Sunday, November 21, 2010

යෙහෙලිය, ඔබ තනි නැත........

මේක මටනම් ගොඩාක් දුක හිතුන කතාවක්. මන් හිතනවා ඔයාලටත් එහෙම හිතේවි කියලා. මේක වුනේ දැන් දවස් තුන හතරකට කලින්, campus එකේදි. අපි ඉතින් නවක සිසුන් තාම, campus එක ගවේශනය කරනවා. ඔහොම ඇවිදගෙන යද්දී දැක්කා ගෑනු ළමයෙක් බංකුවක ඉඳගෙන ඉන්නවා.

ඔතනින් හැමදාම යනවා, ඒත් එයාව දැකලනම් නෑ මීට කලින්. මාත් හොඳට බලුවා. එයාව දැක්ක ගමන් මාව උන් තැනම ගල් වුනා වගේ වුනා. වශී වෙලා වගේ තමා මන් බලන් හිටියේ පුදුම ලස්සනක් තියෙන්නේ. කියන්න වචන නෑ. අර ඉස්සර කවියො වර්ණනා කරපු ස්ත්‍රීන් වගේ කෙනෙක්.

දන්නවනේ ඉතින් ලස්සන ගෑනු ළමයෙක් දැක්කම ඉතින් පොඩ්ඩක් හොයල බලනවනේ. මේ කාලේ වැ‍රැද්දනේ. මාත් ඉතින් පොඩ්ඩක් බලාන ඉඳලා එයාගෙ පස්සෙන් ගියා. මෙයා ගියේ canteen එකට.

interval එක ඉවර වෙන්නත් ලඟයි. ගිහින් counter එක ගාව විනාඩි පහක් විතර ඉන්නවා. පෝලිමකුත් නෑ කෑම ගන්න. ඉතින් මාත් පොඩ්ඩක් කිට්‍ටු කරල බැලුවා. අනේ ඒ ළමය කතා කරන්න බැරි කෙනෙක්.(2008 යි 2009 යි ඔය වගේ කට්ටියක් A/L කලානේ. ඉතින් campus වලත් එයාලට වෙනම units හැදුවා. ඒකේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ.) ඒ ළමයා කියන දේ කෑම දෙන්න ඉන්න කෙනාට තේරෙන්නෙ නෑ. ඒ ළමයා හරිම අපහසුතාවයකට පත්වෙලා හිටියේ.

මට ඒක දැකල ඇත්තටම දුක හිතුනා. ඉතින් මන් එයාට කෑම එකක් අරගෙන දුන්නා. එයා ඒක අරගෙන මේසෙකට ගියා. කවුරුත් එයා ලඟට ආවේ නෑ. මන් බලාගෙන හිටියා මොකද කරන්නෙ කියලා. එයා කෑම එක පැත්තකින් තියාලා bag එකෙන් පෑනක් ගත්තා.

මන් බැලුවා මේ මොන විකාරයක්ද කියලා. කන්න ගියාම පෑන් ගන්න සිරිතක් නෑනේ. එයා මොනවද එයාගේ අතේ ලිව්වා. ඊට පස්සෙ මට එන්න කිව්ව ලඟට. ඊට පස්සෙ මට අත පෙන්නුවා. අතේ ලියලා තිබුනා "බොහොම ස්තූතියි" කියලා.

මට ඒක දැක්ක විතරයි මාර දුකක් හිතුනා.මගේ සමහර යාලුවො කියනව මට ගල් හිතක් තියෙන්නේ කියලා. හබැයි මගෙ ගල් හිත ඒ වෙලාවේ උණු වුනා. මගෙ ඇස් වලට කඳුලු ආවා ඒවෙලේ. ඔයාලා කියාවි මං මහ බොලඳ පොරක් කියලා. ඔයාලට ඒ අවස්ථාවට මූන දෙන්න වුනානම් තේරේවි.

මන් පස්සෙ හොදට කල්පනා කරලා බලලා හිතුවා, අපි අතරත් මෙහෙම අය ඇත්තටම ඉන්නව නේද කියලා. films වලනේ සමාන්‍යයෙන් ඉන්නේ. මන් ඊට පස්සෙ හැමදාම එයා හිටපු තැන බැලුවා, canteen එකේ බැලුවා ආයේ එයාව හම්බවුනේ නෑ. එයාව හම්බවුනාට පස්සෙ ඉඳන් මම අපේ මේ ජීවිතය ගැන අලුත් විදියකට හිතන්න යොමු වුනා.

මන් මේ කියලා තියෙන වගේ අය මේක කියව්වොත් මට එයාලට කියන්න තියෙන්නේ "ඔයාලගෙ මොන අඩු පාඩු තිබුනත්, ඔයාල කවදාවත් මේ ලෝකේ තනිවෙන්නෙනම් නෑ. කොහේ ගියත් ඔයාලට help කරන්න කෙනෙක් ඉන්නව" කියලා තමා.

6 comments:

Pasan Buddhika said...

සිරාවටම හදවතටම දැනෙන දෙයක්......

මධු වීරකෝන් said...

hoda lamayk oya

අකීකරු හිත said...

aththatama meka kiyawaddi duka hithuna. mokada e wage godak than waladi mamath asarana wela thiyena nisa.. e welawata kenek udaw karaddi mulu hithenma pin denawa mama. oyatath godak pin

ටී සුනාමි said...

@Pasan Buddhika,@අකීකරු හිත:
බොහොම ස්තූතියි ඔය දෙන්නටම. මේ මෙහෙමත් එකක් මට ඕවා මගේ දෙමව්පියොයි ඉස්කෝලෙයි තමා පුරුදු කලේ. දෙන ස්තූති & පින් එයාලටත් අයිති වෙන්න ඕනේ.

@මධු වීරකෝන්:
අපි ඇවිල්ලා අහිංසකයි රටක් වටින අයනේ. ;)

ජීවිතේමල් said...

අදමයි මේ පෑත්තේ ආවේ..හොඳ කතාවක්! ජය වේවා!

ටී සුනාමි said...

@ජීවිතේමල්:
බොහොම ස්තූතියි. ආයෙත් එන්න.

Post a Comment

 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates