Wednesday, October 20, 2010

ගෞතම බුද්ධ ශාසනය ‍රැක ගනිමු


මෙම කතාව විහිලු කතාවක් නොවන බව කියවන්නන් කරුණාවෙන් සලකන්න. මෙම කතාව අපි ලිවීමට සිතුවේ මේ දිනවල මාතර ප්‍රදේශයේ සිටින පුද්ගලයෙකු විසින් තමා බුදු වී ඇතැයි කියාගෙන යන ප්‍රකාශය හේතුවෙනි. මොහු පිලිබඳ වැඩි විස්තර gossip9 හි බලා ගත හැක.

මෙම පුද්ගලයා කියා සිටින්නේ තමා මෛත්‍රී බුදුන් වන බවයි. තවද මොහුගේ අනුගාමිකයින් දෙදෙනෙක් වන රසායන විද්‍යා ආචාර්ය වරුන් දෙදෙනෙක් රහත් වී ඇති බවද පවසයි. අපි මෙයින් කියන්නට උත්සාහ කරනුයේ ඔහුගේ එම ප්‍රකාශය වල ඇති සාවද්‍ය බව හා මොහුගේ දේශනා වල ඇති විකෘති බවයි.

අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි, මෛත්‍රී බුදුන් මෙලොව පහල වනු ලබන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් වන විටයි. දැන් සිටින මිනිසුන්ගේ ආයුෂ එපමනක් වේදැයි අපි ඇසීමට කැමැත්තෙමු. තවද උන්වහන්සේගේ දේශනා වලට අනුව මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මේ වනවිට තුසිත දිව්‍ය ලෝකයේ වාසය කරනු ලබයි. උන්වහන්සේ මෙලොවට පැමිනීමට තව බොහෝ කල් ගතවන බවද පැවසේ.

තවද එසේ වීමට ප්‍රථම අපේ ලෝකයෙන් ගෞතම බුද්ධ ශාසනය අතුරුදහන් වී යායුතුය. එක් බුද්ධ ශාසනයක් පවතින විටදී තවත් බුදුවරයෙක් පහල නොවේ. මේ සියල්ල බුද්ධ දේශනා වල සඳහන්ය. තවද මේ බුදු වූවා යැයි කියාගන්නා පුද්ගලයා ගෞතම බුදුන් වහන්සේ ගේ දේශනා වලට විරුද්ධ මත ඉදිරිපත් කරයි. නමුත් මෙම පුද්ගලයා සත්‍ය වශයෙන්ම බුදුවරයෙක්නම් එය එසේ නොවිය යුතුය.

බුද්ධ දේශනාවට අනුව සෑම බුදුවරයෙක්ම චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට දේශනා පවත්වයි. සෑම බුදුවරයෙක්ම දඹදිව උපත ලබන අතර බුද්ධ ගයාවේදි බුදුබව සාක්ශාත් කරගනී. සෑම බුදුවරයෙක්ම ධම්මචක්ක පවත්තන සූත්‍රය පලමුවෙන්ම දේශනා කරන අතර එය ඉසිපතනේ මිගදායේ දේශනා කරනු ලබයි.

බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් පහල වන්නේ ඒ වන විට මිනිස් ලෝකයේ පවතින ඉහලම වංශයකය. තවද සෑම බුදුවරයෙක්ටම දෙතිස්මහා පුරුෂ ලක්ෂණ ඇත. නමුත් මේ පුද්ගලයාට මේවායින් දෙක තුනක්වත් තිබේයැයි කියා ඔහුගේ ඡායාරූප දෙස බැලූ කල්හි සිතීමට නොහැක.

තවද මොහු තවම ගිහිගෙය තුල වාසය කරන පුද්ගලයෙකි. බුදුන් වහන්සේ කෙනෙක් තබා රහතන් වහන්සේ කෙනෙක්වත් මෙපමන කල් ගිහිගෙයෙහි සිටින්නේ නෑත. එය ගැනත් වැඩි දුර කිව යුතුය. මොහුගේ අනුගාමිකයන් වන අප කලින් සඳහන් කල ආචාර්‍ය වරුන් දෙදෙනා රහත් වී ඇති බව පවසයි. නමුත් අප කලින් කියූ පරිදි රහතන් වහන්සේ කෙනෙක් ගිහිගෙය තුල සිටින්නේ උපරිම දවස් හතකි. දවස් හතක් තුල එක්කෝ උන් වහන්සේ ගිහිගෙය හැරයයි. නැතහොත් කලුරිය කරයි.

තවද මොවුන් දෙදෙනා ස්වාමිපුරුෂයා හා බිරිඳ වන අතර ඔවුන්ගේ facebook profile හි දමා ඇති ඡායාරූපයෙහි ඔවුන් දෙදෙනා එකිනෙකා වැලඳගෙන සිටිනු දක්නට ලැබේ. රහතන් වහන්සේලා මෙසේ සිටිනු ඇත්දැයි අපි අසනු කැමැත්තෙමු.

අවසානයේ කිවයුත්තේ මේ පිරිස විසින් මේ ගෙන යන ප්‍රචාර කුමන හේතුවක් නිසා ගෙන ගියත්, මොවුන් මෙයින් කරගන්නා අකුසල් ප්‍රමාණය මොවුන්ට සතර අපායේ චිරාත් කාලයක් දුක් විඳීමට ප්‍රමානවත් බවයි. මේවාට යොමුවන අන් අහිංසක පුද්ගලයන්ද නිකරුනේ අකුසල් ‍රැස් කරගනු ඇත. මේ ඉතා අමාරුවෙන් පෙර කල කුසල් නිසා ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතය මෙසේ නිකරුනේ කාලකන්නි වීමට ඉඩ හැර ඇති මොවුන් ගැන අපට අනුකම්පා සිතේ.

මෙය කියවන ඔබ සැමගෙන් අප ඉල්ලා සිටින්නේ, අපට කල හැකි දෙය වන මොවුන්ගේ facebook group එක ඉවත් කරදැමීමට ඔබත් මෙතනනින් report කර දායක වන්න කියායි. තවද මෙහි සඳහන් කල බුද්ධ දේශනා සත්‍ය ඒවා බව ප්‍රකාශ කරන අතර, මේවයේ සත්‍ය අසත්‍ය භාවය ඕනෑම කෙනෙකුට ධර්මය හොඳින් දන්නා සිල්වත් භික්ෂූන් වහන්සේ නමකගෙන් අසා දැන ගත හැකි බවත් කරුණාවෙන් සලකන්න.

මෙහි සඳහන් බුද්ධ දේශනා අපට කියාදුන් අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේට මෙයින් නමස්කාර පූර්වක ස්තූතිය පලකරන අතර මේ සිද්ධිය පිලිබඳව අප දැනුවත් කල gossip9 කෙරෙහි අපගේ ප්‍රණාමයද මෙයින් පුද කර සිටිමු.

-මීට ටී සුනාමි, සෝනාර් හා බඩියා,
Namak නැහැ blog අඩවිය.

10 comments:

Anonymous said...

Buddha Samadi Group eke Contact Info

Website:http://www.mahamevnawa.blogspot.com/
http://dhammamedicine.blogspot.com/
http://budurashmiya.blogspot.com/

kiyala thiyenawa.

me mahamewnawe link ekak deela thiyenne minissu rawattananda?

Anonymous said...

FB Group eka Report karanne kohomada?

බඩී said...

@පළමු ඇනොනි මහතා වෙත: මේ සිද්ධිය මේ දින වල අන්තර්ජාලයේ විවාදයට ලක් වන මාතෘකාවක්.
කෙසේ හෝ මොවුන්ට මෙය දැන ගැනීමට ලැබී, එම සමූහයේ නම, විස්තර සහ, වෙබ් අඩවිය යන සියල්ල වෙනස් කර තිබෙනවා. ඔබට හැකි නම් ඔවුන්ගේ එම සමූහයේ පැරණි පෝස්ට් බලන්න. Gossip9 අඩවියේ ඇති සමූහය වෙනස් කිරීමට කලින් එහි තිබූ විස්තර වල Screen Shots තියෙනවා.
එවිට ඔබට මෙම මුලාව වැටහෙයි. උදාහරණයක් විදිහට මම මේ දීලා තියෙන පින්තූරය බලන්න,
http://i56.tinypic.com/e04vhg.jpg
මේ සංවාදය බලන්න, මහමෙවුනාව ඔවුන්ගේ අඩවියක් නම්, වෙනත් කෙනෙකු මහමෙවුනාවේ link එකක් ඔවුන්ගේම සමූහයේ දාන්නෙ නෑ නෙ. මේ තියෙන්නෙ මේ සමූහයේ විස්තර වෙනස් කරන්න කලින් සිදු වූ සංවාදයක්.

@ දෙවන ඇනොනි මහතා වෙත: page එකේ යටටම යන්න, Share කියලා button එකක් තියෙනවා වම් පැත්තේ, එයට උඩින් තියෙනවා Report Group කියලා, ඒක click කරන්න, එතකොට එන Window එකෙන් Contains hate speech or attacks an individual කියන එක ‍තෝරන්න, එතනිනුත් Targets a Religious group කියන එක දීලා Submit කරන්න. එපමණයි.
මේ Group එක report කරන සැමට ස්තූතියි.

dinesh said...

මටනම් මේක මාර ෆන් සීන් එකක්.රහතන්වහන්සේලා දෙනමක්ට facebook profiles තියනවා කිව්වම.මෛත්‍රී බුදුන්ගෙ e-mail එක මොකද්ද දන්නෙ නෑ. ඔවුන් ඔක්කොම හොරු.මොකක් හරි ලොකු මගඩියක් කරණව ඇති.මුන්ට අලුතින් අපායවල් හදන්න ඕනෙ.නිර්මල බුදු දහම දැන්,දැන් ලංකාවෙනුත් නැතිවේගන යන හැඩයි.මෙව්ව පල්ලි කඩකාරයන්ට හොද තුරුම්පු.කාලයක් "බලන්ගොඩ ආනන්ද මෛත්‍රී" හාමුදුරුවො බුදුවෙනව කිව්වා.ඊට පස්සෙ ඥානානන්ද හාමුදුරුවො තමයි මෛත්‍රී බුදුන් කිව්වා.ඒ හාමුදුරුවරුනම් සාසනේවත් හිටපු,ඉන්න අයනෙ. දැන් මේ කොහෙවත් නැති එකෙක් බැහැලා.ඇත්තටම අපේ මී හරක් මිනිස්සුත් මුන් පස්සෙ යනවනෙ.

Anonymous said...

මෝඩ පිස්සෝ රැලක්. වෙන කරන්න දෙයක් නැතුවද කොහෙද.

ටී සුනාමි said...

@dinesh:
ඔබ කියන දේට මම එකඟයි. මෙයාල මැරුනට පස්සෙ යන්න තැන් තියෙයිද දන්නෑ. මෙයලා පස්සෙ යන්නෙ බුදු දහම ගැන හරි අවබෝදයකින් ඉන්න අය නෙමේනෙ. එයලටත් මැරුනට පස්සෙ නිරය තමා.

@prasanna86k:
ඇත්තෙන්ම එයාල මෝඩ අය විය යුතුයි. නැත්තම් මෙවැනි වැඩකට පෙලඹේයැයි කියා හිතන්නට බෑනෙ.

Thanuja K. Jayasundara said...

මම තනුජ කේ. ජයසුන්දර http://budurashmiya.blogspot.com/
ලියන්නේ මමයි‍. මෙ විස්තරය දැනගත්තේ අද ට්‍රැෆික් එක චෙක් කරන විටදියි. මම කුමන හේතුවක් නිසා වත්, ඔය සදහන් තැනැත්තන් හා සමිබන්ධයක් හෝ. වෙනත් කිසියමි ගණුදෙනුවක් නැති බව සදහන් කරන්න කැමතියි. මම මගේ බිලොග් සටහන් තබනුයේ නිර්මල බුදු දහම රැකගැනිමට මිස එය වලදැමිමට නොවෙ. මාගේ බිලොගය ඔය ගෘප් එකට දැමිම සමිබන්ධන්යෙන් මාගේ බලවත් විරෝධය.
නමුත් නිතිඥ වරයෙකු වශයෙන් මා දන්නා පමනින් වෙබි අඩවියක හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යක ලින්ක් එකක් ප්‍රදර්ශනය කිරිම සමිබන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ගයක් නැත. නමුත්. ම‍ාගේ බිලොගයේ එයට විරෝධය දක්වා දැනිවිමක් පලකිරිමට කටයුතු කරමි.කරැණාකර මහමෙවිනාවටත් මෙ බව දැනුමිදිමට කටයුතු කරන්න

ටී සුනාමි said...

@Thanuja Kasun Jayasundara:
අපි, ඔබගේ blog අඩවිය මේ බොරුකාරයන් විසින් පහත් ලෙස, කිසිදු අයිතියකින් තොරව භාවිතා කිරීම ගැන කනගා‍ටුවෙමු.

Lahiru Siriwardhana said...

fake maithree On action!

ටී සුනාමි said...

@Lahiru Udayanga:
Indeed!!!!!!

Post a Comment

 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates