Tuesday, December 21, 2010

අපේ රටේ කොම්පීටර් කෙරුවාව



සෑහෙන කාලෙකට පස්සෙ ඕං මම ආයිත් කඩා පාත් වුණා. හපොච්චියේ මේ ටික දවසට මකුළුවො දැල් බැඳලා හැම තැනම, එව්වා සුද්ද කරලා දැන් මේ ඉඳ ගත්තෙ කතාවක් කියන්න කියලා. කෂ්ටිය බලනවා ඇති මොකෝ මුං ටිකට එක පාරටම වුණේ කියලා. මේකනෙ සිද්දිය, මේකෙ ඉතින් තුන් දෙනෙක් හිටියට උං ටික හිටියෙ නමට විතරයි නෙ, අර සුනාමියා විතරයි නෙ කතාවක් කියන එකෙක්ට හිටියෙ, ආ සෝනාර් කාරයත් හිටියානෙ (එතකොට මම විතරද ලිව්වෙ නැති එකෙක්ට හිටියෙ O_o මළා...) ඉතිං ඌ, ඌ කිව්වෙ සුනාමියා, ආං ඌට මේ දවස් වල කැම්පස් පටං අරං ලු නෙ, ඌ බිසී. ඉතින් බ්ලොග් එක බංකොලොත්, එතකොට අර සෝනාර් කාරයා... ආ මේ ඌව බැරි වෙලා හරි ඇහැට දැක්කොත් මටත් කිව්වනං, ඉතින් මට මේක ඔහේ තියෙනවා බලන් බැරි දුකට තමයි පෝස්ට් එකක් දාන්න හිතුවෙ (කමක් නැතුව ඇති මයෙ හිතේ O_o)

නැත්තං එහෙම මේකත් හිටපු බ්ලොග් කරුවන්ගේ සංසදයට අයිති වෙනවා (දිව දොට්ට)

හරි හරි OPDP ඇති, දැං කතාව, කතාව තියෙන්නෙ ලංකාවෙ පරිගණක සාක්ශරතාවය ගැන, ඇත්තටම මේක ගැන නං සෑහෙන්න දුක හිතෙනවා. ලොක්කො නං ලොකු ලොකු නොම්බර පෙන්නලා කියනවා මේක හරි වැඩියි කියලා, ඒ වුණාට ඇත්ත තත්වෙ ඊට හාත්පසින්ම වෙනස් කියන එක කවුරුත් දන්න දෙයක්නෙ.

මේක උනේ මේ දවස් දෙක තුනකට විතර කලිං, ආ ඊට කලිං මෙකට හේතු භූත වුණු කාරණාව කියන්න එපැයි, මීට මාස දෙකකට විතර කලින් අපේ පැත්තෙ අක්කා කෙනෙක් ලැට්ටොක් එකක් ගත්තා, (අර අර පොඩි මෙව්වා එක අනේ, අර පොඩි කොම්පීටර් එක) ඒ එක්කම ටැලිකොං එකෙන් ADSL පහසුකමත් අරං, ඔන්න ඉතින් රූටනේ මෙව්වා කර ගන්න දන්නෙ නෑ කියලා මට කිව්වා මෙව්වා කරලා දෙන්න කියලා (රූටනේ හොඳේ) ඕං ඉතින් ඒකත් කරලා දුන්නා කියමුකෝ, හරි මෙලෙස කාලය ගත වී ගියා.

ඔන්න ඊයෙ පෙරේදා මේ යෝදි මට කතා කරලා කියනවා ලැට්ටොක් එක පෝරමැට් කලයි, දැන් ADSL කොනෙක්ට් වෙන්නෙ නෑ කියලයි, ඉතින් අඬනවා අර මොකාද වගේ, මමත් ඉතින් ගියා මොකෝ මේ කියලා බලන්න, ගොහින් කිව්වා මේකෙ වෙන්න පුළුවන් අවුල් ටික ඔක්කොම,
අක්කට සුවර්ද ඔක්කොම ඩ්‍රයිවර්ස් ටික දැම්මා කියලා? පොඩ්ඩක් කොටලා කරලා බැලුවා, එව්වත් හරි, ඊට පස්සෙ ටැලිපෝං වැඩ කරනවද දන්නෙ නෑනෙ, ඒකත් බැලුවා, වැඩ. චාටර්ද මන්දා... කමිං කලර් නොට් ගුඩ්, දැන් ඉතින් ඇණයක් ඇණයක් ගානෙ බලන්න වෙනවා, මේ අස්සෙ මේකි කියනවා මල්ලි හැබැයි මම පාස්වර්ඩ් එක හරියට ගැහුවද දන්නෙ නෑ කියලා,
"මොන පාස්වර්ඩ්ද?"
"අර රූටනේ"
"හත්තිලව්වේ ඒක ඔපරේසං කරන්න ගියේ අහවල් දේකටද???"
"ඉතිං පෝරමැට් කරහම ඒකත් කරන්න එපැයි නේද?"
@%#$^%#$#^$%  "ඉහි ඔව්"

ඒකත් බලමුකො එහෙනං, හරිනෙ දීලා වැඩේ, ඒකත් ගොඩ දාලා ජාමෙ බේර ගත්තා යන්තමිං,
"ඕං හරි ඈ... ආයිත් පෝරමැට් කලාට රූටනේ එහෙම අල්ලනවා නෙවෙයි"

ඒ මරාලෙත් ඉවරයි,
"මං එහෙනං ගියාවෙ"
"ආ පොඩ්ඩක් ඉන්න මේ ආපු වෙලේ අනිත් කොම්පූටරයත් බලලම ගියානං"
RT:@%#$^%#$#^$%   "හා"

"දැන් මොකෝ මේකෙ ලෙඩේ?"
"ලෙඩ ගොඩයි, සද්ද බද්ද නෑ, ඔපිස් වැඩ නෑ, නීරෝ වැඩ නෑ..." තව තව මොනාදෝ කියාගෙන ගියා
"හා එහෙනං ඔං කරමුකො බලන්න"
"සද්ද නැත්තෙ නං මම හිතන්නෙ සවුන්ඩ් කාඩ් එකට කෙල වෙලාද දන්නෙ නෑ, එක්කො හරියට ඩ්‍රයිවර්ස් දාල නැද්ද දන්නෙ නෑ, ඉස්පීකර් වලට කරන්ට් එක එනවද?" එකී මෙකී නොකී හැම උපකල්පනේ කරලා දැම්මා, ඉස්පීකර් නං ඔන් වෙලා, සින්දුවක් දාලා බලමු, ඒකත් වැඩ කරනවා කියලා පෙන්නනවා, සවුන්ඩ් කාඩ් එකෙත් අවුලක් නෑලු, එහෙනන් හත්තිලව්වේ මොකද්ද ලෙඩේ, ආයිත් චා වීගෙන එනවා වගේ.

හරි බලමුකෝ කියලා කෝකටත් කොම්පීටරේ පිටි පස්ස පැත්තෙ බැලුවා, බඩුම තමා, මේ තියෙන්නෙ ලස්සනට ඉස්පීකරේ, මයික් එක ගහන්න තියෙන එකට ගහලා
"අනේ මන්දා මල්ලි මම ඔය ළඟම තියෙන එකට ගහලා දැම්මා"
"..."
"අනිත් ලෙඩේ බලමු නේද එහෙනං"


"කෝ දැන් නීරෝ?"
"ආ මේං" කියලා සීඩී එක දුන්නා මගෙ අතට "ඕක දැම්මහම ඉතින් ඩ්‍රයිවරේට වෙන සීඩී එකක් දාන්න ඉඩක් නෑනෙ, ඉතින් කොහොමද වෙන එකක් රයිට් කරන්නෙ නේද?"
"........."
ඒකත් ඉන්ස්ටෝල් කරලා දුන්නා ඒ ලෙඩෙත් සුවයි.

"දැන් ඔපිස් එකේ මොකද්ද අවුල?"
"අනේ මන්දා මල්ලි මේකට දැම්මහම ඕපන් වෙන්නෙ නෑනෙ"
"ආ වයිරස් එකක්වත් ඇවිල්ලද දන්නෙ නෑ, එහෙම නැත්තං සිස්ටම් ෆයිල් එකක්වත් ඩිලීට් වෙලාද"
කෝකටත් ඔපිස් ඕපන් කරලා බැලුවා,
"ඉතිං කෝ මේකෙ ඔපිස්???"
"ඇයි නැද්ද?"
"ඉන්ස්ටෝල් කරලා නෑ"
"ආ ඉතින් එහෙම කරන්න ඕනෙද? ඒක තමයි මාත් මේ බැලුවේ මොකද වැඩ කරන්නෙ නැත්තෙ කියලා"
"................"

හප්පේ ඒ වෙලාවෙ තමා දෙයියෝ මගෙ මූණ බැලුවේ,
"ආ ගෙදරින් කතා කරනවා, මම නිවාඩු වෙලාවක ඇවිල්ලා ඔක්කොම ටික හදලා දෙන්නම්කෝ, එතකං ඔය තියෙන විදිහට තියන්න, වැඩි ඔපරේසං කරන්න යන්න එපා"



මොනවා උනත් ඔක්කොම ටික හදලා දෙන්න ඕනෙ ආයිත් පාරක් ගිහින්, නැත්තං මොන ගිනි විජ්ජුම්බරයක් කරයිද දන්නෙ නෑ,


අවසානෙට තියෙන ප්‍රශ්නෙ තමයි, හැබෑටම ඔය කියනවා වගේ අපේ රට දෙවෙනි ලෝකයේ රටක් වෙලාද? කවුරු කොහොම කිව්වත් ඇත්තටම රටේ තියෙන තත්වෙ ඕකයි.
පාලම් පාරවල් හැදුවට වැඩක් නෑ, රටක් දියුණු වෙන්න ඊට වඩා බලපානවා ඒ රටේ මිනිස්සුන්ගෙ අධ්‍යාපනේ, එකට නං ඉතින් දෙයියන්ගෙම පිහිටයි.
එහෙනං මේක බලපු අයටත් දෙයියන්ගෙම පිහිටයි, මටත් එහෙම්මමයි, පස්සෙ හම්බ වෙමු.

5 comments:

ඉෂාන් තිළිණ said...

ඔව්වා ඔහොම තමා බං. අපේ පැත්තේ ඩයල් එකකට 80GB hard disk එකක් තිබ්බා( කොම්පීතරේ, හොඳේ?? :D ). මිනිහා ලඟදි service center එකකට ගිහින් ඒක 120GB එකක් කොරගත්තා. මෑන්ස්ට 80GB hard disk එක ආපහු හම්බෙලා නෑ. මිනිහා හිතං ඉන්නේ service center එකෙන් තිබිච්ච 80GB hard එකට කෑල්ලක් අමුනලා ඒක 120GB කරලා කියලා. අනේ ඉතිං මං මුකුත් කියන්න ගියේ නෑ. ඔය මෑන්ස් service center එකට ගිහින් සත්ව ඝාතනයක් වත් කලොත් එහෙම O.o

බඩී said...

@ඉෂාන් තිළිණ: කණගා‍ටුදායක වුණත් ගොඩක් තැන් වල තත්වෙ ඔහොම තමයි :(

Anonymous said...

කොහොම හරි අක්කගේ කොම්පූතරේ හදලා දියන්.

සිරි කොලුවා said...

උබට කියන්න මටත් ඔය අත්දැකිම් නම් ඉහටත් උඩින් තියනවා.... එක අතකින් බලද්දි ඔය අයියාලා අක්කලාගෙ කොම්පිටර් අත ගාන එක සැපයි බන්... එපාම වෙන්න වයසක අන්කල් කාරයොන්ගෙ කොම්පියුටර් අත ගන්න ගියාම... බෙරෙන්න බැරි උන් අහන ප්‍රශ්ණ වලින් නේ බන්.....හලේ....

බඩී said...

@prasanna86k: හැදුවා හැදුවා :D

@සිරි කොලුවා: ලොවෙත් නැති ප්‍රශ්න තමයි අහන්නෙ :D එවෙලෙට ඉතින් මමත් උන්දැට තේරෙන්නෙ නැති මොකක් හරි එකක් කියලා මාරු වෙනවා :P

Post a Comment

 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates