Tuesday, September 14, 2010

ආච්චිගේ Baldiya: Chapter 1



ඕං ඉතින් මේ කථාවත් ඉස්කෝලෙ කාලෙන්ම තමා. අපි A/L පන්තියට ආපු අලුත. මන් පරිසර society Blog 1න් කීවනෙ ආච්චී ගැන. මේකත් එයා අපිට දාපු තව බාල්දියක්.

මේකෙන් තමා ඉස්සෙල්ලම පරිසර case පටන් ගත්තේ. එක දවසක් ආච්චී පන්තියට ඇවිල්ලා කියනවා, අපේ ඉස්කෝලේ, සිරි ලංකාවේ පරසිද්ද ආයතනයකින් එයාලගෙ වාරසික පරිසරය ගැන තියන උත්සවය පවත්වන්න ‍තෝරගෙන කියලා.(මට ඒ උත්සවයේ නම කියන්නනම් බෑ හරි නෑනෙ & එයාල හැම අවුරුද්දෙම එයාලගෙ උත්සවය තියන්න ලංකාවේ මොකක්හරි ඉස්කෝලයක් ‍තෝරගන්නවලු). ඒ කාලේ A/L වලට ආපු අලුතනේ ඒ හන්දා ඕන දේකට මුලු ඇඟම ඉස්සරහට දාගෙන යනවා. මේකෙදි සෝනාර්,බඩියා අරුනම වෙන පන්තිවල හිටිය කීපදෙනෙකුත් ‍තෝරගෙන තිබුනා.

එදත් meeting පාරක් තියලා කෙරෙන්න ඕනෙ දේ විස්තර කලා ආච්චී. මෙලෝ හසරක් තේරුනේ නෑ. අපිට තේරුනේ තව සති2කින් උත්සවය තියෙනව කීව එකයි. ඊට කලින් දවසෙ අවිල්ලා ඒකට ලෑස්ති වෙන්න ඕනෙ කියන එකයි විතරයි

ඕං ඉතින් ඒ කීව දවසෙ අපි ඉස්කෝලෙට උදෙන්ම සම්පරාප්ත වුනා, වැඩේට enter වෙන්න. ආච්චී එදත් සුපුරුදු ලෙස පරක්කුයි. එදා ඉරිදා දවසක් එයා නැතුව ඉස්කෝලෙ ඇතුලට යන්න දෙන්න බෑ කියලා සික්කා uncle බර බරේ දැම්මා. ඉතින් ආච්චී එනකල් එලියෙ පැයක් විතර හිටගෙන කට්ට කෑවා. එදා බඩියා ආවේ නෑ. සෝනාර් පුටාර්(foot bicycle)1කින් ආවේ. ඒක උගෙ bike1 අවසානය ඒක පස්සෙ කියන්නම්.

ආච්චී ආවට පස්සේ අපි set1 වැඩේට enter වුනා. සෝනාර්ට තිබුනෙ ඉස්කෝලෙ ඇතුලෙ වැඩ මූට ලස්සනට අකුරු ලියන්න පුලුවන් නිසා මූට තමා අකුරු ලියන වැඩ සේරම පැවරෙන්නේ.(ඒක කොච්චර මූට එපා වුනාද කියනවනම් මූ අන්තිමට අකුරු කැතට ලියන්න පටන් ගත්ත). මට පැවරුනේ එලියේ වැඩ ඒ කියන්නේ සරසන්න ඕන එව්වා අරන් එන1. මේකට තව කොල්ලො 3දෙනෙක් set වුනා. එයින් එකෙක් තමා අර්ධපාල.මූ අපේ ගෙවල් ලඟ ඉන්න එකෙක්, මූ තරම් බේගල් ඇද බාන එකෙක් මන් මගේ ජීවිතේට දැක්කෙ නෑ. මූ ගැන storyයක් මන් පස්සෙ කියන්නම්.

සරසන්න ඕන කලමනා වලින් හොයාගන්න අමාරු(ඇත්තටම ගේන්න අමාරු) ඒවලට තිබුනේ පුවක් ගස්2යි,කෙසෙල් ගස් කීපයයි, පොල් අතුයි & උණ ගස් ටිකයි. මේවා ටික හොයාගන්න අපිට ඉස්කෝලෙ ලඟ තිබුන ගෙවල් කීපයකට යන්න වුනා.වෙලක් මැද්දෙනුත් යන්න තිබුනා. අනික් ඔක්කොම ඒවා ටික හොයාගත්තත් පුවක් ගස් හොයාගන්න බැරි වුනා. එක ගෙදරකින්වත් දෙන්න කැමති වුනේ නෑ. ඉතින් අපි තීරණය කලා ඉල්ලුවම දෙන්නේ නැත්තම් ninja style 1න් පුවක් ගස් ඉල්ලුම සපුරා ගන්න. ඉතින් අපි හොඳ උස කෙලින් පුවක් ගස් තිබුන වත්තකට පැන්නා. අපේ වෙලාවට ඒ වෙලාවෙ ඒ ගෙදර කවුරුත් හිටියෙ නෑ. ඉතින් අපෙන් දෙන්නෙක් පුවක් ගස් කපනවා දෙන්නෙක් ඔත්තු බලනවා. පොඩි upset 1ක් තියෙන්නේ පුවක් ගහ වැටෙන කොට තමා(සද්දෙ එනවනේ). ඒකට කලේ පුවක් ගහ කපලා, වැටෙන කොටම කොහෙ හරි අස්සකට දුවල ගිහිල්ලා හැංගෙන එක.

ඔය විදියට පුවක් ගස්2ත් හොයාගෙන බඩු ටිකත් කට්ටිය කරේ තියාගෙන වෙල මැද්දෙන් අපි එනවා. අර්ධපාල අතේ තමා පොල් අතු ටික තිබුනේ. මූට අත එකවිදියකට තියාගෙන ඉන්න බැරිකමට ඔය පොල් අතු ටික හොලව හොලව තමා ආවේ. ඕක වෙලේ හිටපු ගොන් නාම්බෙක් දැකලා, ඌ මුගෙ පොල් අත්තක් කටින් අල්ලගත්ත. ඌට පොල් කොල කන්න. ඇද්දා කට්ටියම එකතු වෙලා, වැඩේ හරියන්නේ නෑ ගොනා පොල් අත්ත අත අරින්නෙම නෑ. ඉතින් කොහොම හරි ගොනෙකුත් අරගෙන අපි ඉස්කෝලෙට ආවා. එද්දී ගෙනාපු පොල් අතු වලින් බාගයක් ගොනා කාලා.

මේ වෙලාව වෙද්දී යක්කු 3දෙනෙක් විතර කන්න බඩගිනියි. ඉතින් කන්න ගියා. ඕං එතකොට තමා අපේ සෝනාර් නහයෙන් අඩන්න පටන් ගත්තේ, මිනිහට normal කඩවල් වලින් කන්න බෑ කියලා. මිනිහා රත්තරන් හැන්ද කටේ ගහගෙන ඉපදුනු එකානේ, ඒ නිසා මූට normal විදියට වැඩ කරල පුරුදු නෑ. මෙයා අපේ ඓතිහාසික මීමුරේ trip 1 දිත් රෑට කන්න KFC යමුයි කීවා.

ඉතින් ඕං මිනිහා බඩගින්නේ ඉද්දී අපි බඩ පුරවගෙන ආයේ ඉස්කෝලෙට ආවා. එද්දී සෝනාර්ගෙ මහානුභාව සම්පන්න පුටාර්1ඉස්කෝලෙ හිටපු අනික් එවුන්ගෙ අතට අහුවෙලා, ආයෙ මොනවද වඳුරන්ගෙ අතට දැලි පිහිය අහුවුනාට වඩා හපන්. ඒවෙලේ සෝනාර්ගෙ මූන බලන්න තිබුනේ. හරියට ගල් රෝලකට අහුවෙච්ච පොල් ලෙල්ලක් වගේ. ඉතින් කොහොනහරි පුටාර් 1ත් බේරගෙන(බේරගත්තා වුනාට ඒකෙ නැගල යන්න පුලුවන් කමක් තිබුනෙ නෑ) බලද්දී හවස් වෙලා. වැඩත් සෑහෙන්න ඉවරයි.

ඉතුරු වැඩ ටික පහුවෙනිදා උදේට අවිල්ල කරගන්න පුලුවන් කම තිබුනා. ඉතින් අපි දෙයියනේ කියලා අත පය යහතින් තියාගෙන ඉස්කෝලෙන් චුත වුනා.


පහුවෙනිදා උත්සවය පවත්වපු හැටි ඊලඟ කතාවෙන් බලාගමු.

1 comment:

digital_ac3 said...

hikz.. :P iskole yana kaale kochchara shooi da.. :)

Post a Comment

 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates