Friday, October 29, 2010

වස් වැදෙන කථා

මේක කියෙව්වට ඔයලාට වස් වැදෙන්නෙ නෑ හොඳේ. මේ scene එක වුනේ අවුරුද්දකට විතර කලින්. යුද්ධෙ ඉවරවුන නිසා අපේ අය හෝ ගාලා උතුරු නැගෙනහිර පලාත් වලට trip යන්න set වුනානේ. ඉතින් අපිත් ඔහොම Trinco යන්න set වුනා. අපි කීවෙ මගෙ ලඟ නෑදෑයෝ කට්ටිය. මමත් set වුනා යන්න.

ඉතින් අපි ඕක ready කොරගෙන, යන දවසෙ උදේ පාන්දරින්ම පිටත් වුනා Trinco බලා. අපේ ගමන් මර්ගය සැලැස්ම තිබුනේ සෝමාවතියටත් ගිහිල්ල යන්න. ඉතින් පැය 7ක් 8ක් bus එකේ charter කාගෙන ගියා සෝමාවතියට. යද්දී කොහොමත් 11ට විතර ඇති දවල්.

එදා පෝය දවසක්, සෙනග හිටියා කට කපලා. ඊට හපන් අව්ව. බිත්තරයක් omelet දාගන්න පුලුවන් ඒ අව්වෙ ඉඳන්. කොහොමහරි අව්වෙ කරවෙවී අපි කට්ටිය ගියා සෝමාවතියට. බුදුන් වැඳලා එහෙම ඉවරවෙලා කාන්තා පාර්ශවය අවශ්‍යතා ඉ‍ටු කරන්න ගියා. අපිනම් ඉතින් මගදිම ඒවා කලා. ඕවා සුපුරුදු දේවල්නේ.

එයාලා ඒ වැඩ කරගන්නකම් අපි කොල්ලො set එක පොඩ්ඩක් වටේ රවුමක් ගැහුවා. ඔහොම යද්දි අපි දැක්කා, බෝධිය ගාව සෙනග හෝ ගාල ඉන්නවා. අපි බැලුවා මොකද මේ කියලා. ඈත ඉඳන් පේන්නෙ නෑ සිද්ධිය. ඉතින් මන් මගේ අයියත් එක්ක එන්ටර් ද ඩ්‍රැගන් වුනා, බෝධිය ලඟට. ගියාම තම වැඩේ meter වුනේ.

මන් මේ කියන්නෙ ලඟ හිටපු uncle කෙනෙක්ගෙන් අපි අහගත්තු දේ හොඳේ. "සතියකට විතර කලින් බෝධින් වහන්සේගෙන් රන් දල්ලක් පහල වෙලා, ඒක බලන්න තමා මෙච්චර සෙනග". අර uncle ඔහොම කීවා. මාත් ටක් ගාලා ඔලුව දාලා බැලුවා, මොකක්ද බොලේ මේ රන් දල්ල කියන්නෙ කියලා.

සාමාන්‍යයෙන් ගස් වල දළු එන්නෙ උඩනේ. ඉතින් මන් උඩ තමා බැලුවේ. මටනම් කිසිම අමුතු දෙයක් පේන්නේ නෑ. ඒත් මිනිස්සු බෝධිය දිහා බලාගෙන "අනේ සාධු, මොන තරම් පුදුමයක්ද!!" කිය කියා වඳිනවා. මන් full holman, තව බැලුවා පේන්නෙ නෑ.

අයියගෙන් අහුවෙ පේනවද කියලා. එතකොට මිනිහ කියනවා, "උඩ නෙමේ බන්, අර මුල ගාව තියෙන එකද කොහෙද කියලා". මන් බැලුවා. මට බලපු ගමන් වැඩේ meter වුනා, මොකක්ද මේ කියලා. මට හතර හිනා. බොහොම අමාරුවෙන් හිනාව නවත්තගෙන මන් අය්යගෙන් ඇහුවා,"ඒ ඕයි ඒක රන් පාට නෙමෙනේ මටනම් පේන්නේ දුඹුරු පාටට, උඹට පේන්නෙ කොහොමද" කියලා. ඕක ඇහුන ලඟ හිටපු ආච්චි කෙනෙකුට. එයා මන් දිහා රවලා බැලුවා. මන් එච්චර ගනන් ගත්තෙ නෑ.

ඊට පස්සෙ අයිය අහනවා මගෙන් "ඒක මුලක් නේද බන්?" කියලා. මන් ඉතින් ඒක ගැන සම්පූර්ණ විද්‍යාත්මක විස්තර ප්‍රකාශයක් අයියට ඉදිරිපත් කලා. (මන් picture එකේ දාලා තියෙන්නේ ඒ කියන රන් දල්ල තමා, ඒක ඔයාලට පේන්නෙ කොහොමද කියල බලන්නකෝ. දල්ලක් වගේ පේන එක්කෙනෙක් ඉන්නවනම් කරුණාකරල මට කියන්න හොඳේ.) ඕක කොහොමහරි අර ලඟ හිටපු ආච්චි අහගෙන ඉඳලා.

මෙන්න එයා එක පාරට මන් දිහා රවලා බලලා කියනවා "මොනවද බොල මේ කියවන්නේ. මේවා වස් වැදෙන කථා. නොදකින් තොගෙ කටනම් තුහ්" කියලා තුන් පාරක් කෙල ගැහුවා. (ඔය විදියටමයි කීවෙ හොඳේ ) මන් බලුවා මේ මොන විකාරයක්ද කියලා. ඒත් පස්සෙ මට තේරුනා ඒන පොට හොඳ නෑ කියලා.

අච්චි අතේ තිබ්බ මල්ටි කලර් පත සයිස් කුඩෙත් පෙර‍ටු කරගෙන මන් දිහාට හැරෙන එක මට ඇල්ලුවෙ නෑ. මෙතන තව හිටියොත් මූණ කට සමතලා කරගන්න පුලුවන් කියන එක ටාර් ගාලා meter වුනා. ඊට පස්සෙ ඉතින් සුගත් තිලකරත්න අය්යව සිහි කරගෙන බෝධියෙන් එහාට ධාවනයේ යෙදුනා. දුවගෙන ගිහිල්ලා කෙලින්ම නැවතුනේ ආපු bus එකේ.

එදා මන් හිතාගත්තා ආයෙනම් ඔය ආශ්චර්‍ය තියෙන තැන් වලට යන්නෙ නෑ කියලා. ඒ ආච්චි වගේ අන්ධ භක්තියෙන් ඉන්න අය නිසා තමා අර මාතර ඉන්න මෛත්‍රී බුදුන් මම කියන, පිස්සු මිනිහා වගේ අයත් ඇති වෙන්නේ. මිනිස්සු පස්සෙන් යන්නෙ නැත්තම් එයාලා ඔච්චර කල් ඔහොම ඉන්නෙ නෑ. මේ වගේ මිනිස්සු ඉන්නකම් ඉතින් බුදු දහම අනතුරේ.



ප.ලි.:

මේ කියන seen මේ කථාවට අදාල නෑ හොඳේ. මතකනේ මන් කීවා "ඉගෙනීම මිනිසා සම්පූර්ණ කරයි" කියන කථාවෙන්, ග්‍රාමීය කර්මාන්තෙ කරන තුන්දෙනා ගැන අපේ පැත්තෙ. ඒ කතාව කියවල නැති අය කියවන්න. මේ තුන්දෙනා ගිය මාසෙ හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා. ආයෙ සුපුරුදු කර්මාතයම පටන් අරගෙන.

මන් ගියා දවසක කට්ටිය හම්බවෙන්න දුක සැප බලල එන්න. මන් නිසානෙ කරදරේ වැ‍ටුනෙ. මුදල් ආධාරයකුත් කරන්න හිතාගෙන තමා ගියෙ. වැරදි වැඩක් කලා වුනත් දරු පවුල් කාරයොනේ.

මන් ගියා pot එකට මාව දැක්කා විතරයි අර තුන්දෙනාම දුවගෙන ඇවිල්ලා කියනවා, "අනේ මහත්තයෝ, මහත්තයා ආපු අතක් බලාගෙන යන්න. මහත්තය ආවොත් සේරම විනාසයි." කියලා. මට වැන්දෙ නැති ටික විතරයි. මට පව් කියලා හිතුනා. මන් ඉතින් හනික ආවා කරන්න ගියපු අධාරයත් කරලා.

කියන්න බෑනේ එදා සිද්දියම වුනොත් එහෙම.

3 comments:

GNS said...

ආස්චර්ය තියෙන තැන් වලට ගියාට කමක් නෑ, කට පියාගෙන ඉන්න දැනගන්න ඕනෙ.. ;-)

Naleen Dhanushka said...

අනේ කාලේ වනේ වාසේ කිව්වලු......කරකුට්ටං වෙච්චි දුංකොළ නැට්ටක් වගේ.....අනේ අම්මප ලොකේ බිහි වෙලා තියෙන විශිශ්ටම දර්ශනයක්(බෞද්ධ දර්ශනය ) පුහු මෝඩ ඇදහිලි නිසා විකුර්ති වෙන හැටි!!!!!

ටී සුනාමි said...

@ගයන්ත:
එහෙම කට පියාගෙන ඉන්න පුලුවන්ද? මිත්‍යා මත ප්‍රසිද්දියේ පැතිරෙන කොට. අපි ඇත්ත කතා කරලා මැරෙන්න වුනත් බය නැති මිනිස්සු.:P


@Naleen Dhanushka:
මොනව කරන්නද? මෙහෙම මිත්‍යා මත වලට නැඹුරු වෙන්න හේතුව මටනම් තේරෙන්නෙ නෑ, මේ විද්‍යාව මෙච්චර දියුණු කාලෙක.

Post a Comment

 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates