Thursday, September 16, 2010

ආච්චිගේ Baldiya Chapter 2


මන් ආච්චිගේ Baldiya Chapter 1 කතාවෙන් කීවනේ අපි ආච්චිගේ උත්සවයට ready වුන හැටි. මන් මේ කතාවෙන් කියන්න යන්නේ අපි ඒ උත්සවය පවත්වපු හැටි.

අපි ඕං පහුවෙනිදා උදේ පාන්දරින්ම ඉස්කෝලෙට සම්පරාප්ත වුනා. උත්සවේ වැඩ ටික ready කරගන්න. එදානම් අච්චී වෙලාවට අවිල්ලා හිටියා. ඒ වෙලාවෙත් meeting පාරක් තියලා, වැඩ ටික කරන්න කොල්ලො ටික group කලා. මට හම්බවුනේ ආහාර අංසය ආයෙ මොනවද ඉබ්බ දියට දැම්මා වගේ තමා. සෝනාර්වත් මේකට වැ‍ටුනා. අපේ අර්ධපාලව දැම්මේ පිලි ගැනීමේ කමි‍ටුවට ආච්චී කියුවේ මූ හැන්ඩියා හින්දා දැම්ම කියලා, එදා තමා අපි දැන ගත්තේ ආච්චීගේ ඇස් පේන්නෙත් නෑ කියල.

මමයි සෝනාරුයි(බඩියත් set වුනා, කෑම කොතනද ඌ එතන)එන අයට දෙන කෑම මොනවද කියලා discuss කොලා. ඊට පස්සෙ තීරනය කලා එන ඉස්කෝල වල එවුන්ට බනිස් & කිරි packet දෙමු කියලා(class යද්දී අපේ ජාතික ආහාරයනේ). ඊට පස්සෙ ටක් ගාලා town 1ට ගිහිල්ල බනිස් & කිරි packet order කලා. වඩිපුරත් 20 ක් විතර order කලා.(ඒව අපිට. මුදල් පුරස්න නෑ. ඒවා ආච්චී ගානෙ).

town ගිහිල්ලා ආයේ ඇවිල්ලා වැඩ වලට උදව් කර කර ඉන්න කොට ආච්චී දුවගෙන ඇවිල්ලා කියපි මටයි සෝනාර්ටයි, ආරාධිත අමුත්තො වගයක් එනවා එයාලට උදේටත් කන්න තියන්න ඕනෙ කියලා.මන් ඇහුව එයාලට මොනවද දෙන්නේ කියල, මේක පරිසර case එකක්නේ, ආච්චී කීවා උදේ නිසා කිරිබත් දෙමු කියලා. දැන් හොයපන්කො කිරිබත්. අමුත්තො 5දෙනෙක් එනවලූ. අපේ ඉස්කෝලෙ තියෙන දිස්තිරික්කුවෙ ඉන්න ඇමති දේසපාලුවෙකුයි තව ලොකු පොර ඇත්තො4 දෙනෙකුයිලු එන්නෙ, ඉතින් හොඳට තියෙන්න ඕනනෙ. මොනව කොරන්නඩ ආයේ ඇද්දා town 1ට.

කිරිබත් කන්න ඕන කරන ඔක්කොම ඒවා හොයගත්තා එකක් ඇර. ඒ තමා කෙසෙල් ගෙඩි එවෙලෙ හෙන උදේනෙ කඩවල් වහල. ඉතින් කෙසෙල් ගෙඩි හොය හොය යද්දී දැක්කා fruit කඩයක් ඒකෙත් කෙසෙල් ගෙඩි ඇර අනික් පලතුරු සේරම තියෙනවා. දැන් පරක්කුත් එක්ක. කෙසෙල් ගෙඩි වලට පස්සෙ ගනන් අඩුවෙනම තිබ්බෙ ගස්ලබු(පැපොල්), මන් සෝනාර්ට ideas 1 දැම්ම ගස්ලබු ගෙනියමු කියලා. මූ කියනවා "යකෝ කිරිබත් එක්ක ගස්ලබු කන සිරිතක් නෑ" කියල. මන් කිව්වා එහෙනම් "අද ඉඳන් සිරිත පටන්ගමු" කියලා, ආයෙ මොනවද ගස්ලබුත් අරගෙන ඉස්කෝලෙට ආවා.

අපි එද්දී වැඩේ පටන් අරගෙන අපි හෙමීට stage 1 පිටිපස්සෙ තිබුන room එකට රිංගුවා. එතන තමා කෑම දෙන්න ලෑස්ති කොරල තිබුනෙ. දැන් අපි දඩ බඩ ගාලා කෑම මේසෙ හදනවා. ඔය අස්සෙ ඇහෙනවා උලමෙක් සින්දුවක් කියනවා වගෙ සද්දයක්, මන් එලියට ඇවිත් බලද්දී මේන් බොලේ ආච්චී සින්දුවක් කියනව stage එකෙ. අපිට පන යන්න හිනා. මේකයි වෙලා තියෙන්නේ, අමුත්තෝ පිලිගන්න සින්දුවක් set කොරල තිබුනා. ඒක කියන්න දීලා තිබුනෙ පොඩි එවුන් කීප දෙනෙක්ට. සති2න් උන්ට ඒක පාඩම් කරගන්න බැරි නිසා, සින්දුව tape කරල CD එකක් ගහල තිබුනෙ, ඒක play වෙද්දි උනුත් කියනවා.

sound operater විදියට ඇවිල්ල තිබුන එකා හැට පැනපු වල පයයි ගොඩ පයයි මිනිහෙක්. ඌට මොන sound operating ද. මූ කොහොමහරි වරද්දලා දාල තින්නෙ සින්දුවෙ music විතර තියෙන කොටස. music යනවා පොඩි උන් ඇඹරෙනවා, වැඩේ කෙලවෙන බව දැකලා ආච්චී stage1ට නැගලා සින්දුව කියලා.

සින්දුව කියලා ඉවරවෙලා ආච්චී ආවා කෑම මේසෙ බලන්න. ගස්ලබු දැක්ක විතරයි මෙයාට යකා ආවෙස වුනා"ඇයි යකෝ කිරිබත් එක්ක ගස්ලබු තියන්නෙ මොන රටේද?" කියල ඇහුවා. මන් කීවා "මේ රටේ" කියලා ඒකට තව දෙකක් අහ ගත්තා. කොහොමහරි ගස්ලබු ගේන්න හේතුව කියලා ආච්චීව shape කොලා. ඊට පස්සෙ තමා දැක්කෙ හකුරු මේසෙට තියල නෑ කියලා. හකුරු ලොකු බෑවක් තිබුනේ මේක කපන්න එපායැ. ඉතින් අලි මන්න පිහියක් ගෙනල්ල කපන්න ගත්තා. මොන කපනව තියා හිතන්නවත් බෑ, පරන ඒවද කොහොද, try කරල බැරිම තැන හොඳට අත උස්සල හකුරු බෑවට පත බෑවා ඩෝන්................ ගාලා. කෑලි දෙකකට කැඩුනා. කෑලි 5කට කපන්න ඕනනේ. 5 ස් පාරක් ගැහුවා. ආච්චී දුවගෙන ඇවිත් අහනවා "උඹල ඔතන මරා ගන්නවද?" කියලා. ඉස්සරහට හෙන සද්දෙට ඇහිලා.

ඉතින් කොහොමහරි උදේ කෑම වෙලාව ඇරඹුනා. අමුත්තො ටික කිරිබත් කෑවා. එකෙක් ගස්ලබු දිහා අහැක් ඇරල බැලුවෙ නෑ නොවැ. කට්ට කාලා ගෙනාපු මෝඩකන් කියල හිතුනා. නොදෝමකින් මුන්. ඊට පස්සෙ ඉතින් වෙන විසේස දෙයක් නැතුව උත්සවය නැගල ගිය. අන්තිමට ඉතින් සභා තොමෝ සතුටින් විසිර ගියහ.

විසිර ගියාට පස්සෙ තමා අපේ රාජකාරිය තිබුනේ. අහාර අනුභවය. කාගෙන කාගෙන ගියා. පස්සෙ ඇවිදගන්නත් බැරුව හිටියා. පස්සෙ දවසක සෝනාර් මගෙන් අහනවා"ඒ උඹලා එදා කෑවද බන්? මන් ගස්ලබු ලෙල්ලක්වත් දැක්කෙ නෑනෙ කියලා". මන් සද්ද නැතුව හිටියා.වෙන මොනව කොරන්නද .පව් අපේ සෝනාර්.


1 comment:

Post a Comment

 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates