Wednesday, October 20, 2010

සමාධි පිළිමය පාමුල දී...........




සිරිමාබෝගේ සිසිලස ලැබෙනා
සුවය සපිරි මද පවන හමයි...
සීල සුගන්ධය පවනට මුසු වී
හද සනසන අම සුවය ගෙනෙයි..
අඩවන් නිසසල ප්‍රතිමා දෑසින්
මෙත් මුදිතා කරුණා ඉතිරෙයි..
මහමෙවුනාවේ වන උයනේ සිට
රටටම මෙත් කරුණා පතුරයි...

සුවිසල් නොසැලුණු මහමෙත් කඳ ලෙස
සදහම් ගුණ පිරි පිළිමයකි...
සමාධි වඩනා පිළිමය දු‍ටු විට
සැම හදවත් නිති පහන් වෙනා..
බණ පදයක් මට ඇසුමට සිත් විය
ජීවමාන බුදු හිමි යි සිතා....
අදිටන් කරනෙමි පෙරුමන් පුරනෙමි
යාමට නිර්වානයට ළඟා...
මතු භවයේවත් මෙත් හිමි දැකුමට
හැකිවේවා මම පතමි සදා..

මෙත් හිමි,බුදු හිමි යැයි පවසා
ලක්වැසි රවටා නිරයේ යෑමට
තැත දරනා කෙනුන්....
අද පමණක් නොව එකල ද සිටි වග
පසක් කරවනා දේවදතුන්....
බුදුන් සරණ මිස වෙන සරණක් නැත
අදත් සිහි කරලු නිරයෙ සිටන්...

No comments:

Post a Comment

 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates