Wednesday, September 29, 2010

අනේ කාලේ වනේ වාසේ

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර

මේ කතාව ටිකක් අමුතු කතාවක්. ඔය ළමයි විස්වාස කොරයිද දන්නෙත් නෑ. ඒත් මන් කියන්නම් මේකත් ඇත්ත කතාවක් තමා.

මේක වුනේ මීට මාස කීපයකට උඩදී, දුරින් මගෙ නෑ වෙන කෙනෙකුට. මෙයාට ගමේ කියන්නේ(ගමේ කීවට මේ කොලඹ රටේ පොරක් හොඳේ, මිනිහා ඉන්න පැත්ත ගම වගේ තමා. ඒ තරමට ඩොටේ, කොලඹ වුනාට) නිකම් බාස් කියලා. මන් තාම හොයාගෙන යනවා මොකද එහෙම කියන්න හේතුව කියලා. කොහොමහරි මේ මනුස්සයා ඒරොප්පේට යන්න ලෑස්ති වුනා.(ඒරොප්පෙ කීවට සයිප්‍රස් රටට හොඳේ). මෙයාලගේ පියතුමා job එකක් කලෙත් ඔය රටේ තමා. ඒක නිසා තමා ‍රැකියාවක් සොයාගෙන මෙයත් යන්න හැදුවේ.

ඕක සෙට් වෙන කොට මිනිහ කවදාවත් පිටරට ගිහිල්ලා නෑ, ඊට කලින්. තනියෙන් යන්නත් බයයි වගේ කියලා තව කට්ටියකට set වෙන්න තීරනය කරලා. ඕං ඉතින් හොයල හොයල set වෙලා තියෙන්නේ මෙහෙ ඉඳන් ඒ රටට(සයිප්‍රස්)යන music group එකකට.ඔය group එකේ හිටියලු ලංකාවේ පරසිද්ද නව පරපුරේ ගායකයෙකුත්,(මේ ගායකයා sirasa super stars එකේ මුල හරියෙදීම වැඩේ අනාගෙන අයින් වුනාලු. ඊත් ඊට පස්සෙ මිනිහා super staras ලට වඩා පරසිද්ද වුනා. මිනිහා කවුද කියා දන්නෝ දනිති.)

ඉතින් අපේ නිකම් බාස් දහසක් බලාපොරොත්තු පොදිබැද ගෙන රට යන වැඩේට ලෑස්ති වෙලා. රට ඉන්න පියතුමාට ගෙනියන්න කරවල, පැනි රස ජාති, පොලොස් ඇඹුල්, මාලු ඇඹුල් තියල් වගේ බඩු ගොඩක් ලෑස්ති කරගත්තලු. බර සීමාවට ලංවෙන්නම බඩු තිබිලා. මිනිහගෙ ඇඳුම් වලට වඩා අනම් මනම් වැඩිලූ ඕං.

ඔන්න රට යන දවස ඇවිල්ලා මිනිහා උදේ පාන්දරින්ම නැගිටලා සියලු වැඩ කටයුතු කරගෙන, airport එකට යන්න පිටත් වෙලා. port එකෙදී අර ගායකයත් හොයාගෙන, දැන් ඉතින් time එක එනකල් ඉන්නවලු. තව පැය 2 ක් විතර තියෙනවලූ flight එකට.

කලින් දවසෙ රෑ අපේ ගායකයට show එකක් තිබිලා. මිනිහ සුපිරි නිදිමතේ ඉඳලා තියෙන්නේ. port එකට ආපු වෙලේ ඉඳන් පු‍ටුවකට වෙලා මෙයා සිහින ලෝකේ මී පැනි ගංගාවේ ඇඟ හෝදනවලු. නිදා ගන්න කලින් මිනිහා නිකම් බාස්ට කීවලු "මල්ලී මන් 10 පාරක් විතර පිටරට ගිහින් තියෙනවා, බය වෙන් නැතුව ඉන්න කියලා". මේ නිසා අපේ නිකම් බාසුත් ඔහෙ බලාගෙන හිටියලු.(නිකම් බලාගෙන හිටියා කියලා ගෙදර අයට කීවට, විස්වාසදායක ආරංචි මාර්ගයකට අනුව මෙයා සුදු කෙල්ලෙක්ට radar එක දාගෙන ඉඳලා තියෙන්නේ) මෙහෙම ඉද්දී ඕං නිකම් බාස්ටත් නින්ද ගිහිල්ලා. මෙයත් සිහින් ලෝකෙ අර කෙල්ලත් එක්ක රස්තියාදු ගහනවලූ.

දැන් නිකම් මිනිහට හීනෙන් වගේ ඇහෙනවලූ කවුද කතා කරනවා. මෙයාට එක පාරට ඇහැරිලා බලද්දී port එකේ security කෙනෙක් මිනිහට කතා කරනවලූ. නිකම් බාස් ඉස්සෙල්ලම අහල තියෙන්නේ flight එක ගැන. එතකොට security කීවලූ "අපෝ මහත්තයා දැන් ඒක ගිහින් පැය 4කටත් වැඩියි. දැන් ඒක Dubai වල ඇත්තේ කියලා". ඒක අහපු ගමන් අපේ නිකම් බාස්ට ඉන්න දෙයියෝ 33කෝටියම මතක් වුනාලු. අපේ ගායකයා තාම නිදිලූ.

නිකම් බාස් තමා මිනිහව අහැරවලා තියෙන්නේ, මිනිහට සීන් එක කීවට පස්සේ මිනිහා කියනවලූ,"ඔහෙ කමක් නෑ, මල්ලී මොනවා කරන්නද, ඔන්න ඔහෙ තව ටිකක් නිදාගෙන හවස් වෙලා අපි ගෙදර යමු" කියලා. එහෙම කියලා ආයෙ අනිත් පැත්තට හැරිලා නිදාගෙන. නිකම් බාස්ට ගායකයගෙ අම්ම මතක් වෙලා මිනිහා කියපු එකට.

ඒත් ඉතින් පව් කියලා නිකම් බාස් ගායකයවත් අරගෙන, ඕං හවස් වෙද්දී ආයෙ ගෙදර එනවලූ හවස් වෙලා. ගෙදර මිනිස්සු full හොල්මන්. වෙච්ච සිද්දිය ඇහුවට පස්සෙ කට්ටියටම හතර හිනාලු ඕං. ඊට පස්සේ ආයේ තව මාස 5 කින් විතර නිකම් බාස් රට ගියා, මේ සැරේනම් මිනිහා සයිප්‍රස් වලට යනකම්ම නිදා ගන්නව තියා හිතුවෙවත් නෑලු.

ඕං ඉතින් අපේ සිරි ලංකාවේ අබුද්දස්ස කාලෙට වෙන දේවල්.

Monday, September 27, 2010

බඩියා playing games

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර

ටික දවසකට පස්සෙ ආයෙ කතාවක් ලියන්න හිතුනා. මේකත් ඉස්කෝලෙ කතාවක් තමා. මේක අපේ බඩියා ගැන.

මේ සිද්දිය වෙන දවස් වල අපි12 වසරෙ, 13 හිටපු අය exam 1ට යන්න කලින් teachersලට වැඳල යන්න එනවා. ඔය දවස් වල අපිට ඉගෙනීමක් නෑ. එදා අපේ පන්තියට ඇවිල්ලා හිටියේ නැන්දා. එයා වඳින්න එන අයට ගිය අවුරුද්දේ results sheet එකක් පෙන්නල, මෙහෙමයි අපේ ඉස්කෝලෙ අය pass වෙලා තියෙන්නේ, ඔයාලත් එහෙම කරගන්න ඕනෙ කියලා, කියල දෙනවා.

ඔහොම ඉතින් කාලය ගලා යනවා. කෑම කන වෙලාවත් පහුවුනා. ඊට පස්සෙත් කට්ටිය නවතින පාටක් නෑ. කෑම වෙලාවට පස්සෙත් නැන්දා ආවා, එයා එයාගෙ වැඩ කටයුතු, අපි අපේ වැඩ කටයුතු. දැන් ඔයාලා බලයි මොනවද අපේ වැඩ කටයුතු කියලා. මෙහෙමයි.

එදා පන්තියෙන් ඇවිල්ලා හිටියේ මන්, සෝනාර්, බඩියා & පීප්පයා විතරයි.(තව කෙනෙකුත් හිටියා). මට ඉතින් කරන්න විසේස වැඩක් නැති නිසා සුපුරුදු පරිදි සෝනාර් එක්ක වාදයක් පටන්ගත්තා.(මොකක් ගැනද කියලා මට දැන් මතක නෑ.) පීප්පයා & අර අනිත් කෙනා සුපුරුදු විදියට ගනන් හදන්න පටන් ගත්තා. ටියුනින් නැති වෙලාවට උන් දෙන්න තමා ගනන් හදන්නේ. බඩියා තමා සෝයි වැඩක් කර කර හිටියේ.

බඩියාට Biology විතරයි set වෙන විසයකට තිබුනේ. මෙයාට අනිත් විසයන් 2ම set වෙන්නෑ.(ගනන් නිසා) Computer ගැන මෙයාට උපතින් අරන් ආපු සහජ දැනුමක් තියෙනවා. ඒවා වලින් නම් මෙයා ඕන එකෙක්ට challenge කරයි. ඉතින් අර අනිත් විසයන් තියෙන දවස් වලට ගොඩක් වෙලාවට වෙන වැඩ තමා කරන්නේ.

මන් කලින් පරිසර society කතාවෙන් කීවනේ බඩියා mobile එකක් ගත්තා කියලා. මේක දැකලා මටත් ඉන්න බැරිවුනා. කොහොමහරි ණයටත් සල්ලි අරගෙන මමත් phone එකක් ගත්තා. ඒකෙ තිබුනා Diamond Rush කියලා game එකක්. බඩියාට ඕක අල්ලලා ගියා.(බඩියා තමා අපේ පන්තියට phone පිස්සුව බෝ කලේ, ඊට පස්සෙ පන්තියෙ ගොඩක් අය ගත්තා). බඩියා අර set වෙන්නැති විසයන් තියෙන වෙලාවට කරන්නේ පන්තිය පිටිපස්සට ගිහිලා ඔය game එක ගහන එක. දවසක් chemistry teacher ට වැඩේ මාට්‍ටු, ඒත් ඉතින් බඩියා තමන්ගෙ පුරුද්ද අත ඇරියෙ නෑ.

ඉතින් එදා නැන්දා ඉන්න වෙලාවෙත් මෙයා ඔය වැඩේ තමා කර කර හිටියේ. එවෙලේ එන කට්ටිය ටිකක් අඩු වෙලා හිටියේ, ඉතින් නැන්දා අර results sheet එක අරගෙන අපිටත් ඕක පැහැදිලි කරනවා, එතන ඉන්නවා කට්ටියම බඩියා හැර. මිනිහ දන්නෙ නෑ පන්තියෙ මෙහෙම වැඩක් යන බව, අපි දන්නෙත් නෑ බඩියා මෙතන නැති බව. ඕන් ඉතින් සැහෙන වෙලාවක් අරක විස්තර කර කර හිටපු නැන්දා පොඩ්ඩක් පන්තිය පිටිපස්ස දිහා බැලුවා. ආයෙ මොනවද මේන් ඉන්නවා බඩියා, හෝ ගාලා game ගහනවා phone එකත් desk එක උඩ තියාගෙන. අපිත් දැක්කේ එවෙලෙ තමා. බඩියා දන්නෙ නෑ නැන්දා බලාගෙන ඉන්නෙ කියලා මිනිහගෙ සම්පූර්ණ අවධානය game එකෙ.

අපිට හොදටම හිනා. හිනා වෙන සද්දෙට තමා බඩියා බැලුවෙ, මෙයා නැන්දා දිහා බලාගෙන ඇඹරෙනවා. අනේ ඉතින් නැන්ද මොකුත් කීවෙ නෑ,"අනේ........ පුතේ........." කියලා කීවා එච්චරයි.(එයාගෙ හැටි එහෙම තමා, ඕන වැ‍රැද්දකට ඔහොම තමා කියන්නේ. එයා ඇල් වතුරත් නිවල බොන කෙනෙක්).
ඊට පස්සෙ නැන්දා පන්තියෙන් ගියා කියමුකෝ. ටික වෙලාවක් යනකල් ඉඳලා බඩියා අහපි," ඒ නැන්දා මොනවද බන් අර කියලා ගියේ........" කියලා. එතකොට තමා අපිට තේරුනේ, බඩියා නැන්දගේ මූන දිහා බලාගෙන ඇඹරෙන ගමනුත් කරලා තියෙන්නෙ මොකක්ද කියලා.......
ඉතින් මේ බඩියා කවදා හැදෙයිද?

Saturday, September 18, 2010

සුපර් STAR

2දෙනෙක්ගෙන් ප්‍රතිචාර
සුපර් STAR

ලංකාවේ ඉන්න ඕන කෙනෙක් දන්න... කියන වචනයක් තමයි,මේ "සුපර් STAR" කියන්නෙ..
මුලු තුනේ නාලිකාවක් ඉස්ස ඉස්සෙල්ලම,නම්බු පිට ඔබාමා දේසෙන් COPY කොරන් ආපු මේ වැඩේ,
අනික් "වාහිනී" ද අධාර කොර ගෙන නැගලා ගිය තරම කොච්චරද කියනවා නම්...
දැන් ගහක් ගහක් ගානේ පොල් කඩන එකත්. ,
ගස් යට මල් කඩපු එකත් ,
( -------) STAR ල ලු,
කොහොම උනත් ඒ වැඩේ ට කට්ටිය පුදුම කට්ටක් නොවැ කන්නෙ,
ඉතින් මේ කතාව ඒ විදියෙ සුපර් STAR ලා ගැන නෙමෙයි.....

ඊයේ පෙරේදා වුණ දෙයක් ගැන...පසු විපරමක්...




හරියටම කියනවා නම් මේ වැඩේ උනේ 2010.09.14 වැනිදා.වැඩ දවසක් නිසා එදාත් වෙනදා වගේම ලංකාවෙ එපාම කරපු දවසක්..
ඉතින් මෙහෙම traffic එකේ කට්ට කන අයට choon පාරක් දෙන්න නේ FM ..ලා ඉන්නේ...
ඉතින් මෙහෙම choon පාර දාන ගමන්ම රටේ කුණු ත් ඔළුවට මුන් දාන එක උන් ගේ DUTY ය ලු නේ....
ඒ වගේ දාපු එකක් තමයි මේකත්...
"මෙන්න දැන් ලැබුන විශේෂ ප්‍රවෘත්තියක්.......
කොළඹ විහාර මහා දේවී උද්‍යානය තුළ නඩත්තු කටයුතු සදහා අටවා තබන ලද අට්ටාලයක් උඩට පුද්ගලයකු නැගී උපවාසයක් අරඹා ඇත...උපවාසයක් සදහා හේතු කාරණා. තවම පැහැදිලි නැති අතර...ect.."
ඉතින් මේ ටික ඇහෙනකොට කොළඹ විහාර මහා දේවී උද්‍යානය ළග පාත හිටපු උන් JOBa ට සෙට් වෙන එකත් පැත්තක දාලා..කොළඹ විහාර මහා දේවී උද්‍යානයට දුවල..
දැන් ඔක්කොම උන් උඩ බලන් ලු...උඩ ඉන්න මිනිහා බිම බලන් ලු...වටේ ඉන්න උන් ට Magic ලු..

"වාහිනී,මහගෙවල්,තුම්මුලස්,කොම්බුවෝ"ඔක්කොලම එතන ඉදන් වටේ ට ම ආවරනය කොරනව ලු.
බිම ඉන්න උන්,පැය ගානක් television එකට මූණ දා ගන්න දගලපු හැටි.........
අනේ
පැය ගාණක් අට්ටාලෙ උඩ ඉදලා අන්තිමට ඒ මිනිහාව බිමට ගත්ත,ඉල්ලීම් ලැබීම කෙසේ වෙතත් 29 වෙනිදා වෙනකන්...මහ උළු ගෙදර ලු..කොරපු වරද පොදු ජනතාව ගේ කටයුතු වලට බාධකාරී ලෙසට හැසිරීම ලු...
ඒත් මිනිහා හිටියෙ අට්ටාලය උඩ...(අඩි ගානක් උඩ)

"සුපර් STAR" කෙනෙක් වෙලා..
(මිනිහට එදා ලැබුන එකම දේ ඔච්චරයි...)
මොකද.මිනිහා අට්ටාලේ උඩ දාපු සෙල්ලම් විනාඩි 10න් 10ය TV 1කේ යනකොට....
එක දවසෙන් "සුපර් STAR" නොවී තියේවිද?..
මේ වගේ බුද්ධිමත් වැඩ ඉල්ලීම් ලබා ගන්න තව තවත් කරපියව් අපි ගානේ publicity කියලා මාධ්‍ය තව තවත් මේ වගේ දේවල් හරහා ඔප්පු කරනවා.....
ජනතාව දැනුවත් කලයුතු දෑ බොහොමයක් පසක ලා..මෙවැනි දේ කෙරෙහි ම ජනතාව වැඩියෙන් නැඹුරු කිරීමට වෙර දරනා "වාහිනී"සියල්ලටම මගේ ප්‍රනාමය..
"කල වැඩේ වැරදි නම් එවැන්නකට අනුබල දීමද කල යුතු වන්නේ.........."

Thursday, September 16, 2010

ආච්චිගේ Baldiya Chapter 2

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර

මන් ආච්චිගේ Baldiya Chapter 1 කතාවෙන් කීවනේ අපි ආච්චිගේ උත්සවයට ready වුන හැටි. මන් මේ කතාවෙන් කියන්න යන්නේ අපි ඒ උත්සවය පවත්වපු හැටි.

අපි ඕං පහුවෙනිදා උදේ පාන්දරින්ම ඉස්කෝලෙට සම්පරාප්ත වුනා. උත්සවේ වැඩ ටික ready කරගන්න. එදානම් අච්චී වෙලාවට අවිල්ලා හිටියා. ඒ වෙලාවෙත් meeting පාරක් තියලා, වැඩ ටික කරන්න කොල්ලො ටික group කලා. මට හම්බවුනේ ආහාර අංසය ආයෙ මොනවද ඉබ්බ දියට දැම්මා වගේ තමා. සෝනාර්වත් මේකට වැ‍ටුනා. අපේ අර්ධපාලව දැම්මේ පිලි ගැනීමේ කමි‍ටුවට ආච්චී කියුවේ මූ හැන්ඩියා හින්දා දැම්ම කියලා, එදා තමා අපි දැන ගත්තේ ආච්චීගේ ඇස් පේන්නෙත් නෑ කියල.

මමයි සෝනාරුයි(බඩියත් set වුනා, කෑම කොතනද ඌ එතන)එන අයට දෙන කෑම මොනවද කියලා discuss කොලා. ඊට පස්සෙ තීරනය කලා එන ඉස්කෝල වල එවුන්ට බනිස් & කිරි packet දෙමු කියලා(class යද්දී අපේ ජාතික ආහාරයනේ). ඊට පස්සෙ ටක් ගාලා town 1ට ගිහිල්ල බනිස් & කිරි packet order කලා. වඩිපුරත් 20 ක් විතර order කලා.(ඒව අපිට. මුදල් පුරස්න නෑ. ඒවා ආච්චී ගානෙ).

town ගිහිල්ලා ආයේ ඇවිල්ලා වැඩ වලට උදව් කර කර ඉන්න කොට ආච්චී දුවගෙන ඇවිල්ලා කියපි මටයි සෝනාර්ටයි, ආරාධිත අමුත්තො වගයක් එනවා එයාලට උදේටත් කන්න තියන්න ඕනෙ කියලා.මන් ඇහුව එයාලට මොනවද දෙන්නේ කියල, මේක පරිසර case එකක්නේ, ආච්චී කීවා උදේ නිසා කිරිබත් දෙමු කියලා. දැන් හොයපන්කො කිරිබත්. අමුත්තො 5දෙනෙක් එනවලූ. අපේ ඉස්කෝලෙ තියෙන දිස්තිරික්කුවෙ ඉන්න ඇමති දේසපාලුවෙකුයි තව ලොකු පොර ඇත්තො4 දෙනෙකුයිලු එන්නෙ, ඉතින් හොඳට තියෙන්න ඕනනෙ. මොනව කොරන්නඩ ආයේ ඇද්දා town 1ට.

කිරිබත් කන්න ඕන කරන ඔක්කොම ඒවා හොයගත්තා එකක් ඇර. ඒ තමා කෙසෙල් ගෙඩි එවෙලෙ හෙන උදේනෙ කඩවල් වහල. ඉතින් කෙසෙල් ගෙඩි හොය හොය යද්දී දැක්කා fruit කඩයක් ඒකෙත් කෙසෙල් ගෙඩි ඇර අනික් පලතුරු සේරම තියෙනවා. දැන් පරක්කුත් එක්ක. කෙසෙල් ගෙඩි වලට පස්සෙ ගනන් අඩුවෙනම තිබ්බෙ ගස්ලබු(පැපොල්), මන් සෝනාර්ට ideas 1 දැම්ම ගස්ලබු ගෙනියමු කියලා. මූ කියනවා "යකෝ කිරිබත් එක්ක ගස්ලබු කන සිරිතක් නෑ" කියල. මන් කිව්වා එහෙනම් "අද ඉඳන් සිරිත පටන්ගමු" කියලා, ආයෙ මොනවද ගස්ලබුත් අරගෙන ඉස්කෝලෙට ආවා.

අපි එද්දී වැඩේ පටන් අරගෙන අපි හෙමීට stage 1 පිටිපස්සෙ තිබුන room එකට රිංගුවා. එතන තමා කෑම දෙන්න ලෑස්ති කොරල තිබුනෙ. දැන් අපි දඩ බඩ ගාලා කෑම මේසෙ හදනවා. ඔය අස්සෙ ඇහෙනවා උලමෙක් සින්දුවක් කියනවා වගෙ සද්දයක්, මන් එලියට ඇවිත් බලද්දී මේන් බොලේ ආච්චී සින්දුවක් කියනව stage එකෙ. අපිට පන යන්න හිනා. මේකයි වෙලා තියෙන්නේ, අමුත්තෝ පිලිගන්න සින්දුවක් set කොරල තිබුනා. ඒක කියන්න දීලා තිබුනෙ පොඩි එවුන් කීප දෙනෙක්ට. සති2න් උන්ට ඒක පාඩම් කරගන්න බැරි නිසා, සින්දුව tape කරල CD එකක් ගහල තිබුනෙ, ඒක play වෙද්දි උනුත් කියනවා.

sound operater විදියට ඇවිල්ල තිබුන එකා හැට පැනපු වල පයයි ගොඩ පයයි මිනිහෙක්. ඌට මොන sound operating ද. මූ කොහොමහරි වරද්දලා දාල තින්නෙ සින්දුවෙ music විතර තියෙන කොටස. music යනවා පොඩි උන් ඇඹරෙනවා, වැඩේ කෙලවෙන බව දැකලා ආච්චී stage1ට නැගලා සින්දුව කියලා.

සින්දුව කියලා ඉවරවෙලා ආච්චී ආවා කෑම මේසෙ බලන්න. ගස්ලබු දැක්ක විතරයි මෙයාට යකා ආවෙස වුනා"ඇයි යකෝ කිරිබත් එක්ක ගස්ලබු තියන්නෙ මොන රටේද?" කියල ඇහුවා. මන් කීවා "මේ රටේ" කියලා ඒකට තව දෙකක් අහ ගත්තා. කොහොමහරි ගස්ලබු ගේන්න හේතුව කියලා ආච්චීව shape කොලා. ඊට පස්සෙ තමා දැක්කෙ හකුරු මේසෙට තියල නෑ කියලා. හකුරු ලොකු බෑවක් තිබුනේ මේක කපන්න එපායැ. ඉතින් අලි මන්න පිහියක් ගෙනල්ල කපන්න ගත්තා. මොන කපනව තියා හිතන්නවත් බෑ, පරන ඒවද කොහොද, try කරල බැරිම තැන හොඳට අත උස්සල හකුරු බෑවට පත බෑවා ඩෝන්................ ගාලා. කෑලි දෙකකට කැඩුනා. කෑලි 5කට කපන්න ඕනනේ. 5 ස් පාරක් ගැහුවා. ආච්චී දුවගෙන ඇවිත් අහනවා "උඹල ඔතන මරා ගන්නවද?" කියලා. ඉස්සරහට හෙන සද්දෙට ඇහිලා.

ඉතින් කොහොමහරි උදේ කෑම වෙලාව ඇරඹුනා. අමුත්තො ටික කිරිබත් කෑවා. එකෙක් ගස්ලබු දිහා අහැක් ඇරල බැලුවෙ නෑ නොවැ. කට්ට කාලා ගෙනාපු මෝඩකන් කියල හිතුනා. නොදෝමකින් මුන්. ඊට පස්සෙ ඉතින් වෙන විසේස දෙයක් නැතුව උත්සවය නැගල ගිය. අන්තිමට ඉතින් සභා තොමෝ සතුටින් විසිර ගියහ.

විසිර ගියාට පස්සෙ තමා අපේ රාජකාරිය තිබුනේ. අහාර අනුභවය. කාගෙන කාගෙන ගියා. පස්සෙ ඇවිදගන්නත් බැරුව හිටියා. පස්සෙ දවසක සෝනාර් මගෙන් අහනවා"ඒ උඹලා එදා කෑවද බන්? මන් ගස්ලබු ලෙල්ලක්වත් දැක්කෙ නෑනෙ කියලා". මන් සද්ද නැතුව හිටියා.වෙන මොනව කොරන්නද .පව් අපේ සෝනාර්.


බඩියාගේ ගණන් පාඩම

3දෙනෙක්ගෙන් ප්‍රතිචාර

මේ කතාව ඊයෙ පෙරේද සිදුවුන දෙයක්.අපේ බඩියා ඉස්කෝලෙ අදියාපනෙ අහවර වෙලා, උසස් අදියාපනේ කොරනවනේ. මූ කොලඹ රටේ තියෙන ලොකු කොම්පියුටර් උගන්වන තැනක උපාධියක් කොරනවා. ඒකට ගණන් ඉගෙන ගන්නත් ඕනෙලූ. මූට ගණන් කියන්නේ, අර නයාට අඳුකොල වලටත් වඩා set වෙන්නැති එකක්. මූ මේ ටිකේම නහයෙන් අඬ අඬා හිටියේ ගණන් තියෙනවා කිය කිය. මන් කීව "උඹ කාගෙන් හරි අහගනින්කෝ"කියලා. ඒකත් හොඳ ideas එක කියලා මූ ගෙවල් ලඟ ඉන්න එක ගණන් පිලිබඳ මහාචාරිය බුවෙක්ට එන්න කියලා තිබුනා.
මූට ඉස්කෝලෙදි කීවෙ කුරුකුරුවා කියලා. මුගෙ වැඩේ ඕන දේකට කුරුකුරු ගාන එක. මෙයා ඇවිල්ලා දාහකින් හොයා ගන්න බැරි පොරක් මූට එන්නත් ක‍ටු & panadol පේන්න බෑ කලන්තෙ දානවා.

දවසක් මායි බඩියයි skype call එකක ඉද්දී මූ ආවා බඩියට ගණන් උගන්වන්න. මාත් දැන් උසස් අදියාපනේ කොරනවනේ. මටත් ඕවා තියෙනව. මේ ගණන් කියන්නේ අර අනුකලනය & අවකලනය කොටස් දෙක. ඒ නිසා මන් බඩියට කීවා"මචන් මටත් ඕව තියෙනවනේ, උඹ ඉගෙනගනින් call 1 cut කරන්න එපා. එතකොට මටත් ඇහෙනවනේ" කියලා.මෙතන ඉඳන් උන් දෙන්නා අතරෙ ඇතිවුන මට ඇහුන දෙබස තමා මන් කියන්නේ. මාත් උන් කියන ඒවා ඉක්මනට ලියාගත්තා.

බඩියා: ඒ බලහන් බන් මේ තව අලුතෙන් ගණන් ටිකක් දුන්නනේ, මේවා හදාගෙන යන්න ඕනෙ ඕයි.
කුරුකුරුවා: ඉතින් හදමු, මේවා ලේසි ඒවනේ බන්.
කෝ දියන් බලන්න, paper එක.
බුඩියා:අහ්.......... මෙන්න.
කුරුකුරුවා: ඒ....... මොනවද බන් මේව. ඉන්ගිරිස් වලින්නේ බන් තියෙන්නේ මට ඒවා බෑ නේ. මන් ගාන බලල උඹට හදන හැටි කියන්නම්.
බඩියා: හා
කුරුකුරුවා: අපෝ මේවා ලේසිනේ බන්, මේකෙ තියෙන්නෙ theata වශයෙන් අවකලනය කරන්න. මෙහෙමයි කරන්නෙ.(ලියන සද්දෙ විතරක් ඇහෙනවා විනාඩි 5 කට විතර පස්සෙ) මේ තියෙන්නෙ මෙහෙමයි හදන්නෙ.
බඩියා: හ්ම්
කුරුකුරුවා: මේකෙ තියෙන්නෙ x වල ශ්‍රිතයක් දෙන්න. මෙහෙමයි කරන්නේ.(ආයෙ ලියන සද්දේ විතරයි ටිකකින්.........)
බඩියා: මට ඕවා ඕනෙ නෑ බන් අවකලනය අනුකලනය විතරක් තිබුනම ඇති. ගණන්15ද කොහෙද හදන්න තියෙන්නේ.
කුරුකුරුවා: ඉතින් උඹට ඒ ගණන් 15 හදන්න ,තව ගණන් 200ක් විතර හදල පුරුදුවෙන්න ඕනේ. අවුරුදු5ක experience නෙ බන් අපිට තියෙන්නේ. අපි වගේ එකෙකුගෙන් අහගනින්. මේ ඊලඟ එක බලපන්,
බඩියා: හා.
කුරුකුරුව: මේකෙ තියෙන්නෙ නිශ්චිත අනුකලනයක් කරන්න මෙහෙමයි( ලියන සද්දෙ විතරයි)
බඩියා: හ්ම්.
කුරුකුරුවා: මේකෙ තියෙන්නෙ 3x අනුකලනය කරල ෆයි සිට 0 දක්වා අගයන් දෙන්න. මේකෙ f(x) ශ්‍රිතය හා x ඛණ්ඩාංකය අතර වර්ගඵලය හොයන්න. මේකෙ f(x) ශ්‍රිතය 3 වරක්.....................

මන් එතනදි call එක cut කලා. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ. මන් පහුවෙනිදා බඩියගෙන් ඇහුවා "ඒ උඹට ඊයෙ අරූ කියල දුන්න ඒවා තේරුනාද" කියලා. බඩියා කියනවා "මොන පිස්සුද බන් මෙලෝ දෙයක් තේරුනේ නෑ, අන්ඩර දෙමල ඔයිට වඩා තේරෙනවා" කියලා.
මට හිතුනා ලියාගත්තු මෝඩකන් කියලා. පස්සෙ තමා මේකෙන් කතාවක් ලියන්න හිතුනේ. මන් ලියාගත්තුවා මටත් මෙලෝ හසරක් තේරුනේ නෑ. අපේ ගෙවල් ලඟ ඉන්න, අපේ ඉස්කෝලෙම තම්බියා සහෝදරයා නැති වෙන්න මට මේක ඔයාලට ලියන්න වෙන් නෑ. මට තේරුනේ නැති නිසා. ඉතින් මට ගණන් ටික තේරුම් කරල දුන්න තම්බියාට මගේ හද පිරි පරනාමය.

Tuesday, September 14, 2010

ආච්චිගේ Baldiya: Chapter 1

1 දෙනෙක්ගෙන් ප්‍රතිචාර


ඕං ඉතින් මේ කථාවත් ඉස්කෝලෙ කාලෙන්ම තමා. අපි A/L පන්තියට ආපු අලුත. මන් පරිසර society Blog 1න් කීවනෙ ආච්චී ගැන. මේකත් එයා අපිට දාපු තව බාල්දියක්.

මේකෙන් තමා ඉස්සෙල්ලම පරිසර case පටන් ගත්තේ. එක දවසක් ආච්චී පන්තියට ඇවිල්ලා කියනවා, අපේ ඉස්කෝලේ, සිරි ලංකාවේ පරසිද්ද ආයතනයකින් එයාලගෙ වාරසික පරිසරය ගැන තියන උත්සවය පවත්වන්න ‍තෝරගෙන කියලා.(මට ඒ උත්සවයේ නම කියන්නනම් බෑ හරි නෑනෙ & එයාල හැම අවුරුද්දෙම එයාලගෙ උත්සවය තියන්න ලංකාවේ මොකක්හරි ඉස්කෝලයක් ‍තෝරගන්නවලු). ඒ කාලේ A/L වලට ආපු අලුතනේ ඒ හන්දා ඕන දේකට මුලු ඇඟම ඉස්සරහට දාගෙන යනවා. මේකෙදි සෝනාර්,බඩියා අරුනම වෙන පන්තිවල හිටිය කීපදෙනෙකුත් ‍තෝරගෙන තිබුනා.

එදත් meeting පාරක් තියලා කෙරෙන්න ඕනෙ දේ විස්තර කලා ආච්චී. මෙලෝ හසරක් තේරුනේ නෑ. අපිට තේරුනේ තව සති2කින් උත්සවය තියෙනව කීව එකයි. ඊට කලින් දවසෙ අවිල්ලා ඒකට ලෑස්ති වෙන්න ඕනෙ කියන එකයි විතරයි

ඕං ඉතින් ඒ කීව දවසෙ අපි ඉස්කෝලෙට උදෙන්ම සම්පරාප්ත වුනා, වැඩේට enter වෙන්න. ආච්චී එදත් සුපුරුදු ලෙස පරක්කුයි. එදා ඉරිදා දවසක් එයා නැතුව ඉස්කෝලෙ ඇතුලට යන්න දෙන්න බෑ කියලා සික්කා uncle බර බරේ දැම්මා. ඉතින් ආච්චී එනකල් එලියෙ පැයක් විතර හිටගෙන කට්ට කෑවා. එදා බඩියා ආවේ නෑ. සෝනාර් පුටාර්(foot bicycle)1කින් ආවේ. ඒක උගෙ bike1 අවසානය ඒක පස්සෙ කියන්නම්.

ආච්චී ආවට පස්සේ අපි set1 වැඩේට enter වුනා. සෝනාර්ට තිබුනෙ ඉස්කෝලෙ ඇතුලෙ වැඩ මූට ලස්සනට අකුරු ලියන්න පුලුවන් නිසා මූට තමා අකුරු ලියන වැඩ සේරම පැවරෙන්නේ.(ඒක කොච්චර මූට එපා වුනාද කියනවනම් මූ අන්තිමට අකුරු කැතට ලියන්න පටන් ගත්ත). මට පැවරුනේ එලියේ වැඩ ඒ කියන්නේ සරසන්න ඕන එව්වා අරන් එන1. මේකට තව කොල්ලො 3දෙනෙක් set වුනා. එයින් එකෙක් තමා අර්ධපාල.මූ අපේ ගෙවල් ලඟ ඉන්න එකෙක්, මූ තරම් බේගල් ඇද බාන එකෙක් මන් මගේ ජීවිතේට දැක්කෙ නෑ. මූ ගැන storyයක් මන් පස්සෙ කියන්නම්.

සරසන්න ඕන කලමනා වලින් හොයාගන්න අමාරු(ඇත්තටම ගේන්න අමාරු) ඒවලට තිබුනේ පුවක් ගස්2යි,කෙසෙල් ගස් කීපයයි, පොල් අතුයි & උණ ගස් ටිකයි. මේවා ටික හොයාගන්න අපිට ඉස්කෝලෙ ලඟ තිබුන ගෙවල් කීපයකට යන්න වුනා.වෙලක් මැද්දෙනුත් යන්න තිබුනා. අනික් ඔක්කොම ඒවා ටික හොයාගත්තත් පුවක් ගස් හොයාගන්න බැරි වුනා. එක ගෙදරකින්වත් දෙන්න කැමති වුනේ නෑ. ඉතින් අපි තීරණය කලා ඉල්ලුවම දෙන්නේ නැත්තම් ninja style 1න් පුවක් ගස් ඉල්ලුම සපුරා ගන්න. ඉතින් අපි හොඳ උස කෙලින් පුවක් ගස් තිබුන වත්තකට පැන්නා. අපේ වෙලාවට ඒ වෙලාවෙ ඒ ගෙදර කවුරුත් හිටියෙ නෑ. ඉතින් අපෙන් දෙන්නෙක් පුවක් ගස් කපනවා දෙන්නෙක් ඔත්තු බලනවා. පොඩි upset 1ක් තියෙන්නේ පුවක් ගහ වැටෙන කොට තමා(සද්දෙ එනවනේ). ඒකට කලේ පුවක් ගහ කපලා, වැටෙන කොටම කොහෙ හරි අස්සකට දුවල ගිහිල්ලා හැංගෙන එක.

ඔය විදියට පුවක් ගස්2ත් හොයාගෙන බඩු ටිකත් කට්ටිය කරේ තියාගෙන වෙල මැද්දෙන් අපි එනවා. අර්ධපාල අතේ තමා පොල් අතු ටික තිබුනේ. මූට අත එකවිදියකට තියාගෙන ඉන්න බැරිකමට ඔය පොල් අතු ටික හොලව හොලව තමා ආවේ. ඕක වෙලේ හිටපු ගොන් නාම්බෙක් දැකලා, ඌ මුගෙ පොල් අත්තක් කටින් අල්ලගත්ත. ඌට පොල් කොල කන්න. ඇද්දා කට්ටියම එකතු වෙලා, වැඩේ හරියන්නේ නෑ ගොනා පොල් අත්ත අත අරින්නෙම නෑ. ඉතින් කොහොම හරි ගොනෙකුත් අරගෙන අපි ඉස්කෝලෙට ආවා. එද්දී ගෙනාපු පොල් අතු වලින් බාගයක් ගොනා කාලා.

මේ වෙලාව වෙද්දී යක්කු 3දෙනෙක් විතර කන්න බඩගිනියි. ඉතින් කන්න ගියා. ඕං එතකොට තමා අපේ සෝනාර් නහයෙන් අඩන්න පටන් ගත්තේ, මිනිහට normal කඩවල් වලින් කන්න බෑ කියලා. මිනිහා රත්තරන් හැන්ද කටේ ගහගෙන ඉපදුනු එකානේ, ඒ නිසා මූට normal විදියට වැඩ කරල පුරුදු නෑ. මෙයා අපේ ඓතිහාසික මීමුරේ trip 1 දිත් රෑට කන්න KFC යමුයි කීවා.

ඉතින් ඕං මිනිහා බඩගින්නේ ඉද්දී අපි බඩ පුරවගෙන ආයේ ඉස්කෝලෙට ආවා. එද්දී සෝනාර්ගෙ මහානුභාව සම්පන්න පුටාර්1ඉස්කෝලෙ හිටපු අනික් එවුන්ගෙ අතට අහුවෙලා, ආයෙ මොනවද වඳුරන්ගෙ අතට දැලි පිහිය අහුවුනාට වඩා හපන්. ඒවෙලේ සෝනාර්ගෙ මූන බලන්න තිබුනේ. හරියට ගල් රෝලකට අහුවෙච්ච පොල් ලෙල්ලක් වගේ. ඉතින් කොහොනහරි පුටාර් 1ත් බේරගෙන(බේරගත්තා වුනාට ඒකෙ නැගල යන්න පුලුවන් කමක් තිබුනෙ නෑ) බලද්දී හවස් වෙලා. වැඩත් සෑහෙන්න ඉවරයි.

ඉතුරු වැඩ ටික පහුවෙනිදා උදේට අවිල්ල කරගන්න පුලුවන් කම තිබුනා. ඉතින් අපි දෙයියනේ කියලා අත පය යහතින් තියාගෙන ඉස්කෝලෙන් චුත වුනා.


පහුවෙනිදා උත්සවය පවත්වපු හැටි ඊලඟ කතාවෙන් බලාගමු.

Trip 2 මීමුරේ : Chapter - 1

4දෙනෙක්ගෙන් ප්‍රතිචාර
පාසල් කාලෙට ඇවිත් ඉන්න වෙලාවෙ මේ කතාවත් කියලම දැම්මනම් හොදයි කියල හිතුනා...දැන් කට්ටියම දන්නවනේ ටි සුනාමි,බඩියා,
මම 3නා ම හිටියෙ එකම Class එකේ කියල.ඉතින් එකාට එකා line අල්ල ගත්තත් සහයෝගෙන් වැඩ කරන වෙලාවට කට්ටිය උපරිමෙන්ම ඒ වැඩෙත් කොරනවා...
ඒ වගේ කට්ටිය උපරිමෙන්ම ඒ වැඩෙත් කොල අවස්ථාවක් තමයි..
"Trip 2 මීමුරේ" ලෙසට දිග අරින්න ලෑස්ති වෙන්නෙ...
ඇත්තම කියනවා නම් මේක Trip එකකට වඩා Mission එකක් වගේ.ඉලක්ක,බාධක කම්කටොලු මැද ලබපු ජයක් ..
ඉතින් ඒ නිසා කොටස් වශයෙන් පල කරා නම් හොදයි, කියල හිතුවා.........
--------------------------------------------------------------------------------------------------
Chapter - 1

-------පාසල් Pola---------




ලංකාවේ හොදම පාසලක් වෙන්න ඕනෙ නම්... (5 star ගණයට) සපුරාලිය යුතු ප්‍රධාන සාධකයක් තමයි,ඒ පාසලට මඩ වලක්(swimming Pool) තිබීම.කොළඹ පාසල් වල තිබුණු මේ ලෙඩේ අපේ ගම් පියසේ තිබුණු පාසල් වලටත් කොළරාව වගේ බෝ උනා...
ඉතින් මේ වගේ වැඩ වලට ප්‍රතිපාදන එකතු කරගන්න ගම් පළාත් වල පාසල් වලින් තියන පලමු වෙඩි මුරේ තමයි "පාසල් Pola"..
ඉතින් මේ වැඩේ හරියටම කරන්න ඕන නිසා වෙන්න ඇති .අපේ විදුහල්පති Creative විදියේ අදහසක් දැම්මා....
ඒ තමයි..වැඩිම ආදායමක් උපයලා දෙන Class එකට කැමති දිහාවක අපේ විදුහල්පති ගානේ ...දවස් 2ක Trip එකක්..
එදා වගේම මේ වෙලාවෙත් අපේ වාසනාවට අපේ පන්තියෙ හිටියේ අපේ JAM...
හැමදාම වගේ ටී සුනාමි ඉස්සර උනා කියුවට එදා ඉස්සර උනේ පිප්පයා.....
(දෙබසින් ම යන්නම්)
පිප්පයා :- සර්!! Trip එකක් ලු....
JAM :-ඔව්,මටත් ඇහුනා.මොකද කියන්නෙ කට්ටිය,Trip එක යන්න මනාපයි ද?
(දැන් පන්තියේ නිදන් හිටපු එකෙක් නැති ගානයි )....
පන්තියෙ අවටින් :-යමු යමු ...
JAM :- දැන් කට්ටිය දන්නවා නේ කරන්න ඕන.. මොකද්ද කියලා..
පන්තියෙ අවටින් :- ඔව්, පොළ ට ready වෙන එකද??
JAM :- ඔව්!! ඒ වැඩේ ඔයාලා කැමති විදියට කරන්න මම නිදහස දෙනවා..
(ඒත් ළමයි මේ වැඩේ ගොඩ දා ගන්න නම් ලොකු ගානක් හොයන්න.වෙනවා...රු.15,000ක් වත්..)
(දැන් පන්තියේ හිටපු සමහර උන් ගෙ හුළං යනවා...හීනියට වගේ..ඒත් බහුතරය ඒවටත් ඔට්‍ටු..පිට හිටියෙ)
JAM :-ඉතින්! පුලුවන් අය මම මේ කියුවේ නයිටි,සෝනාර්,ටි සුනාමි (අපිට තොප්පිය SET කොරා).කැමති කට්ටියත් පොඩ්ඩක් ගණන් බලන්න කෝ
JAM :-සල්ලිම එකතු කරලත් බැහැ නේ..ඒ නිසා හැමෝම පොළේ මොනවහරි වෙළදාමක් කල යුතුයි..නැත්තම් අනික් අය කොක්ක අදියි..
(ඒ කතාව නම්, කියුව වගේම උනා...කොහොමද අපේ JAM ගේ පුබ්බේනිවාසානුස්සථී පාර......)

මේ වැඩ වලට අමතරව තව ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ බලකායකුත්(SF) (SF කිව්වෙ "Sවේච්ඡා Force" හොඳේ) හිටියා..ටියුනි,පිප්පයා,සිරිබිරිස්,ect වගේ එක නැට්ටෙ පොල් ගෙඩි 8ක්.මේකෙන් 2ක් ගැන දන්න නිසා අනික් අය ගැනත් හිතා ගන්න පුලුවන්නේ.....
(සිරිබිරිස් ගැන ළගදීම බලාපොරොත්තු වන්න....)
මේ අයට පැවරුනේ,
අනික් අයගෙ වෙළදාම් tricks අපිට වාර්තා කිරීම..
හොර සතුරු ආක්‍රමණ වලට එරෙහිව නැගී සිටීම..
නිල නොවන කටයුතු..

ඕන්න.. ඉතින් අර පාසල් Pola දවස ආවා..

කට්ටිය අතින් කටින්
කරපිංචා මිටි,
මයියොක්කා,
අල,
බතල,
කෙසෙල්(ගස් පිටින්),
එතකොට සබන්,
විස්කෝතු,
සීනි බෝල,
වගේ රටේ නැති හැම මගුලක් ම එදා කට්ටිය ගෙනත් තිබුණා ඔන්න....
ඉතින්,අපේ පන්තියෙ ඈයොත් මේව ගෙනත් තිබුන..
ඊට අමතරව..අපේ රිළා,දොස්තර,මනෝපාට් ලා Ice-Cream කඩයකට set වෙලා.
ඕං.. දැන් පොළ පටන් ගත්තා..
කස්ටිය එහෙ දුවනව මෙහෙ දුවනව....
සමහරු එකම business එකට set වෙලා..
ඒ නිසා පොල පැත්තක දාලා සමහරු රන්ඩු වෙනව
.. ආන්න ඒ වගේ Places වල අපේ SFලා හි‍ටු කියල පිදුරු දැමිල්ල බැහලම කොරල තිබුනා..
"උන් රන්ඩු වෙනව,
ඒ අස්සෙ අපි බඩු විකුනනවා.."

ICE-Cream වැඩේ නම් එදා නැගලම ගියා..අන්තිම හරිය වෙනකොට කස්ටිය මේස පු‍ටු උඩත් නැගල business ලු....

මේ අස්සේ සමහර ගුරුහොරු...පොඩි පන්ති වල උන් ගෙ බඩු වලට අඩු ගානට විදින්න පටන් අරගෙන .
..(අනේ රු.40 හේ සබන් කෑල්ලට රු.20ට විදපු ඈයොත් හිටිය ලු..)
කොහොමින් කොහොම හරි පොල කොරන්න දිපු වෙලාව ගත උනා..නෙව..
දැන්,
ආදායම බලන වෙලාව..
වෙළදාමෙන් අපෙ අයත් සෑහෙන්න ගානක් හොයල තිබුනා..

අර අපේ ආධාර මුදලත් ඒකට එකතු වෙමින් තියෙනකොට ..වෙන පන්තියක් රු.17,000ක් එකතු කොරන් කියලා ආරංචියක් ආපි....අපේ උන්ට අනේ අපොයි කිය උනා..
අපේ ගණන් හිලව් මල ඉලවු,රිළව් ඔක්කොම එකතුකොලා...

JAM :- ලමයි..අපිට රු.18,000 ක් විතර එකතු වෙලා තියෙනවා,
ඒත් අර රු.17,000ක් එකතු කොරන් කියන ආරංචිය ඇත්තක් නම්..අපිව පහුකොරන් ඇති මොකද කොරන්නේ.....
අනේ!! ඒ වෙලාවෙ පන්තියේ උන් සාක්කු වල තිබුන සබ්බ සකල මනාවම හලපි ගුරු මේසේ උඩට.....

කොහොමින් හරි අන්තිමට අපි රු.19,768ක මුදලක් එකතු කොරලා..බාර දුන්නා...
----------
JAM :-දන් තියෙන්නෙ විදුහල්පති ගේ නිල නිවේදනේ අහලා හිත එකලාසයක් කර ගන්න තමයි..
(විනාඩි 10ක සුමධුර බණක් Sir ගානේ)
---ටිං!! ටිං!!! ටොං !!!-----
විදුහල්පති ගේ විශේෂ නිවේදනයයි..
(කස්ටිය මී පැටව් වගේ silents)
විදුහල්පති:- අද දින පැවති පාසල් Pola- පාසලට මඩ වලක්(swimming Pool) සාදා ගැනීමේ අරමුනින්
පැවැත්වූවක් ..
ඉතින් මම පොරොන්දුවක් උනා
ඒ තමයි..වැඩිම ආදායමක් උපයලා දෙන Class එකට කැමති දිහාවක මම ගානේ
...දවස් 2ක Trip එකක්..
ඉතින් ඒ වාසනාව අද දින උදා කොරගෙන ඇත්තේ... 12 වසර JAM ගේ පන්තියයි........
(මුලු පාසැල් බිමම එකෙම කන්දොස්කිරියා සාගරයක ගිලී යයි..)

පන්තියේ උන් ගැන කියන්න ඕන් නැහැ නේ එතකොට...
ටී සුනාමි :- එතකොට sir කවුද අර 17.000 එකතු කොලා කියපු උන්....

JAM :- එහෙම පන්තියක් තිබිල නැහැ ලු.. 2නියට වැඩිම ගාන Grade 8 Class එකක් රු.9,700 යි ලු...
පන්තියෙ අවටින් :- අනේ අපොයි....අනේ අපොයි.....
(අපේ උන්ට දින්නටත් වඩා දුක උනේ නැති උනා කියපු වැඩිපුර ගාන ගැන)

පහු කාලෙකදි අපිට ඒ වැඩි උනා කියපු ගානත් නැති උනා නම් trip එක යාම නැති වෙන්නත් තිබුන කියල දැනගන්න ලබුනා.......)

to be Continuedකියුවලු.....


















 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates