිම කැමති පත්තරයක් ලියලා...
                                          (පන්තියේ සිනා සාගරේ ‍රැළි පිට ‍රැළි ගසයි..)
                     JAM:-මෙහාට දෙනවා බලන්න...ඕක..
                    Tunin:- අනේ නෑ Sir එහෙම එකක් ලියුවෙ නැහැ..
                    රිළා :- (රහසින්) ඒ Tunin ඇත්තටම කෝ බං ඒක..
                    Tunin:- (රහසින්) ඇයි යකෝ මම ඒක උඹේ අතට නෙ දුන්නෙ...
                    රිළා :-(රහසින්) ඒක නැහැ නේ...
                    Tunin:-එහෙනම් හොයපිය...
                    JAM :-නැහැ වෙහෙසෙන්න දෙයක් නැහැ...
                   Tunin:-ඒක Sir ගාවට ගියේ කොහොමද?
(අදටත් අපි දන්නෑ Sir ගාවට ගියේ කොහොමද කියලා..........)
 ඉතින් ඊට පස්සේ.....


                                 ------Intermission-------Intermission---------Intermission




ගුරු මේසෙට ලගින්ම Tunin ගේ අවාසනාවට එදා හිටියෙ අර "සෝනාර්" කියන එකා....
                   JAM :-ළමයි අන්තිම කැමති පත්තරය මැරෙන්න ලග කෙනෙක් ලියපුවාම ඒ මිනිහා හොද සිහියෙන් නොලියන නිසා ලියපු එක හරිද වැරදි ද බලන්න
                              කස්ටියටම ඇසෙන්න ශබ්ද නගා කියවන්න ඕනෑ... "සෝනාර්" මේක කියවන්න පුලුවන්ද..කස්ටියටම ඇහෙන්න...
                
                            ඉතින් මම ඒක ලියලා තිබුණටත් වඩා හොදට කියෙව්ව..(Tunin ලොවෙත් නැති වෙන්න කියලා...) නැත්තම් අද මේ කථව කියන්න කෙනෙක් නැති වෙන නිසා..
-------------------------------------------------------------------------------------------------------
                                           අන්තිම කැමති පත්තරය
දයාබර JAM මෝ,
                     මගේ හදහනේ කියවිලා තියෙන විදියට අද රාත්‍රයේ මම මෙලොවින් / දැයෙන් සමුගන්නවා...වටිනා පුද්ගලයකු වූ මා සිකුරා නීච වීම,හෙනහුරා ලැබීම, වැනි තත්ත්ව වලට ලක් වීමි..
                     මා සතුව පවතිනා අනගි සම්පත් මතු සදහන් පරිද්දෙන් නම් දරන්නන් හට පවරමි.


මාගේ අනගි keyBoard එක  රිළා හට ද,
මාගේ අනගි Laser Mouse සෝනාර් හට ද,
මාගේ අනගි intel core 2 duo Processer එක බඩියා හට ද,
මාගේ මිලකල නොහැකි intel MotherBoard එක මස්සිනා හට ද,
මාගේ සු‍රැකි අත් ඔරලෝසුව JAMමා හට ද,
මාගේ සුරැකි යට ඇදුම් සහ බැනියම් ජැකා හට ද,
අගනා මිරිවැටි සගල පෙත්තා හට ද,
අගනා පාසල් බෑගය පීප්පයා හට ද,
හිල් නැති වතුර බෝතලය සූප්පුවා ට ද,
මගේ වටිනා LP සලකුණ සහිත T-Shrit ය ක‍ටුමාරිස් හට ද,
 ect  [මේ විදියට පන්තියේ හිටපු ඔක්කොටම වගේ දේවල් පවරලා තිබුණා.......]


 වශයෙන් නීත්‍යානුකූලව පවරමි..!!
මා මල පසු
මාගේ අවසාන කටයුතු VIP විදියට කිරීම සහ මගේ වලට මගේ electric Gutar ය දැමීමට වග බලා ගතයුතුයි..නැත්තම් පස්සට කරදර උනා නම් කියන්න එපා


                                                                                         මීට,
                                                                                        අවංක, ගුණගරුක,යටහත්,පහත්
                                                                                        ටියුනි Tunin
-------------------------------------------------------------------------------------------------------
එදා මම මේ අන්තිම කැමති පත්තරය ගුනගරුක විදියට කියවපු නිසා Tunin.අදටත් පණ පිටින්....ඕං....


පහු කාලෙකදි අපිට දැනගන්න ලැබුනා Tunin අපිට කොටස් කොරල ලියල තියෙන්නෙ මිනිහගෙ මාමා ගේ Computer එක කියලා..මේකගේ පණ යන්න හේතු උනෙත් Tunin ගේ මාමා , මාමා ගේ Computer එක ඇවිත් ‍රැගෙන යාම නිසා උන ජල්බරියක් කියලා.......

දවල් Migel රෑ ඩැනියෙල්

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර




       ඕං ඉතින් හා හාපුරා කියලා අපේ නමක් නැහැ Blogs එකේ මම ලියන පළවෙනි කථාව.ඉස්සෙල්ලම කියන්න ඕනෙ මෙක කාටවත් එහෙම ගහපු මඩක් එහෙම නෙවේ හොඳේ. මේක මට කීවෙ අපේ ගේ ලඟ ඉන්න කොල්ලෙකුන් කෙනෙක්. මේක අපේ සිරි ලංකාවේ එක ඉස්කෝලෙක වෙච්ච කතාවක්.


      එදා ඒ ඉස්කෝලේ වාරසික කිරිඩා උත්සවයට කලින් දා.වෙලාව අවිල්ලා ‍රැ 11ට විතර ඇති ඉස්කෝලෙ මේ වෙලාවෙ වැඩිය කස්ටිය හිටියෙ නෑ. පිනා ඉස්කෝලේ ඉන්න ළමයින්ගෙ ආරක්සාවට කියලා sirla කීපදෙනෙක්ට රෑ ඉන්න කියලා කීවලු. ඕං ඉතින් මට කතාව කීව කොල්ලා මේ වෙලාවෙ ground1 පැත්තට යන්න අවිල්ලා. මෙයා ruger team1 ඉන්නවා. ඉස්කෝලෙ ගොඩක් අය මිනිහව දන්නවා. මිනිහ එද්දී පේනවාලු ගහක් යට කවුදෝ manස්ල දෙන්නෙක් වැටිල ඉන්නවා. මිනිහ බලලා කවුද බොලේ මේ කියලා කිසිම සද්දයක්වත් නෑලු. පට්ට කලුවර හින්දා මොකුත් පේන්නෙත් නෑ. ටිකක් ලඟට යනකොට මුන් දෙන්නව හොඳට දැකල පුරුදුයි වගේලු. තව ටිකක් ලඟට ගිහින් බැලින්නම් මේ ඉස්කෝලෙ sirල දෙන්නෙක් මූ හොඳට දන්න පොරවල්. උන් දෙන්නා ඔලුව සාක්කුවට වැටෙනකන් අඩි ගහලා. මූට ඕක දැකලා අම්බානට හිනාලු ඕං. කොහොමහරි උන් දෙන්නව නොදැක්කා වගේ මූ එතනින් යන්න හදලා. එතකොටම එකෙක් කැගහනවලු "ආ...............මල්ලී............. කොහෙද බන් යන්නේ වරෙන්කෝ අපිත් එක්ක ටිකක් set වෙන්න" කියලා මූට අම්බානක හිනාලු ඕං. කොහොමහරි එතකොට එතන හිටපු අනිකා මූව අඳුනගෙන "ආ හරි හරි මල්ලී යන්න කීවලු". ඉතින් මූ එතනින් මාරු වෙලා අවිල්ලා.


ඔය අතරෙ ඉස්කෝලේ හිටපු තවත් කාංඩයක් ලඟ පාත තිබුන බාලිකා පාසලකට ගිහිල්ලා,උන්ගෙ තාප්ප ටික paint spray කොරල දෙන්න ඊට පහුවෙනිදා ඒ ඉස්කෝලෙත් කිරිඩා උත්සවය. ඒකෙ කෙල්ලොත් රෑ වැඩලු ඉතින්. බාලිකා නිසා උන්ගේ තාත්තල කීපදෙනෙකුත් අවිල්ලලු. කොල්ලො3 දෙනෙක් තමා වැඩේට සෙටමෝල් වෙල ගොහින් තියෙන්නේ. ඕං කොහොමහරි මුන් ගිහිල්ලා එලියෙන් තාප්පේ කුරු‍ටු ගීත spray කොරනවලූ, ඔය අතරෙ එකෙක් තාප්පෙන් ඇතුලට පැනලා spray කොරන්න මූ පැන්න තැනම හෙනට එලිය තියෙන flash light1 දාලා තිබිලා මූ පැන්නා විතරයි අර අවිල්ලා හිටපු තාත්තලාට මාට්‍ටු, ආයෙ මොනවද මූට බඩ පිරෙන්න හම්බවෙලා තාත්තලත් පට්ට කම්මැලි කමේ ඉඳලා තියෙන්නේ, උනුත් අතේ පයේ හිරි ඇර ගන්නත් එක්ක මූට අම්බානක පැණි බේරෙන්න නෙලලා. අනිත් උනුත් එතකොට දඩ බඩ ගාලා ඇතුලට පැනලා තාත්තලට ගේම දීලා අරූව බේරගෙන එලියට ගෙනල්ලා මූට කෙලින් හිටන් ඉන්න බැරි ස්යිස්ලු ඕං. කොහොමහරි තත්තලගෙන් බේරිලා පාර දිගේ ආයේ එද්දී අලි මදිවට කොටි කීව වගේ මුන්ට police මාමලා දෙන්නෙක් meet වෙලා.උන් දෙන්නත් සෑහෙන්න ගහල ඉඳලා තියෙන්නේ කොල්ලො ටික මුන් දෙන්නව දකපු ගමන් බයවුනා. එකෙක් පැණි පෙරාගෙන හිටපු නිසා අරුන් දෙන්නා කොල්ලො පස්සෙන් පන්නන්න තියාගත්තලු. කොල්ලො ටිකත් කොච්චර අමාරුවෙන් හිටියත් කඟවේනගෙ කකුල් ණයට අරගෙන වගේ පස්ස නොබල දුවල එකෙක්ව උස්සගෙන වගේත්නෙ දුවන්න ඔනෙ, ඒ හන්ද මුන්ගෙ speed1 ටිකක් අඩු වෙල.කොහොමහරි අරුන් දෙන්නා මුන්ව අල්ලගෙන එතනත් මාර ගුණ්ඩුවක් අල්ලලා තියෙන්නෙ. 


       කොහොමහරි ඕං කොල්ලන්ව police මාමලා අල්ලගෙන තියෙන්නේ ඉස්කෝලෙ ලඟදී, ඉතින් කොල්ලො3දෙනත් කුදලගෙන මුන් ඉස්කෝලෙට ඇවිල්ලා. ඇවිත් බැලින්නම් ඉස්කෝලෙ සිහියෙන් ඉන්න කියලා එකෙක් නෑලූ. ඔක්කොම කරටි කැඩෙන්න ගහල. කොල්ලො ටිකත් අරගෙන police මාමල2න්න පිනාගේ office1 පැත්තට ඇවිල්ල. මෙහෙම එද්දී එකෙක් කැගහගෙන එනවලු "අ........ඩෝ................... කවුද යකෝ අපේ කොල්ලන්ට ගහන්න මේ areas1 ඉන්නෙ....... ඕන එකෙක් වරෙන් ඩෝ මාත් එක්ක ගහගන්න අතින් නම් අතින් කටින් නම් කටින් ඔන මල පෙරේතෙයෙක් කුම්භාණ්ඩයෙක් වරෙව්" කියාගෙන ඉස්සරහට වැනි වැනී එනවලු, police මාමල දෙන්න බලල කවුද යකෝ මේ නඩලම අපිට පාට් දාන්නෙ කියල, බලාගෙන ගියහම මේ පිනාගෙ office1 කා.කා.ස ගේ assistantලු. අරුන්ට නහුතෙට තද වෙලා. ඔය වෙලාවේ පිනා online ඇවිත් seen1ට enter වෙලා කොල්ලන්ව බේරගෙන තියෙනවා police මාමල දෙන්න shape කරල.ඊට පස්සේ පිනාටත් sirලගෙ වැඩේ මාට්‍ටු වෙලා. මිනිහට ඌරු ජුවල්ලු. මිනිහා එවේලේ සද්ද නැතුව ඉඳල පහුවදා එලිවුනාට පස්සේ කලින්දා රෑ හිටපු sirල සේරම meeting1ට අරන් කන් පිරෙන්න දෙසා බෑවලු"තොපි ඊයේ හිටපු විදිය මන් සේරම දන්නවා, තොපි එකෙක් හරි ආයෙ ඉස්කෝලෙ කොල්ලන්ට වැරදි වලට තරව‍ටු කරල තිබුනොත් මන් තොපි එලවනව. උන්ව හදන්න කලින් තොපි හැදෙපියව්" කීවලු. ඉස්කෝලෙ එවුන්ට එදා ඉදන් මල් හතයිලු. හබැයි එක වැඩි කල් තිබුනෙත් නෑලු.මට මේක අහල අනේ අනිච්චන් කියල හිතුන.ඕං අපේ සිරි ලංකාවේ අදියාපන කරමෙ හැටි.




-මීට ටී සුනාමි.
(Namak නැහැ blogs)

අපිත් ආවා

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර




ඔන්න අපි කස්ටියත් සෙට් වුණා බ්ලොග් කළාවට ,
දැන් කස්ටිය හිතයි කවුද මේ "අපි" කියලා.
මම සෝනාර්,එතකොට බඩියා, සුනාමි කියලා දෙන්නෙක් ලොවෙත් නැති වෙන්න කියල සෙට් වෙලා ඉන්නෙ.
මේ වැඩේ හීතනතරම් ලේසි නැ.ඉස්සෙල්ලම මේකට නමක් හොයන්න ඕනැ.
ඉතින් මෙතන ඉන්න තුන් කට්‍ටුවෙන් ඒ වැඩෙටත් හැමදාම වගේ ටී සුනාමි ඉස්සර උනා. ඉස්සර වුණා කිව්වෙ ඉතිං ටිකිරි කතාවක් කියන්න තමයි.
කලින්ම කියන්න ඕනෙ මේ එඩිට් නොකල දෙබසක්.........


ටී සුනාමි :- අහ්!! මෝඩ ආතල්........
බඩියා :- ඒක හරියන්නැහැ..
සෝනාර් ;- එකමත් එක රටක.....
බඩියා :-ලපටි වැඩියී.......
බඩියා :- හිතලා එන්නම්.
                    මම සිරිබිරිස් ගෙනුත් අදහසක් ගන්නම්.
 (මේ කියන සිරිබිරිස් තාම කතාවට සෙට් උනේ නැහැ,"සෙට් කරගත්තෙ නැහැ" ඒක වෙනම කතාවක් ඒක කියන්න ගියොත් මේ කතාව කතා සාගරයක් වෙනවා..ඉදිරියෙදී බලාපොරොත්තු වෙන්න..)
ටී සුනාමි :-සත්තයි සහතිකයි...
සෝනාර් :-අයියෝ!!! මොනවද මේ කියන්නේ අහ්....
                    ඔන්න දැන් සුනාමි පොඩි එකා වෙන්න දගලනවා..
ටී සුනාමි :-ඔයා හරි නරකයි..
සෝනාර් :-අනේ වරදක් කලත් හිතකින් නෙමෙයි..
ටී සුනාමි :-අන්න එහෙම එන්න....
සෝනාර් :- මේ වැඩේ හරි යන්නේ නැහැ....මේ බ්ලොග්  එකට නමක් නැහැ......
බඩියා :- නමක් නැහැ......
ටී සුනාමි :- නමක් නැහැ......
සෝනාර් :- ඔව් නමක් නැහැ..ඇයි දෙවියනේ පොඩි ළමයෙක්ට නමක් දානවා මීට ලේසි නේ.....
බඩියා :- ඉතින් ඔය තියෙන්නේ නමක්...අපි "නමක් නැහැ" කියලා දාමු..
සෝනාර් :- මොකක්?? "නමක් නැහැ"
ටී සුනාමි :-"නමක් නැහැ"නරකම නැහැ...
ඉතින් මේ විදියට තමයි අපේ නමක් නැති බ්ලොග් එකට නම ආවේ.
නිකන් ලොවෙත් නැති වෙන්න...


අද ඉස්සෙල්ලාම කතාව ලිව්වෙ සෝනාර්.


 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates