
මේ කතාව ඊයෙ පෙරේද සිදුවුන දෙයක්.අපේ බඩියා ඉස්කෝලෙ අදියාපනෙ අහවර වෙලා, උසස් අදියාපනේ කොරනවනේ. මූ කොලඹ රටේ තියෙන ලොකු කොම්පියුටර් උගන්වන තැනක උපාධියක් කොරනවා. ඒකට ගණන් ඉගෙන ගන්නත් ඕනෙලූ. මූට ගණන් කියන්නේ, අර නයාට අඳුකොල වලටත් වඩා set වෙන්නැති එකක්. මූ මේ ටිකේම නහයෙන් අඬ අඬා හිටියේ ගණන් තියෙනවා කිය කිය. මන් කීව "උඹ කාගෙන් හරි අහගනින්කෝ"කියලා. ඒකත් හොඳ ideas එක කියලා මූ ගෙවල් ලඟ ඉන්න එක ගණන් පිලිබඳ මහාචාරිය බුවෙක්ට එන්න කියලා තිබුනා.
මූට ඉස්කෝලෙදි කීවෙ කුරුකුරුවා කියලා. මුගෙ වැඩේ ඕන දේකට කුරුකුරු ගාන එක. මෙයා ඇවිල්ලා දාහකින් හොයා ගන්න බැරි පොරක් මූට එන්නත් කටු & panadol පේන්න බෑ කලන්තෙ දානවා.
දවසක් මායි බඩියයි skype call එකක ඉද්දී මූ ආවා බඩියට ගණන් උගන්වන්න. මාත් දැන් උසස් අදියාපනේ කොරනවනේ. මටත් ඕවා තියෙනව. මේ ගණන් කියන්නේ අර අනුකලනය & අවකලනය කොටස් දෙක. ඒ නිසා මන් බඩියට කීවා"මචන් මටත් ඕව තියෙනවනේ, උඹ ඉගෙනගනින් call 1 cut කරන්න එපා. එතකොට මටත් ඇහෙනවනේ" කියලා.මෙතන ඉඳන් උන් දෙන්නා අතරෙ ඇතිවුන මට ඇහුන දෙබස තමා මන් කියන්නේ. මාත් උන් කියන ඒවා ඉක්මනට ලියාගත්තා.
බඩියා: ඒ බලහන් බන් මේ තව අලුතෙන් ගණන් ටිකක් දුන්නනේ, මේවා හදාගෙන යන්න ඕනෙ ඕයි.
කුරුකුරුවා: ඉතින් හදමු, මේවා ලේසි ඒවනේ බන්.
කෝ දියන් බලන්න, paper එක.
බුඩියා:අහ්.......... මෙන්න.
කුරුකුරුවා: ඒ....... මොනවද බන් මේව. ඉන්ගිරිස් වලින්නේ බන් තියෙන්නේ මට ඒවා බෑ නේ. මන් ගාන බලල උඹට හදන හැටි කියන්නම්.
බඩියා: හා
කුරුකුරුවා: අපෝ මේවා ලේසිනේ බන්, මේකෙ තියෙන්නෙ theata වශයෙන් අවකලනය කරන්න. මෙහෙමයි කරන්නෙ.(ලියන සද්දෙ විතරක් ඇහෙනවා විනාඩි 5 කට විතර පස්සෙ) මේ තියෙන්නෙ මෙහෙමයි හදන්නෙ.
බඩියා: හ්ම්
කුරුකුරුවා: මේකෙ තියෙන්නෙ x වල ශ්‍රිතයක් දෙන්න. මෙහෙමයි කරන්නේ.(ආයෙ ලියන සද්දේ විතරයි ටිකකින්.........)
බඩියා: මට ඕවා ඕනෙ නෑ බන් අවකලනය අනුකලනය විතරක් තිබුනම ඇති. ගණන්15ද කොහෙද හදන්න තියෙන්නේ.
කුරුකුරුවා: ඉතින් උඹට ඒ ගණන් 15 හදන්න ,තව ගණන් 200ක් විතර හදල පුරුදුවෙන්න ඕනේ. අවුරුදු5ක experience නෙ බන් අපිට තියෙන්නේ. අපි වගේ එකෙකුගෙන් අහගනින්. මේ ඊලඟ එක බලපන්,
බඩියා: හා.
කුරුකුරුව: මේකෙ තියෙන්නෙ නිශ්චිත අනුකලනයක් කරන්න මෙහෙමයි( ලියන සද්දෙ විතරයි)
බඩියා: හ්ම්.
කුරුකුරුවා: මේකෙ තියෙන්නෙ 3x අනුකලනය කරල ෆයි සිට 0 දක්වා අගයන් දෙන්න. මේකෙ f(x) ශ්‍රිතය හා x ඛණ්ඩාංකය අතර වර්ගඵලය හොයන්න. මේකෙ f(x) ශ්‍රිතය 3 වරක්.....................
මන් එතනදි call එක cut කලා. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ. මන් පහුවෙනිදා බඩියගෙන් ඇහුවා "ඒ උඹට ඊයෙ අරූ කියල දුන්න ඒවා තේරුනාද" කියලා. බඩියා කියනවා "මොන පිස්සුද බන් මෙලෝ දෙයක් තේරුනේ නෑ, අන්ඩර දෙමල ඔයිට වඩා තේරෙනවා" කියලා.
මට හිතුනා ලියාගත්තු මෝඩකන් කියලා. පස්සෙ තමා මේකෙන් කතාවක් ලියන්න හිතුනේ. මන් ලියාගත්තුවා මටත් මෙලෝ හසරක් තේරුනේ නෑ. අපේ ගෙවල් ලඟ ඉන්න, අපේ ඉස්කෝලෙම තම්බියා සහෝදරයා නැති වෙන්න මට මේක ඔයාලට ලියන්න වෙන් නෑ. මට තේරුනේ නැති නිසා. ඉතින් මට ගණන් ටික තේරුම් කරල දුන්න තම්බියාට මගේ හද පිරි පරනාමය.
3 comments:
ඔක තම කියන්නෙ කොන්දොස්තර වෙන්න ඉගෙන ගත්තම ඔවා බෑහෑ කියල..
@උදාරයා:
ඔතන අවුල තියෙන්නේ අහන් හිටපු එකාගෙ නෙමේ, කියලා දුන්න එකාගෙනෙ.:P
hikz...
Post a Comment