Monday, October 25, 2010

දේව ආරූඪයෙන් සාස්තර කියනු ලැබේ


මන් මේ කතාව කියන්න හිතුවේ කලින්මාසේ එහෙම හෝ ගාලා media වලින් හොරට සාස්තර කියන තැන් අල්ලන නිසා. කලින් සති ටිකේ රිවිර පත්තරේ එහෙම ගොඩක් ඒව ගියා. මන් මේ කියන seen එක වෙලා දැන් සෑහෙන්න කල් වෙනවා. අවුරුදු 7ක් විතර. මේ කියන කාලේ මගේ පියතුමාට සෑහෙන්න අසනීප වුනා. නානාප්‍රකාර ලෙඩ හොඳේ.

සැහෙන්න බෙහෙත් ගත්තා. ඒත් පේන්න තරම් අඩුවක් වුනේ නෑ. ඉතින් ඔය වෙලාවට හැමෝටම මතක් වෙනවනෙ හඳහන එහෙම. අපේ අම්මටත් ඉතින් එහෙම මතක් වෙලා ඕක අරගෙන ගියා, අපේ පැත්තෙ තිබුන ඕව බලන කෙනෙක් ලඟට. ගියාම කියල තියෙනවා, ඔන්න මොනවදෝ අවුල් වගයක් තියෙනවා කියලා. ඒවා වලක්ව ගන්න දේව පූජාවක් තියන්න ඕනෙ කියලා.

ඉතින් ඕකට තනියෙන් අම්මව යවන්න බැරි නිසා, මමත් ගියා මොකක්ද මේ කරන්නෙ කියලා බලන්න. ඒකත් ගෙවල් ලඟ තමා.(ලඟ කීවට ලඟම නෙමේ, කිලෝ මීටර් 7ක් 8ක් විතර ඈතයි).දැන් ඉතින් ඔය pot එකට ගිහිල්ලා ඒ පූජාව එහෙම ඔක්කොම එහෙම ready කරලා, පූජාවත් හොඳට දුන්නා.

ඒකෙ වැඩ කරන්නෙ ගෑනු කෙනෙක්. එයා සාස්තරත් කියනවා. ඉතින් අම්මා සාස්තරයකුත් ඇහුවා. පුදුමයි අනාගතේ කියනවා, මාර කියවිල්ලක්. කියන්නෙ දේව ආරූඪෙන්. ඉතින් අපි ඒ පූජාව දීලා ගෙදර ආවා. ටික දවසක් යද්දී පියතුමාටත් සනීප වුනා. දැන් අපේ අම්මට මේ pot එක හොඳට අල්ලලා ගිහින්. වටේ පිටේ ඉන්න අයටත් විස්තර කියනවා. මම ඔය දවස් වල ඕව සතේකට විස්වාස කලේ නෑ.(එහෙම වුනේ මන් ඇත්තටම ඕව කරන කෙනෙක්ව දැකලා නැති නිසා. පස්සෙ එහෙම කෙනෙක් හම්බවුනා.)

ඔහොම කාලය ගත වෙද්දී තවත් දවසක අම්ම ආයෙත් අර pot එකට ගියා. සාස්තරයක් අහන්න තමා ගියේ. මමත් ගියා. එදා ටිකක් වැහිබර දවසක්. එදත් කලින් දවසෙ විදියටම දේව ආරූඪයෙන්, ඕන් දැන් සාස්තරය කියනවා. කියන ඒවා අහන් ඉන්න පුදුමයි. මාර ඒවා කියන්නෙ. ඒ කියන විදියට මන් අනාගතේ සුපිරි පොරක් වෙනවලූ.(හීනෙන් තමා).

දැන් ඔහොම සාස්තරේ කියාගෙන යද්දී යාන්තම් පොද වැස්සක් වැටෙන්න පටන් ගත්තා.(සාස්තර කියන ගෑනු කෙනාට help එකට ඉන්නෙ එයාගෙ පුතා හොඳේ).මෙන්න එක පාරටම අර දේව ආරූඪයෙන් මායම් වෙලා ඉන්න ගෑනු කෙනා අර කොල්ලට කියනව, "ආං කොල්ලො....., වහිනව නේද? විජහට අර වැලේ තියෙන රෙදි ටික අරන් ගෙට දාපන්" කියල. ඕන් දේව ආරූඪයෙන් සාස්තර බැලීම. මටත් ඉතින් අහන්න හිතුනා, ඔය පේන අනාගතේට වැස්ස වගේ දේවල් tune වෙන්නෙ නැද්ද කියල.

3 comments:

Lahiru Siriwardhana said...

හුටා..දෙයියන්ට මල පනී කොල්ලෝ..බලාගෙන

Anonymous said...

යකෝ විහිළු කරන තැන් තියෙනවා, විහිළු කොරන වෙලාවල් තියෙනවා.. ලඟදිම උඹටත් බලියක් අරින්න වෙයි වගේ ... හි හි...

ටී සුනාමි said...

@Lahiru Udayanga:
අපෝ ඔය ඩෙවියන්ට මල පැන්නට අපි බය වෙයි. හොර දෙවියෙක්නේ.:D


@prasanna86k:
මං එතනදි මුකුත් විහිලුවක් කලේ නෑ.
අනික මට තාම දෙයියන්ගෙ හාල් කැවිලා නෑනෙ, බලියක් අරින්න.:)

Post a Comment

 

Namak නැහැ © 2010

Blogger Templates by Splashy Templates