Monday, September 13, 2010

පීප්පයාගේ පරීක්සනය

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර



අපේ සෝනාර්ගෙ "අන්තිම කැමති පත්තරය" blog 1න් ඔයාල දකින්න ඇතිනේ පීප්පයා කියලා කෙනෙක් ඉන්නවා, මිනිහා තමා අපේ A/L පන්තියේ හිටපු කට කැඩිච්ච එකා. ඕකගෙන් මොකුත් බලු කතාවක් අහපු නැති එකෙක් අපේ පන්තියේ හිටියේ නෑ. දැන් මන් මේ කියන්න යන්නේ මිනිහා දවසක් chemistry practicle වෙලාවේ lab1දි කරපු වැඩක්.
එදා lab 1ට යන්න තිබුනේ 5වෙනි period 1 ඒ කියන්නේ interval 1න් පස්සේ, මිනිහගේ පුරුද්දක් තියෙනවා හැමදේටම ඉස්සෙල්ලා යන. interval ඉවර වෙන bell 1ගහපු ගමන් මූ සීග්ගරගාමී කෝච්චියෙන් ගියා වගේ lab 1ලඟට චුත වෙනවා. මිනිහ හැමදාම ඉඳ ගන්නේ lab1 උපකොරන තියෙන රාක්කේ ලඟම මේසේ. ඒකට හේතුව තමා මූ හැමදාම පරීක්සන කොරන උපකොරන කට්ටලය අනිත් එවුන්ට කලින් ගන්න ඔන1. මූ කියනවා ඒව වලින් කොලේ නත්තම් මූගේ පරීක්සනේ වරදිනවලු.

ඉතින් ඕං එදත් මන් කලින් කීව විදියටම මූ පරීක්සනේ කොරන්න පටන් ගත්තා. මන් පරීක්සනේ මොකක්ද කියල කියන්න යන්නෙ නෑ. මේක බලන හැමෝම chemistry කරන හරි කරපු අය හරි නොවේයිනේ. එදා පරීක්සනේට ගොඩක් සැර acid ජාති use කරන්න තිබුනා. ඒවයෙ සැර අඩු කරගෙන තමා පරීක්සන කරන්නේ එතකොට ඒවට වතුර දාන්න ඕනෙ ඒක දාන විදියක් තියෙනවා. ගානට මැනල දාන්න ඕනෙ. පීප්පයට කවදාවත් හෙමින් වැඩක් කොරගන්න බෑ නොවැ. මූ මොකද කලේ අර දාන්න ඕනෙ ගානට වඩා වැඩිපුර වතුර දාලා.

ඊට පස්සේ පරීක්සනේ කරල බලද්දී මුගේ වැරදියි. මූ කොච්චර පීප්පයා වුනත් මූට එලකිරි meterයක් තිබුනා. මුගෙ meter1 දැන් දඩ දඩ ගාලා වැඩ කරනවා. ඇයි වැරදුනොත් එහෙම chemistry teacher ට අල්ලන් හිටපු මුට්ටිය කුඩුනේ. Teacherත් මූ ගාවට තමා ඉස්සෙල්ලම එන්නෙ හරියට පරීක්සනේ කොලාද බලන්න.

ටිකකින් මුගෙ meter1ට වැ‍ටුනා කරන්න ඕනෙ දේ මූ ටක් ගාලා ගාන හදලා එන්න ඕනෙ උත්තරේ එන්නනම් තියෙන්න ඕන acid සාන්දරනෙ බලලා ඒකෙන් පරීක්සනේට ගන්න ඕනෙ acid ප්‍රමානෙට හරියන්න අර සැර වැඩි acid පරීක්සනේ කොරන භාජනේට දාගෙන ඉන්නව. දැන් මූ ලඟ තියෙන්නේ සැර අඩු කරපු එක නෙවේ, සැර වැඩි එක.

ඊට පස්සේ කොහොමහරි period ඉවරවෙන bell 1ගැහුවා. එතකොට තමන් පාවිච්චි කරපු chemicals, sink වලට හලලා ඒ භාජන හෝදලා තියන්න ඕනෙ. පීප්පයත් වැඩිය හිතන් නතුව මුගෙ සැර වැඩි acid ටිකත් sink එකට හැලුව. ඒ හැලුවා විතරයි sink එකේ තිබුන පරීක්සා බට"පටා........න්" ගාලා පුපුරන්න පටන් ගත්ත.( සැර වැඩි acid ගොඩක් එකපාරට වතුරට වැ‍ටුනම ගොඩක් රත්වෙලා පුපුරන්න ගන්නවා)

ඒ මදිවට sink එකෙන් හෝ ගාලා දුම දාන්න පටන් ගත්ත. කට්ටියම බයවෙලා. මූට එතකොට තමා වැඩේ තේරුනේ. teacherටත් වැඩේ මාට්‍ටු. මූගේ මුට්ටිය concrete එකක ගැහුව වගේ බිඳිල ගියා. එදා ඉදන් මූ පරීක්සන කොරන පැත්ත පලතකට කවුරුවත් යන් නැතුව අත් ඇරියා ඕං.

පරිසර Society

3දෙනෙක්ගෙන් ප්‍රතිචාර




ඉස්සෙල්ලම කියන්න ඕනෙ අපි3දෙනාම එකම blog එකේ post කරන්න ගියාම එකම අවුලක්නේ ඒක නිසා අපි3දෙනා වෙනම profile හැදුවා.

මේ කථාව කියන්න මට ඉස්කෝලේ කාලෙට යන්න වෙනවා. මේ කලේ මන්(ටී සුනාමි), බඩියා, සෝනාර් A/L පන්තියේ ඉගෙන ගන්නවා. අපි bio science කලේ. දවසක් අපෙ bio teacher කෙනෙක් (ආච්චී) දුවගෙන ආවා පන්තියට, ඇවිල්ල දඩ බඩ ගාලා පු‍ටුවෙ ඉඳගෙන මොකක්දෝ පරිසර සංගමයක් ගැන කියාගෙන ගියා. අපිට ඒක තේරුනේ නෑ. දිග හෑල්ලක් කියෝගෙන ගිහිල්ලා එකපාරට කීවා"මන් දැන් ඔයාලගෙන් කීපදෙනෙක්ව මේකට ‍තෝරගන්නවා"කියල.එහෙම කියල එක පාරට අපි3දෙනාව ‍තෝරගත්තා කීවා.අපි full හොල්මන්. අපිව ‍තෝරගත්තේ, අපි තමා එදා පන්තියේ ඉස්සරහම හිටියේ. බඩියයි සෝනාරු යි ගල් ගැහිල වගේ බලාගෙන ඉන්නව මාත් full තක්බීර් අන්තිමට සෝනාර් අහුව" මොකටද බන් අපිව ‍තෝරගත්තේ?" කියලා.මන් කීවා" මාත් දන්නෑ හරියටම බලාගෙන ඉමුකෝ" කියලා.

ඊට පස්සෙ ආච්චී අපිව වෙනම meeting එකකට අරගෙන සීන්කෝන්1 ගැන කීවා.අපිට ඒකත් වැඩිය තේරුනේ නෑ(එයා උගන්වන දේවලුත් ඔය විදිය තමා මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ).තේරුනේ පහුවෙනිදා උදේ7 වෙද්දී townඑකට එන්න කීව එක විතරයි. අපිත් ඉතින් උදේ පන්දරින් නැගිටලා හරියට කන්නවත් නැතිව අවා ඕං. ඔන්න 7.30විතර වෙද්දී ආච්චී ආවා. අම්මට සිරි ටික වේලාවක් යද්දී මේන් එනවා ලස්සන බාලිකාවෝ ටිකක්, පෝලිමේ ඇවිල්ලා අපි හිටපු තැනට ආවා. උනුත් teachers ල එක්කයි ආවේ.අපි3දෙනා බල්ලෝ වගේ බඩගින්නේ ඉන්නවා වෙලාව9ත් වෙලා. බැරිම තැන සෝනාර් & බඩියාගේ ආසිර්වාද මැද මන් පෙරට ගියා ආච්චී හම්බවෙන්න. යද්දී මෙයා හොඳට අඹරනවා අනිත් teaches ලත් එක්ක. මට යම රජ්ජුරුවො ආවේස වුනා. බොහොම අමාරුවෙන් controll වෙල ගිහින් අහුව"අපි මෙතන ඉන්නෙ මොකද?" කියල එතකොට කීවා"තව කට්ටියක් එන්න ඉන්නවා" කියලා. කොහොමහරි 9.30 වෙනකල් chater කාලා පෙරහැරකින් වගේ එකකින් නගර සභාවට පයින් ගියා. පට්ට අව්වෙ වතුර ටිකක්වත් නෑනෙ. 2km විතර තියෙනවා.

නගර සභාවට මේ වෙනුවෙන් දේසපාලුවො වගේකුත් අවිල්ලා,පරක්කු වෙලා තියෙන්නේ එකෙක්ගේ ලේකම් කාරයා late වෙලා නිසා. උන්ටත් බැන බැන අපි ඇතුලට ගියා. දැන් ජාතික ගීය ගයන්න ඕනෙලු. ඒකට ළමයි කට්ටියකට ඉස්සරහට එන්න කීවා.කෙල්ලො පැනල ආවා, එකපාරට බඩියා මාවත් තල්ලු කලා ඉස්සරහට then සෝනාර් වත් වතුර ටිකක් නතිව දිව ගිලෙනවා තව ජාතික ගීයත් ගයන්න, බඩියට හිතෙන් බැන බැන ඒකත් කියලා hut1 හදල තිබුනා අපිට, ඒක ඇතුලට ගියා. ඒක තියෙන්නෙ කුනු ගොඩ ගාව පට්ට ගඳයි. ඉන්නම බෑ. අමාරුවෙන් ඉන්නවා, ඔය අතරෙ දේසපාලුවන්ගෙ කතා ටික පටන් ගත්තා. උන්ට මොකද? උන්ට cool driks බීල fan දාගෙනනෙ ඉන්නෙ. එකෙක් කතා කරල ඉවර වෙනකොට ළමයි clap කරනවා. ඇවිල්ලා හිටපු මොන්ගලයො ටිකක් අමුතු විදියට clap කරනවා(මල් අත්පුඩිය කියල කියන්නේ), අපි ලඟමයි හිටියේ උන්වත් බලු කරනගමන් කතා අහගෙන හිටියා පොලොව පැලෙන බේගල් උන් කියවන්නේ ඒ ගැන කතා කරන්න දෙයක් නෑනෙ.

ඔය අතරෙ, බඩියා අලුතෙන් ගත්ත mobile 1( ඒ කාලේ ඒක සෑහෙන හොඳ features තිබුන එකක්) සෝනාර් අත පත ගගා හිටියා.දැන් අර පරක්කු වෙලා ආව ලේකම් කාරයගේ කතාව(එයා දැන් ඇමති කෙනෙක්ලු නෙ), දැන් සෝනාර් කියනවා" ඒයි බඩියා මට හරි ආසයි අරකගෙ photo එකක් ගන්න" කියලා. ඔය වෙලාවේ tv networks වලින් ඇවිල්ල වැඩේ record කර කර තිබුනේ හතර වටේට camra හයි කරලා, මායි බඩියයි ජොලියට කිව්ව "එහෙනම් ගනින්" කියල. මෙන්න සෝනර් එකපාරට නැගිටලා බඩියගෙ phone 1න් කතා කරන එකාගෙ photo ගන්න හදනව. එතකොට අපි හිටපු පැත්ත තමා record කර කර තිබුනේ. උන් කෑගහනව"ඕයි මල්ලී........... ඉඳ ගනින් බන්"කියලා, අයෙ මොනවද අපිට මාර ලැජ්ජාව සෝනාර් ඉඳ ගත්තට පස්සෙ අහනවා"බඩිය අරුන් කාටද බන් අර කෑ ගැහුවෙ" කියල.මිනිහ ඔහොමමයි. එදා ඉදන් අපි කොහෙ හරි යද්දී සෝනාර්ට camara අහුවෙන්න තියන්නේ නෑ. කතාවලට පස්සෙ දවල් ආහාරය තිබුනෙ butter ගාපු පාන් පෙත්තකුයි මයිලෝ එකකුයි. ඒකත් කාලා බැලුවම දැන් අවසානය, ඇවිල්ල හිටපු හැම ඉස්කෝලෙකටම compost barrel1 ගානෙ දුන්න. පැය ගානක් කට්ට කෑවෙ මේක ගන්නනේ, ඕක ඉස්කෝලෙට ගෙනල්ලා දෙන්න තිබුනනේ අපිට chater කවන් නැතුව. ඕං අපේ රටේ පොදු වැඩ වල හටි.

අන්තිම කැමති පත්තරය

2දෙනෙක්ගෙන් ප්‍රතිචාර




මේ කථාව කියන්න මට මගේ පාසල් කාලයටම මතකය අවදි කරන්න උනා..
මෙන්න Story ය..!!!
Normaly
අන්තිම කැමති පත්තරයක් කියන්නෙ,ගොඩක් අයට පන කෙන්ද යන්න ඔන්න මෙන්න තියෙද්දි මතක් වෙනදෙයක් නේ..
ඉතින් අපේ පන්තියෙ හිටියා එක එක ජාතියෙ උන්..එකෙනුත් අමුතුම ජාතියෙ එකෙක් තමයි..Tunin .මුගෙ වැඩේ "ලොකු ලොකු Line."...අල්ලන එක..
මිනිහා උදේ පාන්දරින්ම ඉස්කෝලේ එනවා..ඇවිත් පන්තිය එහෙම අතු ගාල MakeUp එක එහෙම දාගෙන මිනිහගෙ JOB එක පටන් ගන්නවා..JOB එක තමයි..ඊළග එකා එනකන් දොර ගාවට වෙලා හිටන් ඉන්න එක..ඉතින් හැමදාම වගේ Tunin ට පස්සේ පන්තියට යන්නෙ අපේ ටී සුනාමි....
ඉතින් හැමදාම Tunin අපේ ටී සුනාමි  ගෙන් පටන් ගත්තම ඉස්කෝලෙ ඉවර වෙනකන්ම පන්තියෙ ඉන්න ඔක්කොටම වගෙ ලොකු ලොකු Line.. අල්ලනවා..
ඉතින් දවසක්,
 බඩට මොනවා හරි දාගන්න කියලා  දෙන වෙලාවෙන් පස්සෙ ඉදන් Tunin හෙන MooD ගහල type එකේ හිටියෙ.පන්තියෙ අයත් මේකා ගොම් බෙට්ටක් වත් පාග ගෙනවත්ද දන්නෙ නැහැ...කියලා කල්පනා කොරන කොට..


5 වන කාලපරිච්චේදය පටන් ගත්තා කියහන්කො ,ආ නැන්දා(අපේ Project මැඩම්) ඇවිත් නැහැ. ටී සුනාමි  ගත් කටටම කියපි.JAM ව දාලා තියෙන්නෙ......
ගේම තවත් ඇද්දින්න හිතන්,
Mood ගහලා හිටපු Tunin එකපාරම පොතක් පෙරලා ගෙන හෝ ගාල මොනවද ලියන්න ගත්තෙ නැතැයි...පන්තියෙ අය තවත් හොල්මන්...




(දෙබසින් ම යන්නම්)
                     Tunin :- ඒ උඹලා මොකද ඔය විදියට බලන් ඉන්නෙ..
පන්තියෙ අවටින් :- මොකද උඹට උනේ...
                     ක‍ටුමාරිස් :- උඹේ බඩ upset ද?
                     රිළා :- ජීවිතේ එපා වෙලා ද? ගනන් ගන්නෙපා කෙල්ලො ඔහොම තමයි...
                     සූප්පුවා:-රිළා, උඹට පිස්සුද !!
                     බඩියා :- ඕකා Interval එකට මාලු පාන්(මාලු පාන් කිව්වට ඉතින් ලූණු පාන්) කෑවෙ.බඩට වැඩෙ Set කොරගෙනද දන්නෑ....
                     සිරිබිරිස් :-ඉතින් එකෙන් කෑල්ලක් මාත් කෑවා..මට එහෙම නැහැ නේ..
  [කෑමක් කොතනද  සිරිබිරිස්,පීප්පයා එතන මේ මැස්සෝ දෙන්නාගෙන් වැඩිම කරදරයක් වින්දේ අපේ ටී සුනාමි .......ඒ ගැන තව දවසක කියන්නම් කෝ]


මේ විදියට පන්තියෙ උන් එක එක එවා කියලා ඉවර වෙන පාටියක් නැති නිසා අන්තිමට Tiuini දෙබස පටන් ගත්තා..
                     Tunin :-යකුනේ !!! මට උඹලා කියන විදියෙ එකෙ එකෙ අමාරු නැහැ..
                     මම මගේ "අන්තිම කැමති පත්තරය" ලියුවා......
                     පීප්පයා :- තාමත් ලපටියට ඉන්න උඹට මොකද එකපාරම ඔය වගේ අදහසක් ආවේ..කියහන් බලන්න..කස්ටියටම ඇහෙන්න..


ඉතින් මේ මෝඩපාල කවුද අපේ Tunin කෑ ගහල මෙන්න මෙහෙම කියපි
                      Tunin :-"මම හෙට මෙලොවින් / දැයෙන් සමුගන්නවා...කවුරු කවුරුත් මතක තියා ගනිව් "අපි කවුරුත් මැරෙන මිනිස්සු"
මේ කථාවත් එක්ක පන්තිය එකම මගුල් ගෙයක්  උනා..එක එක places වල එක එක Talks...
                     "අඩේ! එතකොට අපේ Tunin දැයෙන් සමුගන්නවා."


                     "ඒ උඹ කන්න ආස දෙයක් තියෙනවනම් කියහන් "


                     "මගෙත් එක්ක තරහක් උඹ හිතේ තියෙනවා නම් අමතක කරහන්"


කෙටියෙන්ම කියනව නම් දැන් පන්තිය එකම Record Bar  එකක්......
මේ වෙලාවෙ අපේ වාසනාවට ,Tunin ගේ අවාසනාවට අපේ JAM  ට (පන්තිභාර ගුරුභවතා) මේ සද්දේ ඇහිලා අර අපලයි කියන ග්‍රහයා වගේ ආව කියහන්කො පන්තියට...
  (දෙබසින්)
                      JAM :-මොකද!! සුනාමි මේ පැත්තෙන් සද්දයක් ඇහුණෙ..
                                          (කස්ටිය මී පැටව් වගේ silents)
                                   දැන් කාගෙද මළ ගෙදර..
                                          (Tunin ඇඹරෙයි,ඒ ඇබරිල්ලෙන් වැඩේ මාට්‍ටු)
                                  Tunin කියනවා බලන්න මොකද මෙතන උණෙ කියලා...
                                          (Tunin ඇඹරෙයි,Tunin ඇඹරෙයි දිගටම ඇඹරෙයි)
                                   මොකද මොනවා හරි ගෑවුනා ද?
                                          (පන්තියෙ හීනියට හිනා පාරක්)
                     පීප්පයා:-නෑ Sir, මේ..මේ... Tunin අන්තිම කැමති පත්තරයක් ලියලා...
                                          (පන්තියේ සිනා සාගරේ ‍රැළි පිට ‍රැළි ගසයි..)
                     JAM:-මෙහාට දෙනවා බලන්න...ඕක..
                    Tunin:- අනේ නෑ Sir එහෙම එකක් ලියුවෙ නැහැ..
                    රිළා :- (රහසින්) ඒ Tunin ඇත්තටම කෝ බං ඒක..
                    Tunin:- (රහසින්) ඇයි යකෝ මම ඒක උඹේ අතට නෙ දුන්නෙ...
                    රිළා :-(රහසින්) ඒක නැහැ නේ...
                    Tunin:-එහෙනම් හොයපිය...
                    JAM :-නැහැ වෙහෙසෙන්න දෙයක් නැහැ...
                   Tunin:-ඒක Sir ගාවට ගියේ කොහොමද?
(අදටත් අපි දන්නෑ Sir ගාවට ගියේ කොහොමද කියලා..........)
 ඉතින් ඊට පස්සේ.....


                                 ------Intermission-------Intermission---------Intermission




ගුරු මේසෙට ලගින්ම Tunin ගේ අවාසනාවට එදා හිටියෙ අර "සෝනාර්" කියන එකා....
                   JAM :-ළමයි අන්තිම කැමති පත්තරය මැරෙන්න ලග කෙනෙක් ලියපුවාම ඒ මිනිහා හොද සිහියෙන් නොලියන නිසා ලියපු එක හරිද වැරදි ද බලන්න
                              කස්ටියටම ඇසෙන්න ශබ්ද නගා කියවන්න ඕනෑ... "සෝනාර්" මේක කියවන්න පුලුවන්ද..කස්ටියටම ඇහෙන්න...
                
                            ඉතින් මම ඒක ලියලා තිබුණටත් වඩා හොදට කියෙව්ව..(Tunin ලොවෙත් නැති වෙන්න කියලා...) නැත්තම් අද මේ කථව කියන්න කෙනෙක් නැති වෙන නිසා..
-------------------------------------------------------------------------------------------------------
                                           අන්තිම කැමති පත්තරය
දයාබර JAM මෝ,
                     මගේ හදහනේ කියවිලා තියෙන විදියට අද රාත්‍රයේ මම මෙලොවින් / දැයෙන් සමුගන්නවා...වටිනා පුද්ගලයකු වූ මා සිකුරා නීච වීම,හෙනහුරා ලැබීම, වැනි තත්ත්ව වලට ලක් වීමි..
                     මා සතුව පවතිනා අනගි සම්පත් මතු සදහන් පරිද්දෙන් නම් දරන්නන් හට පවරමි.


මාගේ අනගි keyBoard එක  රිළා හට ද,
මාගේ අනගි Laser Mouse සෝනාර් හට ද,
මාගේ අනගි intel core 2 duo Processer එක බඩියා හට ද,
මාගේ මිලකල නොහැකි intel MotherBoard එක මස්සිනා හට ද,
මාගේ සු‍රැකි අත් ඔරලෝසුව JAMමා හට ද,
මාගේ සුරැකි යට ඇදුම් සහ බැනියම් ජැකා හට ද,
අගනා මිරිවැටි සගල පෙත්තා හට ද,
අගනා පාසල් බෑගය පීප්පයා හට ද,
හිල් නැති වතුර බෝතලය සූප්පුවා ට ද,
මගේ වටිනා LP සලකුණ සහිත T-Shrit ය ක‍ටුමාරිස් හට ද,
 ect  [මේ විදියට පන්තියේ හිටපු ඔක්කොටම වගේ දේවල් පවරලා තිබුණා.......]


 වශයෙන් නීත්‍යානුකූලව පවරමි..!!
මා මල පසු
මාගේ අවසාන කටයුතු VIP විදියට කිරීම සහ මගේ වලට මගේ electric Gutar ය දැමීමට වග බලා ගතයුතුයි..නැත්තම් පස්සට කරදර උනා නම් කියන්න එපා


                                                                                         මීට,
                                                                                        අවංක, ගුණගරුක,යටහත්,පහත්
                                                                                        ටියුනි Tunin
-------------------------------------------------------------------------------------------------------
එදා මම මේ අන්තිම කැමති පත්තරය ගුනගරුක විදියට කියවපු නිසා Tunin.අදටත් පණ පිටින්....ඕං....


පහු කාලෙකදි අපිට දැනගන්න ලැබුනා Tunin අපිට කොටස් කොරල ලියල තියෙන්නෙ මිනිහගෙ මාමා ගේ Computer එක කියලා..මේකගේ පණ යන්න හේතු උනෙත් Tunin ගේ මාමා , මාමා ගේ Computer එක ඇවිත් ‍රැගෙන යාම නිසා උන ජල්බරියක් කියලා.......

දවල් Migel රෑ ඩැනියෙල්

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර




       ඕං ඉතින් හා හාපුරා කියලා අපේ නමක් නැහැ Blogs එකේ මම ලියන පළවෙනි කථාව.ඉස්සෙල්ලම කියන්න ඕනෙ මෙක කාටවත් එහෙම ගහපු මඩක් එහෙම නෙවේ හොඳේ. මේක මට කීවෙ අපේ ගේ ලඟ ඉන්න කොල්ලෙකුන් කෙනෙක්. මේක අපේ සිරි ලංකාවේ එක ඉස්කෝලෙක වෙච්ච කතාවක්.


      එදා ඒ ඉස්කෝලේ වාරසික කිරිඩා උත්සවයට කලින් දා.වෙලාව අවිල්ලා ‍රැ 11ට විතර ඇති ඉස්කෝලෙ මේ වෙලාවෙ වැඩිය කස්ටිය හිටියෙ නෑ. පිනා ඉස්කෝලේ ඉන්න ළමයින්ගෙ ආරක්සාවට කියලා sirla කීපදෙනෙක්ට රෑ ඉන්න කියලා කීවලු. ඕං ඉතින් මට කතාව කීව කොල්ලා මේ වෙලාවෙ ground1 පැත්තට යන්න අවිල්ලා. මෙයා ruger team1 ඉන්නවා. ඉස්කෝලෙ ගොඩක් අය මිනිහව දන්නවා. මිනිහ එද්දී පේනවාලු ගහක් යට කවුදෝ manස්ල දෙන්නෙක් වැටිල ඉන්නවා. මිනිහ බලලා කවුද බොලේ මේ කියලා කිසිම සද්දයක්වත් නෑලු. පට්ට කලුවර හින්දා මොකුත් පේන්නෙත් නෑ. ටිකක් ලඟට යනකොට මුන් දෙන්නව හොඳට දැකල පුරුදුයි වගේලු. තව ටිකක් ලඟට ගිහින් බැලින්නම් මේ ඉස්කෝලෙ sirල දෙන්නෙක් මූ හොඳට දන්න පොරවල්. උන් දෙන්නා ඔලුව සාක්කුවට වැටෙනකන් අඩි ගහලා. මූට ඕක දැකලා අම්බානට හිනාලු ඕං. කොහොමහරි උන් දෙන්නව නොදැක්කා වගේ මූ එතනින් යන්න හදලා. එතකොටම එකෙක් කැගහනවලු "ආ...............මල්ලී............. කොහෙද බන් යන්නේ වරෙන්කෝ අපිත් එක්ක ටිකක් set වෙන්න" කියලා මූට අම්බානක හිනාලු ඕං. කොහොමහරි එතකොට එතන හිටපු අනිකා මූව අඳුනගෙන "ආ හරි හරි මල්ලී යන්න කීවලු". ඉතින් මූ එතනින් මාරු වෙලා අවිල්ලා.


ඔය අතරෙ ඉස්කෝලේ හිටපු තවත් කාංඩයක් ලඟ පාත තිබුන බාලිකා පාසලකට ගිහිල්ලා,උන්ගෙ තාප්ප ටික paint spray කොරල දෙන්න ඊට පහුවෙනිදා ඒ ඉස්කෝලෙත් කිරිඩා උත්සවය. ඒකෙ කෙල්ලොත් රෑ වැඩලු ඉතින්. බාලිකා නිසා උන්ගේ තාත්තල කීපදෙනෙකුත් අවිල්ලලු. කොල්ලො3 දෙනෙක් තමා වැඩේට සෙටමෝල් වෙල ගොහින් තියෙන්නේ. ඕං කොහොමහරි මුන් ගිහිල්ලා එලියෙන් තාප්පේ කුරු‍ටු ගීත spray කොරනවලූ, ඔය අතරෙ එකෙක් තාප්පෙන් ඇතුලට පැනලා spray කොරන්න මූ පැන්න තැනම හෙනට එලිය තියෙන flash light1 දාලා තිබිලා මූ පැන්නා විතරයි අර අවිල්ලා හිටපු තාත්තලාට මාට්‍ටු, ආයෙ මොනවද මූට බඩ පිරෙන්න හම්බවෙලා තාත්තලත් පට්ට කම්මැලි කමේ ඉඳලා තියෙන්නේ, උනුත් අතේ පයේ හිරි ඇර ගන්නත් එක්ක මූට අම්බානක පැණි බේරෙන්න නෙලලා. අනිත් උනුත් එතකොට දඩ බඩ ගාලා ඇතුලට පැනලා තාත්තලට ගේම දීලා අරූව බේරගෙන එලියට ගෙනල්ලා මූට කෙලින් හිටන් ඉන්න බැරි ස්යිස්ලු ඕං. කොහොමහරි තත්තලගෙන් බේරිලා පාර දිගේ ආයේ එද්දී අලි මදිවට කොටි කීව වගේ මුන්ට police මාමලා දෙන්නෙක් meet වෙලා.උන් දෙන්නත් සෑහෙන්න ගහල ඉඳලා තියෙන්නේ කොල්ලො ටික මුන් දෙන්නව දකපු ගමන් බයවුනා. එකෙක් පැණි පෙරාගෙන හිටපු නිසා අරුන් දෙන්නා කොල්ලො පස්සෙන් පන්නන්න තියාගත්තලු. කොල්ලො ටිකත් කොච්චර අමාරුවෙන් හිටියත් කඟවේනගෙ කකුල් ණයට අරගෙන වගේ පස්ස නොබල දුවල එකෙක්ව උස්සගෙන වගේත්නෙ දුවන්න ඔනෙ, ඒ හන්ද මුන්ගෙ speed1 ටිකක් අඩු වෙල.කොහොමහරි අරුන් දෙන්නා මුන්ව අල්ලගෙන එතනත් මාර ගුණ්ඩුවක් අල්ලලා තියෙන්නෙ. 


       කොහොමහරි ඕං කොල්ලන්ව police මාමලා අල්ලගෙන තියෙන්නේ ඉස්කෝලෙ ලඟදී, ඉතින් කොල්ලො3දෙනත් කුදලගෙන මුන් ඉස්කෝලෙට ඇවිල්ලා. ඇවිත් බැලින්නම් ඉස්කෝලෙ සිහියෙන් ඉන්න කියලා එකෙක් නෑලූ. ඔක්කොම කරටි කැඩෙන්න ගහල. කොල්ලො ටිකත් අරගෙන police මාමල2න්න පිනාගේ office1 පැත්තට ඇවිල්ල. මෙහෙම එද්දී එකෙක් කැගහගෙන එනවලු "අ........ඩෝ................... කවුද යකෝ අපේ කොල්ලන්ට ගහන්න මේ areas1 ඉන්නෙ....... ඕන එකෙක් වරෙන් ඩෝ මාත් එක්ක ගහගන්න අතින් නම් අතින් කටින් නම් කටින් ඔන මල පෙරේතෙයෙක් කුම්භාණ්ඩයෙක් වරෙව්" කියාගෙන ඉස්සරහට වැනි වැනී එනවලු, police මාමල දෙන්න බලල කවුද යකෝ මේ නඩලම අපිට පාට් දාන්නෙ කියල, බලාගෙන ගියහම මේ පිනාගෙ office1 කා.කා.ස ගේ assistantලු. අරුන්ට නහුතෙට තද වෙලා. ඔය වෙලාවේ පිනා online ඇවිත් seen1ට enter වෙලා කොල්ලන්ව බේරගෙන තියෙනවා police මාමල දෙන්න shape කරල.ඊට පස්සේ පිනාටත් sirලගෙ වැඩේ මාට්‍ටු වෙලා. මිනිහට ඌරු ජුවල්ලු. මිනිහා එවේලේ සද්ද නැතුව ඉඳල පහුවදා එලිවුනාට පස්සේ කලින්දා රෑ හිටපු sirල සේරම meeting1ට අරන් කන් පිරෙන්න දෙසා බෑවලු"තොපි ඊයේ හිටපු විදිය මන් සේරම දන්නවා, තොපි එකෙක් හරි ආයෙ ඉස්කෝලෙ කොල්ලන්ට වැරදි වලට තරව‍ටු කරල තිබුනොත් මන් තොපි එලවනව. උන්ව හදන්න කලින් තොපි හැදෙපියව්" කීවලු. ඉස්කෝලෙ එවුන්ට එදා ඉදන් මල් හතයිලු. හබැයි එක වැඩි කල් තිබුනෙත් නෑලු.මට මේක අහල අනේ අනිච්චන් කියල හිතුන.ඕං අපේ සිරි ලංකාවේ අදියාපන කරමෙ හැටි.




-මීට ටී සුනාමි.
(Namak නැහැ blogs)

අපිත් ආවා

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර




ඔන්න අපි කස්ටියත් සෙට් වුණා බ්ලොග් කළාවට ,
දැන් කස්ටිය හිතයි කවුද මේ "අපි" කියලා.
මම සෝනාර්,එතකොට බඩියා, සුනාමි කියලා දෙන්නෙක් ලොවෙත් නැති වෙන්න කියල සෙට් වෙලා ඉන්නෙ.
මේ වැඩේ හීතනතරම් ලේසි නැ.ඉස්සෙල්ලම මේකට නමක් හොයන්න ඕනැ.
ඉතින් මෙතන ඉන්න තුන් කට්‍ටුවෙන් ඒ වැඩෙටත් හැමදාම වගේ ටී සුනාමි ඉස්සර උනා. ඉස්සර වුණා කිව්වෙ ඉතිං ටිකිරි කතාවක් කියන්න තමයි.
කලින්ම කියන්න ඕනෙ මේ එඩිට් නොකල දෙබසක්.........


ටී සුනාමි :- අහ්!! මෝඩ ආතල්........
බඩියා :- ඒක හරියන්නැහැ..
සෝනාර් ;- එකමත් එක රටක.....
බඩියා :-ලපටි වැඩියී.......
බඩියා :- හිතලා එන්නම්.
                    මම සිරිබිරිස් ගෙනුත් අදහසක් ගන්නම්.
 (මේ කියන සිරිබිරිස් තාම කතාවට සෙට් උනේ නැහැ,"සෙට් කරගත්තෙ නැහැ" ඒක වෙනම කතාවක් ඒක කියන්න ගියොත් මේ කතාව කතා සාගරයක් වෙනවා..ඉදිරියෙදී බලාපොරොත්තු වෙන්න..)
ටී සුනාමි :-සත්තයි සහතිකයි...
සෝනාර් :-අයියෝ!!! මොනවද මේ කියන්නේ අහ්....
                    ඔන්න දැන් සුනාමි පොඩි එකා වෙන්න දගලනවා..
ටී සුනාමි :-ඔයා හරි නරකයි..
සෝනාර් :-අනේ වරදක් කලත් හිතකින් නෙමෙයි..
ටී සුනාමි :-අන්න එහෙම එන්න....
සෝනාර් :- මේ වැඩේ හරි යන්නේ නැහැ....මේ බ්ලොග්  එකට නමක් නැහැ......
බඩියා :- නමක් නැහැ......
ටී සුනාමි :- නමක් නැහැ......
සෝනාර් :- ඔව් නමක් නැහැ..ඇයි දෙවියනේ පොඩි ළමයෙක්ට නමක් දානවා මීට ලේසි නේ.....
බඩියා :- ඉතින් ඔය තියෙන්නේ නමක්...අපි "නමක් නැහැ" කියලා දාමු..
සෝනාර් :- මොකක්?? "නමක් නැහැ"
ටී සුනාමි :-"නමක් නැහැ"නරකම නැහැ...
ඉතින් මේ විදියට තමයි අපේ නමක් නැති බ්ලොග් එකට නම ආවේ.
නිකන් ලොවෙත් නැති වෙන්න...


අද ඉස්සෙල්ලාම කතාව ලිව්වෙ සෝනාර්.


 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates