Friday, October 29, 2010

වස් වැදෙන කථා

3දෙනෙක්ගෙන් ප්‍රතිචාර
මේක කියෙව්වට ඔයලාට වස් වැදෙන්නෙ නෑ හොඳේ. මේ scene එක වුනේ අවුරුද්දකට විතර කලින්. යුද්ධෙ ඉවරවුන නිසා අපේ අය හෝ ගාලා උතුරු නැගෙනහිර පලාත් වලට trip යන්න set වුනානේ. ඉතින් අපිත් ඔහොම Trinco යන්න set වුනා. අපි කීවෙ මගෙ ලඟ නෑදෑයෝ කට්ටිය. මමත් set වුනා යන්න.

ඉතින් අපි ඕක ready කොරගෙන, යන දවසෙ උදේ පාන්දරින්ම පිටත් වුනා Trinco බලා. අපේ ගමන් මර්ගය සැලැස්ම තිබුනේ සෝමාවතියටත් ගිහිල්ල යන්න. ඉතින් පැය 7ක් 8ක් bus එකේ charter කාගෙන ගියා සෝමාවතියට. යද්දී කොහොමත් 11ට විතර ඇති දවල්.

එදා පෝය දවසක්, සෙනග හිටියා කට කපලා. ඊට හපන් අව්ව. බිත්තරයක් omelet දාගන්න පුලුවන් ඒ අව්වෙ ඉඳන්. කොහොමහරි අව්වෙ කරවෙවී අපි කට්ටිය ගියා සෝමාවතියට. බුදුන් වැඳලා එහෙම ඉවරවෙලා කාන්තා පාර්ශවය අවශ්‍යතා ඉ‍ටු කරන්න ගියා. අපිනම් ඉතින් මගදිම ඒවා කලා. ඕවා සුපුරුදු දේවල්නේ.

එයාලා ඒ වැඩ කරගන්නකම් අපි කොල්ලො set එක පොඩ්ඩක් වටේ රවුමක් ගැහුවා. ඔහොම යද්දි අපි දැක්කා, බෝධිය ගාව සෙනග හෝ ගාල ඉන්නවා. අපි බැලුවා මොකද මේ කියලා. ඈත ඉඳන් පේන්නෙ නෑ සිද්ධිය. ඉතින් මන් මගේ අයියත් එක්ක එන්ටර් ද ඩ්‍රැගන් වුනා, බෝධිය ලඟට. ගියාම තම වැඩේ meter වුනේ.

මන් මේ කියන්නෙ ලඟ හිටපු uncle කෙනෙක්ගෙන් අපි අහගත්තු දේ හොඳේ. "සතියකට විතර කලින් බෝධින් වහන්සේගෙන් රන් දල්ලක් පහල වෙලා, ඒක බලන්න තමා මෙච්චර සෙනග". අර uncle ඔහොම කීවා. මාත් ටක් ගාලා ඔලුව දාලා බැලුවා, මොකක්ද බොලේ මේ රන් දල්ල කියන්නෙ කියලා.

සාමාන්‍යයෙන් ගස් වල දළු එන්නෙ උඩනේ. ඉතින් මන් උඩ තමා බැලුවේ. මටනම් කිසිම අමුතු දෙයක් පේන්නේ නෑ. ඒත් මිනිස්සු බෝධිය දිහා බලාගෙන "අනේ සාධු, මොන තරම් පුදුමයක්ද!!" කිය කියා වඳිනවා. මන් full holman, තව බැලුවා පේන්නෙ නෑ.

අයියගෙන් අහුවෙ පේනවද කියලා. එතකොට මිනිහ කියනවා, "උඩ නෙමේ බන්, අර මුල ගාව තියෙන එකද කොහෙද කියලා". මන් බැලුවා. මට බලපු ගමන් වැඩේ meter වුනා, මොකක්ද මේ කියලා. මට හතර හිනා. බොහොම අමාරුවෙන් හිනාව නවත්තගෙන මන් අය්යගෙන් ඇහුවා,"ඒ ඕයි ඒක රන් පාට නෙමෙනේ මටනම් පේන්නේ දුඹුරු පාටට, උඹට පේන්නෙ කොහොමද" කියලා. ඕක ඇහුන ලඟ හිටපු ආච්චි කෙනෙකුට. එයා මන් දිහා රවලා බැලුවා. මන් එච්චර ගනන් ගත්තෙ නෑ.

ඊට පස්සෙ අයිය අහනවා මගෙන් "ඒක මුලක් නේද බන්?" කියලා. මන් ඉතින් ඒක ගැන සම්පූර්ණ විද්‍යාත්මක විස්තර ප්‍රකාශයක් අයියට ඉදිරිපත් කලා. (මන් picture එකේ දාලා තියෙන්නේ ඒ කියන රන් දල්ල තමා, ඒක ඔයාලට පේන්නෙ කොහොමද කියල බලන්නකෝ. දල්ලක් වගේ පේන එක්කෙනෙක් ඉන්නවනම් කරුණාකරල මට කියන්න හොඳේ.) ඕක කොහොමහරි අර ලඟ හිටපු ආච්චි අහගෙන ඉඳලා.

මෙන්න එයා එක පාරට මන් දිහා රවලා බලලා කියනවා "මොනවද බොල මේ කියවන්නේ. මේවා වස් වැදෙන කථා. නොදකින් තොගෙ කටනම් තුහ්" කියලා තුන් පාරක් කෙල ගැහුවා. (ඔය විදියටමයි කීවෙ හොඳේ ) මන් බලුවා මේ මොන විකාරයක්ද කියලා. ඒත් පස්සෙ මට තේරුනා ඒන පොට හොඳ නෑ කියලා.

අච්චි අතේ තිබ්බ මල්ටි කලර් පත සයිස් කුඩෙත් පෙර‍ටු කරගෙන මන් දිහාට හැරෙන එක මට ඇල්ලුවෙ නෑ. මෙතන තව හිටියොත් මූණ කට සමතලා කරගන්න පුලුවන් කියන එක ටාර් ගාලා meter වුනා. ඊට පස්සෙ ඉතින් සුගත් තිලකරත්න අය්යව සිහි කරගෙන බෝධියෙන් එහාට ධාවනයේ යෙදුනා. දුවගෙන ගිහිල්ලා කෙලින්ම නැවතුනේ ආපු bus එකේ.

එදා මන් හිතාගත්තා ආයෙනම් ඔය ආශ්චර්‍ය තියෙන තැන් වලට යන්නෙ නෑ කියලා. ඒ ආච්චි වගේ අන්ධ භක්තියෙන් ඉන්න අය නිසා තමා අර මාතර ඉන්න මෛත්‍රී බුදුන් මම කියන, පිස්සු මිනිහා වගේ අයත් ඇති වෙන්නේ. මිනිස්සු පස්සෙන් යන්නෙ නැත්තම් එයාලා ඔච්චර කල් ඔහොම ඉන්නෙ නෑ. මේ වගේ මිනිස්සු ඉන්නකම් ඉතින් බුදු දහම අනතුරේ.



ප.ලි.:

මේ කියන seen මේ කථාවට අදාල නෑ හොඳේ. මතකනේ මන් කීවා "ඉගෙනීම මිනිසා සම්පූර්ණ කරයි" කියන කථාවෙන්, ග්‍රාමීය කර්මාන්තෙ කරන තුන්දෙනා ගැන අපේ පැත්තෙ. ඒ කතාව කියවල නැති අය කියවන්න. මේ තුන්දෙනා ගිය මාසෙ හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා. ආයෙ සුපුරුදු කර්මාතයම පටන් අරගෙන.

මන් ගියා දවසක කට්ටිය හම්බවෙන්න දුක සැප බලල එන්න. මන් නිසානෙ කරදරේ වැ‍ටුනෙ. මුදල් ආධාරයකුත් කරන්න හිතාගෙන තමා ගියෙ. වැරදි වැඩක් කලා වුනත් දරු පවුල් කාරයොනේ.

මන් ගියා pot එකට මාව දැක්කා විතරයි අර තුන්දෙනාම දුවගෙන ඇවිල්ලා කියනවා, "අනේ මහත්තයෝ, මහත්තයා ආපු අතක් බලාගෙන යන්න. මහත්තය ආවොත් සේරම විනාසයි." කියලා. මට වැන්දෙ නැති ටික විතරයි. මට පව් කියලා හිතුනා. මන් ඉතින් හනික ආවා කරන්න ගියපු අධාරයත් කරලා.

කියන්න බෑනේ එදා සිද්දියම වුනොත් එහෙම.

Monday, October 25, 2010

දේව ආරූඪයෙන් සාස්තර කියනු ලැබේ

3දෙනෙක්ගෙන් ප්‍රතිචාර

මන් මේ කතාව කියන්න හිතුවේ කලින්මාසේ එහෙම හෝ ගාලා media වලින් හොරට සාස්තර කියන තැන් අල්ලන නිසා. කලින් සති ටිකේ රිවිර පත්තරේ එහෙම ගොඩක් ඒව ගියා. මන් මේ කියන seen එක වෙලා දැන් සෑහෙන්න කල් වෙනවා. අවුරුදු 7ක් විතර. මේ කියන කාලේ මගේ පියතුමාට සෑහෙන්න අසනීප වුනා. නානාප්‍රකාර ලෙඩ හොඳේ.

සැහෙන්න බෙහෙත් ගත්තා. ඒත් පේන්න තරම් අඩුවක් වුනේ නෑ. ඉතින් ඔය වෙලාවට හැමෝටම මතක් වෙනවනෙ හඳහන එහෙම. අපේ අම්මටත් ඉතින් එහෙම මතක් වෙලා ඕක අරගෙන ගියා, අපේ පැත්තෙ තිබුන ඕව බලන කෙනෙක් ලඟට. ගියාම කියල තියෙනවා, ඔන්න මොනවදෝ අවුල් වගයක් තියෙනවා කියලා. ඒවා වලක්ව ගන්න දේව පූජාවක් තියන්න ඕනෙ කියලා.

ඉතින් ඕකට තනියෙන් අම්මව යවන්න බැරි නිසා, මමත් ගියා මොකක්ද මේ කරන්නෙ කියලා බලන්න. ඒකත් ගෙවල් ලඟ තමා.(ලඟ කීවට ලඟම නෙමේ, කිලෝ මීටර් 7ක් 8ක් විතර ඈතයි).දැන් ඉතින් ඔය pot එකට ගිහිල්ලා ඒ පූජාව එහෙම ඔක්කොම එහෙම ready කරලා, පූජාවත් හොඳට දුන්නා.

ඒකෙ වැඩ කරන්නෙ ගෑනු කෙනෙක්. එයා සාස්තරත් කියනවා. ඉතින් අම්මා සාස්තරයකුත් ඇහුවා. පුදුමයි අනාගතේ කියනවා, මාර කියවිල්ලක්. කියන්නෙ දේව ආරූඪෙන්. ඉතින් අපි ඒ පූජාව දීලා ගෙදර ආවා. ටික දවසක් යද්දී පියතුමාටත් සනීප වුනා. දැන් අපේ අම්මට මේ pot එක හොඳට අල්ලලා ගිහින්. වටේ පිටේ ඉන්න අයටත් විස්තර කියනවා. මම ඔය දවස් වල ඕව සතේකට විස්වාස කලේ නෑ.(එහෙම වුනේ මන් ඇත්තටම ඕව කරන කෙනෙක්ව දැකලා නැති නිසා. පස්සෙ එහෙම කෙනෙක් හම්බවුනා.)

ඔහොම කාලය ගත වෙද්දී තවත් දවසක අම්ම ආයෙත් අර pot එකට ගියා. සාස්තරයක් අහන්න තමා ගියේ. මමත් ගියා. එදා ටිකක් වැහිබර දවසක්. එදත් කලින් දවසෙ විදියටම දේව ආරූඪයෙන්, ඕන් දැන් සාස්තරය කියනවා. කියන ඒවා අහන් ඉන්න පුදුමයි. මාර ඒවා කියන්නෙ. ඒ කියන විදියට මන් අනාගතේ සුපිරි පොරක් වෙනවලූ.(හීනෙන් තමා).

දැන් ඔහොම සාස්තරේ කියාගෙන යද්දී යාන්තම් පොද වැස්සක් වැටෙන්න පටන් ගත්තා.(සාස්තර කියන ගෑනු කෙනාට help එකට ඉන්නෙ එයාගෙ පුතා හොඳේ).මෙන්න එක පාරටම අර දේව ආරූඪයෙන් මායම් වෙලා ඉන්න ගෑනු කෙනා අර කොල්ලට කියනව, "ආං කොල්ලො....., වහිනව නේද? විජහට අර වැලේ තියෙන රෙදි ටික අරන් ගෙට දාපන්" කියල. ඕන් දේව ආරූඪයෙන් සාස්තර බැලීම. මටත් ඉතින් අහන්න හිතුනා, ඔය පේන අනාගතේට වැස්ස වගේ දේවල් tune වෙන්නෙ නැද්ද කියල.

Wednesday, October 20, 2010

සමාධි පිළිමය පාමුල දී...........

0දෙනෙක්ගෙන් ප්‍රතිචාර



සිරිමාබෝගේ සිසිලස ලැබෙනා
සුවය සපිරි මද පවන හමයි...
සීල සුගන්ධය පවනට මුසු වී
හද සනසන අම සුවය ගෙනෙයි..
අඩවන් නිසසල ප්‍රතිමා දෑසින්
මෙත් මුදිතා කරුණා ඉතිරෙයි..
මහමෙවුනාවේ වන උයනේ සිට
රටටම මෙත් කරුණා පතුරයි...

සුවිසල් නොසැලුණු මහමෙත් කඳ ලෙස
සදහම් ගුණ පිරි පිළිමයකි...
සමාධි වඩනා පිළිමය දු‍ටු විට
සැම හදවත් නිති පහන් වෙනා..
බණ පදයක් මට ඇසුමට සිත් විය
ජීවමාන බුදු හිමි යි සිතා....
අදිටන් කරනෙමි පෙරුමන් පුරනෙමි
යාමට නිර්වානයට ළඟා...
මතු භවයේවත් මෙත් හිමි දැකුමට
හැකිවේවා මම පතමි සදා..

මෙත් හිමි,බුදු හිමි යැයි පවසා
ලක්වැසි රවටා නිරයේ යෑමට
තැත දරනා කෙනුන්....
අද පමණක් නොව එකල ද සිටි වග
පසක් කරවනා දේවදතුන්....
බුදුන් සරණ මිස වෙන සරණක් නැත
අදත් සිහි කරලු නිරයෙ සිටන්...

ගෞතම බුද්ධ ශාසනය ‍රැක ගනිමු

10දෙනෙක්ගෙන් ප්‍රතිචාර

මෙම කතාව විහිලු කතාවක් නොවන බව කියවන්නන් කරුණාවෙන් සලකන්න. මෙම කතාව අපි ලිවීමට සිතුවේ මේ දිනවල මාතර ප්‍රදේශයේ සිටින පුද්ගලයෙකු විසින් තමා බුදු වී ඇතැයි කියාගෙන යන ප්‍රකාශය හේතුවෙනි. මොහු පිලිබඳ වැඩි විස්තර gossip9 හි බලා ගත හැක.

මෙම පුද්ගලයා කියා සිටින්නේ තමා මෛත්‍රී බුදුන් වන බවයි. තවද මොහුගේ අනුගාමිකයින් දෙදෙනෙක් වන රසායන විද්‍යා ආචාර්ය වරුන් දෙදෙනෙක් රහත් වී ඇති බවද පවසයි. අපි මෙයින් කියන්නට උත්සාහ කරනුයේ ඔහුගේ එම ප්‍රකාශය වල ඇති සාවද්‍ය බව හා මොහුගේ දේශනා වල ඇති විකෘති බවයි.

අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි, මෛත්‍රී බුදුන් මෙලොව පහල වනු ලබන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් වන විටයි. දැන් සිටින මිනිසුන්ගේ ආයුෂ එපමනක් වේදැයි අපි ඇසීමට කැමැත්තෙමු. තවද උන්වහන්සේගේ දේශනා වලට අනුව මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මේ වනවිට තුසිත දිව්‍ය ලෝකයේ වාසය කරනු ලබයි. උන්වහන්සේ මෙලොවට පැමිනීමට තව බොහෝ කල් ගතවන බවද පැවසේ.

තවද එසේ වීමට ප්‍රථම අපේ ලෝකයෙන් ගෞතම බුද්ධ ශාසනය අතුරුදහන් වී යායුතුය. එක් බුද්ධ ශාසනයක් පවතින විටදී තවත් බුදුවරයෙක් පහල නොවේ. මේ සියල්ල බුද්ධ දේශනා වල සඳහන්ය. තවද මේ බුදු වූවා යැයි කියාගන්නා පුද්ගලයා ගෞතම බුදුන් වහන්සේ ගේ දේශනා වලට විරුද්ධ මත ඉදිරිපත් කරයි. නමුත් මෙම පුද්ගලයා සත්‍ය වශයෙන්ම බුදුවරයෙක්නම් එය එසේ නොවිය යුතුය.

බුද්ධ දේශනාවට අනුව සෑම බුදුවරයෙක්ම චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට දේශනා පවත්වයි. සෑම බුදුවරයෙක්ම දඹදිව උපත ලබන අතර බුද්ධ ගයාවේදි බුදුබව සාක්ශාත් කරගනී. සෑම බුදුවරයෙක්ම ධම්මචක්ක පවත්තන සූත්‍රය පලමුවෙන්ම දේශනා කරන අතර එය ඉසිපතනේ මිගදායේ දේශනා කරනු ලබයි.

බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් පහල වන්නේ ඒ වන විට මිනිස් ලෝකයේ පවතින ඉහලම වංශයකය. තවද සෑම බුදුවරයෙක්ටම දෙතිස්මහා පුරුෂ ලක්ෂණ ඇත. නමුත් මේ පුද්ගලයාට මේවායින් දෙක තුනක්වත් තිබේයැයි කියා ඔහුගේ ඡායාරූප දෙස බැලූ කල්හි සිතීමට නොහැක.

තවද මොහු තවම ගිහිගෙය තුල වාසය කරන පුද්ගලයෙකි. බුදුන් වහන්සේ කෙනෙක් තබා රහතන් වහන්සේ කෙනෙක්වත් මෙපමන කල් ගිහිගෙයෙහි සිටින්නේ නෑත. එය ගැනත් වැඩි දුර කිව යුතුය. මොහුගේ අනුගාමිකයන් වන අප කලින් සඳහන් කල ආචාර්‍ය වරුන් දෙදෙනා රහත් වී ඇති බව පවසයි. නමුත් අප කලින් කියූ පරිදි රහතන් වහන්සේ කෙනෙක් ගිහිගෙය තුල සිටින්නේ උපරිම දවස් හතකි. දවස් හතක් තුල එක්කෝ උන් වහන්සේ ගිහිගෙය හැරයයි. නැතහොත් කලුරිය කරයි.

තවද මොවුන් දෙදෙනා ස්වාමිපුරුෂයා හා බිරිඳ වන අතර ඔවුන්ගේ facebook profile හි දමා ඇති ඡායාරූපයෙහි ඔවුන් දෙදෙනා එකිනෙකා වැලඳගෙන සිටිනු දක්නට ලැබේ. රහතන් වහන්සේලා මෙසේ සිටිනු ඇත්දැයි අපි අසනු කැමැත්තෙමු.

අවසානයේ කිවයුත්තේ මේ පිරිස විසින් මේ ගෙන යන ප්‍රචාර කුමන හේතුවක් නිසා ගෙන ගියත්, මොවුන් මෙයින් කරගන්නා අකුසල් ප්‍රමාණය මොවුන්ට සතර අපායේ චිරාත් කාලයක් දුක් විඳීමට ප්‍රමානවත් බවයි. මේවාට යොමුවන අන් අහිංසක පුද්ගලයන්ද නිකරුනේ අකුසල් ‍රැස් කරගනු ඇත. මේ ඉතා අමාරුවෙන් පෙර කල කුසල් නිසා ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතය මෙසේ නිකරුනේ කාලකන්නි වීමට ඉඩ හැර ඇති මොවුන් ගැන අපට අනුකම්පා සිතේ.

මෙය කියවන ඔබ සැමගෙන් අප ඉල්ලා සිටින්නේ, අපට කල හැකි දෙය වන මොවුන්ගේ facebook group එක ඉවත් කරදැමීමට ඔබත් මෙතනනින් report කර දායක වන්න කියායි. තවද මෙහි සඳහන් කල බුද්ධ දේශනා සත්‍ය ඒවා බව ප්‍රකාශ කරන අතර, මේවයේ සත්‍ය අසත්‍ය භාවය ඕනෑම කෙනෙකුට ධර්මය හොඳින් දන්නා සිල්වත් භික්ෂූන් වහන්සේ නමකගෙන් අසා දැන ගත හැකි බවත් කරුණාවෙන් සලකන්න.

මෙහි සඳහන් බුද්ධ දේශනා අපට කියාදුන් අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේට මෙයින් නමස්කාර පූර්වක ස්තූතිය පලකරන අතර මේ සිද්ධිය පිලිබඳව අප දැනුවත් කල gossip9 කෙරෙහි අපගේ ප්‍රණාමයද මෙයින් පුද කර සිටිමු.

-මීට ටී සුනාමි, සෝනාර් හා බඩියා,
Namak නැහැ blog අඩවිය.

Tuesday, October 19, 2010

trip 2 මීමුරේ Chapter -2

5දෙනෙක්ගෙන් ප්‍රතිචාර
"මේ කතාවෙ කලින් කොටස බලපු නැති අයත්, බැලුව කියල මතකයක් වත් නැති අයත් ඉස්සෙල්ලම මෙතනින් ඒ කොටස බලල එන්න ..."
___බෝවෙන කොළරාව___



ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි Trip එක අපිට ලැබුනා,ඉතින් එදා ඉදන් අපේ පන්තියෙ අයට අනික් අයගෙන් ඉන්න තැන පැසසුම් ද, නැති තැන ගැරහුම් ද, නො`අඩුව ලැබුණා.මොකද කියනවනම් අපිට ලැබුනෙ දින 2ක චාරිකාවක් යෑමේ සුවිශේෂ අවස්ථාවක් ,
ඒත් මේ අමාරුවෙන් කට්ට කාලා ලබා ගත් අවස්ථාව කවදාවත් උදා වෙන පාටියක් නම් තිබුනේ නැහැ..
දැන් ඉතින්,කස්ටිය යන්නෙ කොහෙද කියන අර්බුදයට මුහුනපාලා ඉන්නේ...
මොකද,
ඕන ගමනක් යනකොට වගේම මේ ගමනත් යන්න කලින්ම සුපුරුදු පරිදි එළුවො දෙතුන්දෙනෙක් සද්ද දාන්න පටන් ගත්තා.
ඔන්න රෑට මදුරුවො කනවනම් එන්න බැහැ කියල පලවෙනි එළුව කියපි..
එකෙක්ට කදු නගින්නබැරි ලු.
තව එකෙක්ට toilet නැතිනම් කොහොමටවත් බැරිලු
ඔය අතරෙ තවත් සමහරුන් ට කොහෙ ගියත් කමක් නැති ලු.
ඉතින් මේ වගෙ ප්‍රශ්න කෝටියක් මැද හැමදාමත් වගේම JAM ගෙ පිහිටෙන් අන්තිමට "මී මුරේ" ට Trip" එක set කොර ගමු කියලා යෝජනා වුනා.
"මී මුරේ"කියන්නෙ කොහෙද?
තියෙන්නෙ කොහෙද?

කියලවත් පන්තියේ කාටවත් හරි අවබොධයක් තිබුනෙ නැහැ ඒ නිසා. කාගෙන් වත් විරොධය පෑමක් සිදුවුනේ නැහැ..අන්තිමට "මී මුරේ" ට Trip" එක සෙට් කොර ගත්තා.

දැන් ඊට පහුවෙනි දවස.....
ඇත්තටම "මී මුරේ.කියන්නෙ කොහෙද? තියෙන්නෙ කොහෙද? .."
එක එකාට ගමන යන දිහාව ගැන එක එක පුරස්න..හැමතැනින්ම වගේ හීනියට සද්ද එනවා.
හරි යන පාටියක් නැති නිසා....
JAM :- මොකද අද කස්ටියටම පාඩම කරන්න උවමනාවක් නැතිද??
ඔන්න එදත් හැමදාම වගේ ටී සුනාමි ඉස්සර උනා.
ටී සුනාමි:- ඇත්තටම,sir එහෙම දිහාවක් තියෙනවද?මම සිතියම් පොතේවත් දැකලා නැහැ නේ...
( "ලෝකේම තියෙන හොදම දේවල් තමයි ටී සුනාමි ගාව ඒ කාලෙ තිබුනේ...ඒ උනාට එදා තමයි කස්ටියටම මාට්‍ටු වුනේ මුගෙ සිතියම් පොතේ තරම__ඒ ගැන තව දවසක කියන්නම්.." )
Tunin :-මොකද.බං නැත්තේ අරන් බලහන් ගුණේ ගෙ 2005 edition එක (උගෙ ලොකු line)
ක‍ටුමාරිස් :- ඔව් ඒකෙනම් තිබුනා තමයි..
(මෙයාට සිතියම් පොතම පාඩම් සිරා dial එකක්)
රිළා :- උඹට sure ද?
(මෙයාට සිතියම් පොතම පාඩම් තිබුනත් අනේ මම ගොනා කියලා පෙන්නන්නම try කොලන කබ්බෙක්)
සිතියමේ පිහි‍ටුම දකපු ගමන් මෙන්න.
සූප්පුවා:- අපෝ එහෙනම් මම එන්නැහැ..එහේ කූඩැල්ලො ඇති..
( මිනිහා වැහි කාලෙ සිංහරාජේ රිංගන්න ගිහින් කාපු කට්ටක් නිසා ...ඒකන් trip එකෙ යන්න හිටපු තව එකෙක් හැලුනා..)
බඩියා :-අලේ.. ඒ කියන්නෙ..කදු නගින්නත් වෙනවද??
( බඩියා කියන්නෙ කන්දක් 1st එකේ වත් අදින්න කැමති ජාතියේ එකෙක් නෙමෙයි.. )
සැරිසර :-මෙහ් උඹ හිටින් බබා වෙන්නෙ නැතිව ..
(පන්තිය silent උනා)
JAM :- මම මේ පොඩ්ඩක් පන්තිය නිශ්ශබ්ද වෙනකම් හිටියේ..."මී මුරේ" කියන්නෙ ඔය හිතන තරම් යන්න අමාරුම ගමනක්මත් නෙමේ ලමයි....
සිරිබිරිස් :-ඒ කියන්නෙ යන්න ලේසි පාසු එකකුත් නෙමෙයි කියල නේද sir !!
මේක තේරුම් කොරන්න ගියාම තමයි..JAMටත් දෙලෝ රත් වුනේ.මොකද මොන ජාතියෙන් කිව්වත් එකෙක්ටවත් තේරෙන්නේ නැහැ...
(අන්තිමට තමයි කට්ටියම හරි tracks එකට Enter වෙන්න පුලුවන් කතාවක් හීනියට වගේ තේරෙන්න
අමරබන්දු කිව්වෙ..)
අමරබන්දු:-අඩේ සෝනාර් "සූරිය අරණ" film එකෙත් ඔය කියනව වගේම තැන් නේ තියෙන්නේ....
සෝනාර්:-වෙන්න පුලුවන්නේ........
අමරබන්දු:-ඒ කොහොමැයි..
සෝනාර්:-ඒ film එක රූගත කොලෙත් එහෙ නිසා..

මෙතනින් පස්සෙ උන කතා වලින් පන්තියෙ ඉන්න ඔක්කොටම වගේ මී මුරේ කියන්නෙ කොහෙද? තියෙන්නෙ කොහෙද? ..කියන එක පිලිබද යම් අවබෝධයක් ලැබුනා..
මේ අවබෝධය තවත් වැඩි කොරන්න සහ ගොඩබිමවාසී අපිට Sup එකට..මිරිදියවාසී සැමන් sir, හා කරදියවාසී සාල sir ගෙන් ද ඉමහත් දායකත්ත්වයක් ලැබුනා කියන එකත් මතක් කරන්න ඕන.
ඉතින් මෙහෙම හොද අවබෝධයක් ලබාගෙන යන්න හදන ගමනටත් වටෙන් ගොඩෙන් කනකොකාලා,කනකොකීලා එකා දෙන්න අඩන්න ගත්ත....
ඒ නිසා යන්න හදන මේ ගමනටත් හෝ ගාලා බාල ගිරි දෝසෙ,කොළරාව වගේ බෝ වුනා...

ඒ ලෙඩෙත් සනීප කොරන් ගමන ඇඹරුව හැටි Chapter -3 එකෙන් කියන්නම්..

Friday, October 15, 2010

Trip to දෙහිවල සතුන්වත්ත

5දෙනෙක්ගෙන් ප්‍රතිචාර

මේ සිද්දිය වුනේ මේ මෑත කාලයේ. මේක පටන්ගත්තෙ අපේ සෝනාර්ට trip එකක් යන්න ඕනමයි කීව නිසයි. ඉතින් කවුද trip යන්න අකමැති. අපිත් හා කීවා. ඒත් පොඩි කොස්සක් තිබුනා.

ඒක තමයි යන්නෙ කොහෙද කියන එක. හැමෝම ගොඩක් තැන් යෝජනා කලා. හැබැයි ඒ තැන් එකකටවත් හැමෝගෙම කැමැත්ත ලැබුනෙ නෑ. ඒත් ඉතින් කොහෙහරි යන්නත් ඕනෙනේ. ඔය අතරෙ තමා සෝනාර් කීවෙ අපි zoo එකට යන් කියලා.(අපි පස්සෙ තමා හොයගත්තෙ මිනිහා මෙච්චර zoo එකට යන්න දැඟලුවෙ කියලා, එය ඊට කලින් කවදාවත් zoo ගිහිල්ල නැතිලූ.) අපිට වැඩක් නැති වුනත්, සෝනාර්ගෙ බර බරේ හින්ද හා කීවා.

එතනින් පස්සෙ පුරස්නෙ වුනේ කවදද යන්නේ කියන එක. trip එකක් යන් කීවට මොකද හැමෝටම වැඩ තිබුනා. ඉතින් කොහොමහරි මාස දෙකක් විතර try කරලා, රුපියල් 300ක විතර calls & sms අරගෙන, තියෙන වැඩත් පාලු කරගෙන zoo යන්න දවසක් දාගත්තා.

දැන් මේ වැඩේට set වුනේ මන්(ටී සුනාමි), සෝනාර්, බඩියා, සැරිසර,(සෝනාර් එයා ගැන වැඩි විස්තර ඔයාලට ඉදිරියේදි කියයි) තව අයියා කෙනෙකුත් set වුනා. ඉතින් අපි යොදාගත්ත දවසේ උදේ පාන්දරින්ම ගෙදරින් ආවා, zoo එකට යන්න.

යකඩයකාගේ ගිහිල්ලා මලදානෙන් බැහැලා ආයෙ bus එකකත් ගිහින් ඕං ආවා zoo එකට. ඉතින් අපි tickets එහෙම අරගෙන සංචාරයට enter වුනා. ඉස්සෙල්ලම තියෙන්නේ පැස්බරාලා ඉන්න කූඩුවනේ. ඔතනට ගියා අපි කට්ටිය.

සෝනාර් එදා තමා පැස්බරෙක්ව ඇත්තට දැකලා තියෙන්නෙ. මිනිහා "අනේ මෙයලා ගොඩක් උසයි නේද" කියලා කූඩුවට ටිකක් ලං වුනා. පැස්බරාට මෙයා එන පොට අල්ලපු නැති නිසා ඌ අත්ත‍ටු පුම්බගෙන දුවගෙන ආවා, සෝනාර් හිටි තැනට. මිනිහා බයවෙච්ච පාර කොහොමද කියනවනම් ආයෙ ආවෙ නෑ එතනට.

අපි ඔහොම ගොඩක් වෙලා අවිද්දා. දැන් දවල් වෙලා, බඩේ පනුවො හෝ ගාලා උද්ගෝසනය කරනවා, කෑම ඉල්ලලා. ඒ වෙනකොට අපි බලබල හිටියේ කුරුල්ලො ඉන්න පැත්ත. අපි යන හරියෙ හිටියේ උලමො, බස්සො තව කොක්කු වගේ ලොකු කුරුල්ලො. උලමා දවල්ට නිදාගෙනනෙ ඉන්නෙ. ඉතින් සද්දයක් බද්දයක් නෑ. මට එවෙලෙ හොඳ ටිකිරි අදහසක් ආවා.

මන් එක පාරයි උලමෙක් කෑගහනවා අහලා තියෙන්නෙ. මේ ඉන්න උලමො කොහොම කෑගහනවද කියලා බලන්න මට ආසාවක් ඇති වුනා. ඉතින් මන් ඔය අදහස සැරිසරට යොමු කලා.මිනිහත් එක පයින් වැඩේට කැමති වුනා.

උලමන්ට කෑගහලා වැඩක් නැතිනිසා(උන් නිදිනේ)ඇහැරලා ඉන්න වෙන කුරුලු කූඩුවක් ලඟට ගිහිල්ලා උන්ට ඔච්චමට වගේ කැගැහුවා. ආයෙ මොනාද මුන් සේරම කුරුල්ලො ටික එයාලගෙ ජීවන නාදය පටන්ගත්තා. ටිකකින් උලමත් set වුනා. එදා zoo ආපු ගොඩක් අයට උලමාගෙ සද්දෙ දවල් අහන්න පුලුවන් වුනා. අපේ වෙලාවට එතන වෙන අය හිටියෙ නෑ. ඒ නිසා සරීර ආබාදයක් නැතුව එතනින් ආවා.

ඊට පස්සෙ අවුල වුනේ කන්න ගිහිල්ලා. සෝනාර්ගෙන් කන්න යන්න ඇහුවොත් මිනිහා KFC මතක් කරන නිසාත්, එසේ යාම අපගේ purse එකට හානිදායක නිසාත්, අපි ගෙදරින් කන්න අරන් ආවා. අර අයියා කන්න අරන් ඇවිල්ලා තිබුනෙ නෑ.

ඉතින් මිනිහට වෙන අතක් බලාගෙන කෑම එකක් කඩෙන් ගන්න වුනා. අයියා කෑම ගන්න කඩයක් හොයාගෙන යද්දී zoo ආපු ගොඩක් කට්ටිය කෙසෙල් කොල වල ඔතපු බත් කනවා දැකලා. අයියට මේක දැකලා ඉන්න බැරිවුනා. ඉතින් අපිටත් කන එක පැත්තක දාලා, මෙයත් එක්ක කෙසෙල් කොල බත් සෙවීමෙ ව්‍යාපාරයට දායක වෙන්න වුනා.

දෙහිවල මොන කෙසෙල් කොලේ බත්ද, concrete වනාන්තරේනෙ, කෙසෙල් ගස් තියා ලොකු ගසුත් හොයගන්න අමාරුයිනේ. ඕක අර අයියට තෙරුනේ නැති නිසා පැයක් විතර ඒ පැත්තෙ තියෙන කඩවල් වල රස්තියාදු වෙලා බඩපිරෙන්න charter කෑවා.

ඔහොම ගිහින් අයියට කෙසෙල් කොල බත් එපා වෙලා, වෙන අතක් බලාගෙන බඩට යමක් දාගත්තා.(පස්සෙ සිදුකල විමර්සනයකින් හෙලිවුනේ අර කෙසෙල් කොලේ බත් කාපු කට්ටියම එකට ආපු කාංඩයක් කියලා. ඉතින් එයාලා එද්දී කෙසෙල් කොලේ බත් අරන් ඇවිත් තියෙන්නේ.)

කාලා ඉවරවුනාට පස්සේ විදේසික කුරුල්ලො ඉන්න කූඩුවට ගියා. ඒකෙ තියෙන පොඩි පොකුනක තිබුන අත්තක කුනක‍ටුවෙක් හිටියා. අපේ කරුම වෙලාවට ඕක බඩියා දැක්කා, එවෙලෙ ඉඳන් මිනිහට ඒ කුනක‍ටු කුරුල්ල ගැන විස්තරයක් කරන්න වුනා. බොහොම අමාරුවෙන් තමා එතනින් මිනිහව අරගෙන ආවෙ. අපේ බඩියා එහෙම තමා.

තව ටිකක් ඔහොම අවිද්දට පස්සේ බඩියා එයාගෙ ආවේනික සිංහ නාදය දාන්න ගත්තා කකුල රිදෙනවා කියලා. ඒ නිසා අන්තිම ටික යන්තම් බලලා යහතින් ගෙදර ආවා.

අපි පස්සෙ දවසක ඇහුවා සෝනාර්ගෙන්, "අන්තිම ටික හරියට බලාගන්න බැරිවුන නිසා ආයෙ යමුද zoo"කියලා. මිනිහා ගත් කටටම කීවෙ "ආයෙනම් ගියත් උඹලා එක්කනම් යන්නෙ නෑ" කියලා. අනේ අපේ සෝනාර්.

Monday, October 11, 2010

සෙට් වීම

2දෙනෙක්ගෙන් ප්‍රතිචාර


කොහොමද කස්ටිය? මම තමයි බඩී. ඔන්න මම අද හා හා පුරා කියලා කතාවක් කියන්නයි ලෑස්ති වෙන්නෙ. ඉස්සෙල්ලාම කියන්න කියලා හිතුනා අපේ අනිත් සෙට් එක මට මාට්‍ටු වෙච්ච හැටි.

සෝනාර් ගැන කිව්වොත් මේ මනුස්සයා මම කලින් හිටපු ඉස්කෝලෙදිත් 3-4 වසරවල් වල එකට ඉඳලා තියෙනවා. ඊට පස්සෙ ශිෂ්‍යත්වෙන් ලොකු ඉස්කෝලෙට එද්දිත් මගෙ පස්සෙන්ම ආවට ආයිත් සැරයක් මාට්‍ටු වුණේ උ:පෙ සිංහලෙන් කියනවා නං ඒ ලෙවල් කොරද්දි. එතකන් නං උන්නද මළාද කියලවත් දැනං හිටියෙ නෑ.

ඊළඟට ටී සුනාමියා ගැන කිව්වොත්, මේ මනුස්සයත් මම කලින් ගිය ඉස්කෝලෙටම ගොහින් ඊට පස්සෙ ශිෂ්‍යත්වෙන් ලොකු ඉස්කෝලෙට ආවට පස්සෙ, මගෙ පස්සෙන්ම 6 වසරෙ ඉඳලා 9 වසර වෙනකන්ම මගෙම කරුමෙකටද කොහෙදෝ ඇවිල්ලා ආයිත් පාරක් උපෙ කොරද්දි මාට්‍ටු වුණා. (දුක තමා ඉතින්)

ඔන්න අන්තිමට තව ඉස්සරහට සෙට් වෙන්න ඉන්න "සැරිසරයා" ගැන කියන්න හදන්නෙ. මේ මනුස්සයා නං අපේ ගෙදර ඉඳලා විනාඩි දහයක විතර දුරින් හිටියට මොකද මේකාව තමයි අන්තිමටම මාට්‍ටු වුණේ. ඒ කියන්නෙ 10 වසරෙදි විතර, ඊට පස්සෙ උපෙටත් සෙට් වුණා.

ඔය උපෙදි සෙට් වුණ සෙට් වීම තමයි තවමත් ගින්දර වගේ තියෙන්නෙ.

අපේ කස්ටියගෙ ඇඩ්වෙන්චෝර්ස් ගැන ඉස්සරහට කියන්නම්කො. එහෙනං අදට මම ගියා...
 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates