Monday, October 11, 2010

නංගී ඕක වහගන්න



මේ seen එක වුනේ මන් A/L කරන කාලේ යකඩයගේ යද්දී. එදා ඉරිදා දවසක්, ඉරිදා හැමෝටම නිවාඩු උනාට අපිට නිවාඩු නෑනේ. එදාටනේ tution කඩ පවත්වන්නේ. මාත් එදා tution ගිහින් ආයෙ ගෙදර යන්න දුම්රිය පොලට ආවා.

ඔතනදී තව යාලුවෝ හතර දෙනෙකුත් set වුනා. සුපුරුදු පරිදි එදාත් යකඩයා පරක්කුයි. ඉතින් අපි කට්ටිය station එකේ හිටපු ගෑනු දරුවෙක්ට radar එකත් දාගෙනම(ඔය කාලෙ ඉතින් ඔහොමනේ. මොනවා කරන්නද වයසෙ වැ‍රැද්දනේ.) යකඩයා එනකල් charter කකා හිටියා.

ඉතින් යකඩයා ආවා.කටකපලා සෙනග. කොහොමහරි පොරකාගෙන යන්තම් එල්ලුනා. දැන් යකඩයා යනවා. සෙනග හොදටම. ඔය වෙලේ තමයි අපි දැක්කේ ඔතන හිටපු ගෑනු ළමයෙක්ව.

එයාගෙ වැඩි අමුත්තක් නෑ. හැබැයි පොඩි අවුලක් තිබුනා. ඒ තමා එයා ඇඳන් හිටපු ඇඳුම. එයත් tution ගිහින් එන කෙනෙක්. හැබැයි ඇඳගෙන හිටපු top එක වඩා ගැලපෙන්නේ party එකකට යන්න. තේරෙනවනේ මන් කියන එක. ටිකක් අසාමාන්‍ය විදියට ඒක open වෙලා තිබුනේ. ඕක ගැන ලඟ හිටපු ඇන්ටිලා දෙන්නෙකුත් කතා වෙනවා, අපිට ඇහුනා.

අපි ඕක එච්චර ගනන් ගත්තෙ නැති වුනාට, අපිත් එක්ක හිටපු එක යාලුවෙක්ට ඕක තදින්ම දැනිලා. මෙයාට කියන්නෙ කුකුලා කියලා.(නම කුකුලා වුනාට හැසිරීමනම් එහෙම නෑ හොඳද. නමට "කු" තියෙන නිසා තමා ඕක පට බැඳිලා තියෙන්නේ. මිනිහා ඇවිල්ලා ඇල්වතුරත් නිවලා බොන මාර classical පොරක්) දැන් මෙයා අර ඇඳුම සමාජ සදාචාරාත්මක විදියට විචාරයට ලක් කරනවා ඔන්න.

අපි ටිකක් වෙලා ඕක අහන් හිටියට පස්සේ අහන් ඉන්න බැරි තරමට තිත්ත වුනා. ඉතින් මන් කීව "උඹ ඕක අපිට කියව කියව ඉන්නෙ නැතුව පුලුවනිනම් එයාගේ මූනටම කියාපිය" කියලා. පස්සෙ මට හිතුනා කියපු මෝඩකන් කියලා. මිනිහා එකපාරට ඇහුවා "මන් කියනවා කීයක් ඔට්‍ටුද?" කියලා. මන් දන්නවනේ මිනිහා කොච්චර වැඩ්ඩා වුනත් ඔය වගෙ වැඩක් කරන් නෑ කියලා. ඉතින් මමත් රුපියල් 100ක් ඔට්‍ටුයි කීවා.

තව එකෙක් අතේ ඔය වෙලේ tution poster එකක් තිබුනා.(දන්නවනේ tution කඩ වලට යද්දී දෙනවනේ කඩදාසි factory එකක්ම) ඒක සෑහෙන්න ලොකු එකක්. මට ඕක දැකලා ඔට්‍ටුව පොඩ්ඩක් වෙනස් කරන්න හිතුනා. මන් කීවා "උඹ මේ කොලේ අර ගෑනු ළමයට දෙන්න ඕනෙ නංගී මේකෙන් ඕක වහගන්න කියල මොකද කියන්නෙ ඔට්‍ටුද" කියලා. මගේ කරුමෙට මූ කීවනේ ඔට්‍ටුයි කියලා.

දැන් මිනිහා වැඩේට එකෙන්ම set වෙල ඉන්නේ. මිනිහා, එයා යකඩයගෙන් බහිද්දී ඕක දීල බහිනවා කියල තමා කියන්නේ. මිනිහ බහින තැනත් දැන් ලංවෙනවා. මට තේරුනා වැඩේ හරියන් නෑ, මිනිහා වැඩේ කරනවා කියලා.

ඉතින් මන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔට්‍ටුව රුපියල් 50 වෙනකල් අඩු කලා.(මන් බොහොම දුප්පත් පොරක්නේ) දැන් අපිත් බලාගෙන ඉන්නවා seen එක. ඔය ගෑනු ළමය දිහා ඔය වෙද්දී ඒ හරියේ හිටපු හැමෝගෙම ඇස් යොමු වෙලා තිබුනේ. හැමෝගේම කටවල් වලින් පිටවුනේ මේ ඇඳුම ගැන හොඳ අදහස්නම් නෙමේ.

කුකුලා බහින station එකට යකඩයා ආවා. ආයෙ මොනාද මූ කිසිම බයක් චකිතයක් නැතිව ඔට්‍ටුවේ විදියටම වැඩේ කරලා බැහැලා ගියා. එවෙලේ එතන එකම සිනා සාගරයයි, අහන්නත් දෙයක්ද.
අර ගැනු ළමයාට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති. බිම බලාගත්තු පාර මන් බහිනකනුත් ඔලුව ඉස්සුවෙ නෑ. යාන්තමට වටපිටෙන් හීනියට වගේ ඇහුනා "ඔහොමම තමා වෙන්න ඕනේ වනචර විදියට ඇඳන් එනවට" කියලා කියනවා.

මේක බලපු අක්කලා නංගිලා මං ගැන වරදවා තේරුම් ගන්න එපා. ඔයාලත් ඒ විදියනම් එහෙම කරන්න එපා. සංවරව ඇඳුම් අඳින ගෑනු ළමයෙක්ට හැමෝම ගරු කරනවා. එතකොට අර අතවර මේ අතවර කරයි කියලා බයෙන් ඉන්න ඕනෙ නෑනෙ නේද?.


ප.ලි: මේ සිද්දිය වෙච්ච සතියට පස්සෙ සතියෙ මන් සුපුරුදු විදියට යකඩය එනකල් හිටියා. එදා මන් විතරයි හිටියේ. station එකෙ වැඩි සෙනගක් හිටියෙත් නෑ. මෙන්න එනව නේද අර ගැනු ළමය තවත් කෙල්ලො 6දෙනෙකුත් එක්ක. මාව රත් වුනා, ආපු අය හරියට army එකෙ කෙල්ලො වගේ.

මගෙ කන පිරෙන්න දෝස්මුරයක් හම්බවුනා, දෙමව්පියන්වත් මතක් කරලා. මං ඔහෙ බලන් හිටියා, කොච්චර වුනත් කෙල්ලොනේ. මුකුත් කියන්න කරන්න බෑනේ පිරිමියෙක් වෙලා. පස්සෙ තව ටිකක් radar දාලා හොයාගත්තෙ, ඒ ගෑනු ලමය police ලොක්කෙක්ගේ දුවක් කියලා. ඕක අහපු කුකුලනම් කීවේ "ඇත්ත කතා කරලා මන් මැරෙන්න වුනත් බය නෑ" කියලයි.

11 comments:

pradeep said...

kiyawanna amarui font eka lokuwata danna

ටී සුනාමි said...

@pradeep:
බලන්න, දකුණු පැත්තෙ තියෙන්නෙ අකුරු ලොකු කරගන්න කියලා. එතන කොටලා ලොකු කරගන්න

Namila said...

hikz...ela wadakne karala thiyenne :D

Meth Visula said...

niyama wadak karala thiyenne :D

Nimesh said...

මදැයි ඔයින් බේරුනා....

ටී සුනාමි said...

@Namila:
එදත් අපි කරපු දේට කවුරුත් හොද නෑ කියල කීවෙ නෑ.


@METH GAMAGE:
කුකුලට තමා ප්‍රශංසාව එන්න ඕනේ.


@Nimesh Suranga (නිමේෂ් සුරංග):
කියලා වැඩක් නෑ. ඒ seen එක මතක් වෙද්දී තාම හිරිගඩු පිපෙනවා.

Anonymous said...

ඔය වගේ වෙ.... කෙල්ලො හදන මහ එවුන්ට තමයි ගහන්න ඕනෙ.. තාත්ත පොලිසියේ හින්ද හෙළුවෙන් ගියත් කමක් නැහැ...
මු‍ංගේ තාත්තලට ගිය රට...

ටී සුනාමි said...

@Anonymous:
ප්‍රශ්නෙ කියන්නෙ ඔහොම ඇඳගෙන ඇවිත් මොනවහරි අනතුරක් උනාමත් ලඟ පාත හිටපු, සමහරවිට අහිංසකයෙක්ව තමා අහුකරන්නේ.
ඕක කරද්දිනම් මේවා හිතුනේ නෑ. ඔයාලගේ comments වලින් තමා තේරුනේ. හැමෝටම thanks

ගීත් (සහෘදයා) said...

මෙන්න වැඩ කාරයෝ. ඔහොම තමයි කරන්න ඕන. එල කොල්ලෙක්. ඔය වගේ එකියෝ හිතාගෙන ඉන්නේ කොල්ලන්ට උන්ගේ කකුල් බල බල ෆන් එකක් ගන්නවා ඇර වෙන වැඩක් නැහැ කියලා

Gaminda said...

කුකුලගෙ කතාව ඇත්ත. ඇත්ත කතා කරන්න ඕනෙ මැරෙන්න වුනහ් බලාගෙන. ඕකිට හොඳ වැඩේ.

ටී සුනාමි said...

@ගීත් (සහෘදයා) , @Gaminda:
thanks කිව්වා දෙන්නටම.

Post a Comment

 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates