Friday, October 8, 2010

කරුණාකර tickets පෙන්වන්න



මේ සිද්දිය වෙලා දැන් ටිකක් කල්. එදා මන් පොඩි වැඩ වගයක් කරගන්න අපිට ලඟ town එකට ගියා. යකඩ යකාගෙ නැගල තමා යන්න ඕනෙ. වැඩ කරගෙන ආයෙ ගෙදර එන්න දුම්රිය පොලට ආවා. එතනදි තව යාලුවො තුන්දෙනෙක් set වුනා.

set වුනේ තම්බියයි(මෙයා ගැන මන් ඔයාලට කීවනෙ බඩියාගෙ ගණන් පාඩම කතාවෙන්)තව දෙන්නෙකුයි. එදා හවස් වෙලාව, සෙනගත් සෑහෙන්න හිටියා station එකේ. අපේ රටේ ඉතින් කිසිම දෙයක් වෙලාවට කෙරෙන්නෙ නෑනේ. ඒක තමා සෙනග වැඩි.

අපි කට්ටිය යකඩයා එනකල් පොඩි chat එකක් දාගෙන හිටියා. මෙවෙලෙ දැක්කා දෙතුන් දෙනෙක් platform එකෙන්, railපාරට පැනලා ධාවනයේ යෙදෙනවා. ඒ පස්සෙන් තව කට්ටියක් එලවනවා. ටිකක් විපරමෙන් බැලුවම දුවන්න හේතුව meter වුනා.

කට්ටියගෙ tickets බලන්න ටික්කො ඇවිල්ලා(දන්නවනේ මෙයාල ගැන. අර දුම්රිය ආරක්සක සේවය කියන්නේ, බාප්පලා කියලත් කියනවනේ. යකඩයෝ වෙලාවට එන්නෙ නැති වුනාට මොකද මෙයාලා වෙලාවට එනවා. හරියට tickets අරගෙන තියෙන්න ඕනෙ. නැත්තම් ඉතින් අම්මව මතක් කරවල දීලා දඩත් කන්න වෙනවා. අපේ රටේ හැටි එහෙමනේ.) අර දුවලා තියෙන්නේ ticket නැති අය.

ටික්කො අපි හිටපු පැත්තටත් ආවා. මෙවෙලෙ මට මරු ideas එකක් ආවා. අපේ ගමන් ඉතින් හැමදා යකඩයගෙන් තමා. ඒ නිසා season tickets අරගෙන තියෙන්නෙ. කට්ටියටම දැන් season තියෙනවා. මන් කීවා අනිත් අයට "මචන්ලා, මුන්ට අපි පොඩි bite පාරක් දෙමුද?" කියලා. අනිත් එවුනුත් එකෙන්ම හා කීවා.

ඕං දැන් අපි ලඟටම වගේ ටික්කො ඇවිල්ලා. එයාලව දැකලා පැනලා යන අය වගේ අපි කට්ටිය හෙමීට ඒ පැත්තෙන් මාරු වෙන්න පටන් ගත්තා. දැන් ටික්කො දෙන්නෙකුත් අපේ පස්සෙන් එනව. අපිටත් ඕන වුනේ ඒ ටික තමා. එයාලා ලං වෙන්න වෙන්න අපි ටික ටික මාරුවෙන වේගෙ වැඩි කරනවා.

අන්තිමට ටික්කන්ට සැක හිතිලා උන් දෙන්න අපේ පස්සෙන් එලවන්න තියාගත්තා. අපිත් station එකෙ අන්තිම හරියේ ඉඳන් මුල හරියටම platform එක දිගේ ආවා. දැන් මිනිස්සුත් seen එක බලාගෙන ඉන්නේ. ඔය වෙලේ අර දෙන්න දුවගෙන අවිත් අපිව අල්ලගත්තා.

"මහත්මයා, කරුණාකර tickets පෙන්වන්න" කීවා. ඉතින් දැන් අපි ඇඹරෙනවා. ඊට පස්සෙ මිනිහා සැරෙන් අහනවා "මොකද කතා නැත්තේ, tickets නෑ නේද?" කියලා. අනේ අපිත් බොහොම බයාදු විදියට "නෑ" කීවා. ඊට පස්සෙ "එහෙනම් වරෙව් යන්න" කියලා, ඔන්න අපිව සෙනග මැද්දෙන් ඇදගෙන යනවා.

ටිකක් ඔහොම යන්න දීලා මන් කීවා "ඔහොම ඉන්න ටිකක්, අපිට season තියෙනවා, මේ...." කියලා season පෙන්නුවා. ආයෙ මොනවද මුලු station එකම එකම සිනා සාගරයක ගිලී ගියා. ටික්කන්ට මාර charter එක.

මොනව කියන්නද අපිට එයාලා, උන් දෙන්නා නකුට කකුල් දෙක අස්සේ ගහගත්තු බල්ලො දෙන්නෙක් වගේ සිනා හඬ මැද්දෙ එතනින් මාරු වෙලා ගියා.

9 comments:

Anonymous said...

raajakaariyak karana minisunwa bite kireemath unwa balnna se salakeemath wihiluwak nowa itha pahath ganayee amana kriyawaki...obath obe mithurange waradi aadarshaya ganath itha kanagaatu wemi. rataka neethiyatath eya kriyaathmaka karana ayatath garu kireema puraawasiyan winaya surakina bawata itha honda saakshiyaki. itha ninditha pahath pele kriyawaki.

tikka said...

නිර්නාමිකගේ කතාව ඇත්ත. මේ වගේ එවුන් ඉන්න රටක් කොහොම දියුනු වෙයිද? වැරදි වැඩේ කරල මෙතන තව ලොකු වැඩක් වගේ කියවන්නත් එනව.

තීර්ථ යාත්‍රිකයා said...

???????????

Narada said...

අපොයි මෙන්න කෙනෙක් බණක් කියනෝ! හැබැයි ඇත්ත කතාව, ඒ වුණත් ඒ දවස්වල අම්බානෙකට ඔය වැඩ නම් කරා අපි!!!

ටී සුනාමි said...

@Anonymous:
meakayi tiyena prashne. oba kiyana widhiyata garukatayuthu widhiyata eyaalata salakeematanam eyalath apita ese salakiya yuthu yayi ma sithanawa. nikam hari ticket nathiwa gihin ahuwunoth wena dhee gana man keewane. ehema katha karanna watinne nane. oba thuma dhumriyaka gihilla balanna terumganna puluwan wade hati.
anika thama api amaruwen hoyana mudal walin ticket aragena giyath dhumriya ape rate welawata apu eka dawasak tiyenawada awath senaga purola ne enne gewana mudalata anuwa sewaya labaganeema paribogika ayithiwasikamak kiyalane neethiye thiyenne. hamadema neethiye hatiyata kerenawanam mahaththayo me rata mehema thiyenne na neda. oba thuma masayak dhumriye gihin balanna man kiyana de terei. ara amathila ena dawas wala yanna epa edata kattiyama thithata wadane.

ටී සුනාමි said...

@tikka:
ඔබටත් කියන්න තියෙන්නේ නිර්නාමිකයට කීව දේම තමා. දුම්රියෙ හැමදාම යන අපි තමා දන්නේ අපිට වෙන අසාධාරන ගැන. ඒ දේවල් වලට මේ කවුරුත් මොනවත් කියන්නේ නෑනේ. සමාන්‍යයෙන් ticket නෑ කීවම season එක ඉල්ලනවා. මෙයාලා එහෙම කලේ නෑ. හේතුව තමා මෙයාලා ticket නැති අය අල්ලන්නේ එයාලගෙ දවසෙ වියදම හොයගන්න මිසක් රාජකාරිය නිසා නෙමේ. අපි ඇඹරෙන්නෙ නැතිව රුපියල් 500ක් දික් කලානම් සද්ද නැතිව ඒක අරගෙන යනවා. නීතිය රකින නිලධාරීන්ගේ හැටි ඔහොම තමා. ඔබත් දුම්රියේ මාසයක් යන්න, තේරෙයි මන් කියන එක. නැතිනම් දුම්රියේ හැමදාම යන කෙනෙක්ගෙන් අහල බලන්න.

ටී සුනාමි said...

@තීර්ථ යාත්‍රිකයා:
??????????


@~බිன்ku~:
ඒකනේ කියන්නේ sure එකටම උඹ train වල ගියපු එකෙක්. අපිනෙ බන් දන්නෙ ටික්කන්ගේ වැඩ. ඔය කියල ටියෙන විදියට නීතිය බලපාන්නේ අපිට විතරනේ. අනිත් ලොකු ලොක්කො ඕන ජරා වැඩක් කොලොත් කවුරුත් සද්ද නෑ. අපි ඉඳලා හිටලා අහිංසක විනෝදයක් ගත්තම තමා හැමෝම කෑ ගහන්නේ. එ ටික්කට තිබුනනේ tickets නෑ කීවම season දෙන්න කියන්න. එයා එහෙම ඇහුවෙ නෑ. හේතුව මන් කලින් කීවනේ.

Anonymous said...

machan T-sunami but hamoma issara minissu smachchalkayata lak kireema honda is not a gud thing ban. aneka apita asadharana kam una kiala apith asadharanakam karanna giyama, noondi wada kalama mokakda ape thiyena manussakamata wenne. api kollo thamai machan. but desciplines thiyenna ona. apita thamai hamoma e gahanne, ay lokkanta wena neethi kiana ewwa puhu tharka witharai machan. kagewath redi ussala balanne nathuwa thamun hariyata redi andan da inne kiala baluwanam iwarai neda? lankaawe train walaa condition honda nathnam ekata action ganna ona tikkangen newi ne ekata eke inna anek adaala minissunta action ganna ona.
macho hungak minissu podi miniha dakkama thamai elawanne. unta gahanne. but lokko apuwama ungen unu asaadharanakam, balukam amathakai okkoma dath pennala hinawenawa. typical sri lanakn style ne machan. ubala kawadaawath gihin ahala paminili karala thiyenawada? train wala condition honda naa, menna mehemai tikko wada karanne kiala unge lokkanta? nahane.
mkak hari deyak unama hari karanna ona unama hari ape eunta godak dewal kianna thiyenawa. but ewwwa karanna ba. issella api hadila imu. ok. I mean deciplines machan.

ටී සුනාමි said...

@Anonymous:
මට තේරෙනව මචං උඹ කියන දේ. මන් පිලිගන්නවා අපි කරපු දේ සදාචාරාත්මකව වැරදියි කියලා. ඒ වුනට ටික්කට තිබුනා අපි tickets නෑ කීවම season ඉල්ලන්න. සමාන්‍ය විදිය ඒකයි. නමුත් මිනිහා කලේ කෙලින්ම අපිව ඇදගෙන ගියපු එක. මිනිහා කෙලින්ම season ඉල්ලුවනම් ඔය වැඩේ වෙන්නෙ නෑනෙ නේද?

Post a Comment

 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates