
කොහොමද කස්ටිය? මම තමයි බඩී. ඔන්න මම අද හා හා පුරා කියලා කතාවක් කියන්නයි ලෑස්ති වෙන්නෙ. ඉස්සෙල්ලාම කියන්න කියලා හිතුනා අපේ අනිත් සෙට් එක මට මාට්ටු වෙච්ච හැටි.
සෝනාර් ගැන කිව්වොත් මේ මනුස්සයා මම කලින් හිටපු ඉස්කෝලෙදිත් 3-4 වසරවල් වල එකට ඉඳලා තියෙනවා. ඊට පස්සෙ ශිෂ්‍යත්වෙන් ලොකු ඉස්කෝලෙට එද්දිත් මගෙ පස්සෙන්ම ආවට ආයිත් සැරයක් මාට්ටු වුණේ උ:පෙ සිංහලෙන් කියනවා නං ඒ ලෙවල් කොරද්දි. එතකන් නං උන්නද මළාද කියලවත් දැනං හිටියෙ නෑ.
ඊළඟට ටී සුනාමියා ගැන කිව්වොත්, මේ මනුස්සයත් මම කලින් ගිය ඉස්කෝලෙටම ගොහින් ඊට පස්සෙ ශිෂ්‍යත්වෙන් ලොකු ඉස්කෝලෙට ආවට පස්සෙ, මගෙ පස්සෙන්ම 6 වසරෙ ඉඳලා 9 වසර වෙනකන්ම මගෙම කරුමෙකටද කොහෙදෝ ඇවිල්ලා ආයිත් පාරක් උපෙ කොරද්දි මාට්ටු වුණා. (දුක තමා ඉතින්)
ඔන්න අන්තිමට තව ඉස්සරහට සෙට් වෙන්න ඉන්න "සැරිසරයා" ගැන කියන්න හදන්නෙ. මේ මනුස්සයා නං අපේ ගෙදර ඉඳලා විනාඩි දහයක විතර දුරින් හිටියට මොකද මේකාව තමයි අන්තිමටම මාට්ටු වුණේ. ඒ කියන්නෙ 10 වසරෙදි විතර, ඊට පස්සෙ උපෙටත් සෙට් වුණා.
ඔය උපෙදි සෙට් වුණ සෙට් වීම තමයි තවමත් ගින්දර වගේ තියෙන්නෙ.
අපේ කස්ටියගෙ ඇඩ්වෙන්චෝර්ස් ගැන ඉස්සරහට කියන්නම්කො. එහෙනං අදට මම ගියා...
2 comments:
mamath set wennada? :P
@digitaL^_AC3: සෙට් වෙමු සෙට් වෙමු ඉස්සරහට, ස්තුතියි comment එකට
Post a Comment