Friday, October 15, 2010

Trip to දෙහිවල සතුන්වත්ත

5දෙනෙක්ගෙන් ප්‍රතිචාර

මේ සිද්දිය වුනේ මේ මෑත කාලයේ. මේක පටන්ගත්තෙ අපේ සෝනාර්ට trip එකක් යන්න ඕනමයි කීව නිසයි. ඉතින් කවුද trip යන්න අකමැති. අපිත් හා කීවා. ඒත් පොඩි කොස්සක් තිබුනා.

ඒක තමයි යන්නෙ කොහෙද කියන එක. හැමෝම ගොඩක් තැන් යෝජනා කලා. හැබැයි ඒ තැන් එකකටවත් හැමෝගෙම කැමැත්ත ලැබුනෙ නෑ. ඒත් ඉතින් කොහෙහරි යන්නත් ඕනෙනේ. ඔය අතරෙ තමා සෝනාර් කීවෙ අපි zoo එකට යන් කියලා.(අපි පස්සෙ තමා හොයගත්තෙ මිනිහා මෙච්චර zoo එකට යන්න දැඟලුවෙ කියලා, එය ඊට කලින් කවදාවත් zoo ගිහිල්ල නැතිලූ.) අපිට වැඩක් නැති වුනත්, සෝනාර්ගෙ බර බරේ හින්ද හා කීවා.

එතනින් පස්සෙ පුරස්නෙ වුනේ කවදද යන්නේ කියන එක. trip එකක් යන් කීවට මොකද හැමෝටම වැඩ තිබුනා. ඉතින් කොහොමහරි මාස දෙකක් විතර try කරලා, රුපියල් 300ක විතර calls & sms අරගෙන, තියෙන වැඩත් පාලු කරගෙන zoo යන්න දවසක් දාගත්තා.

දැන් මේ වැඩේට set වුනේ මන්(ටී සුනාමි), සෝනාර්, බඩියා, සැරිසර,(සෝනාර් එයා ගැන වැඩි විස්තර ඔයාලට ඉදිරියේදි කියයි) තව අයියා කෙනෙකුත් set වුනා. ඉතින් අපි යොදාගත්ත දවසේ උදේ පාන්දරින්ම ගෙදරින් ආවා, zoo එකට යන්න.

යකඩයකාගේ ගිහිල්ලා මලදානෙන් බැහැලා ආයෙ bus එකකත් ගිහින් ඕං ආවා zoo එකට. ඉතින් අපි tickets එහෙම අරගෙන සංචාරයට enter වුනා. ඉස්සෙල්ලම තියෙන්නේ පැස්බරාලා ඉන්න කූඩුවනේ. ඔතනට ගියා අපි කට්ටිය.

සෝනාර් එදා තමා පැස්බරෙක්ව ඇත්තට දැකලා තියෙන්නෙ. මිනිහා "අනේ මෙයලා ගොඩක් උසයි නේද" කියලා කූඩුවට ටිකක් ලං වුනා. පැස්බරාට මෙයා එන පොට අල්ලපු නැති නිසා ඌ අත්ත‍ටු පුම්බගෙන දුවගෙන ආවා, සෝනාර් හිටි තැනට. මිනිහා බයවෙච්ච පාර කොහොමද කියනවනම් ආයෙ ආවෙ නෑ එතනට.

අපි ඔහොම ගොඩක් වෙලා අවිද්දා. දැන් දවල් වෙලා, බඩේ පනුවො හෝ ගාලා උද්ගෝසනය කරනවා, කෑම ඉල්ලලා. ඒ වෙනකොට අපි බලබල හිටියේ කුරුල්ලො ඉන්න පැත්ත. අපි යන හරියෙ හිටියේ උලමො, බස්සො තව කොක්කු වගේ ලොකු කුරුල්ලො. උලමා දවල්ට නිදාගෙනනෙ ඉන්නෙ. ඉතින් සද්දයක් බද්දයක් නෑ. මට එවෙලෙ හොඳ ටිකිරි අදහසක් ආවා.

මන් එක පාරයි උලමෙක් කෑගහනවා අහලා තියෙන්නෙ. මේ ඉන්න උලමො කොහොම කෑගහනවද කියලා බලන්න මට ආසාවක් ඇති වුනා. ඉතින් මන් ඔය අදහස සැරිසරට යොමු කලා.මිනිහත් එක පයින් වැඩේට කැමති වුනා.

උලමන්ට කෑගහලා වැඩක් නැතිනිසා(උන් නිදිනේ)ඇහැරලා ඉන්න වෙන කුරුලු කූඩුවක් ලඟට ගිහිල්ලා උන්ට ඔච්චමට වගේ කැගැහුවා. ආයෙ මොනාද මුන් සේරම කුරුල්ලො ටික එයාලගෙ ජීවන නාදය පටන්ගත්තා. ටිකකින් උලමත් set වුනා. එදා zoo ආපු ගොඩක් අයට උලමාගෙ සද්දෙ දවල් අහන්න පුලුවන් වුනා. අපේ වෙලාවට එතන වෙන අය හිටියෙ නෑ. ඒ නිසා සරීර ආබාදයක් නැතුව එතනින් ආවා.

ඊට පස්සෙ අවුල වුනේ කන්න ගිහිල්ලා. සෝනාර්ගෙන් කන්න යන්න ඇහුවොත් මිනිහා KFC මතක් කරන නිසාත්, එසේ යාම අපගේ purse එකට හානිදායක නිසාත්, අපි ගෙදරින් කන්න අරන් ආවා. අර අයියා කන්න අරන් ඇවිල්ලා තිබුනෙ නෑ.

ඉතින් මිනිහට වෙන අතක් බලාගෙන කෑම එකක් කඩෙන් ගන්න වුනා. අයියා කෑම ගන්න කඩයක් හොයාගෙන යද්දී zoo ආපු ගොඩක් කට්ටිය කෙසෙල් කොල වල ඔතපු බත් කනවා දැකලා. අයියට මේක දැකලා ඉන්න බැරිවුනා. ඉතින් අපිටත් කන එක පැත්තක දාලා, මෙයත් එක්ක කෙසෙල් කොල බත් සෙවීමෙ ව්‍යාපාරයට දායක වෙන්න වුනා.

දෙහිවල මොන කෙසෙල් කොලේ බත්ද, concrete වනාන්තරේනෙ, කෙසෙල් ගස් තියා ලොකු ගසුත් හොයගන්න අමාරුයිනේ. ඕක අර අයියට තෙරුනේ නැති නිසා පැයක් විතර ඒ පැත්තෙ තියෙන කඩවල් වල රස්තියාදු වෙලා බඩපිරෙන්න charter කෑවා.

ඔහොම ගිහින් අයියට කෙසෙල් කොල බත් එපා වෙලා, වෙන අතක් බලාගෙන බඩට යමක් දාගත්තා.(පස්සෙ සිදුකල විමර්සනයකින් හෙලිවුනේ අර කෙසෙල් කොලේ බත් කාපු කට්ටියම එකට ආපු කාංඩයක් කියලා. ඉතින් එයාලා එද්දී කෙසෙල් කොලේ බත් අරන් ඇවිත් තියෙන්නේ.)

කාලා ඉවරවුනාට පස්සේ විදේසික කුරුල්ලො ඉන්න කූඩුවට ගියා. ඒකෙ තියෙන පොඩි පොකුනක තිබුන අත්තක කුනක‍ටුවෙක් හිටියා. අපේ කරුම වෙලාවට ඕක බඩියා දැක්කා, එවෙලෙ ඉඳන් මිනිහට ඒ කුනක‍ටු කුරුල්ල ගැන විස්තරයක් කරන්න වුනා. බොහොම අමාරුවෙන් තමා එතනින් මිනිහව අරගෙන ආවෙ. අපේ බඩියා එහෙම තමා.

තව ටිකක් ඔහොම අවිද්දට පස්සේ බඩියා එයාගෙ ආවේනික සිංහ නාදය දාන්න ගත්තා කකුල රිදෙනවා කියලා. ඒ නිසා අන්තිම ටික යන්තම් බලලා යහතින් ගෙදර ආවා.

අපි පස්සෙ දවසක ඇහුවා සෝනාර්ගෙන්, "අන්තිම ටික හරියට බලාගන්න බැරිවුන නිසා ආයෙ යමුද zoo"කියලා. මිනිහා ගත් කටටම කීවෙ "ආයෙනම් ගියත් උඹලා එක්කනම් යන්නෙ නෑ" කියලා. අනේ අපේ සෝනාර්.

Monday, October 11, 2010

සෙට් වීම

2දෙනෙක්ගෙන් ප්‍රතිචාර


කොහොමද කස්ටිය? මම තමයි බඩී. ඔන්න මම අද හා හා පුරා කියලා කතාවක් කියන්නයි ලෑස්ති වෙන්නෙ. ඉස්සෙල්ලාම කියන්න කියලා හිතුනා අපේ අනිත් සෙට් එක මට මාට්‍ටු වෙච්ච හැටි.

සෝනාර් ගැන කිව්වොත් මේ මනුස්සයා මම කලින් හිටපු ඉස්කෝලෙදිත් 3-4 වසරවල් වල එකට ඉඳලා තියෙනවා. ඊට පස්සෙ ශිෂ්‍යත්වෙන් ලොකු ඉස්කෝලෙට එද්දිත් මගෙ පස්සෙන්ම ආවට ආයිත් සැරයක් මාට්‍ටු වුණේ උ:පෙ සිංහලෙන් කියනවා නං ඒ ලෙවල් කොරද්දි. එතකන් නං උන්නද මළාද කියලවත් දැනං හිටියෙ නෑ.

ඊළඟට ටී සුනාමියා ගැන කිව්වොත්, මේ මනුස්සයත් මම කලින් ගිය ඉස්කෝලෙටම ගොහින් ඊට පස්සෙ ශිෂ්‍යත්වෙන් ලොකු ඉස්කෝලෙට ආවට පස්සෙ, මගෙ පස්සෙන්ම 6 වසරෙ ඉඳලා 9 වසර වෙනකන්ම මගෙම කරුමෙකටද කොහෙදෝ ඇවිල්ලා ආයිත් පාරක් උපෙ කොරද්දි මාට්‍ටු වුණා. (දුක තමා ඉතින්)

ඔන්න අන්තිමට තව ඉස්සරහට සෙට් වෙන්න ඉන්න "සැරිසරයා" ගැන කියන්න හදන්නෙ. මේ මනුස්සයා නං අපේ ගෙදර ඉඳලා විනාඩි දහයක විතර දුරින් හිටියට මොකද මේකාව තමයි අන්තිමටම මාට්‍ටු වුණේ. ඒ කියන්නෙ 10 වසරෙදි විතර, ඊට පස්සෙ උපෙටත් සෙට් වුණා.

ඔය උපෙදි සෙට් වුණ සෙට් වීම තමයි තවමත් ගින්දර වගේ තියෙන්නෙ.

අපේ කස්ටියගෙ ඇඩ්වෙන්චෝර්ස් ගැන ඉස්සරහට කියන්නම්කො. එහෙනං අදට මම ගියා...

නංගී ඕක වහගන්න

11දෙනෙක්ගෙන් ප්‍රතිචාර


මේ seen එක වුනේ මන් A/L කරන කාලේ යකඩයගේ යද්දී. එදා ඉරිදා දවසක්, ඉරිදා හැමෝටම නිවාඩු උනාට අපිට නිවාඩු නෑනේ. එදාටනේ tution කඩ පවත්වන්නේ. මාත් එදා tution ගිහින් ආයෙ ගෙදර යන්න දුම්රිය පොලට ආවා.

ඔතනදී තව යාලුවෝ හතර දෙනෙකුත් set වුනා. සුපුරුදු පරිදි එදාත් යකඩයා පරක්කුයි. ඉතින් අපි කට්ටිය station එකේ හිටපු ගෑනු දරුවෙක්ට radar එකත් දාගෙනම(ඔය කාලෙ ඉතින් ඔහොමනේ. මොනවා කරන්නද වයසෙ වැ‍රැද්දනේ.) යකඩයා එනකල් charter කකා හිටියා.

ඉතින් යකඩයා ආවා.කටකපලා සෙනග. කොහොමහරි පොරකාගෙන යන්තම් එල්ලුනා. දැන් යකඩයා යනවා. සෙනග හොදටම. ඔය වෙලේ තමයි අපි දැක්කේ ඔතන හිටපු ගෑනු ළමයෙක්ව.

එයාගෙ වැඩි අමුත්තක් නෑ. හැබැයි පොඩි අවුලක් තිබුනා. ඒ තමා එයා ඇඳන් හිටපු ඇඳුම. එයත් tution ගිහින් එන කෙනෙක්. හැබැයි ඇඳගෙන හිටපු top එක වඩා ගැලපෙන්නේ party එකකට යන්න. තේරෙනවනේ මන් කියන එක. ටිකක් අසාමාන්‍ය විදියට ඒක open වෙලා තිබුනේ. ඕක ගැන ලඟ හිටපු ඇන්ටිලා දෙන්නෙකුත් කතා වෙනවා, අපිට ඇහුනා.

අපි ඕක එච්චර ගනන් ගත්තෙ නැති වුනාට, අපිත් එක්ක හිටපු එක යාලුවෙක්ට ඕක තදින්ම දැනිලා. මෙයාට කියන්නෙ කුකුලා කියලා.(නම කුකුලා වුනාට හැසිරීමනම් එහෙම නෑ හොඳද. නමට "කු" තියෙන නිසා තමා ඕක පට බැඳිලා තියෙන්නේ. මිනිහා ඇවිල්ලා ඇල්වතුරත් නිවලා බොන මාර classical පොරක්) දැන් මෙයා අර ඇඳුම සමාජ සදාචාරාත්මක විදියට විචාරයට ලක් කරනවා ඔන්න.

අපි ටිකක් වෙලා ඕක අහන් හිටියට පස්සේ අහන් ඉන්න බැරි තරමට තිත්ත වුනා. ඉතින් මන් කීව "උඹ ඕක අපිට කියව කියව ඉන්නෙ නැතුව පුලුවනිනම් එයාගේ මූනටම කියාපිය" කියලා. පස්සෙ මට හිතුනා කියපු මෝඩකන් කියලා. මිනිහා එකපාරට ඇහුවා "මන් කියනවා කීයක් ඔට්‍ටුද?" කියලා. මන් දන්නවනේ මිනිහා කොච්චර වැඩ්ඩා වුනත් ඔය වගෙ වැඩක් කරන් නෑ කියලා. ඉතින් මමත් රුපියල් 100ක් ඔට්‍ටුයි කීවා.

තව එකෙක් අතේ ඔය වෙලේ tution poster එකක් තිබුනා.(දන්නවනේ tution කඩ වලට යද්දී දෙනවනේ කඩදාසි factory එකක්ම) ඒක සෑහෙන්න ලොකු එකක්. මට ඕක දැකලා ඔට්‍ටුව පොඩ්ඩක් වෙනස් කරන්න හිතුනා. මන් කීවා "උඹ මේ කොලේ අර ගෑනු ළමයට දෙන්න ඕනෙ නංගී මේකෙන් ඕක වහගන්න කියල මොකද කියන්නෙ ඔට්‍ටුද" කියලා. මගේ කරුමෙට මූ කීවනේ ඔට්‍ටුයි කියලා.

දැන් මිනිහා වැඩේට එකෙන්ම set වෙල ඉන්නේ. මිනිහා, එයා යකඩයගෙන් බහිද්දී ඕක දීල බහිනවා කියල තමා කියන්නේ. මිනිහ බහින තැනත් දැන් ලංවෙනවා. මට තේරුනා වැඩේ හරියන් නෑ, මිනිහා වැඩේ කරනවා කියලා.

ඉතින් මන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔට්‍ටුව රුපියල් 50 වෙනකල් අඩු කලා.(මන් බොහොම දුප්පත් පොරක්නේ) දැන් අපිත් බලාගෙන ඉන්නවා seen එක. ඔය ගෑනු ළමය දිහා ඔය වෙද්දී ඒ හරියේ හිටපු හැමෝගෙම ඇස් යොමු වෙලා තිබුනේ. හැමෝගේම කටවල් වලින් පිටවුනේ මේ ඇඳුම ගැන හොඳ අදහස්නම් නෙමේ.

කුකුලා බහින station එකට යකඩයා ආවා. ආයෙ මොනාද මූ කිසිම බයක් චකිතයක් නැතිව ඔට්‍ටුවේ විදියටම වැඩේ කරලා බැහැලා ගියා. එවෙලේ එතන එකම සිනා සාගරයයි, අහන්නත් දෙයක්ද.
අර ගැනු ළමයාට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති. බිම බලාගත්තු පාර මන් බහිනකනුත් ඔලුව ඉස්සුවෙ නෑ. යාන්තමට වටපිටෙන් හීනියට වගේ ඇහුනා "ඔහොමම තමා වෙන්න ඕනේ වනචර විදියට ඇඳන් එනවට" කියලා කියනවා.

මේක බලපු අක්කලා නංගිලා මං ගැන වරදවා තේරුම් ගන්න එපා. ඔයාලත් ඒ විදියනම් එහෙම කරන්න එපා. සංවරව ඇඳුම් අඳින ගෑනු ළමයෙක්ට හැමෝම ගරු කරනවා. එතකොට අර අතවර මේ අතවර කරයි කියලා බයෙන් ඉන්න ඕනෙ නෑනෙ නේද?.


ප.ලි: මේ සිද්දිය වෙච්ච සතියට පස්සෙ සතියෙ මන් සුපුරුදු විදියට යකඩය එනකල් හිටියා. එදා මන් විතරයි හිටියේ. station එකෙ වැඩි සෙනගක් හිටියෙත් නෑ. මෙන්න එනව නේද අර ගැනු ළමය තවත් කෙල්ලො 6දෙනෙකුත් එක්ක. මාව රත් වුනා, ආපු අය හරියට army එකෙ කෙල්ලො වගේ.

මගෙ කන පිරෙන්න දෝස්මුරයක් හම්බවුනා, දෙමව්පියන්වත් මතක් කරලා. මං ඔහෙ බලන් හිටියා, කොච්චර වුනත් කෙල්ලොනේ. මුකුත් කියන්න කරන්න බෑනේ පිරිමියෙක් වෙලා. පස්සෙ තව ටිකක් radar දාලා හොයාගත්තෙ, ඒ ගෑනු ලමය police ලොක්කෙක්ගේ දුවක් කියලා. ඕක අහපු කුකුලනම් කීවේ "ඇත්ත කතා කරලා මන් මැරෙන්න වුනත් බය නෑ" කියලයි.

Sunday, October 10, 2010

CAMPUS ජීවිතේ......

0දෙනෙක්ගෙන් ප්‍රතිචාර

ඔහු නමින් චමින්ද(ඇත්ත නම නෙමෙයි),
රත්නපුරය දිස්ත්‍රික්කයේ පිටිසර ගමක ඉදන් උසස් අධ්‍යාපනය හදාරන්න...බුදුන් වැඩි නගරය බලා පැමිණියේ 1989-1991 අතර කාල වකවානුවේ...ඉතින් ඒ කාලෙ ලංකාවෙ රජ කොලේ කැලෑ නීතිය නේ...
කොහොමින් කොහොම හරි ඒ කලබල settle වෙමින් පැවති කාලය වෙනකොට චමින්ද විශ්ව විද්‍යාලයේ 2 වන අවුරුද්දෙ අවසාන හරියලු..
ඉතින් 2 වන අවුරුද්දෙ අවසාන බාගය කියන්නේ කස්ටියම විභාගෙට ලොවෙත් නැති වෙන්න set වෙන කාලේ....
හැමෝම එකාට එකා හොරෙන් පාඩම් කොරන්න නේ බලන්නේ...
ඉතින් ගමේ ඉදන් ආපු චමින්ද යත්,එහෙම තමයි...
බෝඩිමේ ඉන්න ඔක්කොම උන් නිදා ගන්න කන් ඉදලා...මිනිහා නැගිටිනවා....
පොත් ටිකත් අරන් campus එකේ light කණුවක් යටට ගිහින් පාඩම් කොරනවා..
ඉතින් දවසක් මේ විදියට පාඩම් කොරන්න ගිය චමින්ද ට කොහේද තිබුන බඩගින්නක් පාත් උනා...මහ රෑ 2 ට 3ට ඉතින් කොහෙද කන්න තියෙන්නේ..
ඉතින් ඒ ගැන නොසිතා පාඩම කොර ගන්න හැදුවත් වැඩේ හරි යන පාටියක් නම් නැති ලු..
පස්සේ,මිනිහා පාඩම් කොරන්න ගෙනාපු පොතත් කලිසම අස්සේ බඩට යටින් ගහ ගෙන බඩට දා ගන්න පුලුවන් විදියේ දෙයක් හොය හොයා වටේ Search පාර දානවලු..
"මාර වැඩක් නේ...ගහක ඇට්ටියක් වත් නැහැ නේ., දවල් මෙතනින් යනකොට මේ ගහේ තිබුනණේ."
ඉතින් මේ විදියට හිතේ අමාරුවෙන් තව ටිකක් ඉස්සරහට යනකොට හීනියට වගේ සද්දයක් ඇහෙනවලු,මූටත් නිකන් ඉන්න බැරි කමට
මිනිහත් එහෙන් මෙහෙන් ඔලුව දාලා බලනකොට පේනවලු බිම පත බාවපු පුවක් කොටයක් උඩ හතර පස් දෙනෙක් ඉදගෙන කුරුම්බා බොන දර්ශනයක්.....
අලුතෙන් එන,කලා සිසුන් ව පිලිගන්න.ඊට කලින් අවුරුද්දෙ උන් තිරයෙන් පි‍ටුපස බැහැලම වැඩ කොරන විදිය තමයි.. ඒ...
"නොදෝකින් මේ අහලකින් වත් ගහක ඇට්ටියක් වත් හොයා ගන්න ලැබෙන එකක් නැහැ "...
බඩ ගින්න එන්නම වැඩි වෙනවා..
ආමාස පැටියා සිලි උරේ වගේ රෝල් වෙලා.

සීමාවෙන් එලි බහින්නත් බැහැ ලු..
මොකද ඒ කාලෙ තනි පන්ගල මෙවත්,කල්ලි ගැහිලවත් රෑ ජාමේ..එහෙ මෙහෙ යන්න බැහැ කියලා පොඩි ජිරි බිරිස් එකක් දාලා තිබුණලු...
කොරන්නම දෙයක් නෑ..
උන්නොත් 1000යි මළොත් 2000 යි කියල පොර විශ්ව විද්‍යාල ගඩොල් තාප්පෙන් බිමට පැනපි.
[පැන්න කියුවට මිනිහ වැ‍ටුනලු]

"අප්පේ මේ තාප්පේ මෙච්චර උසද,"පොර වගේ පැන්නට මිනිහට තාප්පෙ ආයේ නගින එක ගැන කල්පනා උනේ බිමට වැ‍ටුනට පස්සෙ..
දැන් පැනලා ඉවරයි නේ,බඩට මොනව හරි දා ගත්තට පස්සේ ඒ ගැන හිතනවා,කියල
මහ පාර අයින දිගේ man කිරිබත්ගොඩ දිහාවට ගමන් ආරම්භ කොලා..ආවට දැන් බයයි. මොකද..Police මාමිලා හැම තැනම...නේ..
මෙහෙම ඇවිදගෙන,ඇවිදගෙන යනකොට එකපාරට පිටි පස්සෙන් podi චූස් පාරක් ඇහිලා..
"මම ඉවරයි Police යෙන්"චමින්දයා කකුල් දෙකට පණ දීලා ලෑල්ලටම පාගලා..
කොහොම හරි මිනිහට මතක මිනිහා බේකරියක කුස්සියක් අස්සට ඇවිත් හිටියා කියල විතරයි,
මිනිහා හති පාරක් එහෙම ඇරල වටපිට බලනකොට
අම්මට සිරි 'බේකරියෙ කුස්සිය' අස්සෙ හති අරින තවත් කොල්ලො පස්,හය දෙනෙක් විතර ඉන්නවලු.
"මොකද යකෝ උඹ අපිව දැක්කම එහෙම කෑ ගැහුවෙ"හති අරින ගමන් ම එකෙක් අහනවලු..
චමියා :- උඹලා මොකටද සද්ද දැම්මේ!
කාගෙ කාගෙත් වැ‍රැද්ද නිසා සහ චමියගෙ අහිංසක මූණ නිසා වැඩේ එතනින් ම හමාර උනා ලු!
කස්ටියම සාමදානෙන් රෝස් පාන් වලින් ඇති වෙන්න බඩ කට පුරව ගෙන
විශ්ව විද්‍යාලය බලා පෙරලා කස්ටිය ආපසු ගමන් ඇරඹුව ලු.
අරඹලා වැඩි දුරක් එන්න ලැබුණෙ නැහැ..
ආයෙත් පොඩි චූස් පාරක් ඇහෙනවලු...
කලින් වෙච්ච seen එක නිසා චමින්දයත් අම්බානක මලෙන් ලු හිටියෙ ඒ නිසා සද්දෙ ඇහුණ පැත්තට හැරිලා
චමිය :- කවුද යකෝ සද්ද දාන්නෙ..
දැන් set එකේම උන් කලින් seen එකේ හිරි එන එකා පිටින් යවන්න ලු ලෑස්තිය..
ළගට එනකොට තමයි චමින්දට තේරුනේ මේ පාර "චූස්" පාර දාල තියෙන්නෙ කව්ද කියන එක...
"මලක් පිපුන මල පර උනා"!!.
Police මාමි කෙනෙක්
ළගටම ඇවිත් නිසා කාටවත් මාරු වෙන්න විදියකුත් නැහැ ලු.
දත්මිටි කාගෙන ලගටම ආපි.
Police මාමි. :- "තොපි මොනවද මේ රෑ ජාමෙ ටවුමෙ කොරන්නේ...!!"
ඉතින් එතන ඉස්සරහින්ම එදා හිටියෙ අපේ චමින්ද ලු.චමින්ද ගෙ ලපටි මූණ දැකපු
Police මාමි :- "ඉස්සෙලම,උඹ කියපන් බලන්න..පොඩි එකා,කවුද මෙතන මට සද්දෙ දාපු එකා!!"
කස්ටියම full silents ලු....
කස්ටියම silents නිසා අන්තිමට මාමම කථා කොරාලු...
Police මාමි :-මොකද තොපි සද්ද නැත්තෙ,
උඹලා මහා ශිෂ්‍ය සංගමයේ එවුන් නේද,තොපි ආවේ poster අලවන්න නේද? කියපියව්.!!
එතකොටම වගේ පාන් වාටි power එක ආපු අපේ චමින්ද
පිස්සුද මාමේ අපි කලා සංගමයෙ.. "හෙට අපේ කලා උළෙල නේ...."
[එදා තියෙන මේ කළා උළෙල .කිවුවම Police මාමි ට.මීටර් උනේ කැළණිපුරයට ආසන්නයේ තිබුන පාසලක "කලා උළෙල" රටේ ඉහළ පු‍ටුවක කෙනෙක් විවෘත කරන්න එනව කියල කලින් ම නම් ප්‍රසිද්ධ කොරල ලු තිබුනෙ එකක් ලු..]
ඒ නිසා "කලා" ඇහෙනකොටම Police මාමි ඇල් වතුර වගේ නිවලා බොන seen එකක් උනා ලු...
චමියා :- ඉතින් මාමා මොකද මේ පැත්තෙ...
Police මාමි :- මහා ශිෂ්‍ය සංගමයේ එවුන් වගයක් poster ගහනවා කියලා ලැබුන ඔත්තුවකට අපි මේ බලන්න ආවෙ"
චමියත් Police මාමිව තව form වෙන්න මහා ශිෂ්‍ය සංගමය පලු ඇරිය ලු...
මෙහෙම ටික වෙලාවක් වැඩේ මේ විදියටම ගිහින්
චමියා :-ඒ පැත්තෙ නම් හිටියෙ නැහැ මාමෙ!හිටිය නම් අපි දකින්න ඇපැයි...නේද..
කියල කට තියන් ඉන්න බැරි කමට කියපි...
[මාමට වැඩේ මාට්‍ටු වෙන පොට........]
චමියා :- එහෙනම් මාමෙ අපි යනවා..
Police මාමි :-ආයෙ රෑ ජාමේ ගමන් එපා මොකද, විශ්ව විද්‍යාලයේ උන් හැම තැනම රෑට එවුන් කියලා අන්තිමට උඹලා අහුවුනොත්!
Police මාමිගෙ වතුර ටික ආයෙ රත් වෙන්න කලින්
ඔන්න ඔයෙ විදියට එදා set එකම අපල උපද්‍රවයකින් තොරව Police මාමි ගෙන් ගැලවිලා විශ්ව විද්‍යාලයේ කිට්ට්වටම ආවම තමයි චමියට මතක් උනේ ආයෙත් තාප්පෙන් අනික් පැත්තට පනින විදියක් ගැන කල්පනා කොරන්න අමතක උනා නේ කියලා.......
චමියා:- "මචෝ දෑන් කොහොමද උඹලා අනික් පැත්තට ආයෙ පැන ගන්නෙ !!
බලහන්කො මේ තාප්පෙ මාර උසයි නේ..!!!
එතකොට සෙට් එකේ එකෙක් "මොකටද බන් තාප්පෙන් පනින්නෙ අර ගේට්‍ටුව ඇරල තියෙද්දි" එදා කලා උළෙලෙ වැඩ නිසා ගේට්‍ටුව ඇරල තිබිලා තියෙන්නෙ
කොහොමින් හරි එදා ඇතුලට ගිය චමිය පසු දවසෙ තමයි දැන ගන්න ලැබිල තියෙන්නෙ Police මාමි කතා කොලේ වෙන කළා උළෙලක් ගැන කියලත්,
එදා
ඌත් එක්කෙ හිටපු අනික් උන් මහා ශිෂ්‍ය සංගමයෙන් රටේ ඉහළ පු‍ටුවක අය එනව කියපු කෙනාට විරුද්ධව poster අලවන්න ගියපු එවුන් වගයක් කියන එකත් ආරංචි වුනේ...

එදා නූලෙන් බේරුණ චමියට....
"ආයෙ මහ රෑ 2 ට 3ට campus එකේ light කණුවක් යටට ගිහින් පාඩම් කොරනකොට කවදාවත් මිනිහගෙ ආමාස පැටියා සිලි උරේ වගේ රෝල් වෙන්න දැගලුවෙම නෑ ලු....."




Friday, October 8, 2010

කරුණාකර tickets පෙන්වන්න

9දෙනෙක්ගෙන් ප්‍රතිචාර


මේ සිද්දිය වෙලා දැන් ටිකක් කල්. එදා මන් පොඩි වැඩ වගයක් කරගන්න අපිට ලඟ town එකට ගියා. යකඩ යකාගෙ නැගල තමා යන්න ඕනෙ. වැඩ කරගෙන ආයෙ ගෙදර එන්න දුම්රිය පොලට ආවා. එතනදි තව යාලුවො තුන්දෙනෙක් set වුනා.

set වුනේ තම්බියයි(මෙයා ගැන මන් ඔයාලට කීවනෙ බඩියාගෙ ගණන් පාඩම කතාවෙන්)තව දෙන්නෙකුයි. එදා හවස් වෙලාව, සෙනගත් සෑහෙන්න හිටියා station එකේ. අපේ රටේ ඉතින් කිසිම දෙයක් වෙලාවට කෙරෙන්නෙ නෑනේ. ඒක තමා සෙනග වැඩි.

අපි කට්ටිය යකඩයා එනකල් පොඩි chat එකක් දාගෙන හිටියා. මෙවෙලෙ දැක්කා දෙතුන් දෙනෙක් platform එකෙන්, railපාරට පැනලා ධාවනයේ යෙදෙනවා. ඒ පස්සෙන් තව කට්ටියක් එලවනවා. ටිකක් විපරමෙන් බැලුවම දුවන්න හේතුව meter වුනා.

කට්ටියගෙ tickets බලන්න ටික්කො ඇවිල්ලා(දන්නවනේ මෙයාල ගැන. අර දුම්රිය ආරක්සක සේවය කියන්නේ, බාප්පලා කියලත් කියනවනේ. යකඩයෝ වෙලාවට එන්නෙ නැති වුනාට මොකද මෙයාලා වෙලාවට එනවා. හරියට tickets අරගෙන තියෙන්න ඕනෙ. නැත්තම් ඉතින් අම්මව මතක් කරවල දීලා දඩත් කන්න වෙනවා. අපේ රටේ හැටි එහෙමනේ.) අර දුවලා තියෙන්නේ ticket නැති අය.

ටික්කො අපි හිටපු පැත්තටත් ආවා. මෙවෙලෙ මට මරු ideas එකක් ආවා. අපේ ගමන් ඉතින් හැමදා යකඩයගෙන් තමා. ඒ නිසා season tickets අරගෙන තියෙන්නෙ. කට්ටියටම දැන් season තියෙනවා. මන් කීවා අනිත් අයට "මචන්ලා, මුන්ට අපි පොඩි bite පාරක් දෙමුද?" කියලා. අනිත් එවුනුත් එකෙන්ම හා කීවා.

ඕං දැන් අපි ලඟටම වගේ ටික්කො ඇවිල්ලා. එයාලව දැකලා පැනලා යන අය වගේ අපි කට්ටිය හෙමීට ඒ පැත්තෙන් මාරු වෙන්න පටන් ගත්තා. දැන් ටික්කො දෙන්නෙකුත් අපේ පස්සෙන් එනව. අපිටත් ඕන වුනේ ඒ ටික තමා. එයාලා ලං වෙන්න වෙන්න අපි ටික ටික මාරුවෙන වේගෙ වැඩි කරනවා.

අන්තිමට ටික්කන්ට සැක හිතිලා උන් දෙන්න අපේ පස්සෙන් එලවන්න තියාගත්තා. අපිත් station එකෙ අන්තිම හරියේ ඉඳන් මුල හරියටම platform එක දිගේ ආවා. දැන් මිනිස්සුත් seen එක බලාගෙන ඉන්නේ. ඔය වෙලේ අර දෙන්න දුවගෙන අවිත් අපිව අල්ලගත්තා.

"මහත්මයා, කරුණාකර tickets පෙන්වන්න" කීවා. ඉතින් දැන් අපි ඇඹරෙනවා. ඊට පස්සෙ මිනිහා සැරෙන් අහනවා "මොකද කතා නැත්තේ, tickets නෑ නේද?" කියලා. අනේ අපිත් බොහොම බයාදු විදියට "නෑ" කීවා. ඊට පස්සෙ "එහෙනම් වරෙව් යන්න" කියලා, ඔන්න අපිව සෙනග මැද්දෙන් ඇදගෙන යනවා.

ටිකක් ඔහොම යන්න දීලා මන් කීවා "ඔහොම ඉන්න ටිකක්, අපිට season තියෙනවා, මේ...." කියලා season පෙන්නුවා. ආයෙ මොනවද මුලු station එකම එකම සිනා සාගරයක ගිලී ගියා. ටික්කන්ට මාර charter එක.

මොනව කියන්නද අපිට එයාලා, උන් දෙන්නා නකුට කකුල් දෙක අස්සේ ගහගත්තු බල්ලො දෙන්නෙක් වගේ සිනා හඬ මැද්දෙ එතනින් මාරු වෙලා ගියා.

Tuesday, October 5, 2010

සතුටින් දැනුම් දීමයි

2දෙනෙක්ගෙන් ප්‍රතිචාර
අපගේ Namak නැහැ බ්ලොග් අඩවිය blog syndicatorයට ඇතුලත් වී ඇති බව පාඨක ඔබ සැමට සතුටින් දැනුම් දෙමු. මේ අනුව අපේ blog අඩවියේ පළවන ලිපි සියල්ල ඉදිරියේදී සිංහල බ්ලොග් කියවනයේ දිස්වනු ඇති.

මෙතෙක් කල් අප හා අත්වැල් බැඳගත් ඔබට අපගේ හදපිරි ස්තූතිය පිරිනමන අතර ඉදිරියටත් අප සමග සිටිමින් අපේ ලිපි පිලිබඳව අදහස් ඉදිරිපත් කරනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

අපගේ බ්ලොග් අඩවිය syindicatorයට ඇතුලත් කරගැනීම පිලිබඳව සමීර ශාකුන්තල ඇතුලු සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ සැමට හදපිරි ස්තූතිය මෙයින් පල කරමු.

-මීට Namak නැහැ බ්ලොග් අඩවියේ ටී සුනාමි, සෝනාර් හා බඩියා.

අප සමග අලුතින් එක්වන පාඨකයින් සඳහා, අපගේ පැරණි ලිපිද මෙතනින් බලා ගත හැක.

Saturday, October 2, 2010

ඉගෙනීම මිනිසා සම්පූර්ණ කරයි

0දෙනෙක්ගෙන් ප්‍රතිචාර


මේ සිද්දිය වුනේ මන් A/L කරන කාලෙ. ඔය කාලෙට අමුතු අමුතු ආසාවල් එනවනේ. මේකත් වුනේ එහෙම ආව ආසාවක් නිසා. මොනවා කරන්නද වයසෙ වැ‍රැද්දනේ. මෙහෙමයි කතාව.

මං කලින් පීප්පයාගේ පරීක්සනය කතාවෙන් කීවනේ, අපේ blog එකේ set එක A/L වලට කලේ Bio Science කියලා. ඉතින් ඕකට Chemistry ඉගෙනගන්න තියෙනවනේ. ඕක කරන අය, කරපු අය එහෙම, දන්නවා ඇතිනේ, ඕකෙ අග හරියේ ඉගෙනගන්න තියෙන භාගික ආසවනය ගැන.

මේ සිද්දිය වෙන දවස් වල අපිට උගන්වමින් හිටියෙ ඕක ගැන තමා. ඕක පොතේ හැටියට කරන විදියයි, ගමේ ගොඩේ කරන විදියයි ටිකක් වෙනස්ලුනේ. ඉතින් ඉස්කෝලෙ ඕක පොතේ විදියට practicle කලාට මොකද, මට ඒ මදි. ඉතින් මට ආසාවක් ඇති වුනා ඕක ගමේ කරන විදිය බලන්න යන්න.

ඔය වැඩේ ගම්වල සාමාන්‍යයෙන් කෙරෙන්නෙ කටයුතු දෙකකට විතරයි. එකක් තමා කුරුඳු තෙල් හදන කොට, අපේ ගමේ ඒව හදන්නෙ නෑ. ඉතින් මට අනිත් කටයුත්ත සලකා බලන්න වුනා.

අනිත් කටයුත්ත තමා හොර මත්පැන් හොරෙන් සෑදීම.(මේ කියන්නෙ කසිප්පු සැදීම ගැන හොඳේ. අනිත් නම් තමා වෙල් ෆැන්ටා, මඩ ටොනික්, ගිනි වතුර වගේ ඒවා). අපේ ගමේ එක තැනක මේ වැඩේ හොඳ සරුවට කෙරෙමින් තිබුනා. මං තීරනය කලා මෙතනට යන්න වැඩේ කෙරෙන විදිය බලාගන්න.

මෙයාලා දවල් තමා ඕවා හදන්නේ. හවසට සංග්‍රහයනේ. ඉතින් දවසක මං ටිකක් දවල් වෙල ගියා මේ pot එකට. අතුරු පාරවල් වලින් ගිහින් තමා යන්න ඕනෙ. මේවා කරන්නේ හොරෙන්නෙ. දන්නවනේ ඔයාලා ඒ ගැන.

මේක කරන්නේ වෙලක් ලඟ, මහ පාරෙන් මෙතනට යන්න හැරෙන අතුරු පාර ගාව, සෑහෙන්න උස මාර ගහක් තිබුනා. ඔය ගහ උඩ හැම වෙලේම, මේ ස්වයං ‍රැකියාව කරන අයගෙන් එක්කෙනෙක් ඉන්නවා. police මාමල එනවද කියල ඔත්තු බලන්න තමා එයා ඉන්නෙ. ආහ් මේක කරන අය ගැනත් කියන්න එපායැ. මේකෙ අයිති කාරය ගුඩ්ඩා, එයාගෙ සහායකයා සිරා, ගහ උඩ ඉන්න කෙනා තමා කැඳයා.

ඉතින් මන් යන වෙලේ කවුරුත් customersලා හිටියෙ නෑ. ඒ නිසා මගෙ වැඩේ කරගන්න එක ලේසි වුනා. ගමේ හැමෝම ඔය 3 දෙනාව අඳුනනවා. මාත් ටිකක් දන්නවා. මං ගිය එකට කට්ටියට සෑහෙන්න සතු‍ටුයි. ඉතින් මාත් කට්ට්ටියගෙන් පුරස්න අහ අහා මට දැන ගන්න ඕන ඒවා ලියාගත්තා.

ඔය වෙලේ අපි කට්ටියම දන්නෙ නැතිව, අර ගහ උඩ ඔත්තු බලන්න හිටපු එකත් ඇවිල්ලා මෙතනට set වෙන්න. මිනිහත් මන් කරන වැඩ බලාගෙන ඉඳලා. දැන් police මාමල එනවද කියල බලන්න කවුරුත් නෑ.
ඕක දැන ගත්තෙ ඔතනට එයාලා කඩාපැන්න කොටයි. මගෙ දෙලොව රත් වුනා. මටත් තිබුනෙ ඔය වෙලාවට හැමෝම කරන එක කරන්න තමා. කකුල් දෙකට ජීවිතය පවරල දුවන්න තියාගත්තා. කොහොමහරි police මාමල පැන්නුවෙ අර 3දෙනාව. ඒ නිසා මන් shape වෙලා මහ පාරට ආවා. හොඳ වෙලාවට එතනින් ගියපු යාලුවෙක්ගෙ මෝටාර් එකකට(motor bike එකක්) set වෙලා යහතින් මොකුත් සරීර අබාදයක් නැතුව ගෙදරට සැපත් වුනා.

ගෙදර ආවට පස්සෙ කන පිරෙන්න දෝස් මුරේ හමබ වුනා. ඒත් මොකද මගෙ ආසාව ඉ‍ටු වුනානෙ. අනේ, පසුව ලැබුනු ආරංචි වලට අනුව අර 3 දෙනාව police මාමලා අල්ලගෙන. ඊට පස්සෙ ඉතින් වෙන දේ දන්නවනේ. එදා අපේ ගමේ තිබුන අන්තිම කසිප්පු නිස්පාදනාගාරය වැහිල ගියා.

ඕකෙන් ගොඩක් පාඩු වුනේ ඒකට ගිය customersලට. ඉතින් තාමත් මාව දැක්කම, මන් දිහා රවා බලන අයත් ඉන්නවා. මන් මොනවා කරන්නද නේද, මන් ගියෙ මගෙ ක්ෂේත්‍ර චාරිකාවනේ.
 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates