Sunday, October 10, 2010

CAMPUS ජීවිතේ......


ඔහු නමින් චමින්ද(ඇත්ත නම නෙමෙයි),
රත්නපුරය දිස්ත්‍රික්කයේ පිටිසර ගමක ඉදන් උසස් අධ්‍යාපනය හදාරන්න...බුදුන් වැඩි නගරය බලා පැමිණියේ 1989-1991 අතර කාල වකවානුවේ...ඉතින් ඒ කාලෙ ලංකාවෙ රජ කොලේ කැලෑ නීතිය නේ...
කොහොමින් කොහොම හරි ඒ කලබල settle වෙමින් පැවති කාලය වෙනකොට චමින්ද විශ්ව විද්‍යාලයේ 2 වන අවුරුද්දෙ අවසාන හරියලු..
ඉතින් 2 වන අවුරුද්දෙ අවසාන බාගය කියන්නේ කස්ටියම විභාගෙට ලොවෙත් නැති වෙන්න set වෙන කාලේ....
හැමෝම එකාට එකා හොරෙන් පාඩම් කොරන්න නේ බලන්නේ...
ඉතින් ගමේ ඉදන් ආපු චමින්ද යත්,එහෙම තමයි...
බෝඩිමේ ඉන්න ඔක්කොම උන් නිදා ගන්න කන් ඉදලා...මිනිහා නැගිටිනවා....
පොත් ටිකත් අරන් campus එකේ light කණුවක් යටට ගිහින් පාඩම් කොරනවා..
ඉතින් දවසක් මේ විදියට පාඩම් කොරන්න ගිය චමින්ද ට කොහේද තිබුන බඩගින්නක් පාත් උනා...මහ රෑ 2 ට 3ට ඉතින් කොහෙද කන්න තියෙන්නේ..
ඉතින් ඒ ගැන නොසිතා පාඩම කොර ගන්න හැදුවත් වැඩේ හරි යන පාටියක් නම් නැති ලු..
පස්සේ,මිනිහා පාඩම් කොරන්න ගෙනාපු පොතත් කලිසම අස්සේ බඩට යටින් ගහ ගෙන බඩට දා ගන්න පුලුවන් විදියේ දෙයක් හොය හොයා වටේ Search පාර දානවලු..
"මාර වැඩක් නේ...ගහක ඇට්ටියක් වත් නැහැ නේ., දවල් මෙතනින් යනකොට මේ ගහේ තිබුනණේ."
ඉතින් මේ විදියට හිතේ අමාරුවෙන් තව ටිකක් ඉස්සරහට යනකොට හීනියට වගේ සද්දයක් ඇහෙනවලු,මූටත් නිකන් ඉන්න බැරි කමට
මිනිහත් එහෙන් මෙහෙන් ඔලුව දාලා බලනකොට පේනවලු බිම පත බාවපු පුවක් කොටයක් උඩ හතර පස් දෙනෙක් ඉදගෙන කුරුම්බා බොන දර්ශනයක්.....
අලුතෙන් එන,කලා සිසුන් ව පිලිගන්න.ඊට කලින් අවුරුද්දෙ උන් තිරයෙන් පි‍ටුපස බැහැලම වැඩ කොරන විදිය තමයි.. ඒ...
"නොදෝකින් මේ අහලකින් වත් ගහක ඇට්ටියක් වත් හොයා ගන්න ලැබෙන එකක් නැහැ "...
බඩ ගින්න එන්නම වැඩි වෙනවා..
ආමාස පැටියා සිලි උරේ වගේ රෝල් වෙලා.

සීමාවෙන් එලි බහින්නත් බැහැ ලු..
මොකද ඒ කාලෙ තනි පන්ගල මෙවත්,කල්ලි ගැහිලවත් රෑ ජාමේ..එහෙ මෙහෙ යන්න බැහැ කියලා පොඩි ජිරි බිරිස් එකක් දාලා තිබුණලු...
කොරන්නම දෙයක් නෑ..
උන්නොත් 1000යි මළොත් 2000 යි කියල පොර විශ්ව විද්‍යාල ගඩොල් තාප්පෙන් බිමට පැනපි.
[පැන්න කියුවට මිනිහ වැ‍ටුනලු]

"අප්පේ මේ තාප්පේ මෙච්චර උසද,"පොර වගේ පැන්නට මිනිහට තාප්පෙ ආයේ නගින එක ගැන කල්පනා උනේ බිමට වැ‍ටුනට පස්සෙ..
දැන් පැනලා ඉවරයි නේ,බඩට මොනව හරි දා ගත්තට පස්සේ ඒ ගැන හිතනවා,කියල
මහ පාර අයින දිගේ man කිරිබත්ගොඩ දිහාවට ගමන් ආරම්භ කොලා..ආවට දැන් බයයි. මොකද..Police මාමිලා හැම තැනම...නේ..
මෙහෙම ඇවිදගෙන,ඇවිදගෙන යනකොට එකපාරට පිටි පස්සෙන් podi චූස් පාරක් ඇහිලා..
"මම ඉවරයි Police යෙන්"චමින්දයා කකුල් දෙකට පණ දීලා ලෑල්ලටම පාගලා..
කොහොම හරි මිනිහට මතක මිනිහා බේකරියක කුස්සියක් අස්සට ඇවිත් හිටියා කියල විතරයි,
මිනිහා හති පාරක් එහෙම ඇරල වටපිට බලනකොට
අම්මට සිරි 'බේකරියෙ කුස්සිය' අස්සෙ හති අරින තවත් කොල්ලො පස්,හය දෙනෙක් විතර ඉන්නවලු.
"මොකද යකෝ උඹ අපිව දැක්කම එහෙම කෑ ගැහුවෙ"හති අරින ගමන් ම එකෙක් අහනවලු..
චමියා :- උඹලා මොකටද සද්ද දැම්මේ!
කාගෙ කාගෙත් වැ‍රැද්ද නිසා සහ චමියගෙ අහිංසක මූණ නිසා වැඩේ එතනින් ම හමාර උනා ලු!
කස්ටියම සාමදානෙන් රෝස් පාන් වලින් ඇති වෙන්න බඩ කට පුරව ගෙන
විශ්ව විද්‍යාලය බලා පෙරලා කස්ටිය ආපසු ගමන් ඇරඹුව ලු.
අරඹලා වැඩි දුරක් එන්න ලැබුණෙ නැහැ..
ආයෙත් පොඩි චූස් පාරක් ඇහෙනවලු...
කලින් වෙච්ච seen එක නිසා චමින්දයත් අම්බානක මලෙන් ලු හිටියෙ ඒ නිසා සද්දෙ ඇහුණ පැත්තට හැරිලා
චමිය :- කවුද යකෝ සද්ද දාන්නෙ..
දැන් set එකේම උන් කලින් seen එකේ හිරි එන එකා පිටින් යවන්න ලු ලෑස්තිය..
ළගට එනකොට තමයි චමින්දට තේරුනේ මේ පාර "චූස්" පාර දාල තියෙන්නෙ කව්ද කියන එක...
"මලක් පිපුන මල පර උනා"!!.
Police මාමි කෙනෙක්
ළගටම ඇවිත් නිසා කාටවත් මාරු වෙන්න විදියකුත් නැහැ ලු.
දත්මිටි කාගෙන ලගටම ආපි.
Police මාමි. :- "තොපි මොනවද මේ රෑ ජාමෙ ටවුමෙ කොරන්නේ...!!"
ඉතින් එතන ඉස්සරහින්ම එදා හිටියෙ අපේ චමින්ද ලු.චමින්ද ගෙ ලපටි මූණ දැකපු
Police මාමි :- "ඉස්සෙලම,උඹ කියපන් බලන්න..පොඩි එකා,කවුද මෙතන මට සද්දෙ දාපු එකා!!"
කස්ටියම full silents ලු....
කස්ටියම silents නිසා අන්තිමට මාමම කථා කොරාලු...
Police මාමි :-මොකද තොපි සද්ද නැත්තෙ,
උඹලා මහා ශිෂ්‍ය සංගමයේ එවුන් නේද,තොපි ආවේ poster අලවන්න නේද? කියපියව්.!!
එතකොටම වගේ පාන් වාටි power එක ආපු අපේ චමින්ද
පිස්සුද මාමේ අපි කලා සංගමයෙ.. "හෙට අපේ කලා උළෙල නේ...."
[එදා තියෙන මේ කළා උළෙල .කිවුවම Police මාමි ට.මීටර් උනේ කැළණිපුරයට ආසන්නයේ තිබුන පාසලක "කලා උළෙල" රටේ ඉහළ පු‍ටුවක කෙනෙක් විවෘත කරන්න එනව කියල කලින් ම නම් ප්‍රසිද්ධ කොරල ලු තිබුනෙ එකක් ලු..]
ඒ නිසා "කලා" ඇහෙනකොටම Police මාමි ඇල් වතුර වගේ නිවලා බොන seen එකක් උනා ලු...
චමියා :- ඉතින් මාමා මොකද මේ පැත්තෙ...
Police මාමි :- මහා ශිෂ්‍ය සංගමයේ එවුන් වගයක් poster ගහනවා කියලා ලැබුන ඔත්තුවකට අපි මේ බලන්න ආවෙ"
චමියත් Police මාමිව තව form වෙන්න මහා ශිෂ්‍ය සංගමය පලු ඇරිය ලු...
මෙහෙම ටික වෙලාවක් වැඩේ මේ විදියටම ගිහින්
චමියා :-ඒ පැත්තෙ නම් හිටියෙ නැහැ මාමෙ!හිටිය නම් අපි දකින්න ඇපැයි...නේද..
කියල කට තියන් ඉන්න බැරි කමට කියපි...
[මාමට වැඩේ මාට්‍ටු වෙන පොට........]
චමියා :- එහෙනම් මාමෙ අපි යනවා..
Police මාමි :-ආයෙ රෑ ජාමේ ගමන් එපා මොකද, විශ්ව විද්‍යාලයේ උන් හැම තැනම රෑට එවුන් කියලා අන්තිමට උඹලා අහුවුනොත්!
Police මාමිගෙ වතුර ටික ආයෙ රත් වෙන්න කලින්
ඔන්න ඔයෙ විදියට එදා set එකම අපල උපද්‍රවයකින් තොරව Police මාමි ගෙන් ගැලවිලා විශ්ව විද්‍යාලයේ කිට්ට්වටම ආවම තමයි චමියට මතක් උනේ ආයෙත් තාප්පෙන් අනික් පැත්තට පනින විදියක් ගැන කල්පනා කොරන්න අමතක උනා නේ කියලා.......
චමියා:- "මචෝ දෑන් කොහොමද උඹලා අනික් පැත්තට ආයෙ පැන ගන්නෙ !!
බලහන්කො මේ තාප්පෙ මාර උසයි නේ..!!!
එතකොට සෙට් එකේ එකෙක් "මොකටද බන් තාප්පෙන් පනින්නෙ අර ගේට්‍ටුව ඇරල තියෙද්දි" එදා කලා උළෙලෙ වැඩ නිසා ගේට්‍ටුව ඇරල තිබිලා තියෙන්නෙ
කොහොමින් හරි එදා ඇතුලට ගිය චමිය පසු දවසෙ තමයි දැන ගන්න ලැබිල තියෙන්නෙ Police මාමි කතා කොලේ වෙන කළා උළෙලක් ගැන කියලත්,
එදා
ඌත් එක්කෙ හිටපු අනික් උන් මහා ශිෂ්‍ය සංගමයෙන් රටේ ඉහළ පු‍ටුවක අය එනව කියපු කෙනාට විරුද්ධව poster අලවන්න ගියපු එවුන් වගයක් කියන එකත් ආරංචි වුනේ...

එදා නූලෙන් බේරුණ චමියට....
"ආයෙ මහ රෑ 2 ට 3ට campus එකේ light කණුවක් යටට ගිහින් පාඩම් කොරනකොට කවදාවත් මිනිහගෙ ආමාස පැටියා සිලි උරේ වගේ රෝල් වෙන්න දැගලුවෙම නෑ ලු....."




No comments:

Post a Comment

 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates