
ටික දවසකට පස්සෙ ආයෙ කතාවක් ලියන්න හිතුනා. මේකත් ඉස්කෝලෙ කතාවක් තමා. මේක අපේ බඩියා ගැන.
මේ සිද්දිය වෙන දවස් වල අපි12 වසරෙ, 13 හිටපු අය exam 1ට යන්න කලින් teachersලට වැඳල යන්න එනවා. ඔය දවස් වල අපිට ඉගෙනීමක් නෑ. එදා අපේ පන්තියට ඇවිල්ලා හිටියේ නැන්දා. එයා වඳින්න එන අයට ගිය අවුරුද්දේ results sheet එකක් පෙන්නල, මෙහෙමයි අපේ ඉස්කෝලෙ අය pass වෙලා තියෙන්නේ, ඔයාලත් එහෙම කරගන්න ඕනෙ කියලා, කියල දෙනවා.
ඔහොම ඉතින් කාලය ගලා යනවා. කෑම කන වෙලාවත් පහුවුනා. ඊට පස්සෙත් කට්ටිය නවතින පාටක් නෑ. කෑම වෙලාවට පස්සෙත් නැන්දා ආවා, එයා එයාගෙ වැඩ කටයුතු, අපි අපේ වැඩ කටයුතු. දැන් ඔයාලා බලයි මොනවද අපේ වැඩ කටයුතු කියලා. මෙහෙමයි.
එදා පන්තියෙන් ඇවිල්ලා හිටියේ මන්, සෝනාර්, බඩියා & පීප්පයා විතරයි.(තව කෙනෙකුත් හිටියා). මට ඉතින් කරන්න විසේස වැඩක් නැති නිසා සුපුරුදු පරිදි සෝනාර් එක්ක වාදයක් පටන්ගත්තා.(මොකක් ගැනද කියලා මට දැන් මතක නෑ.) පීප්පයා & අර අනිත් කෙනා සුපුරුදු විදියට ගනන් හදන්න පටන් ගත්තා. ටියුනින් නැති වෙලාවට උන් දෙන්න තමා ගනන් හදන්නේ. බඩියා තමා සෝයි වැඩක් කර කර හිටියේ.
බඩියාට Biology විතරයි set වෙන විසයකට තිබුනේ. මෙයාට අනිත් විසයන් 2ම set වෙන්නෑ.(ගනන් නිසා) Computer ගැන මෙයාට උපතින් අරන් ආපු සහජ දැනුමක් තියෙනවා. ඒවා වලින් නම් මෙයා ඕන එකෙක්ට challenge කරයි. ඉතින් අර අනිත් විසයන් තියෙන දවස් වලට ගොඩක් වෙලාවට වෙන වැඩ තමා කරන්නේ.
මන් කලින් පරිසර society කතාවෙන් කීවනේ බඩියා mobile එකක් ගත්තා කියලා. මේක දැකලා මටත් ඉන්න බැරිවුනා. කොහොමහරි ණයටත් සල්ලි අරගෙන මමත් phone එකක් ගත්තා. ඒකෙ තිබුනා Diamond Rush කියලා game එකක්. බඩියාට ඕක අල්ලලා ගියා.(බඩියා තමා අපේ පන්තියට phone පිස්සුව බෝ කලේ, ඊට පස්සෙ පන්තියෙ ගොඩක් අය ගත්තා). බඩියා අර set වෙන්නැති විසයන් තියෙන වෙලාවට කරන්නේ පන්තිය පිටිපස්සට ගිහිලා ඔය game එක ගහන එක. දවසක් chemistry teacher ට වැඩේ මාට්ටු, ඒත් ඉතින් බඩියා තමන්ගෙ පුරුද්ද අත ඇරියෙ නෑ.
ඉතින් එදා නැන්දා ඉන්න වෙලාවෙත් මෙයා ඔය වැඩේ තමා කර කර හිටියේ. එවෙලේ එන කට්ටිය ටිකක් අඩු වෙලා හිටියේ, ඉතින් නැන්දා අර results sheet එක අරගෙන අපිටත් ඕක පැහැදිලි කරනවා, එතන ඉන්නවා කට්ටියම බඩියා හැර. මිනිහ දන්නෙ නෑ පන්තියෙ මෙහෙම වැඩක් යන බව, අපි දන්නෙත් නෑ බඩියා මෙතන නැති බව. ඕන් ඉතින් සැහෙන වෙලාවක් අරක විස්තර කර කර හිටපු නැන්දා පොඩ්ඩක් පන්තිය පිටිපස්ස දිහා බැලුවා. ආයෙ මොනවද මේන් ඉන්නවා බඩියා, හෝ ගාලා game ගහනවා phone එකත් desk එක උඩ තියාගෙන. අපිත් දැක්කේ එවෙලෙ තමා. බඩියා දන්නෙ නෑ නැන්දා බලාගෙන ඉන්නෙ කියලා මිනිහගෙ සම්පූර්ණ අවධානය game එකෙ.
අපිට හොදටම හිනා. හිනා වෙන සද්දෙට තමා බඩියා බැලුවෙ, මෙයා නැන්දා දිහා බලාගෙන ඇඹරෙනවා. අනේ ඉතින් නැන්ද මොකුත් කීවෙ නෑ,"අනේ........ පුතේ........." කියලා කීවා එච්චරයි.(එයාගෙ හැටි එහෙම තමා, ඕන වැරැද්දකට ඔහොම තමා කියන්නේ. එයා ඇල් වතුරත් නිවල බොන කෙනෙක්).
ඊට පස්සෙ නැන්දා පන්තියෙන් ගියා කියමුකෝ. ටික වෙලාවක් යනකල් ඉඳලා බඩියා අහපි," ඒ නැන්දා මොනවද බන් අර කියලා ගියේ........" කියලා. එතකොට තමා අපිට තේරුනේ, බඩියා නැන්දගේ මූන දිහා බලාගෙන ඇඹරෙන ගමනුත් කරලා තියෙන්නෙ මොකක්ද කියලා.......
ඉතින් මේ බඩියා කවදා හැදෙයිද?
1 comment:
hikz.. mage type eke kollek.. :P
Post a Comment