Wednesday, September 29, 2010

අනේ කාලේ වනේ වාසේ


මේ කතාව ටිකක් අමුතු කතාවක්. ඔය ළමයි විස්වාස කොරයිද දන්නෙත් නෑ. ඒත් මන් කියන්නම් මේකත් ඇත්ත කතාවක් තමා.

මේක වුනේ මීට මාස කීපයකට උඩදී, දුරින් මගෙ නෑ වෙන කෙනෙකුට. මෙයාට ගමේ කියන්නේ(ගමේ කීවට මේ කොලඹ රටේ පොරක් හොඳේ, මිනිහා ඉන්න පැත්ත ගම වගේ තමා. ඒ තරමට ඩොටේ, කොලඹ වුනාට) නිකම් බාස් කියලා. මන් තාම හොයාගෙන යනවා මොකද එහෙම කියන්න හේතුව කියලා. කොහොමහරි මේ මනුස්සයා ඒරොප්පේට යන්න ලෑස්ති වුනා.(ඒරොප්පෙ කීවට සයිප්‍රස් රටට හොඳේ). මෙයාලගේ පියතුමා job එකක් කලෙත් ඔය රටේ තමා. ඒක නිසා තමා ‍රැකියාවක් සොයාගෙන මෙයත් යන්න හැදුවේ.

ඕක සෙට් වෙන කොට මිනිහ කවදාවත් පිටරට ගිහිල්ලා නෑ, ඊට කලින්. තනියෙන් යන්නත් බයයි වගේ කියලා තව කට්ටියකට set වෙන්න තීරනය කරලා. ඕං ඉතින් හොයල හොයල set වෙලා තියෙන්නේ මෙහෙ ඉඳන් ඒ රටට(සයිප්‍රස්)යන music group එකකට.ඔය group එකේ හිටියලු ලංකාවේ පරසිද්ද නව පරපුරේ ගායකයෙකුත්,(මේ ගායකයා sirasa super stars එකේ මුල හරියෙදීම වැඩේ අනාගෙන අයින් වුනාලු. ඊත් ඊට පස්සෙ මිනිහා super staras ලට වඩා පරසිද්ද වුනා. මිනිහා කවුද කියා දන්නෝ දනිති.)

ඉතින් අපේ නිකම් බාස් දහසක් බලාපොරොත්තු පොදිබැද ගෙන රට යන වැඩේට ලෑස්ති වෙලා. රට ඉන්න පියතුමාට ගෙනියන්න කරවල, පැනි රස ජාති, පොලොස් ඇඹුල්, මාලු ඇඹුල් තියල් වගේ බඩු ගොඩක් ලෑස්ති කරගත්තලු. බර සීමාවට ලංවෙන්නම බඩු තිබිලා. මිනිහගෙ ඇඳුම් වලට වඩා අනම් මනම් වැඩිලූ ඕං.

ඔන්න රට යන දවස ඇවිල්ලා මිනිහා උදේ පාන්දරින්ම නැගිටලා සියලු වැඩ කටයුතු කරගෙන, airport එකට යන්න පිටත් වෙලා. port එකෙදී අර ගායකයත් හොයාගෙන, දැන් ඉතින් time එක එනකල් ඉන්නවලු. තව පැය 2 ක් විතර තියෙනවලූ flight එකට.

කලින් දවසෙ රෑ අපේ ගායකයට show එකක් තිබිලා. මිනිහ සුපිරි නිදිමතේ ඉඳලා තියෙන්නේ. port එකට ආපු වෙලේ ඉඳන් පු‍ටුවකට වෙලා මෙයා සිහින ලෝකේ මී පැනි ගංගාවේ ඇඟ හෝදනවලු. නිදා ගන්න කලින් මිනිහා නිකම් බාස්ට කීවලු "මල්ලී මන් 10 පාරක් විතර පිටරට ගිහින් තියෙනවා, බය වෙන් නැතුව ඉන්න කියලා". මේ නිසා අපේ නිකම් බාසුත් ඔහෙ බලාගෙන හිටියලු.(නිකම් බලාගෙන හිටියා කියලා ගෙදර අයට කීවට, විස්වාසදායක ආරංචි මාර්ගයකට අනුව මෙයා සුදු කෙල්ලෙක්ට radar එක දාගෙන ඉඳලා තියෙන්නේ) මෙහෙම ඉද්දී ඕං නිකම් බාස්ටත් නින්ද ගිහිල්ලා. මෙයත් සිහින් ලෝකෙ අර කෙල්ලත් එක්ක රස්තියාදු ගහනවලූ.

දැන් නිකම් මිනිහට හීනෙන් වගේ ඇහෙනවලූ කවුද කතා කරනවා. මෙයාට එක පාරට ඇහැරිලා බලද්දී port එකේ security කෙනෙක් මිනිහට කතා කරනවලූ. නිකම් බාස් ඉස්සෙල්ලම අහල තියෙන්නේ flight එක ගැන. එතකොට security කීවලූ "අපෝ මහත්තයා දැන් ඒක ගිහින් පැය 4කටත් වැඩියි. දැන් ඒක Dubai වල ඇත්තේ කියලා". ඒක අහපු ගමන් අපේ නිකම් බාස්ට ඉන්න දෙයියෝ 33කෝටියම මතක් වුනාලු. අපේ ගායකයා තාම නිදිලූ.

නිකම් බාස් තමා මිනිහව අහැරවලා තියෙන්නේ, මිනිහට සීන් එක කීවට පස්සේ මිනිහා කියනවලූ,"ඔහෙ කමක් නෑ, මල්ලී මොනවා කරන්නද, ඔන්න ඔහෙ තව ටිකක් නිදාගෙන හවස් වෙලා අපි ගෙදර යමු" කියලා. එහෙම කියලා ආයෙ අනිත් පැත්තට හැරිලා නිදාගෙන. නිකම් බාස්ට ගායකයගෙ අම්ම මතක් වෙලා මිනිහා කියපු එකට.

ඒත් ඉතින් පව් කියලා නිකම් බාස් ගායකයවත් අරගෙන, ඕං හවස් වෙද්දී ආයෙ ගෙදර එනවලූ හවස් වෙලා. ගෙදර මිනිස්සු full හොල්මන්. වෙච්ච සිද්දිය ඇහුවට පස්සෙ කට්ටියටම හතර හිනාලු ඕං. ඊට පස්සේ ආයේ තව මාස 5 කින් විතර නිකම් බාස් රට ගියා, මේ සැරේනම් මිනිහා සයිප්‍රස් වලට යනකම්ම නිදා ගන්නව තියා හිතුවෙවත් නෑලු.

ඕං ඉතින් අපේ සිරි ලංකාවේ අබුද්දස්ස කාලෙට වෙන දේවල්.

1 comment:

Post a Comment

 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates